මල් කැකුළු පාථක දර්ශන අපගෙන් ප්‍රශ්නයක් විමසුවා. දර්ශන ඔබ ඇහුවෙ ඉර බහින වෙලාවට වගේම ඉර පායන වෙලාවට විශාලව හා තද රතට පෙනෙන්නේ ඇයි කියලයි. ඒකට උත්තරය කීප විධියකට දෙන්න පුළුවන්.
එහෙම පේන්නෙ වායුගෝලයේ ඇති විශේෂ ලක්ෂණයක් නිසයි. ඉර හෙවත් සූර්යයාගෙන් ආලෝකය ලැබෙන්නෙ කිරණවලින්. වර්ණාවලීක්ෂයකින් බැලූවොත් ඒ සුදු කිරණ වර්ණ ගණනාවකින් හැදිල තියෙන බව ඔබට පෙනේවි. ඒ වර්ණාවලියෙහි උච්ච තරංග ආයාමවලින් ගෙන එන ආලෝකයන් (නිල් වැනි පැහැයන්) වායුගෝලය හරහා එද්දි වායුගෝලය විසින් උරා ගන්නවා. පහළ තරංග ආයාමවල තියෙන ආලෝක (රතු වැනි පැහැයන්) විතරයි එසේ උරා නොගෙන අප දෙසට එන්නේ. ඒ නිසයි, රතු පැහැයෙන් දිළෙන්නේ. ඒ නිසා හිරු පහත් කෝණවලින් (බහින විට හා නගින විට) අපට පෙනෙන තද රතු පැහැයෙන්. ඒ විතරක් නෙවෙයි, හිරුගේ හැඩය අපට දැක ගත හැක්කේ ද ඒ අවස්ථා දෙකෙහිදී විතරයි.
හිරු නගින විට හා බහින විට විශාලව පෙනීමට සඳහා කරුණු දෙකක් බලපානවා. පළමු වැන්න අපට එහෙම පෙන්නෙ වායුගෝලය විශාලනය කරන කාචයක් ලෙස කි‍්‍රයා කිරීම නිසයි. වායුගෝලයේ ඇති වායුවෙහි ඝනත්වය වැඩි වෙන විට මෙහි බලපෑමත් වැඩියි. මේක හරියට වතුර ටැංකියක අඩියේ තියෙන දෙයක් වතුර අස්සෙන් බලනකොට විශාලව පෙනෙනවා වගෙයි. ඉර අප හිස මුදුනින් පිහිටනවාට වඩා දුරිනුයි බහින විට ඉර අපි දකින්නෙ. එහිදී පොළොවේ මතුපිට දුරත් සූර්යයා පිහිටන දුරට එකතු වෙනවා. ඒ දුර වායුගෝලය හරහා හිරු කිරණ එන්නේ වැඩි ඝනත්වය ඇති කලාපයෙන්. එහි වායුව නිතරම රත්වෙලයි තියෙන්නෙ. එහි අර්ද්‍රතාවත් වැඩියි. එහි වායුවේ සංයුතියත් වෙනස් වෙනවා. සමහර විට මිහිදුම් පටලයකින් වැසී ඇති අවස්ථාත් තියෙනවා. ඒ වගේම හිරුගෙන් අප දිසාවට එන කිරණ මේ වායුගෝලයේ සනත්වය වැඩි හරියේ දී විසුරුවා හැරීමක් සිද්ධ වෙනවා. එහිදී මේ නිසයි හිරු විශාලව අපට පෙනෙන්නේ. දෙවැනි කාරණය වන්නේ ඉර බහින විට ඒ දර්ශනය සමග පෙනෙන අනෙක් වස්තූන්වල ප‍්‍රමාණයන් අපේ ඇස්වලින් සන්සන්දනය කෙරෙන නිසයි. ඒ අනුව ඒවාට සාපේක්ෂව ඉර විශාලව පෙනෙයි. මේ විධියේම දෙයක් තමයි, හඳටත් සිද්ධ වෙන්නෙ.

බොහොම වැදගත් කරුණු ටිකක්....ස්තුතියි....
ReplyDeletemeka polarization phenomina eken thawa tikak explain karanam mita wada hondy...
ReplyDeletebohoma sthuthiyi
ReplyDeletePerfect Explanation. Thank you very much !
ReplyDelete