HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න අලුත් ම තාලේ ‘අදිසි’ කුඩයක්! මේ කුඩයට රෙද්දක් නැහැ!

අපට හුරුපුරුදු කුඩය විතරයි, මේ වෙනස් වෙන ලෝකේ වෙනස් නොවී තිබුණේ. ඔන්න දැන් ඒකත් ලොකු වෙනසකට ලක් වෙලා! අලූත් ම තාලේ විකල්පයක් ඇවිත්!

මේ අලූත් කුඩය හුළඟට ගසා ගෙන යන්නේවත්, මග යන එන අයගේ ඇෙඟ් වදින්නෙවත් නැහැ. හැබැයි ඉහළ ගෙන යන කොට හිරිකඩවත් ඇෙඟ් වදින්නෙ නැහැ.

මේ විප්ලවකාරී නව නිපැයුම හැඳින්වෙන්නේ ‘එයා අම්බ්රෙල්ලා’ (Air Umbrella) හෙවත් ‘එයාබ්‍රෙලා’ (Air-brella) කියලයි. මේක වෙළෙඳපොළට එන්නේ ලබන අවුරුද්දේ අවසානයෙදියි.

 
කුඩය වෙනුවට එන මේ නව නිපැයුමේ ගෞරවය හිමි වන්නේ චීන ජාතිකයකුටයි. මේ කුඩයට රෙද්දක් නැහැ. ඒ වෙනුවට යොදා ගෙන ඇත්තේ වාතයයි. ඔබේ හිසට ඉහළ අහසෙන් වැටෙන වැහි බිඳු ඉවතට තල්ලූ කිරීම මගින් තමයි, ඔබට නොතෙමී ඉන්න සලස්වන්නේ, මේ නව ක‍්‍රමයෙන්.

මේ අලූත් තාලේ කුඩය නිර්මාණය කරලා තියෙන්නේ චීනයේ නැන්ජින් හී චුවාන් වැන් (Chuan Wang) කියන චීන ජාතිකයායි. දැනටමත් ඔහුට අන්තර් ජාලයේ කික්ස්ටාටර් (Kickstarter) ව්‍යාපෘති ආධාර වැඩසටහන යටතේ ආයෝජන සපයන්න එකඟවෙලා තියෙනවා.

තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන මේ නව නිපැයුම වෙනුවෙන් ඔවුන් ඔහුට ඩොලර් 10,000ක් එකතු කර දෙන්න වැඩ පිළිවෙළක් දියත් කරලයි තියෙන්නෙ.

අතේ ගෙන යන දිග විදුලි පන්දමක් වගේ මේ නව කුඩයට කුඩ රෙද්දක් නැහැ. මේ නව නිපැයුමට ප‍්‍රමාණයන් තුනක කුඩ ඇතුළත් වෙනවා.

‘ඒ’ වර්ගය සෙ.මී. 30ක් පළලයි. ‘බී’ වර්ගය සෙ.මී. 50ක් පළලයි.

‘සී’ වර්ගය සෙ.මී. 80ක් පළලයි.

ඒ අනුව කුඩාම වර්ගය අඟල් 20ක් ආවරණය කරන අතර ලොකුම වර්ගය අඟල් 20 සිට 31 දක්වා තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයට ලොකු කර ගන්න පුළුවන්.

වෙළෙඳපොළට එන විට මේ කුඩයක් ඩොලර් 88 සිට 108 දක්වා මිලකට ගත හැකි වේවි.

දැනට ඇති එකම අඩුපාඩුව මේ සඳහා යොදන බැටරිය පාවිච්චි කළ හැකි කාලය විනාඩි 15ත් 30ත් අතර වීම තමයි.

විදුලි පන්දමක හැඩයෙන් යුත් මේ උපකරණයෙන් කෙරෙන්නේ ඔබේ හිසට ඉහළින් වායු ධාරාවක් විහිදුවා වැස්ස ඉවතට තල්ලූ කිරීමයි.

 
මෙන්න අලූත්ම තාලේ කුඩය ඉහළ ගෙන වැස්සේ යන හැටි. කුඩයක් තියෙනවා කියලා පේන්නෙත් නෑ. ඒත් ඔබව තෙමෙන්නෙත් නැහැ.

 
විදුලි පන්දමක් වගේ හැඩයක් ඇති මෙය සම්ප‍්‍රදායික කුඩයට වඩා ගොඩක් වෙනස් එකක්.

මේ කුඩයට දිය අල්ලන්නෙත් නැහැ. එහි වැස්සේ සද්දය තරම් සද්දයක් ඇත්තේත් නැහැ. පහසුවෙන් දෙදෙනකුට ඒ යටින් යා හැකි වන ආකාරයට ලොකු කුඩා කර ගන්න පුළුවන්.

මෙච්චර කාලයක් තිස්සෙ ඉහළපු කුඩය අව්වට වැස්සට දෙකටම ඉහළන්න පුළුවන්. ඒත් මේක එහෙම නෑ වැස්සට විතරයි පාවිච්චි කරන්න වෙන්නෙ. ඒ වගේ ම තද සුළං සහිත වැසි ඇති වෙලාවකට මේක ඉහළන්න පුළුවන්ද කියල ඔවුන් සඳහන් කරලා නැහැ.

 
මේ උපකරණය කි‍්‍රයා කරන්නේ ලිතියම් බැටරියකින්. ඒකෙ ඉහළ මෝටරයක් තියෙනවා. ඒ මෝටරය කි‍්‍රයාත්මක කළාම වායු ධාරවක් පිටතට විදිනවා. ඒ අනුව කුඩයක හැඩයට වාතය තට්ටුවක් ඔබේ හිසට ඉහළින් මැවෙනවා. ඔබට නොතෙමි ඉන්න සලස්සන්නේ ඒ වායුවෙන් මැවෙන අදිසි කුඩයයි.

 
ඉහළට ඔසවන ‘පන්දම’ අඩියේ එය කි‍්‍රයාත්මක කරන යතුර තියෙනවා. ඒවගේම අඩියෙන් කරකවා එහි ප‍්‍රමාණය ලොකු කර ගන්නත් පුළුවන්.


Video:






Post a Comment

1 Comments

  1. කුඩය මගින් ඇති කරන හුළං වලින් වතුර ඉවතට විසි වෙනවා. එතකොට වට පිටාවෙ ඉන්න අය තෙමෙනව නේද?

    ReplyDelete