HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න අලුත්ම කෝපි තනන මැසිම! වරක් පාවිච්චි කර ඉවත දැමිය හැකියි!

තේ බීම සඳහා ටී බෑග් හෙවත් තේ මලූ අද ලොව පුරා බහුලව භාවිතා කෙරෙනවා. ඒත් තේ වගේ පහසුවෙන් කෝපි බොන්න පුළුවන් විධියක් මෙතෙක් තිබුණේ නැහැ.

ඒත් ඒ ක‍්‍රමයට පාවිච්චි කර ඉවත දැමිය හැකි ‘කෝපි තනන මැසිමක්’ දැන් තනා තියෙනවා. මේ ක‍්‍රමය ක්ෂණික කෝපි තනනවාට වඩා සාර්ථක එකක්. කෝපිවල රසය නොඅඩුව ආස්වාදනය කරන්නත් පුළුවන්.

 
මේ නව ක‍්‍රමය නිර්මාණය කළේ ඩෙන්මාර්ක ජාතික උල්රික් රසමුසේන්. ඔහුගේ නිවසේ කෝපි මැෂිමේ තිබූ පෙරණ අවසන් වීම නිසයි, මේ නව ක‍්‍රමය තැනීමට හිත ගියේ.

තේවලට වගේම උණු වතුර විතරයි පිටතින් අවශ්‍ය වන්නේ. කෝපි කුඩු ඇති කුටියට උණුවතුර දැමූ පසු ඒවා කෝපි කුඩු සමග මිශ‍්‍ර වී යටින් ඇති විශේෂ පෙරණයකින් පෙරී වෙනත් කුටියකට වැටෙනවා. එතැනින් කෝප්පවලට දමා ගැනීම විතරයි ඊළඟට කළ යුත්තේ.

දවසක් උදේ නැගිටලා කෝපි කෝප්පයක් බොන්න හිතාගෙන උල්රික් රසමුසේන් එයාගේ ගෙදර තිබූ ක්ෂණික කෝපි සාදන මැෂිම ළඟට ගියා. ඒ වෙලාවෙ තමයි ඔහු දැක්කෙ එහි ඇති පෙරණ අවසන් වී ඇති බව. පස්සෙ ටී බෑග් එකකින් තේ එකක් හදා ගෙන බිව්වා. ඒ බොන ගමන් තමයි, ඔහුට කල්පනා වුණේ ඒ විධියට කෝපි බොන්න ක‍්‍රමයක් හදන්න බැරිද කියල.

ඔහුට ඒ ක‍්‍රමය අත්හදා බලා සාර්ථක කර ගන්න අවුරුදු 9ක් ගත වුණා. එහෙම මහන්සි වෙලා තමයි, පාවිච්චි කර ඉවත දැමිය හැකි මේ නව ක‍්‍රමය ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ.

මේ නවෝත්පදනය නිර්මාණය කළ උල්රික් ඩෙන්මාර්කයේ මිඞ්ල්ෆාට්වල පදිංචි කරුවෙක්. ඒත් ඔහු ඔහුගේ මේ නව නිපැයුම එළි දක්වන්න යන්නේ බි‍්‍රතාන්‍යයෙදියි. ඔහු පවසන්නේ අපි කෝපි බොන ක‍්‍රමය මේ නිසා ලොකු පෙරළියකට ලක්වෙයි කියලයි.

මේ නවතම කෝපි වෙළඳ පොළට හඳුන්වා දී ඇත්තේ ග්රෝවර්ස් කප් (Grower’s Cup) කෝපි කියායි. මේවා රටවල් දොළහකින් විවිධ රසැති වර්ග දොළහකින් ඔබට ඉදිරිපත් කෙරෙනවා. එක පැකට් එකක ග්?ම් 18ක කෝපි කුඩු තියෙනව.

මේවා අපි වයින් ඉදිරිපත් කරන විධියටයි, වෙළඳපොළට නිකුත් කරන්නේ. වයින් බොන අය ඒවා වවන රට ගැන උනන්දුයි. ඒ වගේ ම මේ කෝපිත් රටවල නම් අනුව මිලදී ගන්න පුළුවන්. කෝපිවලට ප‍්‍රසිද්ධ හැම රටක්ම වාගේ ඔවුන්ගේ ලේබල්වල දක්වා තියෙනවා.


ලෝකයේ ඕනෑම තැනක පාවිච්චි කළ හැකි කෝපි හදන නවතම මැෂිම.(Video)

 
ඒක වැඩ කරන්නේ මෙහෙමයි: පැත්තකින් ඇති මේ මූඩිය ඇර ඉන්පසු උඩ ඇති විවරයෙන් උණු ජලය කෝපි කුඩු ඇති කුටියට දමනවා. එවිට උණුදිය කෝපි කුඩු සමග මිශ‍්‍ර වී යටින් ඇති විශේෂ පෙරණයකින් පෙරී ඒ තුළ ඇති වෙනත් කුටියකට වැටෙනවා. එතැනින් කෝප්පවලට වත් කර බොන්න ගන්න පුළුවන්.

 
කෝපි විප්ලවය: ඔහුට මේ විප්ලවකාරී ක‍්‍රමය අත්හදා බලා සාර්ථක කර ගන්න අවුරුදු 9ක් ගත වුණා.
මේ ග්රෝවර්ස් කප් කෝපි විවිධ වර්ග 12කින් එනවා. එක බෑග් එකකින් කෝපි කෝප්ප දෙකක් හදා ගන්න පුළුවන්.

 
උණු වතුර මිලි ලීටර් 300කින් කෝපි කෝප්ප දෙකක් හදා ගන්න පුළුවන්.

 
උල්රික් කියන විධියට මේ ග්රෝවර්ස් කප් කෝපි ඒ සඳහා ප‍්‍රසිද්ධ රටවල් 12කින් එනවා. තමන් කැමති රටකින් කැමති රසකින් මිල දී ගෙන තමන්ටම හදා ගන්න පුළුවන්.


Post a Comment

1 Comments

  1. වටිනා නිර්මාණයක්. මේ වගෙ දූර්ලව දේ ගැන අපට දැන ගන්න සලස්වන එක ගැන තූති

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete