අඟහරු කියුරියෝසිටි කැමරාවේ සටහන් වූ දේවතා එළියේ අබිරහස කුමක්ද? පිටසක්වල යානයක්ද?

නාසා ආයතනයේ කියුරියෝසිටි රෝවරය හෙවත් කුතුහලයා අඟහරු මත ඇවිදින්නට පටන් අරන් දැන් හරියටම අවුරුද්දක් වෙනවා. මේ අවුරුද්ද ගණන් ගත්තේ අපේ අවුරුදුවලින් නොව අඟහරුගේ අවුරුදුවලින්. පෘථිවි දිනවලින් නම් දින 687ක්.

කියුරියෝසිටි යානයේ ඇති කැමරාවලින් ගත් ඡුායාරූප පෙළක කුඩා සුදු තිතක් අඟහරු මතුපිටට බහින ආකාරයට සටහන් වී තිබුණා.

යූටියුබ් නරඹන්නෙක් එය රතු ග‍්‍රහයා මතට පිටසක්වල ජීවී යානයක් ගොඩ බස්සන බවට සාක්ෂියක් ලෙස දුටුවා. ඒත් නාසා ආයතනය කියන්නේ එසේ වන්නේ එක කැමරාවකින් ගත් රූප රාමුවක සටහන් වූ ‘විකෘති පික්සලයක්’ (hot pixel) නිසා බවයි.

මේ ආකාරයේ සුදු තිත් පොළොවට බසිනු හෝ අසල අහසේ රැුඳී සිටිනු පන්සල්වල පින්කම් ඩිජිටල් කැමරාවලින් ඡුායාරූපයට නැගීමේ දී රූප රාමුවේ දිස් වුණු අවස්ථා තිබෙනවා. සැදැහැවතුන් මේ සලකුණු ‘දේවතා එළි’ නැත්නම් පින්කමට සහභාගිවන්නට දෙවියන් පවා ආ බවට සාක්ෂි ලෙස දක්වනවා. එතැනදී සිදු වන්නේත් අඟහරු මත සිදු වු දෙයමයි.

 
මේ පින්තූරය කියුරියෝසිටි යානයේ දකුණේ නැව්කැම් කැමරාවෙන් ගත් එකක්. මෙහි සලකුණ යොදා ඇති තැන බැලූවොත් ඔබට පෙනේවි සුදු තිතක්. එය කෙමෙන් පහළ බසින අයුරුයි පෙනෙන්නේ. නාසා ආයතනයේ ප‍්‍රතිබිම්බ විශේෂඥයකු පවසන්නේ ඒ ඡුායාරූප ගනිද්දී නිරාවරණය නොවූ පික්සලයක් (රුපය සටහන් නොවූ අංශුවක්) බවයි. එය කැමරාවෙන් සිදු වන විකෘති වීමක්.

අඟහරු මතට සක්වළ ජීවීන් එන කතාව අලූත් දෙයක් නොවෙයි. එසේ දුටුවේ යැයි පැවසුණු අවස්ථා ගණනාවක් ම අතීතයේ දී අසන්නට ලැබුණා.

මොකක්ද මේ ‘විකෘති පික්සලයක්‘ (HOT PIXEL) කියන්නේ ?

ඡුායාරූපයක අපට පෙනෙන දෑ සටහන් වන්නේ ඉතා කුඩා තිත්වලින්. ඒවාට අප පික්සල් (pixel) කියා කියනවා. රූපාංශූවක් කියා සිංහලෙන් හැඳින්විය හැකියි. ඒවා රූපයක පැහැදිලි බව මනින මිම්මක් ලෙසත් සලකනවා. අඟලකට යොදන පික්සල් ගණනින් තමයි එය හඳුන්වන්නේ.

කුඩා තිත් හැටියට ඇති මේ පික්සල මතට ආලෝකය වැටීමෙන්, එහෙමත් නැත්නම් ඒ තිත් වර්ණ වීමෙන් තමයි, ඒ රූපය අපට සම්පූර්ණයෙන් පෙනෙන්නේ. රූපයේ අසම්පූර්ණ තැනක විකෘති වූ පික්සලයක් තිබුණොත් එතැනට නියමිත වර්ණය යෙදෙන්නේ නැහැ. මේවා සමහර විටෙක මළ පික්සල (dead pixels) කියාත් හැඳින්වෙනවා.

මේ විකෘති පික්සලයක් හෝ කීපයක් ඡුායාරූපයක දැකිය හැක්කේ දීප්තිමත් සුදු, කොළ හා රතු තිත් හැටියටයි. නැතිනම් මැජෙන්ටා, සයාන්, කහ හා සුදු තිත් ලෙසයි. ඡුායාරූපයේ ඇති අනෙක් පික්සල අතර බොහෝ විට කැපීපෙනෙන්නේ විකෘති වූ සුදු පික්සලයි. ඒවා ඡුායාරූපයක දුටු විට අප ඒවා ‘දේවතා එළි’ කියා හෝ ‘සක්වළ ජීවීන්ගේ යානා’ ලෙස හඳුන්වන්නේ මේ තත්වය නොදන්නා නිසයි.

කියුරියෝසිටි යානයේ අලූත්ම ‘සොයා ගැනීම’ ලෙස පසුගියදා වාර්තා වූයේ මේ විකෘති වූ පික්සලයක් නිසා රූප රාමුවල මතුවූ ‘මායා’ දර්ශනයක්.

මෙහි දැක්වෙන්නේ කියුරියෝසිටි යානයේ කැමරා දෙකෙන් ගත් ඒ රූප රාමුය. ඒවා යානයේ ඉහළින් හා පහළින් සවි කර ඇති, දකුණු නැව්කැම් කැමරාවෙන් හා වම් නැව්කැම් කැමරාවෙන් ගන්නා ලද ඒවායි.

මේ රූප රාමු කැමරාවට නඟා ඇත්තේ ජූනි 20 වැනිදායි. 2012 අගෝස්තු 11 වැනිදා අඟහරු ග‍්‍රහයා මත පතිත කරනු ලැබූ එය මේ වන විට අඟහරු දින 665ක් ගෙවා අවසන්.

මේ සුදු ආලෝකය පහළට බහින එකක් ලෙසයි, පෙනෙන්නේ. මේ රූප දෙක අතර කාලයේ වෙනස තත්පර 31කක්.

දකුණු නැව්කැම් එක ගත් රූපයෙහි සුදු ආලෝකය තියෙන්නේ කඳුවළල්ලට ඉහළින්. වසේ නැව්කැම් එක ගත් ඊළඟ රූපයෙහි එය ඇත්තේ බිමට සමීපවයි.

නාසා ආයතනයේ විද්‍යාඥ ජස්ටින් මාකි කියන්නේ මෙය ස්ථිර වශයෙන් ම සක්වළ ජීවීන්ගේ යානයක් නොව විකෘති පික්සලයක් නිසා කැමරාවෙහි සටහන් වූ දශ්‍ය මායාවක් (glitch) බවයි.

යූටියුබ්කරුවා මෙහි වීඩියෝ පටය බලා අවධාරණය කොට කියා ඇත්තේ එය අඟහරු මතට ගොඩබාන පිටසක්වළ යානයක් බවයි. එහෙත් එය නාසා අයතනය මගින් කළ විද්‍යාත්මක පැහැදිලි කිරීමෙන් සාවද්‍ය බව පෙන්වා දෙනු ලැබුවා.

නාසා ආයතනයේ විද්‍යාඥ ජස්ටින් මාකි කියන්නේ, ”මේ විකෘති පික්සලය මේ නැව්කැම් කැමරාව කි‍්‍රයාත්මක වූ මොහොතේ සිටම ඇති බව අපට පෙනුණා.” කියායි.

බොහෝ වේලාවක් කැමරාවේ කාච අනාවරණය කර තිබීමේ දී සංවේදක රත්වීම නිසා මෙවැනි පික්සල විකෘතිවීම් දැකිය හැකියි කියලයි ඔවුන් කියන්නෙ.

ඒත් එක කැමරාවක නම් කමක් නැහැ, කැමරා දෙකකම එකම විධියට එකම තැනක මේ විකෘති ඇතිවීම සිදු විය හැකිදැයි ඇසූ පැනයට නාසා විශේෂඥයන් උත්තර දී නැහැ.

 
මේ සුදු ආලෝකය පහළට බහින එකක් ලෙසයි, පෙනෙන්නේ. මේ රූප දෙක අතර කාලයේ වෙනස තත්පර 31කක්. දකුණු නැව්කැම් එක ගත් රූපයෙහි සුදු ආලෝකය තියෙන්නේ කඳුවළල්ලට ඉහළින්. වසේ නැව්කැම් එක ගත් ඊළඟ රූපයෙහි එය ඇත්තේ බිමට සමීපවයි. මෙය විකෘති වූ පික්සලයකින් ඇති කළ මායා දර්ශනයක් මිස පිටසක්වළ යානයක් නොවෙයි.

 
කියුරියෝසිටි යානය අඟහරු මතට යවනු ලැබුවේ 2012 අගෝස්තු මාසයේදියි. එය දැන් එහි ෂාප් කන්ද දෙසට යමින් තිබෙනවා. මේ ‘විස්මිත’ ඡුායාරූපය ගනු ලැබුවේ මේ යානය එහි ගොස් අඟහරු වසරක් සපුරන මොහොතේ වීම මෙහි ඇති සුවිශේෂත්වයක්.

මේ වගේම අපූරු කතාවක් මිට කලිනුත් ඇති වුණා. ඒක හදිසියේ අඟහරු මත දිස් වූ මුහුණක් නිසා ඇති වූ එකක්.

1976 ජූලි 25 වැනිදා නාසා ආයතනය අඟහරු වෙත යැවූ වයිකිං 1 යානය එහි සයිඩෝනියා (Cydonia) නමින් හැඳින්වූ ප‍්‍රදේශයේ රූපයක් පොළොවට එව්වා. එහි මිනිස් මුහුණක රූපයක් සටහන්ව තිබුණා. මේ මිනිස් මුහුණ කාගේද? ඒ කාලේ අන්තර් ජාලය නොතිබුණු නිසා මේ තරම් ආන්දා්ලනයක් ඇති නොකළත් ඒ සිදුවීව බොහෝ දෙනකුගේ විමසුමට ලක් වුණා.

සත්‍යවශයෙන්ම නම් එය මනෝචිත‍්‍රමායාව (pareidolia) නමින් හැඳින්විය හැකි සංසිද්ධියක්. අපට හඳේ හාවා පෙනෙන හැටි, අඟහරු ලොවේ ඇළ මාර්ග දැකීම වැනි දෙයක්. අඟහරු මත වූ වැලිවැටිය මිනිස් මුහුණක් සේ පෙනුනත් පසුව වැලි ගසාගෙන විසිර ගිය පසු එය අතුරුදන් වුණා.

2006 දී යවන ලද ‘එම්ආර් ඕ’ හෙවත් මාර්ස් රිකොනිසන්ස් ඕබිටර් (Mars Reconnaissance Orbiter) යානය අඟහරුගේ පින්තූර නොකඩවා පොළොවට එවූ අතර එහි පසුව එවූ පින්තූරවලින් ඒ වැලි වැටියක් බව තහවුරු වූ අතර පසුව එය වෙනස් වී මැකී ගිය බව දැක්වෙන පින්තූරද එම යානය මගින් එවනු ලැබුවා.

 
1976 දී යවන ලද වයිකිං 1 යානයෙන් අඟහරුගේ මතුපිට ඡුායාරූප ගනිද්දී එහිදී ගත් එක රූපයක මිනිස් හිසක් වැනි යමක් සටහන් වී තිබුණා. (වමේ) සමහර අය එදා කීවේ ඒ එහි බුද්ධිමත් ජීවීන් ඉන්නා බවට සාක්ෂියක් කියායි. ඒත් වසර 30කට පසු හෙළි වුණා, ඒ වැලි වැටියක් බව. (දකුණේ)

Video:




Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments