HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගෙදර බිම, දොරජනෙල් රෙදි පිරිසුදු කරන්න විස්මිත රොබොට්ටෙක්! තරුණියකගේ හපන්කමක්!

මේ අපූරු නිර්මාණයක්! අටපාවාගේ හැඩය දිහා බලාගෙන පාද හතරකින් හැදුවත් මෙයා සිවුපාවකුට වඩා වෙනස්!

මේ අමුතු ම තාලේ රොබෝවෙක්. මේ රොබෝවා ඔබේ ගෙදර හිටියොත් මෙයා මුළු ගෙදර ම පිරිසිදු කරාවි. ආයිග් කුණු පොදක්වත් ඉතුරු කරන එකක් නැහැ.

මෙයාගෙ නම ටොඩි (Tody) අත් හතරක් ඇති රොබෝ කෙනෙක්. ඒ එක් අතක විතරක් තියෙනවා ජල වාෂ්ප යැවිය හැකි නොසල 22ක් හා කුණු අවශෝෂණය කර ඉවත් කළ හැකි රික්ත නොසල 29ක් බැගින්.

මෙහි අත්හතර මැද ජලය පිරුණු මල්ලක් හා දූවිලි එක්කාසු කළ හැකි මල්ලක් තියෙනවා.

 
මේ තමා තුර්කියේ රානා ඇල්පර් තරුණිය විශ්ව නව සැලසුම් තරගයට ඉදිරිපත් කළ අලූත්ම නිර්මාණය. නම ටොඞී. අලූත්ම පිරිසිදු කරන රොබෝ මෙවලම.

දැනට ඇති ස්වයංකී‍්‍රය මෙවලම්වලට පිරිසුදු කළ හැක්කේ බිම විතරයි, ඒත් මේ මෙවලමට දොර ජනෙල් රෙදි දිගේ බඩගා ගෙන ගිහින් ඒවා පිරිසුදු කරන්නත් පුළුවන්.

මේ සැලසුම සකස් කර ඇත්තේ තුර්කි ජාතික ශිෂ්‍යයාවක්, 21 හැවිරිදි රානා ඇල්පර්. මේ නව නිර්මාණය මේ වසරේ ඉලෙක්ට්‍රොලක්ස් ඩිසයින් චෙලේන්ජ් (Electrolux Design Challenge) නම් ලෝක නව නිර්මාණ සැලසුම් තරගයේ අවසන් වටයට නම් කර තිබෙන්නක්.

”ටොඩි කියන්නෙ ගෙදරදොර බිම හා දොර ජනෙල්වල තිර රෙදි බුමුතුරුණු ආදිය පිරිසිදු කළ හැකි ස්වයංකී‍්‍රය උපකරණයක්.” ඇය මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කළා.

”මේ රොබෝට එයාගෙ අත්වලින් වෙන කාගෙවත් උදවුවක් නැතුව ඕනෑම තැනකට යන්න පුළුවන්. පුටුවල ඇඳන්වල ඉහළ තැන්වල එල්ලිලා රාජකාරි කළ හැකියි. හැම අතකම ජල වාෂ්ප නිකුත් කළ හැකි නොසල 22ක් බැගින් තියෙනවා. රික්තක නොසල 29කට අමතරව රික්තක සිදුරු දහස් ගණනක් තියෙනවා. ඒවායින් එල්ලිලා තමයි එහා මෙහා යන්නෙ.” ඇය තවදුරටත් විස්තර කළා.

මේ රික්තක හා ජලවාෂ්ප නොසල සම්බන්ධ වෙලා තියෙනවා වතුර මල්ලකට හා දුවිලි එක්කාසු කරන මල්ලකට. ඒ නොසලවලින් ජල වාෂ්ප විදලා අනික් නොසලවලින් ඒවා උරා ගන්නවා.

ඉලෙක්ට්‍රොලක්ස් ආයතනයේ මෙටින් ටුස්ටාස් මේ තරගයේ එක් විනිසුරුවෙක්. ”අපි අගය කරනවා, අලූත් තාලේ සැලසුම්. සියුම් තාක්ෂණික උපක‍්‍රම යෙදූ අනාගතයට උචිත නව හැඩයක් ගත් නිපැයුම් අප හුඟක් අගය කරනවා.” ඔහු කියනවා.

මේ ඒ ලෝක තරගයට ඉදිරිපත් වුණු එක නව නිර්මාණයක් විතරයි. තරගයට ඉදිරිපත් කළ නව සැලසුම් 1,700ක් අතරින් 100ක් තෝරලා තියෙනවා, මේ තරගයේ විනිසුරුවන් ඊළඟ වටයට යවන්න.

 
මේ රොබොට්ටාට කාගෙවත් උදවු නැතිව තිර රෙදි දිගේ ඉහළට නැග ඒවායේ කුණු ඉවත් කර පිරිසුදු කරන්න පුළුවන්. ඉහළින් දැක්වෙන්නේ එය කි‍්‍රයා කරන තාක්ෂණයයි.

මෙහි ප‍්‍රධාන තෑග්ග හැටියට ලැබෙන්නේ මුදලින් යුරෝ 5000ක් හා ඉලෙක්ට්‍රොලක්ස් ග්ලෝබල් ඩිසයින් සෙන්ටර්හී හය සමක වැටුප් සහිත පුහුණුවක්. අනිත් අයටත් තෑගි තියෙනවා.

මේ 2014 වසරේ තරගයට තේමාව වුණේ ‘සනීපාරක්ෂක නිවෙස් සඳහා නිර්මාණ’ යන්නයි. ඒ සඳහා අංශ තුනකින් නිර්මාණ කැඳවනු ලැබුවා. ඉවුම් පිහුම් උපකරණ, රෙදිපිළි පිරිසුදුකරණය, ගෙදරදොර වායුව පිරිසුදු කිරීම යන තේමවලට අදාළවයි, නව සැලසුම් ඉදිරිපත් කෙරුණේ.

”අපි මේ නව නිර්මාණ තෝරන්න ඊළඟ වටයේදී මහජනතාවට පමණක් නොවෙයි, ලොව පුරා විසිරී සිටින අපේ සේවකයන්ට හා අනුග‍්‍රාහකයන්ට බාර දෙනවා. ඒ අයට මේවාට ඔවුන්ගේ මනාපය දී ජයග‍්‍රහකයන් තෝරන්න පුළුවන්.” ඉලෙක්ට්‍රොලක්ස් ආයතනයේ සැලසුම් අංශයේ ප‍්‍රධානියා වූ ලාස් එරික්සන් කියනවා.

”අපට ලැබුණා, අතිශයින් විස්මිත නව නිර්මාණ රාශියක්. අප හිතුවාට වඩා අමුතු අදහස් තරගකරුවන් වෙතින් ගලා ආවා. ගෙදරදොර ජීවිතය පහසු කරන, සනීපාරක්ෂක පරිසරයක් ඇති කරන, නැවුම් පරිපූර්ණ අදහස් රැුසක් ඉදිරිපත් වුණා.” යැයි ඔහු අවසාන වශයෙන් පැවසුවා.

Video:



Post a Comment

1 Comments

  1. මේ වගෙ මිණිසාට ප්‍රයෝජනවත් නිර්මාණ ගැන දැන ගන්න සැලැස්සුවට තැන්ක්ස්

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete