HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඕනෑම තැනක දී ඕනෑම වේලාවක දී කෝපි වත් කර දෙන ස්මාට් කෝප්පයක්!

නිදි මරා ගෙන පාඩම් කරන කොට ඇති වෙන විඩාව මග හරවා ගන්නට කෝපි කෝප්පයක් බිව්වොත් පුළුවන්. එහෙම නැත්නම් වැඩ කරන ජනතාවට ප‍්‍රබෝධයෙන් වැඩ පටන් ගන්න තේ හෝ කෝපි හෝ කෝප්පයකින් පුළුවන්.


ඒත් ඒකටත් වෙලාවක් ගත වෙනවා. ටිකක් වද විඳින්නත් වෙනවා. හදා ගත්තු කෝපි කෝප්පය නිමෙනතුරු බලා ඉන්න බැරිව කට පුච්චා ගන්න වෙලාවලූත් තියෙනවා. මෙ සියල්ලෙන්ම මිදෙන්න දැන් ක‍්‍රමයක් ඇවිත්!

ඒ ඇමරිකාවේ ඇට්ලැන්ටාහී ව්‍යවසායකයන් පිරිසක් එක්ව කෝපි තැනිය හැකි නව මෙවලමක්, එනම් භාජනයක්, සංවර්ධනය කරල තියෙනවා. මේ නව ක‍්‍රමයෙන් ඔබට අවශ්‍ය ගානට උණුසුම ඇති කෝපි කෝප්පයක් පිළියෙල කර ගන්න පුළුවන්. කෝපි විතරක් නෙවෙයි, ඔබට අවශ්‍ය තේ නම් ඒකත් මේ ක‍්‍රමයෙන් පිළියෙල කර ගත්තෑකි.

ඕනෑම තැනකට ගෙන යා හැකි මේ භාජනය බරින් ග්රෑම් 400ක් විතර ඇති. එය නම් කරල තියෙන්නෙ ‘හේයි ජෝ’ (Hey Joe) කියලයි. භාජනයේ පහළ කොටසේ එක් තැනකින් රිංග විය හැකි තැටිත්තකින් තමයි කෝපි හෝ තේ හෝ වත්කරනු ලබන්නෙ.

භාජනයේ ඉහළ කොටසටයි, ජලය දමන්නෙ. එහි ඇති බැටරියකින් කි‍්‍රයා කරන තාප තැටියකින් එය අවශ්‍ය ප‍්‍රමාණයට රත් කරනවා.

ඉන්පසු ඒවා එහි ඇති බොත්තම වරක් තද කිරීමෙන් කෝපි තැටිත්ත හරහා යමින් කෝපි වත් කරනවා. තැප තැටිය ඔබට අවශ්‍ය ගානට විතරයි රත්වෙන්නේ.

මෙහි බොත්තම වරක් එබූ විට ජලය සෙල්සියස් අංශ 60කට රත් වී කෝපි වත් කෙරෙන අතර දෙවරක් එබුවොත් ඒ කෝපි සෙල්සියස් අංශ 68කට රත් වෙනවා. තුන්වරක් එබීමෙන් සිසිල් තෝපි කෝප්පයක් ඔබට ලබා ගන්න පුළුවන්.

”අප විශ්වාස කරන්නෙ ආරම්භයේ දීම අවශ්‍ය උෂ්ණත්වයෙන් ම කෝපි හදා ගන්න එකයි හරි, පසුව නිමන්නට මහන්සි වෙනවාට වැඩිය.” මේ භාජනය ගැන ප‍්‍රචාරයට ආරම්භ කළ වෙබ් අඩවියට මෙහි සමාරම්භකවරයකු වූ ජෝඞ්න් වොරන් (Jordan Warren) සඳහන් කර තියෙනවා.

වීඩියෝව:



 
කෝපි වෙනුවට තේ වත් කර ගන්න වුනත් පුළුවන්. තුන් වතාවකට වරක් එහි යට ඇති යූඑස්බී පෝට් එක යොදා ගෙන භාජනයේ බැටරිය යළි ආරෝපණය කර ගන්න ඕනෑ.

 
මේ බඳුනේ මැද හරියේ මේ තැටියෙන් තමයි, කෝපි වත් කෙරෙන්නේ. කෝපි වත් කිරීමට පෙර මේ තැටියට කෝපි තැටිත්ත රිංගවන්න ඕනෑ.

මේ කි‍්‍රයාවලියට, උණු කෝපිවලට මිනිත්තු හතරකුත්, සිසිල් කෝපිවලට මිනිත්තු එකහමාරකුත් ආදී වශයෙන් කාලය ගත වෙනවා. ජලය ප‍්‍රමාණය අනුව මේ කාලය මඳක් වෙනස් වෙන්න පුළුවන්. වරකට මේ මගින් ලීටර් 0.4ක කෝපි වත් කරන්න පුළුවන්.

‘හේයි ජෝ’ භාජනය නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා අනුග‍්‍රාහකයන් සෙවීමට හා අරමුදල් රැුස් කිරීමට දැන් ‘කික්ස්ටාටර්’ (Kickstarter) වෙබ් අඩවිය හරහා ප‍්‍රචාරක වැඩසටහනක් දියත් කරල තියෙනවා.

ඔබටත් අවශ්‍ය නම් ‘කික්ස්ට්ටාටර්’ හරහා ඩොලර් 49කට මේ හේයි ජෝ බඳුනක් වෙන් කරවා ගත හැකියි. කෝපි තැටිති 40ක් ඩොලර් 69ක් වෙනවා.

ඔවුන් මේ බඳුන් නැව් ගත කිරීම ආරම්භ කරන්නේ මේ වසරේ නොවැම්බරයේ සිටයි.

කෝපි නොවන දෙයක් එනම් තේ වුනත් මේ මගින් වත් කරන්න පුළුවන්. යූඑස්බී සම්බන්ධතාවෙන් මේ බඳුන යළි ආරෝපණය කළ හැකියි. එය තුන් වරක් පාවිච්චියෙන් පසු කළ යුතුයි.

 
මේ උපකරණය ඕනෑම තැනකට අර ගෙන යා හැකි අතර ඕනෑම වෙලාවක කෝපි වත් කර ගත හැකියි.

 
මේ බඳුනේ ඉහළ කොටසට තමයි, ජලය දමන්නේ. එහි ඇත්තේ එය කි‍්‍රයාත්මක කරන බොත්තමයි. ජලය රඳවන තැනට පහළින් රත්වන තැටිය තියෙනවා. කෝපි තැටිත්ත දමන තැටිය ඇත්තේ ඊටත් පහළිනුයි. යටින් ඇත්තේ කෝපි වත් කරන බඳුනයි. යටින්ම ඇත්තේ යළි ආරෝපණය කළ හැකි බැටරියයි.




Post a Comment

1 Comments

  1. නියම භාන්ඩයක්. කවද ලංකාවට එයි ද දන්නේ නැහැ.

    විස්තර පල කිරීම ගැන ස්තුතියි.

    ReplyDelete