HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දැවැන්ත ව්‍යාඝ‍්‍රයකු ඔබේ පසුපස හඹා ආවොත් ඔබ මොකද කරන්නේ? මෙන්න ඒ අත්දැකීම විඳ ගන්න.

ඔබට ඉතා දුර්ලභ, ඒ වගේම, අපූරු දසුන් පෙළක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නෙ. මේ බෙංගාල ව්‍යාඝ‍්‍රයන් තුන්දෙනකුගේ දුවන වේගය පරීක්ෂා කරන්න කරපු රූ ගත කිරීමක්. බෙංගාලයේ නැත්නම් බංග්ලාදේශයේ පටි ගත කළ දසුන් නෙමෙයි. ඇමරිකාවේ දකුණු කැරොලිනාවේ මයිටල් වනජීවී සංරක්ෂිතයේ දී තමයි මේ රූ පෙළ සංවිධානය කර පටි ගත කරනු ලැබුවේ.

මේ යෝධ සතුන් ගොදුරක් කරා දුවන ආකාරය ඔබ ඉදිරියෙන් පෙනෙන විධියට කළ රූ ගත කර ඇති නිසා දුවන විට ඔවුන්ගේ මුහුණුවල ඇති වන වෙනස්කම් පවා ඔබට මෙයින් දැක ගත හැකියි.

 
බළල් පවුලට අයත් මේ යෝධයන් තුන් දෙනා කැමරාවට හසු වූයේ ඇමරිකාවේ දකුණු කැරොලිනාවේ මයිටල් වනජීවී සංරක්ෂිතයේදියි.

මේ දර්ශන රූ ගත කළේ වඳ වී යාමේ තර්ජනය දැඩිව ඇති දුර්ලභ සතුන් පිළිබඳ අධ්‍යයනය කරන සුවිශේෂී ආයතනයක ඉන්නා සත්ව විශේෂඥයන් පිරිසක් විසින්. එය හැඳින්වෙන්නේ ‘ටයිගර්ස්’ (T.I.G.E.R.S) යන නම කෙටි නමින්. එහි සම්පූර්ණ නම ‘දි ඉන්ස්ටිටිට් ඔෆ් ගේ‍්‍රට්ලි එන්ඬේන්ජර්ඞ් ඇන්ඞ් රෙයාර් ස්පීෂීස්’ (The Institute of Greatly Endangered and Rare Species). එහි ලොව පුරා වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ සතුන් පිළිබඳ පර්යේෂණ කරනවා.

මෙහි ඉන්නා බෙංගාල ව්‍යාඝ‍්‍ර ධේනුවගේ නම උමා. බර රාත්තල් 350ක්. එයා සමග දුවන අවුරුදු දෙකක් වයසැති රතු බෙංගාල ව්‍යාඝ‍්‍ර පැටියාගේ නම රවි. බර රාත්තල් 300ක්. රඹ හා කළු පැහැති අනෙක් පැටියාගේ නම යැම්. වයස අවුරුදු හයක්. බර රාත්තල් 360ක්.

ලොකු වැස්සකින් පස්සෙ තමයි, මේ ව්‍යාඝ‍්‍රයන් එළිමහනට ආවේ සෙල්ලම් කරන්න.

මේ වනජීවී සංරක්ෂිතය භාරව ඉන්නේ ආචාර්ය භගවාන් ඇන්ට්ල්. ඔහු කියන්නේ, ”මේ ව්‍යාඝ‍්‍රයන් වතුරට හරිම ආසයි. ඒ වගේ ම ඔවුන් පීනන්නත් ඉතාමත් දක්ෂයි.” කියායි.

”ඔවුන්ගේ පාදවල පසුරු එකිනෙකට බැඳිලයි තියෙන්නෙ. ඒ නිසා තෙත බිමක හරි දියෙහි හරි දඩයම් කිරීම ඔවුන්ට අසීරු නැහැ.”

”මේ විධියට ඇත්තටම ඔබ පසුපස මේ ව්‍යාඝ‍්‍රයකු එළවාගෙන ආවොත් ඒ ඔබේ ත‍්‍රාසජනක කතාව කියන්න ඔබ ඉතිරි කරන එකක් නැහැ.” ඔහු වැඩිදුරටත් කියනවා.

මේ බෙංගාල ව්‍යාඝ‍්‍රයා ඉන්දියානු කලාපයට ආවේණික සතෙක්. බංග්ලා දේශය, නේපාලය, භූතානය හා චීනය වැනි රටවල වනගතව සුළු සංඛ්‍යාවක් වෙසෙන මේ සතුන් වඳ වී යාමේ තර්ජනයට දැඩි ලෙස ලක්වෙලයි තියෙන්නෙ. මේ වන විට ඔවුන් මුළු ලෝකයේ ම වනගත වෙසෙන්නේ 2500ක් විතරයි.

වීඩියෝ පහතින් නරඹන්න!


 
මේ බෙංගාල ව්‍යාඝ‍්‍රයා ඉන්දියානු කලාපයට ආවේණික සතෙක්. බංග්ලා දේශය, නේපාලය, භූතානය හා චීනය වැනි රටවල වනගතව සුළු සංඛ්‍යාවක් වෙසෙන මේ සතුන් වඳ වී යාමේ තර්ජනයට දැඩි ලෙස ලක්වෙලයි තියෙන්නෙ.

 
මේ විධියට කැමරාව ඉදිරියට දුව ගෙන එන දසුන් රූ ගත කළ ප‍්‍රථම වතාව මෙය වෙන්න ඇති.

 
මේ ව්‍යාඝ‍්‍රයකුට පැයට හැතැප්ම 47ක උපරිම වේගයකින් දුවන්න පුළුවන්.

 
බර රාත්තල් 350ක් වුණාට මේ අයට මේ බර ඇඟත් අරන් ඉතා වේගෙන් දුවන්න පුළුවන්.

 
මේ වනජීවී සංරක්ෂිතය භාරව ඉන්නා ආචාර්ය භගවාන් ඇන්ට්ල් කියන්නේ, ”මේ ව්‍යාඝ‍්‍රයන් වතුරට හරිම ආසයි. ඒ වගේ ම ඔවුන් පීනන්නත් දස්සයි.” කියායි.

 
දකුණු කැරොලිනාවේ වනජීවී සංරක්ෂිතය තුළ ව්‍යාඝ‍්‍රයෙක් ගොදුර පසුපස වේගෙන් හඹා ගිය අන්දම.

 
දින ගණනාවක් තිස්සේ ඇද හැළුණු වර්ෂාව නිසා පොළොව තෙත බරිත වී තිබුණත් මේ ව්‍යාඝ‍්‍රයාගේ ගමනට එය බාධාවක් වුණේ නැහැ.

 
මේ බෙංගාල ව්‍යාඝ‍්‍රයන් ඉන්නේ වඳ වී යාමේ තර්ජනයට ලක්වෙලා. ලෝකයට 2,500කට වැඩිය නැහැ.

 
මේ විධියට ව්‍යාඝ‍්‍රයන් හඹා ගියේ මස් කුට්ටියක් පසුපසයි.

 
මේ අය තමයි, මයිටල් වෙරළබඩ පිහිටි වනජීවී රක්ෂිතය බාරව සිටින්නේ.



Post a Comment

1 Comments

  1. වටිනා ලිපියක්. මෙවැනි ලිපි වලට ස්තූතියි මල් කැකුලි කතෘ වරුන්ට.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete