HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ කොල්ලෙක් ඇමරිකාවේදී කළ හපන්කමක්! කරාටේ ශූර මයුර කොල්ලකරුවන් මවිත කරයි!

පසුගියදා ඇමරිකාවේ දී ශී‍්‍ර ලාංකිකයකු ලොකු හපන්කමක් කරලා තියෙනවා. ඔහු නමින් මයුර දිසානායකයි. ඔහු වැඩ කරන්නේ ටෙක්සාස් ජනපදයේ ඉන්ටර්ස්ටේට් 45 අසල සවුත් වේසයිඞ් ඉන්ධන අළෙවි හලකයි.
මේ කියන දවසේත් මයුර සුපුරුදු පරිදි එහි සේවයේ යෙදී සිටියා. ඔහු ඒ අලෙවි හලේ කවුන්ටරය පිටුපසට වී සිටියත් ඔහුගේ ඇස් ඒ අසලින් දිවෙන මහ මඟ දෙසට යොමු වී තිබුණා. ඔහු සමග වැඩ කළ අනෙක් සගයා බැංකුවට ගොස් මුදල් බෑගයක් රැගෙන ආපසු එන අයුරු ඔහු දුටුවා.


ඒ සමග සුවී වර්ගයේ මෝටර් රථයක් පැමිණ ඒ අසල නවත්වනවා ඔහුට පෙනුණා. ඒ සමග ඉන් බැස ගත් දෙදෙනකු ඔහුගේ සගයා වෙත කඩා පනිනු මයුර දුටුවා. ඔවුන් ඔහුගේ සගයාගේ අතින් බෑගය උදුරා ගන්නට තැත් කළා.

ඔහු වහා කි‍්‍රයාත්මක වුණා. කවුන්ටරයෙන් මෑත්ව පාර දෙසට දිව ගියා.

අලෙවි හලේ සවි කර තිබූ අදිසෝදිසි කැමරාවේ පටි ගත වී තිබුණා, මයුර පිටතට දිව ගොස් එක් සොරකුගේ මුහුණට පා පහරක් එල්ල කරනවා.

ඔහු ඇමරිකාවට එන්නට කලින් ශී‍්‍ර ලංකාවේ කරාටේ ශූරයෙක්! ඒ බව මං කොල්ලකරුවන් දැන සිටියේ නැහැ.

”මුලින්ම දැකපු කෙනාගෙ මූණටම මං පා පහරක් එල්ල කළා. ඊට පස්සෙ අනිත් එකාටත් මුෂ්ටි ප‍්‍රහාරයක් දුන්නා.” ඔහු ඒ මොහොතේ තමන් කළ දේ විස්තර කළා.

ඔහු එවර භාවිත කළේ කරාතේ වළල්ලේ කී‍්‍රඩා කරද්දී ගහපු පාරවල්. දශකයකට වැඩි කාලයක් ඔහු ආත්මාරක්ෂක සටන් ක‍්‍රමවල තරගවලට එක්ව සිටියා. ඒ අංශයෙන් ඔහු වසර පහක් පිට පිට ම ශී‍්‍ර ලංකාවේ ජාතික ශූරයාව සිටි බව ඔහු එරට මාධ්‍යවලට කියා තිබෙනවා.

”අපි ඉගෙන ගත්තා මුෂ්ටි ප‍්‍රහාර එල්ල කරන හැටි. ඒ වගේ ම පා පහර දෙන හැටි. ඒවා මුල්වරට මට මෙහෙම සැබෑ ජීවිතයේ දී පාවිච්චි කරන සිදු වුණා.” මයුර කියනවා.

වීඩියෝවෙන් ඔබට දැක ගන්න පුළුවන්, ඒ හොරුන් දෙන්නා මග හැර යන්න හදන හැටි. ඔවුන්ගේ රථය තිබුණේ මඳක් එහායින් ඔවුන් මයුරගෙන් මිදී ඒ දෙසට දුවන්න හදනවා. ඒත් මයුර ඊට ඉඩ දෙන්නේ නෑ. මයුර ඉන් එකෙකුට මුෂ්ටි ප‍්‍රහාරයක් එල්ල කර බිම දමනවා. ඔහු සමග ආ අනිත් හොරුන් ඔහු හැර දමා පැන යනවා.

”මං ඔහුට පා පහර දුන්නා නැගිටින්න බැරි වෙන්න. මට බයක් තිබුණා, ඔහු අතේ පිහියක් හරි පිස්තෝලයක් වගේ ආයුධයක් ඇති කියලා. ඒ නිසයි මට ඔහුට තදින් පහර දෙන්නට සිද්ධ වුණේ.” මයුර කියනවා.

පසුව පොලීසිය ඒ මිනිහා අත්අඩංගුවට ගත්තා. ඔහු 33 හැවිරිදි ඔඩෙල් මාතිස් නම් අයකු බව හෙළි වුණා. ඔහුට සොරකම් කිරීමට තැත් කිරීමට හා තුවාල සිදු කිරීමට එරෙහිව චෝදනා කෙරුණා. ඔහුගේ සගයා හා රියැදුරා පැන ගත්තා. මාතිස් හැර අනෙක් හැම දෙනාම මයුරගේ එඩිතර කි‍්‍රයාව ගැන සතුටු වෙනවා. මයුර ශී‍්‍ර ලාංකිකයකු වීම අපටත් සතුටු වෙන්න පුළුවන්

Video:

Post a Comment

2 Comments

  1. Attatma Mayura karate newei Wushu kreedakayek. D.S eke tamai A/L kale. Pasee MMA (Mix Martial Arts) hadarala MMA National Champion una 5 watawak. Mama me gana mehema comment kale, Martial Art ekak hadaranna inne kenekuta hari podi awabodayak labenne. :D

    ReplyDelete