HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් සමුගත් ‘මහ හෙළයා’!

දෙනගමගේ ප්‍රොබෝත් මහේල ද සිල්වා ජයවර්ධන, ඒ කියන්නෙ ‘අපේ මහේල’ ටෙස්ට් කි‍්‍රකට්වලින් සමු ගැනීම සිදු කළේ හරිම අසිරිමත් ආකාරයකටයි. ඔහු සමු ගන්නා විට ඔහුගේ ඇෙඟ් තවත් ටෙස්ට් කි‍්‍රකට් ඉතිරිව තිබුණා. කි‍්‍රකට්වලට ඔහු එපාවෙන තරම් කාලයක් ඔහු පිටියේ රැඳී සිටීමට කල්පනා කළේ නැහැ. ඔහු ටෙස්ට් කි‍්‍රකට්වලින් සමු ගන්නට කල්පනා කළේ ලෝක කි‍්‍රකට් ලෝලීන් ඔහුගෙන් තවත් ටෙස්ට් කි‍්‍ර‍්‍රකට් බලාපොරොත්තුව සිටියදියි; ඒ වාගේ ම ටෙස්ට් කි‍්‍රකට් හොඳින්ම කී‍්‍රඩා කරමින් සිටියදියි. කුසලතාවෙත් ජනපි‍්‍රයත්වයෙත් ඉහළම තැනක සිටිද්දී මෙහෙම සමුගත්ත තවත් කෙනකු ගැන අපට නම් හිතා ගන්නවත් බැහැ.


අවුරුදු 17ක් තිස්සේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජීව ගුණය රැුක ගත් ‘හොඳ මහත්මයකු’ මෙසේ ඉවත් වීම ලෝක කි‍්‍රකට් පිටියට ලොකු පාඩුවක් බවයි, පසුගියදා ඔහු සමු ගැනීමට තීරණය කිරීමත් සමගම ලොව පුරා හැම තැනකින් ම අසන්නට ලැබුණේ. ඔහු ගැන පසසමින් අන්තර් ජාලයෙන්, මුහුණු පොතෙන්, ට්වීටරයෙන් ඒ අදහස් දැක්වූ අය විශාලයි. ඒ අතර කි‍්‍රකට් කී‍්‍රඩකයන්, ප‍්‍රවීණ විචාරකයන්, කි‍්‍රකට් ලෝලයන් විශාල පිරිසක් හිටියා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ ටෙස්ට් සහ එක්දින තරඟවලදී ලකුණු 10,000 ඉක්ම වූ ප‍්‍රථම කී‍්‍රඩකයා මහේලයි. ඔහු මේ වන විට ටෙස්ට් තරග 149ක ඉනිම 251කක දී ශතක 34ක් හා අර්ධ ශතක 49ක් සමග ලකුණු 11,760ක් රැුස් කර තියෙනවා. ඒ වගේම එක්දින තරග 420ක දී ශතක 16ක් හා අර්ධ ශතක 72ක් සමග ලකුණු 11,681ක් ලබා ගෙන තියෙනවා.

මහේල ටෙස්ට් තරගවලට සමුදුන් තරගාවලිය පාකිස්ථානය පරදවා අප මහ ඉහළින් ජය ගත්තා. ඒ වගේමයි, මහේල ශී‍්‍ර ලංකාවේ 69 කී‍්‍රඩකයා ලෙස ටෙස්ට් වරම් ලැබූ දිනයත්, අප කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජයකෙහෙලි නැංවූ, මහේලට විතරක් නෙවෙයි අපටත් අමතක නොව එකක්. 1997 අගෝස්තු මාසෙදි කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයෙදි ඉන්දියාවට එරෙහිව පැවැත්වුණු ඒ තරගය ලෝක වාර්තා පොත් අතරට එකතු වෙලා තියෙන්නෙ ලෝක ඉතිහාසයේ එක් ඉනිමකදී වැඩිම ලකුණු වූ 932ක් ලැබූ තරගය ලෙසයි. දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 576ක් ලබා ගනිමින් සනත් ජයසූරිය හා රොෂාන් මහානාම එදා තවත් ලෝක වාර්තාවක් පිහිටෙව්වා. මහේල එදා ඒ කණ්ඩායමේ හිටිය ලාබාල කී‍්‍රඩකයා විධියට ඒ පිති හරඹය දෙස ආසාවෙන් බලා ඉන්න ඇති. වසර 9කට පස්සෙ සංගක්කාර සමග එක්ව ඒ වාර්තාව බිඳින්න හැකි වෙතැයි සිතන්නට නැතුව ඇති. මහේල ඒ වාර්තාව පසු කළේ තවත් අලූත් ලෝක වාර්තාවක් තියමින්. ඒ ඕනෑම කඩුල්ලකට ලෝකයේ ටෙස්ට් කී‍්‍රඩකයන් දෙදෙනකු රැුස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින්. 2006 දී මහේල, කුමාර් සංගක්කාර සමග එක්වෙමින් ඒ ලකුණු 624 ලබා ගත්තේ දකුණු අපි‍්‍රකාවට එරෙහිවයි.


මහේල 2006 සිට 2009 දක්වාත් 2012 වසරේදීත් ශී‍්‍ර ලංකා පිලේ නායකයා වෙමින් එය මෙහෙයවා තියෙනවා. ඒ කාලය තුළ කී‍්‍රඩා කළ ටෙස්ට් තරඟ 38කින් 18ක ජය ගැනීමට සමත් වුණා. 12ක් විතරයි පරාජය වුණේ ඉතිරිවා ජයපරාජයෙන් තොරව අවසන් වුණා.

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාස පොතට මහේලගේ නමින් එක් වූ තවත් වාර්තා රැුසක් ම තියෙනවා. ඔහු කොළඹ එස්.එස්.සී පිටියේ දී රැුස්කළ ටෙස්ට් ලකුණු 3025 මෙතෙක් ටෙස්ට් කී‍්‍රඩකයකු එකම පිටියක රැුස්කළ වැඩිම ලකුණු ප‍්‍රමාණය ද වෙනවා. එකම පිටියක ලකූුණු 3000 ඉක්මවූ ප‍්‍රථම කී‍්‍රඩකයා ඔහු වෙනවා.


ලෝක ටෙස්ට් කි‍්‍රකට් පිටියේ වැඩිම උඩ පන්දු රැක ගත් කී‍්‍රඩකයන් අතරේ මහේල ඉන්නේ දෙවැනි ස්ථානයේ. ඔහු රැක ගත් උඩ පන්දු ගණන 202ක්. ඔහුට වඩා ඉදිරියෙන් ඉන්නේ ඉන්දියාවේ රාහුල් ද්‍රාවිඞ් විතරයි. ඔහුගේ ලෝක වාර්තාව උඩ පන්දු 210ක්. ඒ සඳහා ඔහු තරග 164ක් කී‍්‍රඩා කළා. මහේල 202 ගත්තේ තරග 149කදියි. දකුණු අපි‍්‍රකාවේ ජැක් කාලිස්, ඕස්ටේ‍්‍රලියාවේ රිකී පොන්ටින් හා මාක් වෝ යන දෙදෙනාම ඉන්නේ මහේලට පසුපසින්.

2007 දී වසරේ හොඳම කි‍්‍රකට් කී‍්‍රඩකයන් පස් දෙනා අතරට ලෝක ප‍්‍රකට විස්ඩන් සඟරාව විසින් මහේල ද නම් කරනු ලැබුවා. ඒ වගේම ඔහු අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයෙන් (ICC) කී‍්‍රඩාවේ යහගුණය රැකි වසරේ විශිෂ්ටතම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස දෙවරක් ම සම්මාන ලැබුවා.

මහේල මෙහෙම ඉවත් වුණත් ඔහුගේ නම ජාත්‍යන්තර කි‍්‍රකට්වලින් ඉවත් වෙන්නේ නැහැ. ඔහු ටෙස්ට් කී‍්‍රඩකයකු ලෙස පිටියේදීත්, පිටියෙන් පිටතදීත් කි‍්‍රයා කළ ආකාරය අනුව කි‍්‍රකට් ගැන කතා කරන හැම විට ම මහේලගෙ නම කියවේවි.



මහේලට මේ නම තැබීමත් අපූරු කතාවක්. මහේල උපදින කොට මහේලගෙ තාත්තා සෙනරත් ජයවර්ධන හිටියෙ ගුවන් විදුලියේ. එයාගෙ හොඳම යාළුවෙක් තමයි, කේ. ඞී. කේ, ධර්මවර්ධන. ඒ කාලෙ ඔහු ගුවන් විදුලියෙ නිවේදකයෙක්. උසස් මට්ටමේ ජනපි‍්‍රය ගී ලියූ ප‍්‍රබුද්ධ ගේය පද රචකයෙක්. ඔහු මහේලගෙ හපන්කම් බලන්න අද ජීවතුන් අතර නැහැ. එදා ඔහු නම දීල, ”‘මාහෙළ’ කියල දාන්න. ‘මහ හෙළ’ ඒ කියන්නෙ ‘හොඳම හෙළයෙක්. මහා හෙළයෙක්’ කිව්වා. කටට පහසුවට අපි ඔහුට ‘මහේල’ කිව්වට හරියට ම නම් ඔහුගෙ නම ‘මාහෙළ’ යන්නයි. ඔහු ඇත්තෙන් ම මහ හෙළයෙක්. ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් රටට කීර්තියක් ගෙනාපු එයින් උපයපු මුදලින් රටට වැඩක් කරපු මහ හෙළයෙක්. ඔහු ‘හෝප්’ නමින් ව්‍යාපෘතියක් අරඹලා මහරගම පිළිකා රෝහලට වාට්ටු හා උපකරණ පහසුකම් සපයා දුන්නා.

ඔහු ඇරඹූ ඒ ‘හෝප්’ ව්‍යාපෘතියත් ඔහුගේ කි‍්‍රකට් ජීවිතය සමග තදින් බැඳී තිබෙන්නක්. සමහර විට ‘හෝප්’ ව්‍යාපෘතිය බිහි නොවන්නට කි‍්‍රකට්වලින් මේ තරම් දෙයක් අපට මහේලගෙන් නොලැබෙන්නත් ඉඩ තිබුණා. ඒ පසුපස ඇති කතාව අනුවේදනීය එකක්.



මහේලට තවත් එකම එක සහෝදරයෙක් හිටියා. ඔහුගේ නම දීපාල්. දිපාල් හා මහේල කි‍්‍රකට් ගැහුවෙ එකට. ඒ දෙදෙනා අතර පුදුම බැඳීමක් තිබුණා. මේ බැඳීම හදිසියේ ම බිඳ වැටුණා. දීපාල් පිළිකාවක් නිසා අකාලයේ මිය ගියා. ඒ ගැන මහේල හරියට දුක් වුණා. එයා කොච්චර ඒ සිද්ධියෙන් දුක් වුණාද සසල වුණාද කීවොත් එයා කි‍්‍රකට් අත අරින්න තීරණය කළා.


ඒ වෙනකොට මහේල කි‍්‍රකට්වලින් දුර ගමනක් යන බව ප‍්‍රකට කරලයි, තිබුණෙ. එදා ඒ සිද්ධිය මහේලගේ පියා සිහිපත් කරන්නෙ මෙහෙමයි. ”එයා ඉගෙන ගත්තු නාලන්දාවෙ ගුරුවරුයි, කි‍්‍රකට් උපදේශකවරුයි, එයාගෙ හිතවත් හැම දෙනාම එකතුවෙලා එයාගෙ හිත හදන්න උත්සාහ කළා. පන්සලේ ලොකු හාමුදුරුවෝ එයාගෙ සිත සනසන්න විශේෂයෙන් උදවුවුණා. මහේල නැවත කි‍්‍රකට් පිටියට එන්න ඇත්තේ සමහර විට මල්ලීට උපහාරයක් හැටියට යමක් කරන්න වෙන්න පුළුවන්. එයා මල්ලීට ඒ තරමටම ආදරය කළා.” මහේලගේ පියා කියනවා.

‘හෝප්’ නමින් වූ ඒ පුන්‍යාධාර ව්‍යාපෘතිය ආරම්භ කරලා මල්ලී වෙනුවෙන් පිළිකා රෝගීන්ට සුවසෙත සැලසීම ඔහු ජීවිතයේ එක අරමුණක් කර ගත්තා. ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවෙ යෙදුනෙ ඒ අරමුණ ඉටු කර ගන්නයි. පිළිකා රෝගීන්ගේ සුවසෙත සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ලබා දීමට ආරම්භ කළ ‘හෝප්’ ව්‍යාපෘතියෙන් පසුගියදා යාපනයටත් පිළිකා රෝහලක් ඉදිකර පරිත්‍යාග කළා.

- පර්සි ජයමාන්න


 

Post a Comment

1 Comments

  1. Namuth Hope rohala ganath Sunami adhara ganath Mahela ganath bohoma naraka katha thiyenawa!

    ReplyDelete