HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබ බොන දේ ගැන ‘පේන’ කියන ස්මාර්ට් කෝප්පයක්! විස්මිත බඳුනක්!

කෝපි හෝ තේ හෝ වත් කළ හැකි විස්මිත බඳුන ගැන දැනටමත් ඔබ දන්නවා. මේ තවත් විස්මිත බඳුනක් ගැන අලූත් කතාවක්.

මේ කාලයේ සෞඛ්‍යය හා සම්බන්ධ අලූත් මෙවලම් රාශියක් හැම තැන ම දැක ගත හැකියි. ඔබ ගන්නා ආහාර ගැන සෙවිල්ලෙන් ඉන්න පුළුවන් අත් වළල්ලක් පසුගිය දා ලෝකය පුරා කාගේත් අවධානය දිනා ගත්තා. ඒ හැරෙන්නට ඔබේ සෞඛ්‍ය තත්වය ගැන කිව හැකි අත් වළලූ රාශියක් තියෙනවා. ඒවා ඔබට ටෙලිෆෝන ලෙසත් පාවිච්චි කරන්නත් පුළුවන්.


දැන් ඇවිත් තියෙන අලූත් මෙවලම වෙසිල් (Vessyl) කියලයි ඔවුන් හඳුන්වන්නේ.

ඇමරිකාවේ සැන් ෆ්රැුන්සිස්කෝහි පිහිටි ‘මාක් වන්’ කියන භාණ්ඩ අලෙවි නියෝජිතායතනය විසින් තමයි, මේ නව භාණ්ඩය ඉදිරිපත් කර ඇත්තේ. ජස්ටින් ලී (Justin Lee) හා යේ බෙහා (Yves Behar) දෙදෙනා ප‍්‍රමුඛ ෆියුස්ප්‍රොජෙක්ට් (Fuseproject) කණ්ඩායම තමයි, මේ නව නිර්මාණයට වගකිවයුත්තේ.

බැලූ බැල්මට මෙය සාමාන්‍ය වතුර බොන කෝප්පයක් වගෙයි. ඒත් මේකට ‘මොළේ‘තියෙනවා. ඒකයි, මේකට අප ස්මාර්ට් කෝප්පයක් කියා කියන්නේ. මෙහි දමන කිසිම දෙයක් එහි ඇලෙන්නේ නැහැ.

මේ කෝප්පයට හැකිියාව තියෙනවා, ඕනෑම දියරයක් ඊට වත්කර තත්පර කීපයක් ඇතුළත එහි පරමාණුක ව්‍යුහය විශ්ලේෂණය කර එහි ඇත්තේ මොනවාදැයි කියන්න. නිදසුනක් වශයෙන් කිරිද, නැත්නම් වෙනත් යුෂ වර්ගයක්ද කියා කියන්න. වෙන එකක් තියා පෙප්සි හා කොකාකෝලා දෙක වෙන් වෙන්ව හඳුනා ගන්නත් එයට පුළුවන්.

එහි අඩංගු කැලරි ප‍්‍රමාණය කෙතෙක්දැයි කියන්නත් පුළුවන්. ඊට අමතරව, එහි ඇතුළත් සීනි, මේද, ප්‍රෝටීන්, සෝඩියම් හා කැෆේන් ආදියෙහි ප‍්‍රමාණයන් කියන්නත් පුළුවන්.

මේ බඳුනෙහි ඇති බැටරිය පැයක් ආරෝපණය කළා ම සතියක් පාවිච්චි කළ හැකියි.

මෙම විස්මිත භාජනය නිෂ්පාදනය කිරීමට පෙර අලෙවි කිරීම සඳහා අනුග‍්‍රාහකයන් සෙවීමට හා අරමුදල් රැුස් කිරීමට ප‍්‍රචාරක වැඩ සටහනක් දැන් අන්තර්ජාලය හරහා දියත් කර තියෙනවා.

 
මාක් වන් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ජස්ටින් ලී



මාක් වන් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ජස්ටින් ලී මේ විස්මිත කෝප්පය ගැන අදහස් දක්වන්නේ මෙහෙමයි: ”මෙයින් අප විසඳුමක් දෙන්නට හදන්නේ මිනිස් අවශ්‍යතාවේ අනෙක් පැත්තටයි. දැන් පරිභෝජනයෙන් පසු මිනිසාගේ කි‍්‍රයාකාරම් මනින්න ඕනෑ තරම් උපකරණ තියෙනවා. ඒත් මේ උපකරණයෙන් ඔබ ආහාරයට ගන්නා දේ කලින් මැන ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. වැඩිපුර ම ඇඟට නොදැනී කැලරි ඇතුළු වන්නේ බීම ජාතිවලින්. ඒ නිසා මේ මගින් ඔබට එය දැන ගන්න හා මැන ගන්න පුළුවන්. ඒ අනුව ඔබේ නිරෝගී බව රැුක ගන්න මේ බඳුන නිසැකවම උදවු වෙනවා. මේ විධියේ සේවයක් සලසන එකම උපකරණය මෙය පමණයි”

බ්ලූටූත් අඩු බල ශක්ති තාක්ෂණයක් තමයි මෙයට උපයෝගී කර ගෙන ඇත්තේ. මෙය අයි ඕඑස් (iOS) හෝ ඇන්ඩ්‍රොයිඞ් (Android) යෙදෙවුමකට, ස්මාර්ට් ෆෝනයක් වැනි උපකරණයකට, සම්බන්ධ කළා ම බඳුන ලබා දෙන තොරතුරු ඔබට දැක ගත හැකියි.

මෙය අලෙවි කරන්නට බලාපොරොත්තු වන්නේ ඩොලර් 199කටයි. කලින් ඇණවුම් කරන්නන්ට ඩොලර් 99කට දෙන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. සුදු, අළු හා කළු වශයෙන් වර්ණ තුනකින් මේවා නිකුත් කෙරෙනවා. අනාගතයේදී තමයි, මේ බඳුනෙන් යමක් තොල ගාන්න ඔබට ලැබෙන්නේ.

Post a Comment

2 Comments

  1. නියම වැඩක්. ප්‍රයෝජනවත් නිර්මාණයක්.

    තොරතුරු ගෙන එම ගැන ස්තුතියි.

    ReplyDelete
  2. Wade nam hondai. But wadiye hondai ne api sihiyan beema bonawanam.
    [Meka admin ta nemi liwwe honde]

    ReplyDelete