Skip to main content

17 වියේදී ලෝකයේ ළාබාල ම නොබෙල් සම්මානලාභිනිය වූ මලාලා!

ඔබට මතක ඇති අපි මලාලා ගැන මුලින් ‘මල්කැකුළු’වලට ලිව්වේ එයාට පාකිස්තානයෙදි තලේබාන්වරුන් විසින් වෙඩි තබපු වෙලාවෙයි. ඒ 2012 ඔක්තෝබර් 9 වැනිදා එතකොට එයාට වයස අවුරුදු 15 යි. 2014 ඔක්තෝබර් 10 වැනිදා එයා ලෝකයේ ළාබාල ම නොබෙල් සම්මානලාභිනිය ලෙස අභිෂේක ලැබුවා. අද අප ඔබ වෙත ගේන්නෙ මලාලා ලබපු ඒ සුවිශේෂී ජයග‍්‍රහණය ගැනයි.

මලාලාට නොබෙල් සම්මානය පිරිනමා ඇති බව ඇගේ ගුරුවරිය ඇයට දැනුම් දුන්නේ ඇය රසායන විද්‍යා පාඩමක් කරන අතරතුර ඇයව මෙහොතකට පන්තියෙන් පිටතට කැඳවා ගෙන යමින්. එහෙත් ඒ පිළිබඳ සතුට එවේලේ භුක්තිවිඳින්න එයා කැමති වුණේ නෑ. එයා කෙළින් ම පන්තියට ගියා. අනික් හැමදේටම වැඩිය තැනක් ඉගෙනීමට දෙන එකයි මලාලාගේ කැමැත්ත වුණේ.

ඒ නිසයි, ඇය එදා එංගලන්තයේ බර්මින්හැම් පුස්තකාලයේ පැවත්වුණු ජාත්‍යන්තර පුවත්පත් සාකච්ඡුාවට සහාගිවෙන්න පාසල ඇරෙන තෙක් බලා සිටියේ. ඇය එනතෙක් පුවත්පත් කලාවේදීන් විශාල පිරිසක් එහි නොඉවසිල්ලෙන් බලා සිටියා.

 
2014 ඔක්තෝබර් 10 වැනිදා මලාලාට නොබෙල් ත්‍යාගය පිරිනැමුණු බව දැන් වුවත් ඇය බර්මින්හැම්හී පැවැත්වුණු ඇගේ මෙම ප‍්‍රථම පුවත්පත් සාකච්ඡුාවට සහභාගි වූයේ එදින පාසල් වැඩ හමාර වීමෙන් පසුවයි.

ලෝකයේ වයසින් අඩුම නොබෙල් සම්මානලාභිනිය වශයෙන් වාර්තා පොත් අතරට එක්වන මලාලා තමාට ඒ පිළිබඳව මුලින් ම දැන ගන්නට ලැබුණු අවස්ථාව ගැන මෙසේ සිහිපත් කළා. ‘මම ඒ වෙලාවෙ හිටියෙ රසායන විද්‍යා පන්තියෙ ඉලෙක්ට්‍රොලයිට් පාඩමක යෙදෙමින්. වෙලාව 10.15ට විතර ඇති. මගේ හිතේ එවැනි දෙයක් ගැන බලාපොරොත්තුවක්වත් තිබුණෙ නැහැ. ටීචර් මාව පැත්තකට එක්ක කර ගෙන ගිහින් ඒ ආරංචිය දුන්නා. මට පුදුම හිතුනා. මං හිතුවා මං ඒ වෙලාවෙම පාසලෙන් යන්නෙ නෑ. එදා පාඩම් ඉවරවෙලා ම යනවා කියලා. එහෙම හිතලා මං ඊළඟට තිබුණු භෞතික විද්‍යාව හා ඉංගී‍්‍රසි පාඩම් දෙකට ම ගියා. ඒවා ඉවර වෙලා තමයි, පාසලෙන් ගියේ. මගේ ඒ තීරණය ගැන ගුරුවරුන් වගේම යාළුවොත් මට ප‍්‍රශංසා කළා.’ මලාලා කීවා.

 
‘සාමාන්‍යයෙන් මගේ බයක් තිබුණා, මේ පීඨිකාව මට වඩා උසින් වැඩි වේවි කියල’ යනුවෙන් සිනා මුසු වදනින් බර්මින්හැම්හීදී පුවත්පත් කලාවේදින් ඇමතුවේ ඇය වෙනුවෙන් සැකසූ විශේෂ පීඨිකාවක සිටයි.

’නොබෙල් ත්‍යාගලාභිනියක ලෙස මා තෝරා ගැනීමෙන් මට කර ඇත්තේ විශාල ගෞරවයක්. මෙවන් වටිනා සම්මානයක් මට පිරිනැමීම ගැන මෙම සම්මනය ලබන ප‍්‍රථම පකිස්තානු ජාතික තාන්තාව, ප‍්‍රථම යෞවනිය පමණක් නොව ලොව ප‍්‍රථම ළාබාලම නොබෙල් සම්මානලාහිනිය ලෙස මා හුඟාක් සතුටු වෙනවා.’ ඇය පුවත්පත් කලාවේදීන් අමතමින් කීවා.

‘මං ස්තුතිවන්ත වෙනවා මගේ පවුලට, මගේ අම්මට තාත්තට. මගේ තාත්ත මා වෙනුවෙන් වෙන අමුතු දෙයක් දුන්නෙ නෑ. එයා කළ එකම දේ මගේ තටු නොකපා මට නිදහසේ ඉගිලෙන්න දුන්නු එකයි.

‘ඒ වගේම මට සතුටුයි, මේ සම්මානය ළමා අයිතිවාසිකම් ගැන ජීවිතය ම කැප කරල කටයුතු කරමින් ඉන්න ඉන්දියාවෙ කයිලාෂ් සත්‍යාර්ථි වැනි වීරයකු එක්ක සමව ලබා ගන්න ලැබීම ගැන. මේක මට මගේ කාමරයේ එල්ලා ගෙන ඉන්න ලැබුණ එකක් නෙමෙයි, මෙතැනින් ළමයින් වෙනුවෙන් මං කරන කටයුතු ඉවර වෙන්නේ නැහැ. මේ තමා මගේ කටයුතුවල ආරම්භය.’ මලාලා හරි සතුටින් කියනවා.

 
2014 ඔක්තෝබර් 10 වැනිදා මලාලාට නොබෙල් ත්‍යාගය පිරිනැමුණු බව පන්ති කාමරයටම දැනුම් දුන්නත් ඇය බර්මින්හැම් පුස්තකාලයේ දී පැවැත්වුණු ඇගේ මෙම ප‍්‍රථම පුවත්පත් සාකච්ඡුාවට සහභාගි වූයේ පාසල් කටයුතු හමාර වීමෙන් පසුවය. ඒ සඳහා විශාල පුවත්පත් කලාවේදීන් පිරිසක් එක්ව සිටි අයුරු.

2014 ඔක්තෝබර් 10 වැනිදා ස්වීඩනයේ නොබෙල් සම්මාන කමිටුවට ප‍්‍රකාශයට පත් කළා, මෙවර සාමය සඳහා නොබෙල් සම්මානය 17 හැවිරිදි මලාලා යූසුෆ්සායිටත් ඉන්දියාවේ කාලියාෂ් සත්‍යාර්ථිටත් සම සමව පිරිනැමෙන බව.

නෝර්වේ අගනුවර වූ ඔස්ලෝ නුවර දී නොබෙල් සාම සම්මාන කමිටුව විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ඡුාවේ දී ‘කිසිවක් නොකළ මලාලාට මේ සම්මානය පිරිනැමුවේ ඇයි දැ’යි එක් පත‍්‍රකලාවේදියකු නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් නොබෙල් සාම සම්මාන කමිටු ප‍්‍රධානී තෝර්බ්ජෝන් ජැග්ලෑන්ඞ් ඊට හරස් වෙමින් කීවේ, ‘ඇයි ඔබ එහෙම අහන්නේ, මලාලා නිසා තමයි, ලෝක න්‍යාය පත‍්‍රයට ළමා අයිතිවාසිකම් ප‍්‍රධාන කරුණක් ලෙසට එකතු වුණේ.’ කියායි.

‘තාමත් තරුණ වියේ පසු වුනත් මලාලා දැනටමත් වසර ගණනාවක් තිස්සේ ලොව ගැහැනු ළමයින්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කරලා තියෙනවා. ඒ වගේම ඇය ආදර්ශයෙන් පෙන්වා දීලා තියෙනවා ඒ සඳහා ළමයින්ට හා තරුණ අයටත් ඔවුන් වෙනුවෙන් යමක් කළ හැකි බව. ඒ විතරක් නෙවෙයි ඇය මේ සියල්ල කරලා තියෙන්නේ ඉතාමත් භයානක තත්වයන්ට මුහුණ දෙමින්. අති බිහිසුණු තත්වයන් යටතේ මාරයා සමග සටන් කරමින් ඇය ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන ලෝකයේ ප‍්‍රධාන කථිකයා බවට පත් වී තියෙනවා.’ නොබෙල් සාම කමිටුව ඇයට මෙම සම්මානය පිරිනැමීම ගැන හේතු දක්වමින් සඳහන් කර තියෙනවා.

 
බර්මින්හැම් පුස්තකාලයේ දී පැවැත්වුණු ඇගේ ප‍්‍රථම පුවත්පත් සාකච්ඡුාවේදී පිරිනමන ලද මල්කලබ පිළිගනිමින් කතා කළ ඇය, ‘තටු නොකපා තමාට ඉගිලීමට ඉඩ දුන්’ පියා වූ සියාඋද්දීන්ට විශේෂයෙන් ස්තුති කරන්නට අමතක කළේ නැත.

 
‘ඒ වගේම මට සතුටුයි මේ සම්මානය ළමා අයිතිවාසිකම් ගැන ජීවිතය කැප කරල කටයුතු කරමින් ඉන්න ඉන්දියාවෙ කයිලාෂ් සත්‍යාර්ථි වැනි වීරයකු එක්ක සමව ලබා ගන්න හැකි වීම ගැන.’

අද එංගලන්තයේ එග්බැස්ටන් විදුහලේ ඉගෙන ගනිමින් ඉන්නා මලාලා එදා පාකිස්ථානයේදී මුහුණ පාන්නට වූ බිහිසුණු අත්දැකීම ගැන සිහිකළේ මෙහෙමයි. ‘එදා මට තෝරා ගැනීමට පැති දෙකක් තිබුණා. එකක් තමයි, කතා නොකර නිහඬව ඉඳ මරා දමනකන් බලා ඉන්න එක. දෙවැනි තේරීම තමා කතා කරලා මරණයට මුහුණ දෙන එක. මං ඒ දෙවැනි එක තෝරා ගත්තා.’

මලාලා එදා ලෝකයේ ගැහැනු ළමයින්ට ඉගෙන ගැනීමට ඇති අයිතිය ගැන බීබීසියට ලියූ ඇගේ බ්ලොග් එකෙන් අන්තර්ජාතික ප‍්‍රජාවට කතා කළා. පාකිස්ථානයේ සමහර කොටස් අල්ලා ගෙන සිටි තලේබාන්වරුන් නිසා ගැහැනු ළමයින්ට මුහුණ පාන්නට සිදු වී ඇති ගැහැට ගැන ඇය අන්වර්ත නාමයකින් බීබීසියට ලියුවා. කවියකු හා ලේඛකයකු වූ ඇගේ පියා ඒ සඳහා ඇයව දිරිමත් කළා. තලේබාන්වරුන්ගේ මරණ තර්ජනවලට බියෙන් පළා යන්න සිතුවේ නැහැ. අන්තිමේ දී ළමයින්ට පාසල් යාම තහනම් කළ තලේබාන්වරුන් ඇය සොයා ආවා.

 
2014 ඔක්තෝබර් 10 වැනිදා ඔස්ලෝ නගරයේ නොබෙල් සම්මානලාභීන්ගේ ප‍්‍රදර්ශන පුවරුවේ මලාලාගේ පින්තූරය රඳවා තිබූ අයුරු.

තලේබාන්වරුන් විසින් වෙඩි තබන අවස්ථාවේ දී ඇය ඉගෙන ගනිමින් සිටි කුශල් රජයේ විදුහලේ දැන් පරිපාලක වශයෙන් කටයුතු කරන මලාලාගේ ඥාතියකු වූ මෙහෙමුද් අල් හසන් ඬේලි ටැලිග‍්‍රාෆ් පුවත්පතට කීවේ මේ නොබෙල් සාම සම්මානය මලාලාට හිමි වීම ගැන එරට සිටින නෑදෑයන් සියලූම දෙනාම අතිශයින් සතුටට පත්ව සිටින බවයි.

‘මං මලාලාගේ දෙමව්පියන් සමග දුරකතනයෙන් කතා කළා. ඇය සමගත් කතා කළා. ඇය කීවේ අල්ලා දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබුණු මේ සම්මානය ලොව සියලූ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇය ගෙන යන ව්‍යාපාරයට යොදා ගැනීමට බලාපෙොරත්තු වන බවයි.’ මෙහෙමුද් අල් හසන් වැඩිදුරටත් කියනවා.

 
මලාලාට නොබෙල් සම්මානය හිමි වූ බව දැනගත් මොහොතේ පාතිස්ථානයේ පේශාවර් නුවර වැසියන් රසකැවිලි කමින් ඔවුන්ගේ සතුට පළ කළ අන්දම.

මලාලා වයස අවුරුදු 11 දී තරම කාලේ ඉඳලයි, ගැහැනු ළමයින්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ගැන කතා කරන්නේ. ඇය ඒ පිළිබඳ ටෙලිවිශන් වැඩසටහන්වල දී පවා කතා කළා. තලේබාන්වරුන් පාකිස්ථානයේ ඔවුන් ජීවත් වූ මින්ගෝරා නගරය අල්ලා ගත් පසු එහි වැසියන් බිය ගන්වමින් ගැහැනු ළමයින් පාසල් නොයවන ලෙසට අණ කළා. බාලිකා විදුහල් පුපුරුවා හරින බවට තර්ජනය කළා.

මලාලා ඊට එකඟ වුණේ නැහැ. බීබීසී ආයතනය හරහා සිය අදහස් ලෝකයට ගෙන ගියා. අන්වර්ත නාමයකින් ලීවත් අන්තිමේ දී 2012 ඔක්තෝබරයේ දී තලේබාන් තුවක්කුකරුවරන් ඇය සොයා ආවා. පාසල් අවසන් වී නිවෙස් බලා යාමට බස් රථයට ගොඩ වී සිටියදී ඇගේ හිසට වෙඩි තිබ්බා. ඇය ලේ විලක හෙළා දමා තුවක්කුකරුවන් පලා ගියා.

ඇය වහාම රෝහල් ගත කළත් සිහිසුන් ව සිටි අතර ඇගේ ජීවිතය අවදානම් තත්වයට පත්ව තිබුණා. ඒ පුවත ලොව පුරා ගියා. ඇය වහා ගුවනින් එංගලන්තයට ගෙන ගොස් ප‍්‍රතිකාර කිරීමට බි‍්‍රතාන්‍ය රජය කැමති වුණා. තත්වය මඳක් හොඳ අතට හැරුණු විගස ඇය ගෙන යන්න විශේෂ ගුවන් යානයක් ආවා. මලාලාගේ දෙමව්පියන් ඇතුලූ සියලූ දෙනා එයින් එංගලන්තයට ගියා.

එරට බර්මින්හැම්හී පිහිටි එළිසැබත් රැුජින රෝහලේ දී ඇයට සැත්කම් කීපයක් සිදු කරනු ලැබුවා. මලාලාගේ වාසනාවට ඒ තලේබාන් තුවක්කුකරුවා තැබූ වෙඩි උණ්ඩවලින් ඇගේ මොළයට හානියක් වී තිබුණේ නැහැ. එක් උණ්ඩයක් හිස හා මුහුණ සූරා ගෙන ගොස් උරස් ප‍්‍රදේශය හරහා සිරුර තුළට ගොස් තිබුණා. ඒ රෝහලේ විශේෂ සත්කාරය නිසා මලාලා ඉක්මනින් සුවපත් වුණා.

දැන් මලාලා ඇගේ දෙමාපියන් හා ඇගේ සොහොයුරන් දෙදෙනා සමග එංගලන්තයේ බර්මින්හැම්හී ජීවත් වෙනවා. ඇය එහි එග්බැස්ටන් විදුහලේ විද්‍යාව හදාරනවා.

 
මලාලාගේ උපන් නගරය වූ පාකිස්ථානයේ ස්වොට් නිම්නයේ පිහිටි මින්ගෝරාහි වැසියන් ඇය නොබෙල් සම්මානයෙන් පුද ලද බව දැන ගත් වේලේ කේක් කපා ඔවුන්ගේ සතුට පළ කළ අයුරු.

ඇය ‘අයි ඈම් මලාලා’ (මම මලාලා) කියා පොතකුත් ලියා පළ කළා. එය දැන් සිංහලයටත් නගා තියෙනවා. ඇය එයින් බාලිකාවන් වෙනුවෙන් කෙරෙන තමාගේ මෙහෙය ගැන කතා කතා කළා. ඇයට නොයෙක් අවස්ථාවල අන්තර්ජාතික ප‍්‍රජාව අමතා ළමයින් වෙනුවෙන් කථා කරන්න සිදු වුණා. ඒ වගේ ම ඇයට මානව හිමිකම් වෙනුවෙන් වූ සම්මාන රැුසක් පිරිනමනු ලැබුවා. යුරෝ්පා පාර්ලිමේන්තුව 2013 ශකරොෆ් සම්මානයෙන් ඇයට ගෞරව කළා. ඊට පෙර පාකිස්ථාන රජය 2011 දී ඇයට එරට ප‍්‍රථම යොවුන් සාම සම්මානය පිරිනැමුවා.

පසුගිය මාසයේ දී මලාලා ඝාතනය කරන්නට මුල් වූයේ යැයි කියන ‘පාකිස්ථානයේ ටෙහෙරික් - තලේබාන්’ නම් ව්‍යාපාරයට අයත් දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පාකිස්ථාන යුද හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තියෙනවා. එයින් තිදෙනකුට දැන් චෝදනා එල්ල කර තියෙනවා.

නොබෙල් සම්මාන පිරිනැමෙන්නේ සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා. ඒ ඇල්ෆ‍්‍රඞ් නොබෙල් කියන ස්වීඩන විද්‍යාඥයා විසින් ඇති කරන ලද අරමුදලෙන්. එතුමාගේ නමින් පිරිනැමෙන නොබෙල් සම්මාන හයෙන් සාමය සඳහා වූ මෙම නොබෙල් සම්මානය තෝරන්නේ නෝර්වේ රටේ ඉන්නා විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මගින්. නොර්වේ අගනුවර වූ ඔස්ලෝහිදී ප‍්‍රකාශයට පත් කොට පිරිනැමෙන මෙම සාම සම්මානය හැර අනෙක් සම්මාන වූ වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා සාහිත්‍යය යන විෂයයන් සඳහා වූ සියලූ ම සම්මාන පිරි නැමෙන්නේ ස්වීඩනයේ අගනුවර වූ ස්ටොක්හෝම්හී පැවැත්වෙන විශේෂ රාජකීය උත්සවයකදී එරට රජතුමා අතින්.

නෝර්වේජියානු නොබෙල් සාම සම්මාන කමිටුව ඔක්තෝබර් 10 වැනිදා ප‍්‍රකාශයක් කරමින් සඳහන් කළේ 2014 නොබෙල් සාම සම්මානය දෙදෙනකුට සමව පිරිනැමෙන බවයි. ඔවුන් ඒ සඳහා නම් කළේ පාකිස්ථානයේ 16 හැවිරිදි මලාලා යූසුෆ්සායි හා ඉන්දියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කි‍්‍රයාධරයකු වූ 60 හැවිරිදි කයිලාෂ් සත්‍යාර්ථි යන දෙදෙනායි. මේ සම්මානලාභීන් අතරින් මහත්මා ගාන්ධි අනුගමනය කරමින් සත්‍යාර්ථි වසර ගණනාවක් තිස්සේ සාමකාමී විරෝධතා මගින් ළමයින් අධ්‍යාපනයෙන් බැහැර කොට වැඩට යොදවා ගැනීමට එරෙහිව ප‍්‍රබල ව්‍යාපාරයක් ඉන්දියාව තුළ ගෙන යනවා.

ඉන්දියාවේ හින්දුවරයකුටත් පාකිස්ථානයේ මුස්ලිම්වරියකටත් ඔවුන් ළමයින් වෙනුවෙන් කරන මෙහෙවර වෙනුවෙන් මෙවර සාමය සඳහා වූ නොබෙල් සම්මානය හිමි වීම දෙරට අතර සංහිඳියාව වර්ධනය කිරීමට ඉවහල් වනු ඇතැයි නොබෙල් සාම සම්මාන කමිටුව අපේක්ෂා කරන බව එහි සභාපතිවරයා විශේෂයෙන් සඳහන් කරල තියෙනවා.

 
පාකිස්ථානයේ පේශාවර් නගරයේ වැසියන් පිරිසක් බෙර වයා ගයා සිය පී‍්‍රතිය පළ අයුරු.

60 හැවිරිදි කයිලාෂ් සත්‍යාර්ථි ළමයින්ට අධ්‍යාපනය අහිමි කොට ඔවුන් කම්කරුවන් ලෙස වැඩ ගැනීමට එරෙහිව ඉන්දියාව පුරා උද්ඝෝෂණය කරන සමාජ සේවා කි‍්‍රයාධරයෙක්. ළමා අපචාරවලට එරෙහිව ඔහු පිහිටුවා ගෙන ඇති සංවිධානය ‘බචපන් බචාවෝ ආන්දෝලන්’ කියලයි නම් කර ඇත්තේ. විදුලි ඉංජිනේරුවකු ලෙස කරමින් සිටි රැුකියාව අත හැර දමා ඔහු 1980 දී මේ සමාජ සේවා කටයුත්තට කැපවුණා. මිතුරන් සමග එක්ව ඒ සංවිධානය පිහිටුවා ගත්තා.

‘මං මේ කටයුත්තට අත ගහන කාලේ මේ අදහස්වලට එතරම් පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒත් දැන් දශක තුනකට විතර පස්සේ මේ ප‍්‍රශ්නය ඉන්දියනු සමාජය විසින් පිළිගෙන තියෙනවා. ලෝකය පුරාම වාගේම ඉන්දියාවේත් නව නීති සම්පාදනය කරලා තියෙනවා, මේ සම්බන්ධයෙන් ළමයින්ගේ යහපත සඳහා.’ කියන සත්‍යාර්ථි ඉන්දියාවේ පමණක් හය කෝටියක් ළමයින් අධ්‍යාපනය අහිමිකරමින් මෙහෙකරුවන් හා කම්කරුවන් ලෙසට සේවයට යොදා ගන්නා බව හෙළි කරනවා. ‘මං මේ සටන අත් අරින්නේ නැහැ. මගේ ජීවිත කාලය තුළ ළමයින් මෙවැනි අපචාරයන්ගෙන් ගළවාගෙන මේ තත්වය ඉන්දියාවෙන් අතුගා දමන්නට හැකි වෙතැයි මම බලාපොරොත්තු වෙනවා.’ ඔහු ස්ථිර හඬින් කියනවා.

‘මං සතුටුයි, මලාලා වගේ දරුවකුට මේ සම්මානය ලැබීම ගැන. මම ඇයට සුබපතනවා. ළඟදීම ම ඇය හමුවීමට බලාපොරොත්තු වෙනවා. මම ඇයට ආරාධනය කරනවා එකතු වෙලා අපේ මේ උප අර්ධද්වීපයට සාමය උදා කරන්නට කටයුතු කරමු කියා. ඒක අපේ දෙරටේ ළමයින් වෙනුවෙන් අත්‍යවශයෙන් ම ඉටු විය යුතු දෙයක්. එය සෑම ඉන්දියානුවකුට ම, සෑම පාකිස්ථානුවකුට ම විතරක් නොවෙයි ලෝකයේ සෑම පුරවැසියකුට ම වැදගත් වන දෙයක්.’ යැයි ඔහු පවසනවා.

 
පසුගිය වසරේ පොදුරාජ්‍ය මණ්ඩල යොවුන් අධ්‍යාපන දිනය සැමරූ අවස්ථාවේ දී මලාලා ලන්ඩනයේ බකිංහැම් රජමාලිගයේ දී බි‍්‍රතාන්‍ය මහරැුජින හමු වූ අවස්ථාව.

විශ්ව අධ්‍යාපනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ගෝඞ්න් බ‍්‍රවුන් ළමයින්ගේ අධ්‍යාපනය සඳහා ලෝක අවධානය යොමු කරනු පිණිස සැකසූ එක්සත් ජාතීන්ගේ පෙත්සම ‘අයි ඈම් මලාලා’ කියා නම් කළේ මලාලාට ගරු කිරීමක් වශයෙනුයි. ඔහු ලෝකය පුරා 2015 තෙක් පාසල් යන සියලූම ළමයින්ගෙන් එයට අත්සන් කරන ලෙස ඉල්ලීමක් ද කළා.

ඇයට අවස්ථාව ලැබුණා, 2013 ජූලි 12 වැනිදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිට ලෝක ප‍්‍රජාව අමතන්නට. ඒ වගේ ම සෑම වසරකම ජූලි 12 වැනිදා ‘මලාලා දිනය’ දෙස එක්සත් ජාතීන් විසින් නම් කර තියෙනවා. ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලෝකයේ අවධානය යොමු කරන දිනය ලෙස එය හැඳින්වෙනවා.

2013 අපේ‍්‍රල් 29 වැනිදා ටයිම් සඟරාව ඇගේ රූපය කවරයට යොදා ගනිමින් ‘ලෝකයේ වඩාත් බලපෑම් කළ හැකි 100 දෙනා’ යනුවෙන් විශේෂාංගයක් පළ කළා. 2013 බර්මින්හැම් පුස්තකාලය නිල වශයෙන් විවෘත කිරීමේ ගෞරවය ඇයට හිමි වුණා. 2013 ඔක්තෝබරයේ කැනඩා රජය ප‍්‍රකාශ කළා ඇයට එරට පාර්ලිමේන්තුව විසින් ගෞරවණීය පුරවැසිභාවය පිරිනමන්නට තීරණය කළ බව. 2014 මැයි 15 වැනිදා කැනඩාවේ කින්ග්ස් විශ්ව විද්‍යාලය ඇයට සම්මාන උපාධියක් පිරිනැමුවා. ඒත් ඇය තවමත් බර්මින්හැම්හී එග්බැස්ටන් විදුහලේ උසස් පෙළ හදාරනවා.

නොබෙල් සාම සම්මානයත් සමග මලාලා මෙතෙක් ලබා ඇති ජාත්‍යන්තර සම්මාන ගණන 35ක්. මලාලාට ලැබී ඇති මේ ජගත් පිළිගැනීම ගැන වෙනස් මත දරණ අයත් ඉන්නවා. පාකිස්ථානයේ ඇතැම් පුවත්පත් විචාරකයන් කියන්නේ බටහිර අධිරාජ්‍යවාදයට සුදු හුණු ගාන්නට ධනවාදී රටවල් මලාලා අතකොලූවක් කර ගෙන ඇති බවයි.

 
පසුගිය ගිම්හානයේ දී ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී මලාලාට ගෞරවණීය පිළිගැනීමක් ලැබූණා. ඇගේ දකුණු පසින් සිටින්නේ මහ ලේකම් බෑන් කී මූන් සමග මහා මණ්ඩලයේ සභාපති වූක් ජෙරමික්. කැමරාවට පසුපස හරවාගෙන සිටින්නේ විශ්ව අධ්‍යාපනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ගෝඞ්න් බ‍්‍රවුන්ය. ඔහු බි‍්‍ර‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකි.

 
2013 දී ඇමෙරිකාවේ රූපවාහිනී සාකච්ඡුාවක දී ප‍්‍රකට වැඩසටහන් ප‍්‍රයුංජකයකු වූ ජෝන් ස්ටුවර්ට් ඔහුගේ දෙනික විශේෂ වැඩසටහන අතරතුර මලාලාගේ කතාව අසා කම්පනයට පත් ව මොහොතකට නිරුත්තරව ගිය ආකාරය.

 
2013 දී ඇමෙරිකාවේ දී සුප‍්‍රකට වැඩසටහන් ප‍්‍රයුංජකයකු වූ ජෝන් ස්ටුවර්ට් ඔහුගේ දෛනික විශේෂ රූපවාහිනී වැඩසටහන අතරතුර ආවේගශිලී වෙමින් මොහොතකට නිරුත්තරව ගිය අවස්ථාවේ මලාලා සන්සුන්ව ඊට මුහුණ දුන් ආකාරය.

 
මේ සටහනෙන් දැක්වෙන පරිදි - මලාලාට වයස අවුරුදු 16 වන නිසා ඇය නොබෙල් සම්මානයකින් පුද ලබන ලොව ළාබාලතමයා ලෙස සැලකෙනවා. ඒ විතරක් නෙවෙයි, නොබෙල් සම්මානලාභී ප‍්‍රථම පාකිස්ථානු කාන්තාවත් ඇයයි. මෙතෙක් නොබෙල් සම්මාන ලබා ඇති කාන්තාවන් අතරින් ඇයට හිමි වන්නේ 16 ස්ථානයයි. මේ වන විට මෙතෙක් නොබෙල් සම්මානය ලැබූ පිරිමින් 90ක් හා ගැහැනුන් 15ක් සිටිනවා.

 
නෝර්වේජියානු නොබෙල් සම්මාන කමිටු සභාපති තෝර්බ්ජෝන් ජැග්ලෑන්ඞ් ඔක්තෝබර් 10 වැනිදා ප‍්‍රකාශයක් කරමින් සඳහන් කළේ 2014 නොබෙල් සාම සම්මානය මලාලා යූසුෆ්සායි හා කයිලාෂ් සත්‍යාර්ථි යන දෙදෙනකුට සමව පිරිනැමෙන බවයි.

 
2014 නොබෙල් සාම සම්මානය මලාලා යූසුෆ්සායි හා කයිලාෂ් සත්‍යාර්ථි යන දෙදෙනකුට සමව පිරිනැමෙන බව දැක්වෙන හේතු පාඨ සහිත නොබෙල් සාම සම්මාන කමිටු සටහන.

 
පසුගිය වසරේ මලාලා ලියූ ‘අයි ඈම් මලාලා’ නම් කෘතිය.

 
මලාලා සුවය ලබා බර්මින්හැම්හී පිහිටි එළිසැබත් රැුජින රෝහලෙන් පිටව යාමට පෙර පවුලේ අය සමග.

 
‘ඒ වගේම ඇය ආදර්ශයෙන් පෙන්වා දීලා තියෙනවා ළමයින්ට හා තරුණ අයටත් ලෝකයේ ළමයින් වෙනුවෙන් යමක් කළ හැකි බව.’ ඇය ඒ ගැන ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමු කර තියෙනවා.

 
මලාලාගේ ඝාතනය වෙනුවෙන් පාතිස්ථාන හමුදාව විසින් සැක පිට අත් අඩංගුවට ගෙන දැනට චෝදනා ලබා ඇති තලේබාන් තුවක්කුකරුවන් තුන්දෙනා

 
සුව වූ පසු මලාලා එළිසැබත් මහ රැුජින බැහැ දකින්නට බකින්හැම් රජමාලිගයට ගිය අවස්ථාව.

 
ළමයින් වෙනුවෙන් කැපවී කි‍්‍රයා කරන කයිලාෂ් සත්‍යාර්ථි.







Comments

  1. ඉතාමත් වටිනා , සාර්ථක , සම්පූර්ණ ලිපියක්.
    ස්තූතියි !

    ReplyDelete
  2. අර කිව්වා වගේ සම්පූර්ණයි. වටිනාකම කියා නිමකරන්න බෑ. තැන්කුයි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලෝකයේ වටිනාම මුද්දරය වෙන්දේසියට! දැනට ඇත්තේ ලෝකෙටම එකයි!

මුද්දර එකතු කිරීම (Philately) විනෝදාංශයක් වගේම හොඳ ආදායම් මාර්ගයක්. පුංචි වුණාට තැපැල් මුද්දරයක් කියන්නේ රටක ඉතිහාසය කියාපාන කැඩපතක්. රටකින් රටකට හොඳ හිත පතුරුවමින් යන සංස්කෘතික තානාපතිවරයෙක්!

ඒ වගේ පැරණි තැපැල් මුද්දරයක් එහි මුහුණත සඳහන් වටිනාකමට හුඟක් වැඩිවෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ ඒවායේ ඇති දුලබකම නිසයි.

ඒ වගේ 1873 දී ලිපිගොනු ගොඩක් අස්සේ තිබී හමුවුණු පාවිච්චි කළ ශත එකේ තැපැල් මුද්දරයක් පසුව වෙළෙඳ පොළේ දී සිලිං හයකට විකුණුණා. බි‍්‍රතාන්‍ය ගයානාව (British Guiana) විසින් නිකුත් කළ ශත එකේ දම්පාට තැපැල් මුද්දරය (1c Magenta stamp) දැන් යළිත් වෙන්දේසිය සඳහා වෙළෙඳපොළට ඇවිත්. අද, වසර 141කට පසු, එයට මුද්දර වෙන්දේසියේ දී ඇමරිකන් ඩොලර් මිලියන 20ක මුදලක් ලැබේවි යැයි විශ්වාස කරනවා.

මෑතදී ‘ලොව වඩාත් වටිනාම මුද්දරය’ ලෙස හඳුන්වනු ලැබූ මේ පැති අටේ හැඩැති තැපැල් මුද්දරය 2014 ජූනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ නිව්යෝක්හිදී ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතයි.

මෙය දැනට ලෝකයේ සුරක්ෂිතව ඉතිරි වී ඇති මේ වර්ගයේ එකම මුද්දරය ලෙස සැලකෙනවා. මෙය නිකුත් කරන ලද්දේ 1856දියි. බි‍්‍රතාන්‍ය ගයානාවේ තැපැල් මහතා…

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස! ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා 10 මෙන්න!

පසුගිය සතියේ (මාර්තු 8 වැනිදා) අතුරුදන් වූ පිසැරි අංක එම්එච්370 මැලේසියානු මගී ගුවන්යානයට වූ දේ තවමත් අබිරහසක්. රටවල් 10 ගුවන්යානා, නැව්, චන්ද්‍රිකා රැසක් මේ අබිරහස විසඳන්න තවමත් වෙහෙසෙනවා.

ඒත් මෙය දැනටමත් නොවිසඳෙන අබිරහසක් පත් වෙන ලකුණු පහළ වෙලා!

ලොව පළමු සෙල් ෆෝනය මේකද? වසර 75ක් පැරණි පින්තූරයේ රහස හෙළි වෙයිද?

බලන්න මේ තරුණිය ජංගම දුරකතනයක් කනේ තියා ගෙන පාර දිගේ කතා කර කර යනවා! අද නම් මේ වගේ දසුනක් ගමක පාරක වුනත් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒත් මේ දර්ශනය කැමරාවට නඟා ඇත්තේ මීට අවුරුදු 75කට පෙරයි!

1938 දී ඇමෙරිකාවේ වීදියක ගමන් කළ මේ යුවතියගේ අතට වර්තමානයේ අප පාවිච්චි කරනා තාලේ සෙල් ෆෝනයක් (ජංගම දුරකතනයක්) ආවෙ කොහොමද?

ඒ කාලයේ මේ වගේ දෙයක් නිපදවීම තියා මෙවැන්නක් ගැන හිතලවත් නොතිබුණා නම් මෙම දර්ශනය චිත‍්‍රපටයකට ගත් නිර්මාණයක්ද? සමහර අය කීවේ චිත‍්‍රපටය තුළින් අනාගතය දැකීමක් ලෙස මෙම දසුන සලකන්න පුළුවන් කියලයි. අනාගතය පරිකල්පනය කළ අවස්ථා චිත‍්‍රපටවල ඕනෑ තරම් තිබුණා. මේ වගේ

මේ රූප පෙළ මේ වන විට යූටියුබ් (YouTube) එක හරහා ලක්ෂ තුනකට වැඩි වාර ගණනක් සංසරණය වෙලා තියෙනවා. වර්ණ චිත‍්‍රපට එන්නට පෙරාතුව කළු සුදු ක‍්‍රමයට කැමරාවට නගන ලද මෙහි රහස පසුගිය දා හෙළි වුණා. මෙම තරුණිය තමාගේ මීමිත්තණිය යැයි යුටියුබ් ග‍්‍රාහකයෙක් හෙළි කළා.

අනාගතයට යාමක් ද? මෙහි දැක්වෙන්නේ ඇමරිකාවේ ඩුපොන්ට් ආයතනයෙන් පිට වී යන තරුණ සේවිකාවන් පිරිසක්. එයින් එක් තරුණියක් අතේ ඇති ජංගම දුරකතනයකින් කතා කරමින් යනවා ඔබට පෙනෙනවා ඇති. වසර 75කට ප…

නස්රුදින්ගේ වේළීමේ රහස! අලුත්ම නස්රුදින් කතාවක්!

නස්රුදින්ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා, ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්. දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා.

දියණිය උපන් මොහොතේ පියා ගත් පින්තූරය අන්තර් ජාලය කළඹයි! වෛද්‍යවරයාගේ අතේ එල්ලී එළියට ආ ළදැරිය මෙන්න!

ජීවිතයේ විස්මිත මොහොතවල් ඡායාරූපයට නැඟීම වාසනාවත් එක්ක සිදු වන දෙයක්. එහෙම වාසනාවක් ලද මාපිය යුවලක් තමන් ගත් ජීවිතයේ අමතක නොවන පින්තූරය ‘මුහුණු පොතේ’ පළ කළා. මොහොතකින් එය අන්තර්ජාලය පුරා ‘කුණාටුවක්’ මෙන් හඹා ගියා.

මෙලොව එළිය දකින්න මොහොතකට පෙර පුංචි නෙවායි මව් කුස හිඳිමින් තම උදව්වට ආ වෛද්‍යවරයාගේ ඇඟිල්ලේ එල්ලූන හැටි!

හොල්මන් පින්තූර කතන්දර පෙළක්! මේවා දැකල බය වෙන්න එපා!

රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්!


අවුරුදු ගානක් තිස්සෙ විවිධ අවස්ථාවලදි ගත්තු පින්තූර තමයි, මේ තියෙන්නේ. මෙහි ඉන්නවා, ඝාතනය කළ වහල් සේවකයන්, රෝහල්වල වධබන්ධනවලට ලක්ව මියගිය රෝගීන්, අතීතයට එක් වූ මුහුදු නැවියන් ආදී නොයෙක් අය. මොවුන්ගේ හොල්මන් කතා අහපු බොහොම දෙනෙක් බියට පත් වුණා. තාමත් අහන අයගේ ඇඟ හිරි වැටෙනවා.

මුල්ම ඇපල් 1 පරිගණකය ලෝක වාර්තාවක් තියයිද? ඇපල් සමාගමේ ආරම්භය හෙළිකරන මෙතෙක් පළ නොවූ ඡායාරූපයක්!

ඇපල් පරිගණකය පටන් ගත් හැටි දැන් දකින කොටත් පුදුම හිතෙනවා. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දා ප‍්‍රථමවරට හෙළිදරවු වුණා.

මේ ඡායාරූපයට නගා තියෙන්නේ 1976 දියි. එතකොට ස්ටීව් ජොබ්ස්ට (Steve Jobs) වයස 21යි. ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමග එක්ව ඔවුන් දෙදෙනා මේ මුල්ම ඇපල් පරිගණක තැනුවේ ස්ටීව් ජොබ්ස්ගේ මාපියන්ගේ ගෙදර ගරාජයකයි. ඔවුන් ඒ තැනූ මූල් පරිගණක 50 තැන්පත් කරල තිබුණු ආකාරය දැක්වෙන මේ විරල ඡායාරූපය නිකුත් කරනු ලැබුවේ ලබන නොවැම්බර් 16 වැනිදා වෙන්දේසියට තැබෙන දැනට හොඳම තත්වයේ ඇති පැරණි ම ඇපල් පරිගණකය එළි දැක්වීම වෙනුවෙන්.

මෙය දැනට ලෝකයේ ඇති වටිනාම සන්නම ලෙස සැලකෙන ඇපල් පරිගණකයේ ආරම්භක තත්වය තේරුම ගන්නත් හොඳ අවස්ථාවක්. මේ සන්නමෙහි අද වටිනාකම පවුම් බිලියන 60ක්.

ඇපල් පරිගණකයේ ආරම්භය දැක්වෙන මේ කිසිදා එළියට නො පැමිණි ඡායාරූපයක්. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර 1976 දී පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුග…

දුර්ලභ ගණයේ සේයා රුවක්! නවසීලන්තයේ ධීවරයකුගේ නවතම ගොදුරක්!

මෙය ලියැවෙන්නේ කලාතුරකින් හමු වන ඡායාරූපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි. අන්තර් ජාලය පුරා මේ වන විටත් වැඩි දෙනකුගේ අවධානය දිනා ගෙන තියෙනවා.

මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ මිනීමරු සුදු මෝරකුගේ ඉරණම දැක්වෙන කතාවක්. පසුගිය සතියෙදි නවසීලන්තයේ මුහුදේදි ගත්තු එකක්.

මහා භූමිකම්පාවකින් පසු පාකිස්ථාන මුහුදෙන් මතු වූ ලෝකයේ අලූත් ම දූපත!

පසුගියදා පාකිස්ථානයේ ප‍්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. 7.8ක් වූ ඒ භූමිකම්පාවෙන් බලූකිස්ථානය අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණා. ලෝකයේ අලූත් ම දූපත එයයි.

සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් ඒ දූපත නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා දැන් එය බලන්න සංචාරකයන් වගේම පාකිස්ථාන වැසියන් වැල නොකැඩි එනවා. ඒ දූපතටත් ගොඩ වෙනවා. ගිනිගන්නාසුලූ වායුව, විස දුම් ආදිය ඇති බව අනතුරු හැෙඟව්වත් ඒවා ගනන් නොගෙනයි, ඔවුන් එහි එන්නෙ.

ඒ දූපතේ පිපිරුණු මඩ, වැලි, ගල් මුසු බිම මත මුහුදු සතුන්ගේ මළ සිරුරු, විශේෂයෙන් ම මාළුන් මළකුණු පිරිලා තියෙනවා.

මෙන්න ලෝකයේ අලූත් ම දූපත අහසට පෙනෙන හැටි. මේ මඩ කන්ද මීටර් 15ක් 20ක් විතර උස ඇති. මිනිසුන්ට ඒ මත ඇවිද ගෙන යා හැකි තරමට එහි බිම ඝනකම් කියලයි, කියන්නෙ.

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : නියමුවාම යානය බලෙන් ගෙන ගියාද?

2014 මාර්තු 16 වැනිදා

අනතුරට පත් යානයේ නියමුවා වූ සහාරි අහමඞ් ෂා දේශපාලන උමතුවකින් පෙළෙන්නකු ලෙස දැන් සැක කරනවා. එම්එච්370 යානය නියමුවා ලෙස සේවයට වාර්තා කරන්නට පෙර ඔහු මැලේසියාවේ විරුද්ධ පක්ෂ නායකයා වූ අන්වර් ඒබ‍්‍රහම්ට එරෙහිව පැවති නඩු විභාගයට බලන්නට ගිය බවක් ෆෙඩරල් පරීක්ෂක නිලධාරින් කියනවා.