HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඕනෑම තැනක පැද යන්න පුළුවන් විස්මිත ට‍්‍රයිසිකලයක්! අපූරු නව නිපැයුමක්!

බැලූ බැල්මට මේක ට‍්‍රයිසිකල් එකක්, ඒ කියන්නෙ රෝද තුනේ රියක්. ඒත් මේක සාමාන්‍ය ට‍්‍රයිසිකල් එකකට වෙනස් එකක්.

මේ නම් කර තියෙන්නේ ජගර්නෝට් (Juggernaut) කියලයි. ඉංගිරිසි අරුතින් නම් යෝධ මෝටර් රථය කියන එකයි. ඒත් මේ බයික් එකක්, පැද ගෙන යන්න පුළුවන්.

පවුම් 2500ක් මිල කර ඇති මේ බයික් එක පැද ගෙන ඔබට ඕනෑ තැනකට යන්න පුළුවන්. හිම මත, අයිස් තට්ටු මත, විතරක් නොවෙයි, ගැටි සහිත බිම්වලත්, පඩි පෙළවලිනුත් පහසුවෙන් යන්න පුළුවන්.

මෙය නිර්මාණය කළ ආයතනය කියන විධියට මෙහි ඉදිරියෙන් යොදා ඇති රෝද දෙක නිසා මේ බයික් එකට ස්ථායී බවක් ලැබෙනවා. ඕනෑම බාධකයක් උඩින් නොපෙරළී පැද ගෙන යන්න පුළුවන්.

 
මේ ඉස්සරහ රෝද දෙක නිසා රන්ගු ජගර්නෝට් බයික් එකෙන් ඕනෑම මතුපිටක නොපෙරළී පැද යන්න පුළුවන්.

රෝද දෙකේ බයික් එකකට වඩා මේ රෝද තුනේ බයික් එක පැද යන්නාට පහසුවක් වෙනවා.

මේ අදහස නිර්මාපකයන්ට ආවේ බයික් එකකින් සර්ෆ්බෝඞ් එකක් ගෙන යන්න තැත් කරද්දියි. මුහුදු රළ මත ලිස්සා යාමට යොදා ගන්නා සර්ෆ් ලෑල්ල මුහුදු වෙරළට බයිසිකලයකින් ගෙන යන්න ගත් උත්සාහයේ දී ඒ අපහසුව මග හරවා ගන්න විධිය ගැන කල්පනා කරලයි, ඔවුන් මේ විදියෙ ට‍්‍රයික් එකක් හැදුවේ. මෙහි ඉදිරි රෝදවල ටයර් අඟල් 4.7ක් මහතයි.



සැලසුම් කීපයක් හදල අත්හදා බලලයි, මේ අවසන් නිර්මාණය බිහි කළේ. දැන් මේ ආකාරයේ බයික් දෙකක් රන්ගු ට‍්‍රයික්ස් සමාගම හඳුන්වා දීලා තියෙනවා. ඒවා නම් කර ඇත්තේ ජගර්නෝට් හා කිලිමන්ජාරෝ කියලයි.

 
මේ බයික් එකෙන් බර දෙයක් වුනත් හිම මත හෝ වැල්ලේ රැුගෙන යන්න පුළුවන්.

 
මෙය පහසුවෙන්ම පඩි පෙළක් මතින් වුනත් පැද ගෙන යන්න පුළුවන්. ඒ සඳහා විශේෂ ගියරයකුත් යොදලා තියෙනවා.


Post a Comment

3 Comments

  1. මේක හොදයි අපේරටේ දුස්කර පැතිවලට ...මේ කම නැතත් මේ විදියෙ එකක් හදාගන්න පුලුවන් වෙයි ටිකක් උත්සාහ කලොත්.

    ReplyDelete
  2. නියමයි..ඉතාමත් ප්‍රයෝජනවත් නිර්මාණයක් ගැන දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි...

    ReplyDelete