HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මැලේරියාවටත් එන්නතක් සොයා ගනියි! වසරක් පාසා 620,000කගේ දිවි ගැලවිය හැකියි!

විද්‍යාඥයන් විසින් මැලේරියාව මර්දනය කළ හැකි ‘විප්ලවකාරී’ එන්නක් සොයා ගෙන තියෙනවා. වසරක් පාසා 620,000ක් මිනිස් ජීවිත ගොදුරු කර ගන්නා මේ මැලේරියාව මඬින්නට ක‍්‍රමයක් ලෙස එන්නතක් සොයා ගෙන තිබුණේ නැහැ.

මේ එන්නත සොයා ගෙන තියෙන්නෙ ටැන්සානියාවේ දරුවන් පිරිසකගෙන්. ඒ දරුවන්ගේ සිරුරු තුළ ස්වාභාවිකව මේ මාරක රෝගයට ප‍්‍රතිශක්තියක් ඇති වෙනවා. විස්මිත සොයා ගැනීමට මග පෑදෙන්නේ ඒ දරුවන්ගේ සිරුරු තුළ මැලේරියාව ඇති කරන පරපෝෂිතයන් රතු ෙසෙල තුළම කොටු කර ගන්නට ඒ දරුවන්ට ඇති හැකියාව තේරුම් ගැනීම නිසයි.

මේ සඳහා එක් වූ පර්යේෂකයන් කියන්නේ මේ නව සොයා ගැනීම අනුව තැනූ එන්නත පරීක්ෂණ අවස්ථා පහක දී මීයන්ට ලබා දුන් බවයි. ඒ මීයන්ට මැලේරියාවෙන් ආරක්ෂාව සැලසුණා. ඉදිරි සතිවලදී පර්යේෂණාගාරවල ඇති කරන වඳුරන්ට මේ එන්නත ලබා දෙන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ලොව පුරා කාලයක් තිස්සේ වෛද්‍ය පර්යේෂකයන් හා විවිධ වෛද්‍ය පර්යේෂණ ආයතන මේ සඳහා එන්නතක් සොයා ගන්න කාලයක් තිස්සේ වෙහෙසෙනවා. දැන් ඒ හපන්කම කවුරුන් හෝ කළා යැයි කීම කාගේ සතුටට කරුණක්.
 
මෙහි දැක්වෙන්නේ මැලේරියා ආසාදනයට ලක් වූ රතු රුධිර ෙසෙලයක විශාලනය කළ රූපයක්.

ඇමරිකාවේ රෝඞ්ස් දූපතේ පිහිටි ඒ නමින් යුත් රෝහලේ පර්යේෂකයන් තමයි, මේ හපන්කම කරලා තියෙන්නෙ. ඔවුන් සොයා ගෙන තියෙනව ප්‍රෝටීනයක්, මිනිස් සිරුරේ රතු රුධිරාණු ෙසෙල තුළට ඇතුළු වන මැලේරියා ආසාදනය ඇති කරන පරපෝෂිතයාට ඒ සෛල තුළින් පිට වී මුළු සිරුර පුරා ම ආසාදනය ගෙන යාමට උපකාර කරන.

මේ ප්‍රෝටීනය සොයා ගැනීම නිසා හැකි වී තියෙනවා, ඒ ප්‍රෝටීනය නැවැත්විය හැකි නව එන්නතක් නිපදවන්නට. ඒ මගින් මැලේරියා බෝ කරන ප්ලැස්මෝඩියම් ෆැල්සිපාරුම් (Plasmodium falciparum) නම් ඒ පරපෝෂිකයා සිරුර පුරා පැතිරීම නවතා ලිය හැකියි. මේ පරපෝෂිකයාගේ ආසාදනය නිසා, උප සහරා අපි‍්‍රකාවේ හා ශී‍්‍ර ලංකාව ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල පමණක් සෑම තත්පර 15කට වරක් දරුවකු බැගින් මිය යනවා.

මේ තොරතුරු හෙළිවන්නේ ආචාර්ය ජොනතන් කර්ටිස් පසුගිය මැයි 23 වැනිදා ‘සයන්ස්’ (Science) නම් විද්‍යා ජර්නලයට එම අධ්‍යයනය පිළිබඳ ලියූ ලිපියකින්.
 
පර්යේෂකයන් කියන්නේ අත්හදා බැලීම සඳහා ඔවුන් නිපදවූ නව එන්නත රසායනාගාර මීයන්ට ලබා දී ඉතා සාර්ථක ප‍්‍රතිඵල ලැබූ නිසා දැන් ඉදිරි සති හතර හය තුළ දී රසායනාගාර වඳුරන්ට ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.

”මේ පර්යේෂණය පටන් ගත්තේ 2002දියි. ජාතික සෞඛ්‍ය ආයතනයේ අපේ සගයන් වූ පැට්රික් ඩෆී හා මයිකල් ෆ්රයිඞ් ටැන්සානියාවේ එක කාලපරාසයක උපන් ළමයින් පිරිසක් එක් කර ගැනීමෙන් පසුවයි.” රොඞ්ස් දූපත් රෝහලට අයත් අන්තර්ජාතික සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ කර්ටිස් කියනවා. ඔහු තමා මේ පර්යේෂණයේ ප‍්‍රධානියා.

”මා යටතේ ආචාර්ය උපාධිය හදාරන දීපක් රාජ් තමයි, මේ පීඑෆ්සී -1 ප්‍රෝටීනයට එරෙහි ප‍්‍රතිදේහ සොයා ගත්තේ. ඒ මගින් මැලේරියා ඇති කරන පරපෝෂිතයා රතුරුධිර සෛල තුළ ම සාර්ථකව සිර කරගන්න අපට හැකි වුණා. ඇත්තෙන් ම එය විශිෂ්ට සොයා ගැනීමක්!” ආචාර්ය කුර්ටිස් කියනවා.

ඔවුන්ගේ මේ අපූරු සොයා ගැනීමට මුල් වූ ප්‍රෝටීනය නම් කර ඇත්තේ ‘පීඑෆ්සී – 1’ (PfSEA-1) කියායි. මැලේරියාව පතුරුවන පරපෝෂිතයා ඇනෝපිලස් මදුරු දෂ්ඨනයෙන් පසු රතු රුධිර සෛල තුළට ඇතුළු වෙනවා. ඒ පරපෝෂිතයාට සිරුර ආසදනය කරන්න එතැනින් පිට වෙන්න නම් මේ ප්‍රෝටීනය අවශ්‍ය වෙනවා.

නව එන්නත අනුව සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතිය කි‍්‍රයාත්මක වී ඒ ප්‍රෝටීනය නිපදවීම වළක්වනවා. එවිට පරපෝෂිතයා රතුරුධිර ෙසෙලය තුළ කොටු වෙනවා. මෙසේ කොටු වෙන පරපෝෂිතයා සමග රතුරුධිර සෛල ප්ලීහාවේදී ප‍්‍රතිශක්ති පද්ධතියේ මැක්රොෆගස් සෛල මගින් කිසිම හානියක් නැතුව ගිල දමනවා.

 
මැලේරියාවට ස්වාභාවිකව ඔරොත්තු දෙන ටැන්සානියාවේ මෙවැනි ළමුන් පිරිසකගෙන් තමයි, මේ ප‍්‍රතිදේහ සොයා ගනු ලැබුවේ.

මැලේරියාව වළක්වා ගන්න පිළිගත හැකි සාර්ථක ක‍්‍රමයක් මෙතෙක් තිබුණේ නැහැ. සිරුර තුළ මැලේරියා ආසාදනය ඇති වූ පසු ඊට ප‍්‍රතිකාර කරන්නට ඖෂධ වර්ග ගණනාවක්ම තියෙනවා. ඒවා බොහොමයක් මිල අධිකයි. ඒ නිසා එන්නතක් සොයා ගැනීම ඇත්තෙන්ම වෛද්‍ය විද්‍යාව ලැබූ ජයග‍්‍රහණයක්!

මේ නව එන්නත ප‍්‍රතිකාර සඳහා යොදා ගන්න තවත් වසර එකහමාරක් බලා ඉන්නට සිදු වේවි. දැනට සතුන් යොදා අත්හදා බලනවා. ඒ අත්හදා බැලීම් සාර්ථක වූ පසුවයි, මිනිසුන් යොදා අත්හදා බලන්නට අවසර ලැබෙන්නේ. ඊටත් පසුවයි ප‍්‍රතිකාරයක් හැටියට එන්නතක් ලෙස නිෂ්පාදනය කරන්නේ. එතෙක් අපට දැනට ඇති ඖෂධවලින් සැනසෙන්න සිදු වෙනවා. ඒ වගේ ම මදුරු දැල් යොදා ගෙන මදුරු දෂ්ඨනයෙන් වැළකී සිටින්න සිදු වෙනවා.

 
මැලේරියාව ඇති කරන පරපෝෂිතයා අපේ සිරුරට ඇතුළුවන්නේ මදුරු දෂ්ඨනයෙන් ඇතුළු වන කෙළ මගින්. අපි‍්‍රකාවේ මිනිත්තුවකට දරුවකු බැගින් මැලේරියාව නිසා මිය යනවා. මිය නොයන අය ජීවිත කාලය පුරා දරුණු සෞඛ්‍ය ගැටලූවලින් පීඩා විඳිනවා.


Post a Comment

1 Comments