HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අන්තර්ජාලය හරහා ඔබේ මිතුරන් මවිත කරමින් සංවාදයේ යෙදෙන්න අලූත් ම ක‍්‍රමය මෙන්න!

අලූත් පරිගණක වැඩසටහනක් එනවා, ඒ මගින් ස්කයිප් කරන අතර ඔබේ මිතුරන් මවිත කරවන්න පුළුවන්! මෙසේ මවිත කරවන්නේ විස්මිත වෙස්වලා ගැනීමක් මගින්.

ඒ පරිගණක වැඩ සටහන හරහා සකයිප් කරන ඔබට රතු පැන්ඩාවකුගේ පටන් අං ඇති යක්ෂයකු දක්වා පරිගණක කී‍්‍රඩාවල හෝ ටෙලිවිශන්, සිනමා ආදියෙහි එන ඕනෑම ජනපි‍්‍රය චරිතයක් බවට පෙරළී ඔබේ මිතුරා විස්මයට පත් කරමින් කතා කළ හැකියි. ඒ ඔබ තෝරා ගන්නා රූපයට ඔබේ ඉරියව් පවා අනුකරණය කළ හැකියි.

ඒ අනුව ළඟදීම ඔබට අමුතුම විනෝදයක් ස්කයිප් හෝ වෙනත් වෙබ්කැම් සේවාවක් හරහා කරන කතාබහේදී ලබා ගත හැකියි.

 
දැන් අලූතින් ම නිපදවා ඇති මේ ‘ෆේස්රිග්’ මෘදුකාංගය යොදා ගෙන ඕනෑම ජනපි‍්‍රය චරිතයක් ලෙස වෙස්වලා ගන්න පුළුවන්. ඒ රූපයට ඔබේ කටහඬ පමණක් නෙවෙයි, ඔබේ ඉරියව් පවා ඒ ආකාරයෙන්ම අනුකරණය ඛළ හැකියි.

ලබන අගෝස්තුවේ දී මෙය ලොව පුරා දියත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙම පරිගණක වැඩසටහන හැඳින්වෙන්නේ ‘ෆේස්රිග්’ (FaceRig) කියායි.

මේ ‘ෆේස්රිග්’ මෘදුකාංගයට අදාළ පුද්ගලයාගේ මුහුණේ ඇති වන වෙනස්කම් හා හිසේ චලනය හසුකර ගත හැකියි.

එසේ ම එය භාවිත කරන තැනැත්තාගේ ඉල්ලීමට අනුව ති‍්‍රමාන රූපයක් සජීවීකරණය කරන්න අවශ්‍ය දත්ත එක්රැුස් කර ගන්න එයට පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, මේ මෘදුකාංගය සාමාන්‍ය වෙබ්කැම් එකක් භාවිත කරන්නක් වන අතර, එයට වීඩියෝ චැට් සේවාවන්වල වීඩියෝ සඳහා එක්වීමට ද ස්කයිප් හා වෙබ් අඩවිවල ඇති කී‍්‍රඩාවලට එක්වීමට ද පුළුවන.

භාවිත කරන්නාට එහි කට හඬ වෙනස් කරන්නට ද කැරෝකී මාදිලියට යොදා ගන්නටද පුළුවන.

භාවිතකරන්නාට තමන්ගේ ප‍්‍රතිරූපය හෙවත් අවතාරය හා එහි පසුබිම ආලෝකමත් කිරීම ද තමන්ට කැමති පරිදි සිදු කළ හැකියි.

කලින් කිව්වා වාගේ අර ජපන් පාසල් දැරියගේ චරිතය හෝ අං සහිත යක්ෂයාගේ හෝ රතු පැන්ඩාගේ චරිතයක් තෝරාගෙන ඊට ආදේශ විය හැකියි.

මේ තාක්ෂණය භාවිත කරන්නන්ට අතථ්‍ය චිත‍්‍රපටයක ඩිජිටල් නළුවකු වීමට අවස්ථාවක් ලැබෙනවා.

මෙහි එන චරිත රුමේනියාවේ බුකාරස්ට් නුවර පරිගණක කී‍්‍රඩා නිෂ්පාදක සමාගම් පහක් විසින් පරිගණක කී‍්‍රඩා නිර්මාණ කළ ඒවායි. ඒ නිසා පහසුවෙන් ම පරිගණකය ඔස්සේ ස්කයිප් තාක්ෂණයේ දී වගේ ම වෙනත් වෙබ් සේවාවලදීත් භාවිත කරන්න පුළුවන් කම ලැබෙනවා.

ආරම්භයේ දී ලබන අගෝස්තුවේ දී මෙය අලෙවි කරන්න පටන් ගත්තාම ඩොලර් 5ක් වැනි මුදලකටයි ලබා දෙන්න යන්නේ. මෙය පසුව වඩාත් සංකීර්ණ කළ විට මිල වැඩි කරන්න නිෂ්පාදකයන් අපේක්ෂා කරනවා.

හොලෝටෙක් ස්ටුඩියෝස් කියන්නේ, ලොව ප‍්‍රථමවරට පුළුල් ලෙස වෙළඳ පොළට යැවෙන හැඟීම් හා ඉරියව් හසුකර ගත හැකි මෘදුකාංගය ඉදිරිපත් කරන්නට තමන්ට හැකි වීම ගැන ආඩම්බර වන බවයි.

මේ නව මෘදුකාංගය නිපදවා ඇත්තේ ස්වීඩනයේ විසාජ් ටෙක්නොලොජීස් (Visage Technologies) නම් නව සමාගමක් මගින්. මේ සඳහා සජීවීකරණ රූප පෙළ ඔබ වෙනුවෙන් සකස් කළේ ඔවුන්ගේ ම තවත් අතුරු සමාගමක් වන හොලෝටෙක් ස්ටුඩියෝස් (Holotech Studios) ආයතනය මගින්. පරිගණක කී‍්‍රඩා නිපදවන සමාගම් කීපයක් මෙයට දායක වෙලා තියෙනවා.

ඒ මොහොතේම ඉදිරියේ සිදු වන දේ කැමරාවෙන් හසු කර ගෙන ඊට අදාළ දත්ත ලබා ගෙන එය ති‍්‍රමාන මොඩලයකට යෙදීම ඇත්තෙන්ම විස්මිත දෙයක්. ඒ සඳහා විශේෂ මෘදුකාංගයක් සකසා තියෙනවා.

මේ නිර්මාණයට එක් වූ විද්‍යාඥ කණ්ඩායමේ අය කියන්නේ, මේ විස්මිත නිර්මාණය කරන්න ඔවුන්ට පර්යේෂණ ගණනාවක්ම කරන්න සිදුවුණු බවයි. ඒවගේම ඉහළම මට්ටමේ විද්‍යාඥයන් හා තාක්ෂණික ශිල්පීන් පිරිසක් ද මේ කටයුත්තට ඔවුන්ගේ දයකත්වය දුන්නා. ඒ අනුවයි, මේ අපූරු න්ර්මාණය බිහිවුණේ.

 
මේ නව පරිගණක මෘදුකාංගය මගින් ජපාන කාටූන චරිතයක් වූ මංගා (වමේ) සිට අං ඇති යක්ෂයකු (දකුණේ) දක්වා ඔබ කැමති ඕනෑම චරිතයකට පිවිස ඒ චරිතය මෙන් කතා කළ හැකියි.

 
මේ ෆේස්රිග් සොල්දාදුවාගේ අවතාරය අවස්ථාව සලසා දෙනවා වෙබ් කැම් ඉදිරියේ ඉන්නා තැනැත්තාට මොහොතකට හමුදා භටයකු වෙන්න.

 
මේ බුද්ධිමත් මෘදුකාංගය සාමාන්‍ය වෙබ් කැමරාව මගින් ඉදිරියේ ඉන්නා තැනැත්තාගේ මුහුණේ ඉරියව් හා කටහඬ හසුකර ගෙන ඔහු තෝරාගත් අවතාර චරිතයට ඒ සියල්ල එසැණෙන් මුසු කිරීම සිදු කෙරෙනවා.

ඉදිරියේ දී මුහුණෙන් ඔබ්බට ගොස් මුළු සිරුරේම චලනයන් හසු කර ගත හැකි වන පරිදි මේ මෘදුකාංගය පුළුල් කරන්නට ඔවුන් බලාපොරාත්තු වෙනවා. මේ අගෝස්තුවේදී නිකුත් කෙරෙන මෘදුකාංගය ගෘහස්ථ භාවිතයට පමණක් සැකැසූ එකක් වුනත් ඉදිරියේ දී ව්‍යාපාරික වශයෙන් භාවිත කළ හැකි එකක් නිපදවීමට අපේක්ෂා කෙරනවා.

මෙය භාවිතා කරන අය මේ පැකේජයට අයත් මෘදුකාංගය අන්තර්ජාලයෙන් එය බාගත යුතුයි. ඉන්පසු කළ යුත්තේ පරගණකයේ වෙබ් කැමරාව ඉදිරියෙන් වාඩි වීම පමණයි.

මේ ව්‍යාපෘතිය සඳහා අන්තර්ජාලය හරහා මුදල් ආයෝජනය කරන්න ජනතාවට අවස්ථාව දුන්නා. මූලික අවශ්‍යතා සඳහා ඉල්ලා සිටි මුදල වූ ඩොලර් 120,000 වෙනුවට ඩොලර් 211,615ක් එකතු වුණා.

”අපට අවශ්‍ය වුණේ හැම දෙනාටම තමන් කැමති චරිතයකට ඩිජිටල් ක‍්‍රමයට පිවිසෙන්න අවස්ථාව ලබා දෙන්නයි. මූණ විතරක් නෙවෙයි, හිසේ සිට දෙපතුල දක්වාම සාර්ථකව අනුකරණය කළ හැකි සජීවී හොලිවුඞ්-පික්සාර් තත්වයෙන් යුත් ක‍්‍රමයක් හදන්නයි. ඒ වගේම අන්තර්ජාලය තුළ රූප හා ශබ්ද දෙයාකාරයෙන්ම නරඹන්නාට ප‍්‍රතිචාර දක්විය ක‍්‍රමයත් ලබා දෙන්නයි.” එය නිපදවූ කණ්ඩායම කියනවා.

”ආරම්භයේ දී දැනට අප දෙන්නේ ෆේස්රිග් යටතේ හැඟීම් හා මුහුණේ ඉරියව් හසුකර ගත හැකි ක‍්‍රමයක් විතරයි.” වැඩිදුරටත් ඒ අය කියනවා.

 
මේ මෘදුකාංගය මගින් ඒ මොහොතේම ඔබේ මුහුණේ ඇති වන වෙනස්කම් හා හිසෙහි චලනයන් අල්ලාගෙන සැණෙන් ති‍්‍රමාන මොඩලයට යොදනවා. බලන්න අං ඇති යක්ෂයා හැසිරෙන්නේ පරිගණකයේ වෙබ් කැමරාවෙන් ඔබ කරන දේ බලාගෙන ඒ විධියටමයි. ඇත්තෙන් ම විස්මයජනක දෙයක්!

 
මෙහි මුල් අදියරේ මෘදුකාංගය වෙබ් චැට්වලට හා වෙබ් කී‍්‍රඩාවලට යොදා ගත හැකි අතර භාවිත කරන්නන්ට ඒවායේ කටහඬ වෙනස් කරන්නට හා පසුබිම් ආලෝකය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගන්නත් පුළුවන්. මෙහි දැක්වෙන්නේ කැරෝකී නිදර්ශනයක්.

 
මුලින් ම නිකුත්වෙන මෘදුකාංගයට අනුව මේ විධියට හිසෙහි හා මුහුණේ චලනයන් හසු කර ගත්තෑකි. පින්තූර දෙකේ මුහුණවල සමානකම සසදා බලන්න

 
මේ ව්‍යාපෘතිය සඳහා අන්තර්ජාලය හරහා මුදල් ආයෝජනය කරන්න ජනතාවට අවස්ථාව දුන්නා. මූලික අවශ්‍යතා සඳහා ඉල්ලා සිටි මුදල වූ ඩොලර් 120,000 වෙනුවට ඩොලර් 211,615ක් එකතු වුණා. මෙහි දක්වෙන්නේ අං ඇති යක්ෂයා කැරෝකී ක‍්‍රමයට ගීයක් ගායනා කරන අයුරුයි.






Post a Comment

2 Comments

  1. ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා. ඔයාලාත් ඔයාලගේ බ්ලොග් මට එවන්න. දන්න කියන ඒවත් එවන්න එතකොට මට එකතු කරගන්න පුලුවන්. බ්ලොග් පාඨකයන්ට පහසුවක් හැටියට මටත් මේ වැඩේ කරන්න හිතුනා. මෙන්න ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. අන්න නියම software එක. විස්තර පල කිරීම ගැන බොහොම ස්තුතියි..!!!

    ReplyDelete