HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඕස්ටේ‍්‍ර‍ලියාවේ මුහුදු පත්ලේ විසූ අමුතු සත්ව විශේෂ දෙකක්!

මෙතෙක් හඳුනා නොගත් අමුතු හැඩයක් ගත් සත්ව විශේෂ දෙකක් ඕස්ටේ‍්‍රලියාවේ සාගර පත්ලෙන් මතු කර ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්වී සිටිනවා.

මේ අමුත්තන් බැලූබැල්මට මෙලොවට අයත් නැති වෙනත් ලෝකයකින් ආ අය වගෙයි පෙනෙන්නෙ. මේ මිහිමත මෙතෙක් හඳුනාගෙන ඇති කිසිම සත්ව වංශයකට අයත් නැති බවයි කියන්නේ. දැනට හඳුනා ගෙන ඇති පෘෂ්ඨවංශිකයන් ඇතුළු විවිධ ජීවීන් රැුස අතරට හෝ සපුෂ්ප ශාක අතරට හෝ දැමිය හැකි තත්වයක් තවමත් හඳුනාගෙන නැහැ.

ඩෙන්ඩ්‍රොග්රැුමා (Dendrogramma) යනුවෙන් හඳුන්වා ඇති මේ සතුන් පිටතින් බලන විට හත්තක හැඩයක් ගන්නවා. එහෙත් ඇතුළත ආමාශයක් හා එය වෙන් කෙරෙන ජෙලිෆිෂ් හෙවත් ලොඩියකුගේ වැනි ඝන ස්තරයක් දැකිය හැකියි.

 
හරිම පුදුමයි! මේ ඡුායාරූපයෙන් පෙනෙන්නේ ඒ අමුතු සතුන් වර්ග දෙකයි. පිටතින් හත්තක හැඩයක් ගත්තත් ඇතුළත ආමාශයක් හා එය වෙන් කෙරෙන ලොඩියකුගේ වැනි ඝන ස්තරයක් දැකිය හැකියි.

විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව සමහර විට මේ සතුන් වසර මිලියන 600කට විතර ඉස්සර ජීවත් වුණු වඳ වී ගිය සතුන් විශේෂයකින් දිවි රැුක ගත් සත්ව නියැදි දෙකක් විය හැකියි. මේ සමහර විට බහුෙසෙලික ජීවීන් අතරින් පරිණාමය වීමේ උත්සහයන් අසාර්ථක වුණු සතුන් විශේෂ දෙකක් විය හැකියි.

මේ සතුන් හමු වී ඇත්තේ 1986 දී ගිනිකොනදිග ඕස්ටේ‍්‍රලියාවේ තස්මේනියාවත්, බාස් සමුද්‍ර සන්ධියත් අතර මුහුදෙහි අඩි 1,312ත්, අඩි 3,280ත් අතර (මීටර් 400ත් මීටර් 1,000ත්) මුහුදු පත්ල සූරා ලබා ගත් රොන් මඬ අතරෙහියි.

පර්යේෂකයන් දැන් තමයි, ඒ සතුන් වෙන් කර ගෙන ඇත්තේ. ඒ පර්යේෂකයන් මේ සත්ව විශේෂ දෙක ඩෙන්ඩ්‍රොග්රැුමා යනුවෙන් නම් කොට අලූත් ම ප්ලොස් වන් (PLOS ONE) විද්‍යා ජර්නලයෙහි විස්තර වාර්තාවක් පළ කර තියෙනවා.

 
සමහර විට මේ සතුන් වසර මිලියන 600කට විතර ඉස්සර ජීවත් වුණු වඳ වී ගිය සතුන් විශේෂයකින් දිවි රැුක ගත් සත්ව නියැදි දෙකක් විය හැකියි.

සමහර විට මේ සතුන් වසර මිලියන 500කට පෙර සිට වඳ වී ගිය එඩියකාරා (Ediacara) නම් සත්ව විශේෂයට අයත් ඇතැම් ලක්ෂණ මේ සතුන් කෙරෙහි ලැබෙන බවයි, විද්‍යාඥයන් කියන්නේ. ඔවුන්ගේ අදහස ඒ සතුන් පෘථිවියේ සත්ව පරිණාමයෙහි විශේෂ අවස්ථාවක් සනිටුහන් කරන බවයි. ඔවුන් කියන්නේ වසර මිලියන 541කකට පෙර කේම්බී‍්‍රය අවධිය ආරම්යේ දී මතු වූ ජීවීන් ඒ අවස්ථාවේ ම ගොදුරු කර ගත් ජීවී විශේෂයකට මේ සතුන් නෑකම් කියන බවයි.

මේ සත්ව විශේෂ දෙක නම් කර ඇත්තේ ඩෙන්ඩ්‍රොග්රැුමා එනිග්මැටිකා (Dendrogramma enigmatica) හා ඩෙන්ඩ්‍රොග්රැුමා ඩිස්කොයිඞ්ස් (Dendrogramma discoides) කියායි.

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයකු වූ ආචාර්ය ජෝගන් ඔලේසන් තමයි, මේ ඕස්ටේ‍්‍රලියානු පර්යේෂකයන් පිරිස මෙහෙයවා තියෙන්නේ. දැන් ඔවුන් පර්යේෂණය කරන්නේ තවත් මෙවැනි සතුන් සොයා ගත හැකිදැයි බලන්නයි.

 
මේ සතුන් හමු වී ඇත්තේ 1986 දී ගිනිකොනදිග ඕස්ටේ‍්‍රලියාවේ තස්මේනියාවත්, බාස් සමුද්‍ර සන්ධියත් අතර මුහුදෙහි අඩි 1,312ත්, අඩි 3,280ත් අතර (මීටර් 400ත් මීටර් 1,000ත්) මුහුදු පත්ල සූරා ලබා ගත් රොන් මඬ අතරෙහියි.



Post a Comment

0 Comments