HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකෙන් තුරන් වූ වසූරිය දැඩි ආරක්ෂාව මැද රුසියානු හා ඇමරිකානු රසායනාගාර දෙකක! වයිරසයේ ඉරණම ගැන තීන්දුවක් අද හෙටම!

වසූරිය රෝගය සහමුලින්ම මිහිමතින් තුරන් කර දැන් වසර 30කටත් වැඩියි. අප කුඩා ළමුන්ව සිටියදී වසූරිය වැළඳීම වළක්වන්නට ප‍්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්ය කර තිබුණා මතකයි. හැම ළමයකුගේම අතේ ඒ එන්නතේ කැලල ඉතිරිව තිබුණා. අද ළමයින්ට ඒක අනිවාර්ය නැහැ. ඒ වසූරිය රෝගය සම්පූර්ණයෙන්ම මිහිමතින් අතුගාලා දාලා තියෙන හින්දයි.

මේ වයිරසය දැනට ආරක්ෂා සහිතව තබා ඇත්තේ දෙතැනකයි. ඒ ඇමරිකාවේ හා රුසියාවේ රසායනාගාර දෙකක, දැඩි ආරක්ෂාව මැදයි. ලෝකයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් අද හෙටම රැුස් වෙනවා, ඒ මේ වයිරසයේ ඉරණම ගැන තීන්දුවක් ගන්නයි.

දැනට මේ වයිරස සාම්පල වයල දෙක පරිස්සමෙන් තබා ගෙන ඉන්නේ අනාගතයේ මේ වසූරිය මාරයා නැවත කවදා හේ මතු වුවහොත් ඊට පිළියම් යොදන්නට අවශ්‍ය ඖෂධ තැනීමට පර්යේෂණ කරන්නයි.

 
මේ දශක තුනකට පෙර ලෝකය විනාශ කළ මාරක වසූරිය රෝග පැතිර වූ වෙරියෝලා වයිරසයයි. මේ ඒ වයිරසයේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් ගන්නා ලද විශාලනය කළ පිළිබිඹුවක්.

වසූරිය මෙලොවින් තුරන් කළේ 1979දීයි. එය ලොවපුරා පැතිර තිබියදී එය වැළඳුණු අයගෙන් සියයට 30ක් අනිවාර්යයෙන් ම මරණයට ගොදුරු වුණා. 20 වන සියවසේ පමණක් වසූරියෙන් මිය අයගේ ගණන කෝටි 30ක් පමණ වෙතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා.

දැන් තවදුරටත් වසූරිය ස්වභාවිකව පවතින්නේ නැහැ. ආසාදනය වූවකුගේ හුස්මත් සමග පිටවෙන කෙළ බිඳිතිවලින් හෝ ස්පර්ශයෙන් මිනිසුන් අතර බෝ වෙන්නේ නැහැ.

වසූරියට ප‍්‍රතිකර්මයක් නැහැ. ඒත් එන්නතක් තියෙනවා, වයිරසය ඇඟට ඇතුළු වූ අයෙකුට ආසාදනය වීම වැළැක්වීමට එන්නතක් තියෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් ලෝකයේ රටවල් බොහොමයක සාමාජිකයන් වසූරිය දැන් ලොවෙන් තුරන් වී ඇති නිසා අන්තිමට රුසියාවේත් ඇමරිකාවේත් තබා ඇති වසූරිය වයිරස මාදිලි ඇතුළත් වයල විනාශ කිරීමට එකඟ වුණා. ඒත් ඒ සඳහා දිනයක් තීන්දු කළේ නැහැ.

මේ විදියට කල් දමමින් ගිය ඔවුන් වසූරිය වයිරස මාදිලි ඇතුළත් වයල විනාශ කිරීම යළිත් වරක් පසුගියදා කල් දැමුවා.

අද මේ රෝගය වැළැක්වීම සඳහා අලූත් පරම්පරාවේ ප‍්‍රතිශක්තිරණ එන්නත් තියෙනවා. දීර්ඝ කාලයක් බලාපෙරොත්තුව සිටි නව ප‍්‍රතිවයිරස ප‍්‍රතිකාර දෙකක් දැන් නිපදවා තියෙනවා.

 
වසූරිය පතුරුවන වෙරියා්ලා වයිරසය සිරුරට ඇතුළු වී දින 10කට පසුව - මෙම වයිරසයේ බීජෞෂණ සමය දින 12ක්. රෝග ලක්ෂණ වන්නේ තද උණ, තෙහෙට්ටුව, හිසරදය, කොන්දේ කැක්කුම ආදියයි. වයිසරය සිරුරුගත වී දින 2-3කට පසු මුහුණේ, අත්පාවල බිබිලි මතුවෙනවා. මුලින් රතු පැහැයෙන් ආරම්භ වන එය පසුව සැරව බිබිලි බවට පත් වෙනවා. දෙවැනි සතියේ මුල හරියේ දී ඒවා වියළී කබොලූ ඇති වෙන්න පටන් ගන්නවා. ඉන්පසු සති 3-4කින් ඒ කබොලූ ගැලවී යන්න පටන් ගන්නවා.

”මේ නව සොයා ගැනීම් තිබියදී අප තව තවත් විවාද කරන්නේ මොකටද ආරක්ෂාව වැඩි දියුණු කිරීම ගැන.” කියා ඇමරිකාවේ රෝග පාලනය හා නිවාරණ මධ්‍යස්ථාන ප‍්‍රධානී වෛද්‍ය ඉන්ගර් ඬේමන් ප‍්‍රශ්න කරනවා.

කෘති‍්‍රම ජීව විද්‍යාව අද ලබා ඇති දියුණුව අනුව වසූරිය එන්නත් කළ කැලලකින් පවා එම විෂ බීජය කෘති‍්‍රම නිර්මාණය කළ හැකියි. ඒ නිසා දැන් ඉතිරිව ඇති එකම සැබෑ වයිරස සාම්පල සොරා ගෙන සමාජයට මුදා හැර විශාල විනාශයක් කරන්න කෙනකුට අවශ්‍ය වන්නේ නැහැ. මිනිසුන් නසන්නට නම් ඊට වඩා භයානක, පහසුවෙන් ගෙන යාහැකි විෂ බීජ තියෙනවා. නිදසුනක් වශයෙන් ඇන්ත‍්‍රැක්ස් දක්වන්න පුළුවන්.

ලොව පුරා සිදු කළ ප‍්‍රතිශක්තිකරණ ව්‍යාපාරයට පින්සිදුවන්නට 1980 දී වසූරිය තුරන් කළ බව ප‍්‍රකාශ කළ හැකි වුණා. මිනිසාට වැළඳෙන වසංගත රෝග අතරින් පරිසරයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරලීමට හැකි වූ එකම රෝගය මෙයයි.

ලොව පුරා විශේෂඥයන් වැඩි දෙනකු කියන්නේ දැනට තබා ගෙන ඇති අන්තිම වසූරිය සාම්පල අද හෙටම විනාශ කළ යුතු බවයි. එහෙත් සමහර කියන්නේ ඒවා රසායනාගාරවල තවදුරටත් තබා ගැනීම අවශ්‍ය බවයි. ඔවුන්ගේ තර්කය වන්නේ අනාගතයේ වසූරිය යළිත් ආවොත් ඊට එරෙහිව ඖෂධ තනන්න පර්යේෂණ සඳහා මේ වයිරස සාම්පල අවශ්‍ය බවයි.

 
1871 දී එංගලන්තයේ වෛද්‍යවරයකු වසූරියට එරෙහිව ළමයින්ට එන්නත ලබා දුන් අයුරු. වසූරිය ලොව පුරා මිනිසුන්ට කෙතරම් මාරක තත්වයක් උදා කළේද කීවොත් 1979 දී එය මිහිපිටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට පෙර වැළඳුණු අයගෙන් සියයට 30ක් මරු වැළඳ ගත් බව කියැවෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය කමිටු දෙකක් මේ ගැන හොයන්න පත් කළා. එක කමිටුවක් සැබෑ වයිරස ඉක්මනින් විනාශ කර දැමිය යුතුයි කියා නිර්දේශ කළා. අනිත් කමිටුවේ වැඩි දෙනෙකු කීවේ තවදුරටත් පර්යේෂණ සඳහා තබා ගත යුතුයි කියලයි.

තුන්වැනි ලෝකයේ රටවල අයට බලවතුන් අතේ ඇති මේ වයිරස සාම්පල දෙක ඉක්මනින් විනාශ කරවා ගැනීමට අවශ්‍යව තියෙනවා. හදිසියේ හෝ අනපේක්ෂිත විධියට කඩාකප්පල්කාරයෙක් මේ වයිරස සොරා ගෙන පිටතට ගෙන ගොස් සමාජයට යළිත් දැම්මොත් කියන බිය ඔවුන් තුළ තියෙනවා වෙන්න පුළුවන්.

ඒ අනුව දැන් ඒ ගැන වාද විවාද සිදුවෙමින් පවතිනවා. කෙසේ වෙතත් වැඩි දෙනා මේවා විනාශ කර දැමීමට කැමතියි. ඒ නිසා ඒ ළඟදීම තීරණයක් ගනීවි.



Post a Comment

2 Comments