අනාගත හමුදා ගුවන්යානා පදවන්නේ කවුරුන්ද? නියමු අසුනක් රොබෝ නියමුවකුට?

අනාගත හමුදා ගුවන්යානා පදවන්නේ කවුරුන්ද? ඇමරිකාවේ පෙන්ටගනයට අනුව නම් අනාගතයේ නියමු අසුනක ඉඩක් රොබෝ නියමුවකුට වෙන් වෙනවා.

මේ බව හෙළිවන්නේ ඇමරිකානු නාවික හා ගුවන් හමුදාව විසින් නිකුත් කළ වාර්තාවකිනුයි. ඔවුන් ඊළඟ පරම්පරාවේ ප‍්‍රහාරක යානා සැලසුම් කරන්නට යාමේ දී ඒ සඳහා රොබෝ නියමුවන් ද යොදා ගැනීමට තීරණයක් ගෙන තියෙනවා.

ඒ අනුව අනාගත ජෙට් ප‍්‍රහාරක යානා සඳහා කෘති‍්‍රම බුද්ධියෙන් යුතු නියමුවකු එක්වනු ඇති. ඒ නියමුවා එහි ඇති දත්ත විශ්ලේෂණය කිරීමට හා ගුවන් යානා හාරක නෞකාවට යානා පහත් කිරීමට හා ඉහළට නැංවීමට ආදි කටයුතු සඳහා යොදා ගැනීමට ඇමරිකානුවන් බලාපොරොත්තු වෙනවා.

 
ඇමෙරිකාවේ වර්ජීනියාහී පෙන්ටගනයේ සැලසුම් කරලා තියෙනවා, අනාගතයේ එන ජෙට් ප‍්‍රහාරක යානාවලට රොබෝ නියමුවන් යොදා ගන්න. ඇමරිකන් නාවික හමුදාවේ එෆ්/ඒ -එක්ස්එක්ස් ප‍්‍රහාරක යානයට ඒ තාක්ෂණයට දැනටමත් යොදා ගෙන තියෙනවා. (මෙහි එය දක්වා ඇත්තේ චිත‍්‍රශිල්පියකුගේ ඇසින්.)

ඇමරිකානු නාවික අභ්‍යාස ආයතනය මේ නව රෙබෝ තකේෂණය ළඟදී නිපදවෙන බෝයිං එෆ්/ඒ - 18ඊ/එෆ් සුපර් හෝනට් යානයටත්, ලොක්හීඞ් මාටින් එෆ්-22 රැුප්ටර් යානයටත් මේ රොබෝ නියමුවන් යොදන්න තීරණය කරලයි තියෙන්නෙ.

ඇමරිකන් නාවික හමුදාවේ එෆ්/ඒ -එක්ස්එක්ස් හා ඇමරිකන් ගුවන් හමුදාවට අයත් එෆ්-එක්ස් ප‍්‍රහාරක යානා දෙවර්ගය වෙනුවෙන් අලූත් වර්ගයේ රොබෝ නියමුවන් යෙදූ යානා එක්කරන්නට 2030 වන විට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මෙසේ රොබෝ නියමුවන් යෙදවීමේ යටි අරමුණ කුමක්දැයි තවමත් හෙළි වී නැහැ. ජෙට් යානා ගෙන යන නෞකාවකට ගොඩ බෑමේ දී හා ඉන් ඉහළට නැංවීමේ දී මිනිස් නියමුවන්ට වඩා රොබෝ නියමුවන් ඒ සඳහා වඩාත් සුදුසු යැයි කීවත් හෙළි නොකරන වෙනත් හේතුවක් මේ පසුපස තිබිය හැකියැයි ඇතැම් අය කියනවා.

ඇමරිකානු නාවික අභ්‍යාස ආයතනයේ සේවය කරන නම හෙළි නොකරන ඇමරිකන් නාවික නිලධාරියකු කියන විදියට, ”ජෙට් ප‍්‍රහාරක යානාවලට රොබෝ නියමුවන් යෙදීම ඇමරිකානු හමුදාව තුළ විශාල වෙනසක් ඇති කරනවා නිසැකයි.”

මෑතදී අත්හදා බැලීමේ ගමනක යෙදුණු ඇමරිකානු නාවික හමුදාවට අයත් එක්ස්-47බී නම් නියමුවන් රහිත යානය ගොඩබෑ ආකාරය මෙසේ රොබෝ නියමුවන් යොදා ගැනීමේ සාර්ථකත්වය දැක්වීමට ඉතා හොඳ උදාහරණයක්.

මේ කටයුතු සඳහා ඇමරිකාවේ සිලිකන්වැලි පරිගණක විශේෂඥයන්ගේ සහය ලබා ගැනිමට දැනටමත් කටයුතු කරලයි තියෙන්නේ.

ඒ අතර බි‍්‍රතාන්‍යයේ ගගන විද්‍යාඥයන් ද ගගන යානාවල බඳ වඩාත් සංවේදනීය තත්වයට ගෙන එන්න වෙහෙසෙනවා.

 
මේ දැනට ගුවනේ සිට ඉලක්කවලට පහර දීමට යොදා ගන්නා බෝයිං කිවුඑෆ් -16 ප‍්‍රහාරක යානයක්.

 
ඇමරිකානු නාවික අභ්‍යාස ආයතනය බෝයිං එෆ්/ඒ - 18ඊ/එෆ් සුපර් හෝනට් යානයටත්, ලොක්හීඞ් මාටින් එෆ්-22 රැුප්ටර් යානයටත් මේ රොබෝ නියමුවන් යොදන්න කටයුතු යොදා තියෙනවා. 2030 වන විට සියලූ ම යානාවලට රොබෝ නියමුවන් යොදා ගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

අනාගත ගුවන්යානාවලට මිනිස් සමකට සමාන වැස්මක්
බි‍්‍රතාන්‍ය ගගන විශේෂඥයන් කියන විධියට අනාගත ගුවන්යානා තැනෙන්නේ සුවිශේෂ ආවරණයකින්. ඒ අනුව ඒ යානාවලට තමා අවට ලෝකය අපට වාගේ ම දැනෙනවා ඇති. පිටතින් තුවාලයක් වුණොත් සමට දැනෙනවා වගේ ඒ ආවරණයේ සිදු වන අනතුරු වහා දැන ගත හැකියි.

බි‍්‍රතාන්‍ය ගගන ඉංජිනේරු පද්ධතියට අයත් උසස් තාක්ෂණික මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් තමයි, මේ නව තාක්ෂණය ගැන පරීක්ෂණ පවත්වන්නේ. ඔවුන් හදන්නේ ගුවන් යානා බඳට ලක්ෂ ගණනක් මයික්‍රෝ සංවේදක සවි කරන්නයි. ඔවුන්ගේ ‘ස්මාර්ට් සම’ තැනෙන්නේ ඒ අති සංවේදී ‘මයික්‍රෝ සෙන්සර’වලින්.

මේ ආකාරයට මේවා ගුවන්යානාවකට යෙදූ විට සුළෙඟ් වේගය, උෂ්ණ්ත්වය, එහි බඳට ඇති වන බලපෑම, එහි චලනයන් සිදුවන ආකාරය දැනට පවත්නා සංවේදක තාක්ෂණයට වඩා ඉක්මනින්, වඩාත් නිවැරදිව, සියුම් ලෙස දැන ගන්න පුළුවන්. ඒ වගේ ම සුළු හෝ වරදක් සිදුවුවහොත් එය වැඩි දියුණු වීමට පෙර පිළියම් යෙදීමට හැකි වෙනවා.





Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments