HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබේ මුව තුළින් මෙතෙක් නුදුටු ලොවකට පිවිසෙන්න!

ඒවා හරියට බැලූබැල්මට දුර්ලභ ගණයේ පැළෑටි වාගෙයි. එහෙමත් නැත්නම් ඈත එපිට සක්වළ ඇති ග‍්‍රහලෝකයක මතුපිට වාගෙයි.

මේ බියජනක අමුතු සතුන් සක්වළ වෙනත් ලෝකයකින් ආ අය නෙවෙයි. ඔබේ අපේ හැමෝගෙම දත්වල දන්ත පථවල ඉන්නා බැක්ටීරියා වර්ගයි. සාමාන්‍ය ඇසට, එනම් පියවි ඇසට, නොපෙනෙන මේ දසුන් ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයකින් පරිලෝකනය කොට විශාලනය කර ගත් ඒවායි.

සාමාන්‍ය ජීවිතයේ දී වුවත් ඔබට ඔබේ කට තුළ ඇති දේ බලා ගන්න ක‍්‍රමයක් නැහැ. මුහුණ බලන කන්නාඩියකින් ටිකක් විතර ඔබට දැක ගන්න පුළුවන් වුනත් මේ විස්මිත දසුන් දැක ගත හැක්කේ පරිලෝකනය කළ හැකි ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂ කැමරාවකින් (scanning electron microscope -SEM) පමණයි. මෙසේ ගන්නා ලද පිළිබිඹුවලින් දන්තපථ, කෘන්තක දත්, දිරා යන තැන්, ඒවාට බැක්ටීරියාවලින් හානි සිදු වන අයුරු ආදිය මෙතෙක් නුදුටු ආකාරයෙන් දැක ගත හැකියි.

මේ පින්තූරවලට ඇතුළත් වෙනවා, දත් දිරූ තැන්, දන්තපථ රැුඳුණු තැන් පමණක් නොවෙයි, ඔබ දත් මදින විට ඔබේ දත් බුරුසුවේ තැවරෙන බැක්ටීරියා විශේෂ පවා.

මේ පින්තූර මාලාවට අයත් රූපවල ඇතැම් කොටස් වර්ණ ගන්වා තියෙන්නේ ඔබට ඒවා පැහැදිලිව හඳුනා ගනු පිණිසයි. මේ රූප පිළිබිඹු ලබා ගෙන ඇත්තේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් එල්ල කොට අන්වීක්ෂයක් මගින් ඒවා ස්කෑන් (පරිලෝකනය) කිරීමෙනි. පසුව ඒවායේ අවශ්‍ය තැන් පරිගණකය මගින් ඩිජිටල් ක‍්‍රමයට හෝ අතින් හෝ වර්ණ ගන්වා තියෙනවා. ඒ ක‍්‍රමයෙන් තමයි, දිරූ තැන්, දන්තපථ රැුඳුණු තැන්, හා මිනිස් ඇසට හඳුනා නොගත හැකි තැන් මතු කර ගෙන ඇත්තේ.

 
මෙහි නිල් පාටින් දැක්වෙන්නේ කහ පැහැති දත මත පැතිරී ඇති ගෝලාකාර බැක්ටීරියා විශේෂයක්. රතු පාටින් පෙනෙන්නේ දත මතට ඇලී සිටින රතු රුධිර ෙසෙල කීපයක්.

 
මේ රූපයේ දන්තපථ කහ වර්ණ ගන්වා ඇත්තේ ඒවා ළා නිල් වර්ණ ගැන් වූ දතට ඇලී ඇති ආකාරය පැහැදිලිව දැක ගත හැකි වන පරිදියි.

 
දතක හරස් කඩක්. නිල් පාටින් දක්වා ඇත්තේ එනමලය සාදන සෛල ස්තරයයි.

 
දතක දන්තපථයෙහි මතුපිට රෝස පැහැ ගන්වා ඇත්තේ මිනිස් ඇසට නොපෙනෙන කුඩා කොටස් දැක ගත හැකි වන පරිදියි.

 
ඔබේ දතට බැහැරින් එන ආක‍්‍රමණියන් කෙබඳු දැයි දැක ගැනීමට එකට දහස් වරක් විශාලනය කර මේ රූපයෙහි වර්ණ ගන්වා ඇත්තේ දන්තපථ ඇති කරන බැක්ටීරියා දත අස්සේ වැඩෙන අයුරු පෙන්වීමටයි.

 
මේ වඩාත් සමීප කළ රූපය දතක් මතුපිට ඇලී සිටින බැක්ටීරියාවල ස්වරූපය දක්වන්නක්. මේ බැක්ටීරියාවලින් තමයි දන්තපථ සාදනු ලබන්නේ.

 
කිරි දතක විශාලනය කළ කොටසක්. එහි අඩිය දියවී ගිහින්. ඒ කි‍්‍රයාවලිය හැඳින්වෙන්නේ ප‍්‍රත්‍යාවශෝෂණය (reabsorption) කියලයි. ඉතිරිව ඇත්තේ දතේ ඉහළ කොටසයි.

 
අන්වීක්ෂයෙන් පෙනෙන මේ පිළිබිඹුව මිනිසාගේ මුව දෙපස පිහිටන රදනක කිරි දතකයි. ආහාර කටින් ඇද ඉරා කෑමට අවශ්‍ය නිසා මේ දත්වල මුල් දිගයි.

 
මේ මිනිස් උල් (කෘන්තක) දතක සමීප රූපයක්. දත දිරායාමෙන් කුහරයක් සෑදෙන හැටි මෙයින් ඔබට බලා ගත හැකියි. මෙවැනි තත්වයක් ඇති වන්නේ දත මතුපිට රැුඳෙන ආහාර කැබලි එහි රැුස්ව ඇති බැක්ටීරියා හා එක්ව ආසවනය කරන ඇසිඞ් (අම්ල) නිසයි. කැප්ෂන් - දත මත ඇති වන දන්තපථ දතට ඇලී පවතින නිසා ඒවා කාලයත් සමග හයි වෙන හින්දා ඉක්මනින් ම බුරුසුවකින් දත් මැදීම මගින් ඉවත් කරන්න ඕනෑ.

 
මේ රූපයේ කහ පැහැයෙන් දිස්වෙන්නේ මිනිස් මුවක දත්මැලියම් මත බැක්ටීරියා ලක්ෂ ගණනක් එක් රැුස්ව ඇති ආකාරයයි.

 
අප ගන්නා ආහාරවල හා දත් සුරැුකීමට භාවිත කරන ද්‍රව්‍යවල ඇති මේ කැල්සියම් පොස්පේට් ස්ඵටික දත් ප‍්‍රතිඛනිජකරණය (remineralisation) මගින් ශක්තිමත් කිරීමට උපකාර වෙනවා.

 
සමහර විට මෙය ඔබට පෙනෙන්නේ මුහුද පත්ලේ ඇති ශාකයක් වගෙයි. ඒත් මේ අති විශාලනය කළ රූපයෙන් දැක්වෙන්නේ දත්වල ඒකරාශී වන දන්තපථ ඇති කරන බැක්ටීරියා විශේෂයක්.

 
මේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය මගින් පරිලෝකනය කළ රූපවලින් පෙන්නුම් කෙරන්නේ දත් මැද්ද පසුව දත් බුරුසු කෙන්දක් වටා දත්මැලියම් තැවරී තියෙන අන්දමයි.

 
දත් බුරුසු කෙන්දෙහි මේ අයුරින් තැවරෙන දන්තපථ ඉවත් නොකර දත් මත තිබෙන්නට හැරියොත් මුඛ රෝගවලට ඔබ ගොදුරු වෙනවා පමණක් නොව අකාලයේ දත් වැටීමටද සිදු වෙනවා.

 
මුඛ සෞඛ්‍යය පවත්වාගෙන යාම මිනිස් ජීවිතයේ ඉතා වැදගත් අංගයක්. වරකට මිනිත්තු දෙකක් බැගින් වත් වැය කොට දත් බුරුසුවකින් දවසකට දෙවරක් වත් දත් මැදීම ඒ සඳහා අත්‍යාවශ්‍යය.

 
දතක කුහරයක් පිරවීමට පෙරාතුව මේ විදුම් කටු තුඩෙන් එහි දිරා ගිය කොටස් හාරා ඉවත් කරන්න ඕනැ. මෙහි දක්වෙන්නේ ඒ විදුම් කටුව 28 ගුණයක් විශාල කරමිනුයි.

 
දත් පුරවන්නට යන අය සමහර විට දත් දොස්තර මහතාගේ විදුම් කටුවට බයයි. සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා 28 ගුණයක් විශාලනය කළ මේ රූපය දැකීමෙන් ඒ බිය තවත් වැඩි වෙන්න පිළිවන්.

 
දත් මැදීම සඳහා විශේෂ දත් බුරුසු තියෙනවා. මේ දත් අතර ඇති මැලියම් හොඳින් ඉවත් කිරීම ඉලක්ක කර ගෙන තනන ලද විශේෂ බුරුසු තියෙනවා. මේ එවැනි එකක්.

 
දත් මැද්ද පසු බුරුසුවක ඇති කෙඳි මතට දන්තපථ එක්රැුස් වෙන හැටි.

 
කෘති‍්‍රම දතක් සවි කිරීමේ දී එය විදුම් කටුවක් මගින් විද ඒ තැනට ඇණයක් යොදා ඒ මගින් හක්කට සවි කෙරෙනවා.



Post a Comment

1 Comments

  1. ඇග සිරි වැටෙනව බං

    ReplyDelete