HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ආහාර විෂවීම් නවතාලන්න පෙකණියෙන් පිළියම් - අලූත්ම පර්යේෂණයකින් හෙළිවෙයි!

අපේ පෙකණියේ හෙවත් ‘බුරියේ’ බැක්ටීරියා ලක්ෂ ගණනක් ඉන්නා බව අප කලින් කීවා, සමහර විට ඔබට මතක ඇති. මේ ඒ ගැන කළ තවත් පර්යේෂණයක තොරතුරුවලින් බිඳක්.

බැක්ටීරියා පවුලට අයත් සිය ගණනක් බැක්ටීරියා වර්ග තියෙනවා. ඒ අතරින් සමහර බැක්ටීරියා වර්ග අපේ සිරුරට ඉතාමත් හානිකර තත්වයක් ඇති කරනවා. ආහාර විෂවීම් හා අසාත්මිකතා ඇති කරනවා. ඒ හතුරු බැක්ටිරියා අතර සිටින ඇතැම් බැක්ටීරියා වර්ගවලින් සිරුරට විශාල සහනයක් සැලසෙනවා. ඒවා මිතුරු බැක්ටීරියා ලෙස හඳුන්වන්න පුළුවන්. මේ දෙකට ම නැති බැක්ටීරියා වර්ගත් තියෙනවා.

 ක්ලොස්ටී‍්‍රඩියා නම් බැක්ටීරියා පවුලට බැක්ටිරියා විශේෂ අතරින් කෝථය හෙවත් මංශ කුණු වීම, පිටගැස්ම, නොයෙක් ආකාරයේ මාරක ආහාර විෂවීම්, පමණක් නොව රෝහල්වල ආසදනයන් පවා ඇති කරනවා. ඒ බැක්ටීරියාව හැඳින්වෙන්නේ ක්ලොස්ටී‍්‍රඩියම් ඩිෆිසිලි (Clostridium difficile) කියායි.

 
පර්යේෂකයන් පවසන ආකාරයට අනුව පෙකණියෙහි එක් රැුස් ව ඇති බැක්ටීරියාවලින් ආහාර අසාත්මිකවීම් හා විෂවීම්වලට පිළියම් යෙදිය හැකියි.
අලූත් ම අධ්‍යයනයකින් හෙළිවන්නේ ආහාර නිසා ඇති වන අසාත්මිකතාවන්ට ප‍්‍රතිචාර වශයෙන් සිදුවන හානිකර ප‍්‍රතිශක්තිය ඇතිවීම වැළැක්වීමට ‘මිතුරු’ ක්ලොස්ටී‍්‍රඩියා බැක්ටීරියාවට සුවිශේෂ හැකියාවක් ඇති බවයි. මේ පිළිබඳව කළ පර්යේෂණයකදී ඒ බව හෙළි වුණා.

කලින් රටකජුවලට සංවේදී වීම නිසා අසාත්මිකතාවක් පෙන් වූ රසායනාගාර මීයන්ගේ පෙකණි වළට ක්ලොස්ටී‍්‍රඩියා බැක්ටීරියා මිශ‍්‍රණයක් හඳුන්වා දුන් පසු ඔවුන්ගේ අසාත්මිකතා තත්වය පහ වී ගියා. එහෙත් පෙකණියෙහි බහුලව ඇති වෙනත් බැක්ටීරියා කාණ්ඩයක් වූ බැක්ටරොයිඞ්ස් හඳුන්වා දුන් පසු එවැනි තත්වයක් ඇති වුණේ නැහැ.

මේ පරීක්ෂණවලින් පෙනී ගියේ ක්ලොස්ටී‍්‍රඩියා බැක්ටීරියාව නිසා ප‍්‍රතිදේහ සෛලවල වෙනසක් ඇති කරන බවයි. ඒ අනුව සංඥා සූක්‍ෂමාංශු නිපදවීම වැඩි කෙරෙන අතර එයින් ආන්ත‍්‍ර ආස්තරණයේ විනිවිද යාමේ හැකියාව අඩු කර අසාත්මිකතාව වළක්වනවා.

‘අප විසින් හඳුනාගෙන තියෙනවා, ආහාර නිසා ඇති වන අසාත්මිකතා වැළැක්වීමට උපකාර වන බැක්ටීරියා මොනවාද කියා.’ යැයි ඇමරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥවරියක වූ මහාචාර්ය කැත්රින් නාග්ලර් පවසනවා.

‘ආහාර නිසා ඇති වන අසාත්මිකතාවලට සංවේදී වීමේ මුල්පියවර හැටියට කෙරෙන්නේ මේ බැක්ටීරියාව ඔබේ රුධිරයට එක් වී ඔබේ ප‍්‍රතිශක්ති පද්ධතියට සම්බන්ධ වීමෙනුයි. ඉන්පසු බැක්ටීරියාව තමයි, ඒ කි‍්‍රයාව පාලනය කරන්නේ.’ යයි මහාචාර්යවරිය වැඩිදුරටත් කියනවා.
 
මේ වෛද්‍ය කණ්ඩායම දැනටමත් සමත් වෙලා තියෙනවා, පර්යේෂණාගාර සුදු මීයන්්ට රටකජුවලින් ඇති වන අසාත්මිකතාව ආපසු හරවන්න.

මෙසේ පෙකණියේ ඇති බැක්ටීරියාවලට හානි සිදුවන්නේ, අප ගන්නා ප‍්‍රතිජීවක, මේදය අධික ආහාර ආදිය නිසයි. සනීපාරක්ෂාව සඳහා අප ගන්නා කි‍්‍රයා මාර්ගත්, ළදරු වර්ධක පෝෂක සංයෝග නිසාත් මෙසේ හානි විය හැකියි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ ආහාර අසාත්මිකතා වැඩි වන්නේ මෙසේ ක්ලොස්ටී‍්‍රඩියා බැක්ටීරීයාවලට හානි සිදුවීම නිසයි,

ඔවුන්ගේ මෙම සොයා ගැනීම ගැන අධ්‍යයන වාර්තාව ඇමරිකන් විද්‍යා ඇකඩමියේ නිල සඟරාවේ පළ වී තිබෙනවා.

ඔවුන්ගේ මේ පර්යේෂණය සඳහා යොදා ගත් මීයන් උපතේ සිටම නිර්ජීවාණු පරිසරවල හැදුණු වැඩුණු අයයි. නොඑසේ නම් උපන් අලූත ප‍්‍රතිජීවක ලබා දීම මගින් ඔවුන්ගේ පෙකණිවල ඇති බැක්ටීරියා වඳ කරන ලද අයයි.

මේ කණ්ඩායම් දෙකට ම රටකජුවලින් ඇතිවන අසාත්මිකතාවලට සංවේදී ප‍්‍රබල ප‍්‍රතිදේහ ජනිත කළ හැකි තත්වයක් ලබා දුන්නා. ඔවුන් සාමාන්‍ය ප‍්‍රමාණයට පෙකණියේ බැක්ටීරියා ගහණයක් ඇති මීයන්ට වඩා සැලකිය යුතු ප‍්‍රමාණයකින් ප‍්‍රදේහජනනය කිරීමට සමත් වුණා.

ක්ලොස්ටී‍්‍රඩියා බැක්ටීරියා ඇති විට ප‍්‍රතිදේහජනක ෙසෙල මගින් ආරක්ෂක සංඥා නිකුත් කරන අණු, එනම්, ඉන්ටර්ලියුකින් 22 (IL-22) ජනනය කිරීම වැඩි කෙරෙනවා. අනික් අතට ඉන්ටර්ලියුකින් 22 උදාසීන කළ විට ඒ සතුන්ගේ රුධිර පද්ධතියේ ආසත්මීකාරක මට්ටම සැලකිය යුතු ආකාරයකින් වැඩි වන බව පෙනී ගියා.

වෛද්‍ය කණ්ඩායම දැන් විමර්ශනය කරන්නේ පූර්වජෛව ආහාරවලින් ඇති වන අසාත්මිකතාවලට පිළියම් යෙදවීමට සුදුසු නව නිපැයුමක් සොයා ගන්නයි. ඒ සංකල්පය සඳහා දැනටමත් ඔවුන් විසින් හිමිකම් බලපත‍්‍රයක් ලබා ගෙන තියෙනවා.

‘ඇත්තෙන් ම මෙය විස්මිත දෙයක්. අප දන්නවා බැක්ටීරියා කියන්නේ මොන වගේ දෙයක් ද කියලා. එහි කි‍්‍රයාකාරිත්වයට බලපෑමක් කරන්නයි, අප මේ හදන්නේ.’ යයි නේග්ලර් මහාචාර්යවරිය කියනවා. ‘තාමත් විශ්වාසවන්තව මේ ක‍්‍රමවේදය ගැන අපට කියන්න බැරි වුණත්, මෙතෙක් කලක් නිසි පිළියමක් නොතිබුණු දෙයකට මේ නව ක‍්‍රමය සාර්ථකව භාවිත කළ හැකියි.

‘ඒ වගේම අම්මලා හැටියට අප, අපේ දරුවන් ගන්නා ආහාර කටක් ගානේ ඔවුන් අසාත්මිකතාවලට ලක් වීම ගැන කොයිතරම් බියෙන් පසුවෙනවාද යන්නට ගැන මට අවබෝධයක් තියෙනවා.’ ඇය අවසාන වශයෙන් පවසනවා.

ආහාර විෂවීම් ලොව පුරා එන්න එන්න ම වැඩිවෙමින් පවතිනවා. ලොව පුරා ඇති ආහාර විෂමතා, මෙන් ම වෙනස් වන ජීවන රටාව නිසා ඇති වන වැරදි ජීවන පුරුදු නිසා ද විෂවීම් හා අසාත්මික වීම් වල වැඩි ප‍්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

දරුණු ආහාර අසාත්මිකතාවක දී ඇනෆිලැක්සියාව (anaphylaxis) හෙවත් අසංරක්‍ෂකතාව වැනි මාරක රෝග තත්වයන් ඇති වෙන්න පුළුවන්. බහුලව ඒ රෝග තත්වය ඇති වීමට තුඩු දෙන ආහාර ලෙස පිළිගැනෙන්නේ මේවායි. රටකජු, ආමන්ඞ් හෙවත් රට කොට්ටන්, වෝල්නට්, කජු, තල වැනි ඇට වර්ගත්, මාළු, කවච මත්ස්‍ය වර්ගත්, කිරි බිත්තර වැනි ආහාරත් ඒ අතර විශේෂයි.

එය සිදුවන්නේ කෙසේ ද?

පෙකණියෙහි ඇති ක්‍ෂුද්‍ර ශාකවලට පරිසරයෙන් සිදුවන බලපෑම් නිසා, ප‍්‍රතිජීවක ඖෂධ පමණ ඉක්මවා භාවිත කිරීම, මේදය අධික ආහාර ගැනීම, සෞඛ්‍ය වර්ධක ආහාරවල හා ළඳරුන්ට විශේෂ වූ ආහාරවල වැඩිපුර අන්තර්ගත සංයෝග ආදිය නිසා, ආහාර අසාත්මිකතා ඇති කරන ක්ලොස්ටී‍්‍රඩියා බැක්ටීරියාවන් දුර්වල කරන බවයි, පර්යේෂකයන්ගේ විශ්වාසය වන්නේ.

ඔවුන්ගේ පරීක්ෂණවලින් පෙනී ගියේ ක්ලොස්ටී‍්‍රඩියා බැක්ටීරියාවන් හේතුවෙන් ප‍්‍රතිදේහ ෙසෙලවල වෙනසක් ඇති කරමින් සංඥා සූක්‍ෂමාංශු නිපදවීම වැඩි කෙරෙන බවයි. එයින් ආන්ත‍්‍ර ආස්තරණය විනිවිද යාමට ඇති හැකියාව අඩු කෙරෙනවා.

අනෙක් අතට මෙමගින් අසාත්මිකතාව ඇති කළ හැකි අණු රුධිර පද්ධතියට කාන්දු වීම වළක්වනවා.

මේ පර්යේෂක කණ්ඩායම ඔවුන්ගේ මෙම සොයා ගැනීම තුළින් අසාත්මිකතා වැළැක්විය හැකි පූර්ව ජෛවීය ආහාර ප‍්‍රතිකාරයක් නිපදවීම සඳහායි, දැන් කටයුතු කරමින් සිටින්නේ. ඒ සඳහා ඔවුන් දැනටමත් හිමිකම් බලපත‍්‍රයක් පවා ලබා ගෙන තියෙනවා.

Post a Comment

0 Comments