HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ නිවැරදිම ඔරලෝසුව මෙන්න! වසර මිලියන 300ක් ගියත් තත්පරයක්වත් වෙනස් වෙන්නේ නැහැ!

ඔබ සිතා සිටියාද ඔබේ ඔරලෝසුව හරියටම නිවැරදිව වෙලාව දක්වනවාය කියා. ඒත් ලෝකයේ බොහෝ ඔරලෝසුවල වේලාව නිවැරදි නැති බවයි, ඇමරිකානු රජය පවසන්නේ. ඔවුන් වඩාත් නිවැරදි ඔරලෝසුවක් තනා තියෙනවා. ඔවුන් කියන විධියට වසර මිලියන 300ක් ගියත් ඒ ඔරලෝසුවේ වේලාව තත්පරයකින් අංශුවකින්වත් වෙනස් වෙන්නේ නැහැ.

ඒක පරමාණුක ඔරලෝසුවක්! මේ වන විටත් නිවැරදි වේලාව දැක්වූයේ පරමාණු බලයෙන් කි‍්‍රයා කළ ඔරලෝසු තමයි. ඒත් මේ ඔරලෝසුව ඒ හැම ඔරලෝසුවකට ම වඩා තුන් ගුණයක් නිවැරදියි.

මේ නව ඔරලෝසුව තනා ඇත්තේ ඇමරිකාවේ වානිජ දෙපාර්තමේන්තුව යටතේ ඇති ‘එන්අයිඑස්ටී’ (NIST) යන කෙටි නමින් හැඳින්වෙන ජාතික ප‍්‍රමිති හා තාක්ෂණ ආයතනය (National Institute of Standards and Technology) විසිනුයි. මේ නව ඔරලෝසුව හැඳින්වෙන්නේ ‘එන්අයිඑස්ටී එෆ්-2’ (NIST-F2) කියායි. ඇමරිකාවේ සම්මත වේලාව දැන් සකසන්නේ මේ නව ඔරලෝසුව මගිනුයි.

මේ පරමාණුක ඔරලෝසුව ඉතාමත් නිවැරදිව තත්පරයේ දිග මනින්න භාවිත කරන්නේ සීසියම් (cesium) පරමාණුයි.

 
මේක සාමාන්‍ය ඔරලෝසුවක් නෙමෙයි, ලෝකයේ ඇති වඩාත් නිවැරදිව වේලාව දක්වන ඔරලෝසුව මෙයයි. ‘එන්අයිඑස්ටී’ ආයතනයේ භෞතික විද්‍යාඥ ස්ටීව් ජෙෆර්ට්ස් (පසුපසින්) ටොම් හීව්නර් ‘එන්අයිඑස්ටී එෆ් 2’ සීසියම් පරමාණුක ඔරලෝසුවෙහි යමක් පරීක්ෂා කරන අයුරු.

කවුරුන්ද මේ ඔරලෝසුවේ සේවය ලබන්නේ ?

ඔබට එදිනෙදා සේවය සපයන සෙලියුලර් දුරකථන, ජීපීඑස් හෙවත් ලෝක ව්‍යාප්ත ස්ථානගත පද්ධතිය (Global Positioning System) හා සම්බන්ධ චන්ද්‍රිකා රිසීවරයන්, විදුලිබල ජාලයන් ආදිය කාලය ගණනය කර ගන්නෙ මේ අති නිවැරදි පරමාණුක ඔරලෝසුවෙන් තමයි.

ඒ වගේම මේ ඔරලෝසුවෙ වෙලාව තමයි, ඇමරිකාවේ එදිනෙදා මුල්‍යමය ගනුදෙනුවලදි සටහන් කරන්නේ.

ඒ වගේම ලෝක ව්‍යාප්ත කාල පරිවර්තකයට (UTC) යොදා ගන්නෙත් මේ වෙලාව තමයි.

මේ ‘එන්අයිඑස්ටී එෆ් 2’ සීසියම් පරමාණුක ඔරලෝසුවේ වේලාව වසර මිලියන 300කට තත්පරයක් වත් වෙනස් වෙන්නේ නෑ. මීට කලින් 1999 සිට භාවිතා කළ ‘එන්අයිඑස්ටී එෆ් 1’ සීසියම් පරමාණුක ඔරලෝසුවට වඩා මෙය තුන් ගුණයක් නිවැරදියි.

මේ සීසියම් පරමාණුක ඔරලෝසු දෙකට ම යොදා ගත්තේ සීසියම් පරමාණු ධාරාවක් තමයි, තත්පරයේ ඉතාමත් නිවැරදි දිග මැන ගන්න.

‘එන්අයිඑස්ටී’ විද්‍යාඥයන් පසුගියදා ඔවුන්ගේ අලූත් ම ‘එන්අයිඑස්ටී එෆ් 2’ සීසියම් පරමාණුක ඔරලෝසුවේ මුල්ම නිල කාර්යසාධක දත්ත ප‍්‍රංශයේ පැරිස් නගරය අසල පිහිටුවා ඇති ‘බීඅයිපීඑම්’ හෙවත් අන්තර්ජාතික කිරුම් මිනුම් (International Bureau of Weights and Measures) ආයතනය වෙත යැව්වා. මේ ඔරලෝසුව වසර දහයක් තිස්සේ අත්හදා බැලීම් කරමින් නිපදවූවක්.

ප‍්‍රංශයේ බීඅයිපීඑම් ආයතනය තමයි, ලොව පුරා පරමාණුක ඔරලෝසුවලින් දත්ත එක් රැුස් කර, අන්තර්ජාතික වේලාව සකසන්නේ. අන්තර්ජාතික සම්මත වේලාව අනුව තමයි, ඒ ඒ රටවල වේලාව සකස් කර ගන්නේ.

‘බීඅයිපීඑම්’ ආයතනයේ දත්තවලට අනුව දැන් ලෝකයේ ඇති නිවැරදිම වේලාව දක්වන ඔරලෝසුව තමයි, මේ ‘එන්අයිඑස්ටී එෆ් 2’ ඔරලෝසුව.

‘එන්අයිඑස්ටී එෆ් 2’ තමා මේ සීසියම් පාදක කර ගත් පරමාණුක ඔරලෝසු අතරින් අලූත්ම නිර්මාණය. 1950 ගණන්වල සිටම එන්අයිඑස්ටී ආයතනය මේ වර්ගයේ ඔරලෝසු තනනවා. ඇමරිකාවේ මිනුම් අධිකාරිය ලෙස එන්අයිඑස්ටී ඉමහත් පරිශ‍්‍රමයක් දරනවා නවීන සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් වූ වේලාව දැක්වීම වඩාත් නිවැරදිව කරන්න. ඒකයි මේ පරමාණුක වේලාව දැක්වීම තවතවත් වැඩි දියුණු කරන්නෙ.

සෙලියුලර් ටෙලිෆෝන, ජීපීඑස් චන්ද්‍රිකා ග‍්‍රාහකයන්, විදුලිබල ජාලයන් වැනි එදිනෙදා භාවිත කරන තාක්ෂණික කාර්යයන් රැුසකට ම මේ පරමාණු ඔරලෝසුවල අති නිවැරදි වේලාව අත්‍යවශ්‍ය දෙයක්.

වැඩි දියුණු කළ වේලාව දැක්වීම නිරන්තරයෙන් ම තාක්ෂණ වේදයේ දියුණුවට හා නවෝත්පාදනවලට මං සැලසූ බව ඓතිහාසික වශයෙන් පැහැදිලි කරුණක්.

මේ ‘එන්අයිඑස්ටී එෆ් 1’ හා ‘එන්අයිඑස්ටී එෆ් 2’ ඔරලෝසු දෙකෙන්ම කෙරෙන්නේ මූලික වේලාව දැක්වීමට ආධාර කිරීමයි. වසරකට කීප වතාවක් මේවා සති කීපයක් සකි‍්‍රය කර එන්අයිඑස්ටී වේලාව සකස් කරනවා. ඒ සමගම එන්අයිඑස්ටී ආයතනයේ ඇති, නිවැරදිව වේලාව දක්වන හයිඩ‍්‍රජන් මේසරයන් යෙදූ වානිජ ඔරලෝසු ද ලොව පුරා වේලාව නිවැරදි කර ගැනීමට සහය කර ගන්නවා.

මේ එන්අයිඑස්ටී වේලාව අන්තර්ජාලයේ වේලාව දක්වන සේවාව (Internet Time Service) මගින් ලෝකයේ විවිධ කර්මාන්ත කටයුතුවලටත් මහජනයාටත් ලබා දෙනවා. 2014 වසරේ මුල හරියේ දී දිනකට නිවැරදි වේලාව සකස් කර ගැනීම සඳහා ස්වයංකී‍්‍රය ඉල්ලීම් බිලියන 8කට වැඩි ප‍්‍රමාණයක් ලැබුණා. මේ ඉල්ලීම් ලැබුණේ ලොව පුරා පරිගණකවල හා ජාලගත මෙවලම්වල ඇති ඔරලෝසු නිවැරදි කර ගැනීම සඳහායි. ඒ විතරක් නෙවෙයි, එන්අයිඑස්ටී ගුවන් විදුලි විකාශය මගින් දිනපතා ලොවපුරා විසිරී ඇති ඔරලෝසු මිලියන 50කට වැඩි ප‍්‍රමාණයක වේලාව යවත්කාලීන කර ගැනීමට සහය වෙනවා.



මේ පරමාණුක ඔරලෝසුව කි‍්‍රයා කරන්නේ කෙසේ ද?
‘එන්අයිඑස්ටී එෆ් 1’ හා ‘එන්අයිඑස්ටී එෆ් 2’ ඔරලෝසු හැඳින්වෙන්නේ ධාරා ඔරලෝසු කියලයි. ඊට හේතුව සිරස් නළයක් තුළ සීසියම් පරමාණු ධාරාවක් ඉහළට පහළට වේගයෙන් යැවෙන නිසයි. ඒ නළය දිගේ පැයකට දහස් වාරයක් කිසියම් ක‍්‍රමයකට ඉහළට මේ සීසියම් පරමාණු විදිනු ලබනවා. ඒවා ඊළඟට ඒ නළ තුළ පහළට වැටෙනවා.

සීසියම් පරමාණු ඇතුළත් වායුවක් මේ ඔරලෝසුවේ රික්තක කුටීරයට යවනවා. ඉන්පසු අධෝරක්ත ලේසර දහරා හයක් මගින් පරමාණු මිලියන 10ක් බෝලයක් වන සේ සීරුවෙන් තල්ලූ කරනවා. මේ කි‍්‍රයාවලියේ දී ලේසර මගින් ඒවායේ උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍යයක් වන තෙක් පරමාණු සිසිල් කෙරෙනවා. ඒ වන විට ඒවායේ චලනය පැහැදිලිවම අඩු වෙනවා. ඒ අවස්ථාවේ දී ඒවායේ ස්වාභාවික කම්පනයන් නිවැරදිව මැන බලන්නට හැකියාව ලැබෙනවා.

ලේසර් දහරා හයෙන් නිපදවන තිරස් ලේසර් දහරා දෙකකින් මේ පරමාණු බෝල චලන කුටීරය දිගේ ඉහළට තල්ලූ කෙරෙනව. ඊළඟට සියලූම ලේසර අකි‍්‍රය කෙරෙනවා. මේ පුංචි තල්ලූව ප‍්‍රමාණවත් ඒ පරමාණු බෝලය මයික්‍රොවේව් තරංග පිරුණු කුටීරය තුළ මීටර 1.3ක් ඉහළට ඔසවන්න. ගුරුත්වාකර්ෂණය මගින් ඒ බෝලය මයික්‍රොවේව් කුටීරය හරහා ආපසු පහළට ගෙන යනවා.

මේ ගමනේදී සමහර පරමාණුවල පරමාණු තත්වය වෙනස් වෙනවා. අනික්වා නොවෙනස්ව එසේම පවතිනවා මේසරයකින් එන මයික්‍රොවේව් සංඥා සමග අන්තර් කි‍්‍රයාකාරී වන නිසා. මේ ගමන අවසන් වූ පසු තවත් ලේසරයක් ඒ පරමාණු වෙත එල්ල කරනවා.

සමහර පරමාණු, මයික්‍රොවේව් සංඥා නිසා වෙනස් වෙනවා. ඒවා ආලෝකයක් හෝ ප‍්‍රතිදීප්තියක් නිකුත් කරනවා. එහිදී ඇති වන ෆෝටෝන, විමෝචනය කරන ආලෝකය අනාවරකයක් මගින් මනිනු ලබනවා.

මේ කි‍්‍රයාවලිය නැවත නැවතත් සිදු කෙරෙනවා. ඒ කුටීරයේ ඇති මයික්‍රොවේව් වෙනත් සංඛ්‍යාතවලට සුසර කිරීමෙන් පසුව.

අනුක‍්‍රමයෙන් එහි ඇති සීසියම් පරමාණු වැඩි හරියක තත්වය වෙනස් කරන මයික්‍රොවේව් සංඛ්‍යාතය සොයා ගනු ලබනවා.

මේ සංඛ්‍යාතය තමා සීසියම් පරමාණුවේ ස්වාභාවික අනුනාද සංඛ්‍යාතය (natural resonance frequency) ලෙස සැලකෙන්නේ. (එය හර්ට්ස් 9,192,631,770 ලෙස දැක්වෙනවා.) තත්පරය දැක්විය හැකි සංඛ්‍යාතය එයයි.


Post a Comment

1 Comments