HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගත ගුවන් ගමන් කෙබඳු වේවිද? ධාවන පථයක් නැතිව කෙළින් ම ඉහළ නඟින යානා!

හෙලිකොප්ටර ගුවන්යානා දෙමුහුන් (හයිබි‍්‍රඞ්) යානා කි‍්‍රයා කරන්නේ බැටරි බලයෙන්. ඒ නිසා ඒවාට ධාවන පථයක් අවශ්‍ය නැහැ. කෙළින් ම හිටි තැනම ඉහළ නඟින්න පුළුවන්.

දැන් වායු බලශක්තිය පිළිබඳ ඉංජිනේරුවන් කණ්ඩායමක් වෙහෙස ගන්නවා, ධාවන පථයක් නැතිව කෙළින්ම ඉහළ නැඟිය හැකි කුඩා ඉලෙක්ටි‍්‍රක් ගුවන් යානයක් නිපදවන්න.

ඒක ඉහළට එසවෙන්න හෙලිකොප්ටරයක් ඉහළ නඟින විධියටයි. එය නම් කර ඇත්තේ ‘එස් 2’ කියායි. මේ ‘එස් 2’ යානයෙහි බමන තල 12ක් තියෙනවා. ඉහළ නැංවූ පසු ඒ බමන තල හකුළා ගෙන සාමාන්‍ය ගුවන් යානයක් මෙන් පියාසර කළ හැකියි.

 
ඒ ඉලෙක්ටි‍්‍රක් ගුවන් යානයට එක එල්ලේ ම ඉහළට නැඟ, ඉහළට නඟින්න යොදා ගත් බමන තල ගුවනට නැංග පසු හකුළා ගන්න පුළුවන්.

එස් 2 (S2) යානයේ තාක්ෂණය

විදුලි මෝටර: සැහැල්ලූ, ජවයෙන් වැඩි, හොඳින් කි‍්‍රයා කරන මෝටර පෙළකින් තමා යානයට බලය සැපයෙන්නේ.

බමන තල: හෙලිකොප්ටර තල හා සමාන බමන තලවලින් ඉහළට එසවීම සිදු කර පසුව ඒවා සිරස් අතට හැකිළී සාමාන්‍ය අහස් යානයක් සේ පියාසර කිරීමට ඉඩ සලසනවා.

විදුලිකෝෂ: නව පරම්පරාවේ ලිතියම් පොලිමර් බටරිවලින් තමා බලය සැපයෙන්නේ. ඒවා සාම්ප‍්‍රදායික ඉන්ධනවලට වඩා කාර්යක්ෂම බවක් පැවසෙනවා.

සංවේදක: ස්මාට් ෆෝන්වල වාගේ සංවේදක හැකියාව ඇති තාක්ෂණයක් මෙහි තියෙනවා. කලින් රොකට් තාක්ෂණයට පමණක් යොදා ගත් මේ තාක්ෂණය භාවිත කරන පරිපථ පුවරුව මුද්දරයකට වඩා ලොකු නැහැ.

ජෝබෙන් බෙවර්ට් (JoeBen Bevirt) තවමත් ‘එස් 2’ යනයේ නියම ප‍්‍රමාණයේ ආකෘතියක් තනා නැහැ. ඒත් කිලෝ ග්?ම් හතර හමාරක පුංචි ආකෘතියක් නිපදවා තියෙනවා. එය මෙය හොඳින් කි‍්‍රයාත්මක වන පෙන්වීමට තරම් ප‍්‍රමාණවත් ආකෘතියක් කියලයි ඔහු කියන්නෙ.

මේ අනුරුව නාසා ආයතනයේ විශේෂඥයන්ගේ අවධානය දිනා ගත්තා. දැන් ඒ අය කිලෝ ග්රෑම් 25ක ආකෘතියක් තැනීමට මුදල් යොදවා තියෙනවා.

මේ සැලසුම ජෝබි ඒවියේෂන් (Joby Aviation) ආයතනයයි. කැලිෆෝනියාවේ සැන්ටා කෲස්හී පිහිටි ඒ ආයතනය සුපිරි පරිගණකයෙන් ‘එස් 2’ යානයේ කිලෝ ග්රෑම් 770ක් බර සම්පූර්ණ ප‍්‍රමාණයේ අනුකරණයක් සැකසුවා. ඔවුන් කීවේ ඒ යානයෙන් දෙදෙනකුට නිව්යෝක් නගරයේ සිට බොස්ටන් දක්වා කිලෝමීටර 322ක දුරක් පැයකට අඩු කාලයකින් යා හැකි බවයි.

මෙවැනි ගමනකට කිලෝවොට් පැය 50ක විදුලි බලය අවශ්‍ය වෙනවා. එය සාමාන්‍යයෙන් පුද්ගලික ගුවන් යානයක් ඉන්ධන ගැලූම් එක හමාරක් වැය කරමින් යන ගමනකට වඩා පස් ගුණයක් කාර්යක්ෂමයි.

 
සජීවීකරණ රූපයක්: ජෝබි ඒවියේෂන් ආයතනයේ නිෂ්පාදනයක් වන විදුලියෙන් කි‍්‍රයාකරමින් කෙළින් ම හිටිවන ම ඉහළට නැඟිය හැකි ‘එස් 2’ ඉලෙක්ටි‍්‍රක් විටෝල් (VTOL) යානය.


හෙලිකොප්ටරයක් මෙන් ඉහළ නැඟ, පසුව විධියටයි. ඉහළ නැංග පසු එහි ඇති බමන තල හකුළා ගෙන සාමාන්‍ය ගුවන් යානයක් මෙන් පියාසර කළ හැකියි. (මෙය පරිගණකයෙන් මැවූ රූපයක්.)

 
මෙහි ඇති විශේත්වය කෙළින් ඉහළට නැංවීමේ දී උඩු අතට යොමු ව තිබූ බමන තල තිරස් අතට හැරී සාමාන්‍ය ගුවන් යානයක් සේ පියාසර කළ හැකි වීමයි.

‘පොපියුලර් සයන්ස්’ (Popsci) වෙබ් අඩවියට මේ ගැන අදහස් දක්වමින් බෙවර්ට් කීවේ, දශකයකට පෙර මෙවැනි යානයක් තැනීම කළ නොහැකි දෙයක් වූ බවයි. ”සුසංගත, කාර්යක්ෂම විදුලි මෝටර්, බලය වැඩි දියණු කොට, කැටි කළ බැටරි, ස්මාට් පාලක පද්ධති, කිසිදාක නොතිබුණු සියුම් සංවේදක උපකරණ අපට ලබා දුන් නවීන තාක්ෂණික දියුණුවට පින්සිදුවෙන්නට අපට මේ ‘එස් 2’ යානය ළඟදීම ගුවනට නංවන්න හැකි වේවි.” ඔහු විශ්වාසය පළ කරනවා.

මෙහි ඇති වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ තිරස් අතට තිබී නැවත සිරස් අතට පිහිටුවිය හැකි, ආපසු ඇද ගත හැකි පියාපත් ක‍්‍රමයයි. හෙලිකොප්ටරයක මෙන් හිටිවනම ඉහළ නැඟ ගුවන් ගමනට සරිලන පරිදි වෙනස් කළ හැකි පියාපත් ක‍්‍රමයයි.

”පරිගණකවලට හැකියාව තියෙනවා, මෙහි ඇති මෝටර් තත්පරයකට 4,000 වරක් දක්වා වැඩි කොට එහි කාර්ක්ෂම බව වැඩි කරන්නට. ඒ වාගේ ම ශබ්දය අඩු කොට පියසැරි පාලනය ක‍්‍රමවත්ව ගෙන යන්න.” මෙහි නිෂ්පාදන සමාගම කියනවා.

මෙහි දැක්වෙන සම්පූර්ණ ප‍්‍රමාණයෙන් යුත් ‘එස් 2’ පරිගණක අනුකාරක යානය රාත්තල් 1,700ක් බරයි. එමගින් දෙදෙනකුට නිව්යෝක් හා බොස්ටන් නගර අතර ඇති සැතැපුම් 200ක් වූ දුර පැයක් වැනි කාලයකදී යා හැකියි.

 
කැලිෆෝනියාවේ සැන්ටා කෲස්හී පිහිටි ජෝබි ඒවියේෂන් ආයතනයේ සුපිරි පරිගණකයෙන් කළ අනුකාරක රූප සටහනක්. මෙහි දැක්වෙන්නේ රාත්තල් 1,700ක් බර සම්පූර්ණ ප‍්‍රමාණයෙන් යුත් ‘එස් 2’ යානයක් නිව්යෝක් සිට බොස්ටන් බලා පියාසර කරන අයුරුයි. දෙදෙනකුට ඒ නගර අතර ඇති සැතැපුම් 200ක් වූ දුර මේ යානයෙන් පැයක් වැනි කාලයකදී යා හැකියි.

 
මේ නව යානයේ ආකෘතිවලින් පෙනී ගොස් තියෙනවා, එහි ඇති සුසංගත විදුලි මෝටර සාමාන්‍ය දහන එන්ජිමකට වඩා තුන්ගුණයක් කාර්යක්ෂමව කි‍්‍රයා කරන බව. මෙය අනාගතයේ දී ධනවත් සුප‍්‍රසිද්ධ අයට ගුවන්තොටුපොළකට නොගොහින් ආරක්ෂා සහිතව තම ගමන් බිමන් තමන්ගේ ගෙවත්තේ සිටම අරඹන්නට හැකියාව ලබා දේවි.

රෝල්ස් රොයිස් සමාගම දැනටමත් මෙවැන්නක් තනලා ඉවරයි!

එස් 2 යානය පිළිබඳ ආකෘතීන් තනමින් අත්හදා බලද්දී රෝල්ස් රොයිස් ආයතනය ලෝකයේ ප‍්‍රථම කෙටි දුර ගුවන්ගතවීම් හා ඍජු බස්සවීම් (short take-off and vertical landing) කළ හැකි යානය තනා නිම කර ඉවරයි. ඒ වර්ගයේ යානා කෙටි වදනින් හැඳින්වෙන්නේ ‘ස්ටෝල්’ (STOVL) කියායි. ඔවුන් මේ තනා ඇති යානය ‘ජොයින්ට් ස්ට්රයික් ෆයිටර්’ කියා නම් කර තියෙනවා.

කලින් ඔවුන් තැනූ සුප‍්‍රකට හැරියර් ජෙට් (Harrier jet) යානා හා එහි එසවුම් තාක්ෂණය මෙහිදී වඩා දියුණු කොට භාවිත කරනවා. මෙයට මිනි කාර් 17ක් එකවර එසවීමේ හැකියාව තියෙනවා. නියමුවන්ට මේ යානය ආරක්ෂා සහිතව පදවන්නට පුළුවන්. හෙලිකොප්ටරයක් මෙන් ඉහළ එක තැන රැුඳී සිටින්නටත් කෙළින් ම ඉහළ නඟින්නත් පුළුවන්.

මෙය ප‍්‍රහාරක ජෙට් යානයක්. මෙය ස්ටෝල් වර්ගයට අයත් තුන් වැනි යානා විශේෂයයි. යෝජිත එස් 2 මෙන් නොව මෙය ඉහළ නැංවීමට කෙටි දුර ධාවන පථයක් අවශ්‍ය වෙනවා.

මෙහි එසවුම් පද්ධතිය හුඟක් වැඩි දියුණු කර තියෙනවා. හැරියර් ජෙට්වලට වඩා දෙගුණයක බරක් ඔසවා ගෙන ඊට වඩා දුරක් යා හැකියි.

රාජකීය ගුවන්හමුදාව මෙතෙක් පාවිච්චි කළ වඩාත් පැරණි ටෝනාඩෝවලටත් දැන් විශ‍්‍රාම යවන හැරියර් ජෙට් යානා වෙනුවටත් මේ ජොයින්ට් ස්ට‍්‍රයික් එළිසබත් ගුවන් යානාහාරක නෞකාවේ සේවයට යොදවා ගන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

නව නිපැයුමක් ලෙස මෙය රාජකීය ඉංජිනේරු ඇකඩමියේ මැක්රොබට් සම්මානය සඳහා දැනටමත් නම් කර තියෙනවා. ‘ජොයින්ට් ස්ට්රයික් ෆයිටර්’ ප‍්‍රහාරක යානා මුලින් ම ආවේ 2012 දීයි. දැන් මේ ගණනත් 42 දක්වා ඉහළ ගොස් තියෙනවා.

 
රෝල්ස් රොයිස් ආයතනය ලෝකයේ ප‍්‍රථම කෙටි දුර ගුවන්ගතවීම් හා ඍජු බස්සවීම් කළ හැකි ‘ජොයින්ට් ස්ට්රයික් ෆයිටර්’ ප‍්‍රහාරක යානා දැන් තනා නිම කර තියෙනවා.


Post a Comment

3 Comments

  1. බොහොම ස්තුතියි....

    ReplyDelete
  2. මේවට කියන්නේ VTOL (Vertically Take Off and Land aircraft) කියලා... සෑහෙන වෙලාවට යුධ කටයුතු වලදි යොදාගන්නවා හදිසි ගොඩබෑම් වලට, දීර්ඝ ගුවන් පථයන් අනවශ්‍ය නිසා ලේසීයි පහසුයි ඒ වගේම නාවික බලඇනි සඳහාත් යොදාගන්නවා.

    ReplyDelete
  3. වටිනා ලිපියක්. මෙවැනි ගුවන් යනා නිමැවීම පිළිබඳ පර්යේෂණ මීට අවුරුදු ගණනකට පෙර සිටයි ක්‍රියාත්මක කලේ

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න

    ReplyDelete