HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබේ චර්යාව පාලනය කළ හැකි විස්මිත අත් වළල්ලක්!

ඔබ කරන ව්‍යායාම් ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ඉලක්කයට ප‍්‍රමාණවත් නැද්ද සොයා බලා ඔබට පුංචි කම්පන ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව එයට තියෙනවා.

එහි නම පැව්ලොක් (Pavlok). ඔබේ චාර්යාව වෙනස් කර ඔබට ධනාත්මක මඟකට යොමු කිරීමට මේ වළල්ලට පුළුවන්.

මෙහි නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙනවා මේ විස්මයජනක නිපැයුම මේ වසර අග දී වෙළඳ පොළට දමන්න.

 
මේ පැව්ලොක් වළල්ලට පුළුවන් ඔබේ චර්යාව අධ්‍යයන කර ඔබ ගන්නා ව්‍යායාම් ඔබේ සෞඛ්‍යය පවත්වා ගෙන යාමට මඳි නම් කම්පන ප‍්‍රහාරයක් මගින් ඒ බව ඔබට සිහිපත් කර දෙන්න.

”අප මේ සඳහා දැනටමත් ඩොලර් 100,000ක අරමුදලක් ඇති කරලයි තියෙන්නෙ, මේ නව නිපැයුම වෙළඳපොළට දමන්න. මෙම නිෂ්පාදනයෙහි පළමු වළලූ තොගය දෙන්නට යන්නේ අන්තර්ජාලය හරහා අප හා එක්වන අයටයි. ඒ සඳහා මහජන අරමුදලක් ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා.” යැයි මෙහි ප‍්‍රාරම්භකයා වූ මනීෂ් සේති (Maneesh Sethi) කියනවා.

”කම්පනයත් දීම ම නෙමෙයි මෙහිදී වැදගත් වෙන්නේ, ඔබ විසින් කළ යුතු දෙයට යොමුවීමට මොළය හුරු කිරීමයි, මෙහෙදී සිදු වන්නේ.” සේතී බොස්ටන් කොම් වෙබ් (Boston.com) වෙබ් අඩවියට කියා තියෙනවා.

මේ සඳහා මෙහි නිෂ්පාදන ආයතනය වෙබ් අඩවියක් ද නිර්මාණය කරල තියෙනවා. ”පැව්ලොක්, ඉතාමත් සරල වළල්ලක් වැනි අතේ පැලඳිය හැකි උපකරණයක්. එය පලඳින අයට වඩා හොඳ පුරුදු ඇති කර ගන්න උදවු වෙනවා.” කියලයි ඒ වෙබ් අඩවියේ සඳහන් වෙන්නෙ.

මනෝවිද්‍යාත්මකව පිළිගත් ක‍්‍රමවේදයන් යොදා ගෙන තමයි මෙය නිපදවා තියෙන්නෙ. කායික හා මානසික යෝග්‍යතාව, ඵලදායිතාව, පලඳින්නාගේ කාර්යක්ෂමතාව ආදියේ වර්ධනයට මේ අත්වළල්ල රුකුලක් වනවා නිසැක යැයි ශවුන් විශ්වාස කරනවා. මේ සියල්ල කරන්නේ ඉතාමත් සුළු මාත‍්‍රයක ‘ඉලෙක්ටි‍්‍රක් ෂොක්’ එකකින්.

මේ වළල්ල කි‍්‍රයා කරන්නේ කෙසේදැයි ඔවුන් හෙළිදරවු කර නැහැ. ඒක රහසක් හැටියටයි තියා ගෙන තියෙන්නෙ.

 
මේ අදහස ස්ටැන්ෆෝඞ්වල දී ලත් අත්දැකීමක් මතයි. මේ වසරේ මෙය වෙළඳපොළට ඒවි.

 
අත්වළල්ල අතට දමා අතේ ප‍්‍රමාණයට සකසා අගුළු දා ගත්තෑකි. ඪට පස්සෙ වළල්ලෙන් ඔබට අවශ්‍ය උත්තේජනය දෙන්න විදුලි සැරයක් නිකුත් කෙරෙනවා.



Post a Comment

0 Comments