HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ ආහාර සකසන විධියේ වෙනසක් කළ හැකි විස්මිත මෙවලමක්!

ලෝක ප‍්‍රකට ‘ස්ටාර් වෝස්’ චිත‍්‍රපටයේ ආ අපූරු අදහසක් කි‍්‍රයාවට නැඟීමක් වගෙයි. තායිවානයේ ගුරුවරියක් තමයි, ලෝක ව්‍යාප්ත මුළුතැන්ගෙයි මෙවලම් තරගයෙන් මුලට ඇවිත් තියෙන්නෙ. මේ උපකරණය කුස්සියේ හැම වැඩකටම ගත හැකි කුඩා පිහියක්. නම් කර ඇත්තේ ‘ලයිට්සේබර් නයිෆ්’ (Lightsaber Knife) කියලයි.

මේ සුවිශේෂ පිහිය ඔබට ඕනෑ වැඩකට සරිලන විධියට වෙනස් කර ගන්න පුළුවන්. මාළු හෝ මස් කපන්න, එහෙමත් නැත්නම් මේසයේ පාවිච්චි කරන්න හදා ගත්තෑකි. ඒක අවශ්‍යතාවට ගැළපෙන විධියට වෙනස් කර ගත්තෑකි.

 
ලයිට් මේබර් පිහිය තමන්ගෙ අවශ්‍යතාවට ගැළපෙන විධියට වෙනස් කර ගන්න පුළුවන්. ඒ පිහිය නිතරම රඳවනයකයි තියලා තියෙන්නෙ. ඔබට අවශ්‍ය තලය තෝරා ගෙන ඊට නියමිත බොත්තම තද කළා ම පිහිය අලූතින් ම වාත්තු වෙලා එළියට එනවා මිනිත්තු ගණනක් ඇතුළත.

 
ඊටී චිත‍්‍රපටයේ ආ මේ ‘ලයිට්සේබර්’ නම් කඩුවේ දී දැක්වෙන තාක්ෂණයට සමාන තාක්ෂණයක් තමා මේ නව නිපැයුමේ එන්නෙත්. ඒ තාක්ෂණය තවමත් සොයා ගෙන නැති එකක්.

මේ අපූරු අදහස ඉදිරිපත් කරන්නේ චියා යූ යේ නම් තරුණියක්. ඇය තායිපේ ජාතික තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක්.

”මං විශ්වාස කරනවා ඕනෑම කෙනෙකුට හොඳ වැඩක් කරන්න නම් හොඳ මෙවලමක් තියෙන්නෙ ඕනෑ. මගේ ලයිට්සේබර් පිහියට ලෝමය දියරයක් ඕනෑ, පිහිය නිපදවන්න.” යැයි ඇය කියනවා.

”මේ පිහිය පාවිච්චි කරන අයට පිහිය නඩත්තු කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. හැම විට ම එහි ඇති දියර ලෝහය නිසා අලූතෙන් ම තමන්ට අවශ්‍ය පිහිය ඒ අවස්ථාවේ දී ම නිපදවා ගන්න පුළුවන්.” යැයි ඇය වැඩිදුරටත් කියනවා.

මේකත් කලින් අප ඔබ වෙත ගෙනා ඉලෙක්ට්‍රොලක්ස් ලෝක නව නිපැයුම් තරගයටම ඉදිරිපත් කළ එකක්. එහි විනිශ්චයකරුවන් විශේෂයෙන් කියන්නේ මෙය පිහියා තැනීම පිළිබඳව නව පියවරක් ඉදිරියට තැබූ එකක් බවයි.

මේ විධියෙ බහුකාර්ය සඳහා පිහියක් නිපදවා ගැනීමේ නව ක‍්‍රමයක් මීට පෙරාතුව තිබුණේ නැහැ. අපට එවාපු නිර්මාණ අතරින් කැපී පෙනෙන එකක් මේක.” ඉලෙක්ට්‍රෝලක්ස්හී ජුලියා බර්ටෝලා කියනවා.

”අපි මේක තවදුරටත් සංවර්ධනය කරන විට, මෙහි ලෝහ උණුවීමක් සිදු වෙන නිසා පාරිභෝගිකයාගේ ආරක්ෂාව ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.” ඇය ඒ ගැන අදහස් දැක්වීමක් කළා.

”මෙහි ආරක්ෂාව සම්බන්ධ සංකල්පයේ වෙනසක් ඕනෑ. මෙහි බාහිරව අගුලක් දැමීමෙන් හෝ හානි නොව ආකාරයේ දියරයක් භාවිත කිරීමක් හෝ සිදු වෙන්න ඕනෑ.” ඇය තවදුරටත් කියනවා.

 
මේ පිහියේ ලෝහමය තලය ඒ ඒ වේලාවට අවශ්‍ය විධියට වෙනස් කිරීම සඳහා ඊට ලෝහමය දියරයක් යොදා ගන්නවා. බොත්තමක් කි‍්‍රයා කරවීමෙන් එය පහසුවෙන් කළ හැකියි.

මේ ලයිට්සේබර් පිහියයේ තලය බොත්තමක් එබීමෙන් අවශ්‍ය විධියට යළි තනා ගත හැකියි.

ඒ තලය වෙනස් කිරීම සඳහා විශේෂ ලෝහමය දියරයක් තියෙන බහාලූවක තමයි නිතරම මේ පිහියේ මිට ඔබා තියෙන්නෙ. පාවිච්චි නොකරන වෙලාවකට මේ මිට ලෝහ දියරය සහිත බහාලූවේ දමලයි තියෙන්නෙ. අවශ්‍ය තලය තෝරපුවාම එය වාත්තුවෙලා එළියට එනවා.

මේ 2014 ඉලෙක්ට්‍රොලක්ස් ලෝක නිර්මාණ තරගයට ඉදිරිපත් වුණු තවත් එක නව නිර්මාණයක්. තරගයට ඉදිරිපත් කළ නව සැලසුම් 1,700ක් අතරින් අවසාන වටයට යවන්න තෝරා ගත් 100ක් අතරින් එකක්.

මෙහි ප‍්‍රධාන තෑග්ග හැටියට ලැබෙන්නේ මුදලින් යුරෝ 5000ක් හා ඉලෙක්ට්‍රොලක්ස් ග්ලෝබල් ඩිසයින් සෙන්ටර්හී හය සමක වැටුප් සහිත පුහුණුවක්. අනිත් අයටත් තෑගි තියෙනවා.

මේ 2014 වසරේ තරගයට තේමාව වුණේ ‘සනීපාරක්ෂක නිවෙස් සඳහා නිර්මාණ’ යන්නයි. ඒ සඳහා අංශ තුනකින් නිර්මාණ කැඳවනු ලැබුවා. ඉවුම් පිහුම් උපකරණ, රෙදිපිළි පිරිසුදුකරණය, ගෙදරදොර වායුව පිරිසුදු කිරීම යන තේමවලට අදාළවයි, නව සැලසුම් ඉදිරිපත් කෙරුණේ.

මේ අවසාන වටයේදී ජයග‍්‍රහකයා තෝරන්නේ මහජනතාව හා ඔවුන්ගේ අනුග‍්‍රාහයන්.


Post a Comment

0 Comments