HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වාහන සේදීම වදය අවසන්! දැන් ඉබේම සේදෙන නිසාන් කාරයක් ඇවිත්!

වතුර බාල්දියටයි, ස්පංජියටයි, වතුර බටයටයි, ආයුබෝවන් කියන්න වෙලාව ඇවිල්ලා!

ජපානයේ නිසාන් සමාගම තමන් විසින් ම සෝදා ගන්නා කාරයක් නිපදවලා. ඒ අනුව ඒ අලූත් නිසාන් කාරයක් මිලදී ගන්නා ඔබට ඒක අපිරිසිදු වීම ගැන වදවෙන්න ඕනෙ නෑ. එක්සත් රාජධානියේ ඉන්නා නිසාන් ඉංජිනේරු කණ්ඩායම දැන් පරීක්ෂාවට ලක්කරලා තියෙනවා, ඔවුන්ගේ නැනෝ තාක්ෂණික තීන්ත විශේෂයක් ගැන. ඒ ක‍්‍රමයට අනුව තැවරෙන කුණු තීන්තවලට අල්ලා ගන්න පෙර හලන්න ඒ නව තීන්ත ආලේපයට පුළුවන්.

 
නිසාන් සමාගම නැනෝ තාක්ෂණික තීන්ත ආලේප විශේෂයක් තනා තියෙනවා. ඒ ක‍්‍රමයට අනුව තැවරෙන කුණු තීන්තවලට අල්ලා ගන්න පෙර හලන්න ඒ නව තීන්ත ආලේපයට පුළුවන්.

සතකු කැත කළත් එවේලේම ඒක ශුද්ධ කරන්න හැකියාවක් රියැදුරන්ට පුළුවන් කමක් නැහැ. ඒ ඇරෙන්නට අද වාහනයක් සෝදන්න තියෙන විශේෂ සබන් වර්ගත් හරිම ගණන්. ඒ නිසා රියැදුරන් හරිම කැමති වේවි මේ නව ක‍්‍රමයට. බි‍්‍රතාන්‍යයේ නව සුන්ඩර්ලන්ඞ්හි පිහිටි නිසාන් සමාගම නිපදවන නිසාන් නෝට් කාර්වලට මේ තීන්ත ආලේප කරලා ආරම්භක පියවරක් හැටියට. ඔවුන් බලාපොරොත්තු වෙනවා ළඟදීම මේ නව ආලේපය වෙළඳ පොළට නිකුත් කරන්න.

දැනට ආලේප කරන මෙටැලික් තීන්තවලට වඩා වැඩි මිලක් මේ සඳහා යන්නේ නැති බවයි, ඔවුන් කියන්නෙ.

නිසාන් සමාගම කියන විදියට සේදීම අනවශ්‍ය ලෝකයේ ප‍්‍රථම කාරය ‘නිසාන් නෝට්’. ”කාරෙකක් සෝදන එක වදයක් ලෙස සලකන රියැදුන් ලෝකයේ කොතෙකුත් ඉන්නවා. මේ නව තීන්ත ආලේප කරන නැනෝ තාක්ෂණය නිසා වැස්සක මඩ පාරක ගියත් වාහනයේ තැවරෙන මඩ දූවිලි ඕනෑම දෙයක් එවේලේ ම ඉවත් කර රථයටම පුළුවන්. ළඟදීම කාර් සේදීම කල්පිනූ දෙයක් වෙනවා සිකුරුයි.” නිසාන් සමාගමේ

 
‘අල්ට‍්‍රා එවර් ඩ‍්‍රයි’ යන නමින්. ඒ අනුව යානයේ බඳ සෝදා වේලා ගත හැකි පහසුකම මේ නිසාන් නෝට් කාරයට ඇතුළත්.

 
කාරයට ආල්ප කරන තීන්තවලට උඩින් නව නැනෝ තාක්ෂණික ක‍්‍රමයට යොදන ආලේපයෙන් රියේ බඳෙහි තැවරෙන ඕනෑ ම අපවිත‍්‍ර දෙයක් ඒ මොහොතේ ම හලන්න පුළුවන්.

බි‍්‍රතාන්‍යයේ නිසාන් සමාගම මේ නව තාක්ෂණය හඳුන්වා ඇත්තේ ‘අල්ට‍්‍රා එවර් ඩ‍්‍රයි’ යන නාමයෙන්. ඒ අනුව යානයේ බඳ සෝදා වේලා ගත හැකි පහසුකම මේ නිසාන් නෝට් කාරයට ඇතුළත්.

බි‍්‍රතාන්‍යයේ නිසාන් සමාගමේ ප‍්‍රධාන අලෙවි කළමනාකාරිණිය වූ ජෙරල්ඩින් ඉන්හැම් කියන්නේ, නිසාන් නෝට් රිය තනා ඇත්තේ එය පදවන්නාට රිය සේදීම ගැන තවදුරටත් වද නොවී හිඳින්න සලස්වන්නයි. ”අපි හැම විටම අපේ අනුග‍්‍රාහකයන්ගේ ඕනෑඑපාකම් ගැන සොයා බලනවා. අපේ විද්‍යාඥයන් නිතරම ඒ සඳහා අලූත් දේවල් ගැන පර්යේෂණය කරනවා. මේකත් ඒවගේ එකක්.” ඇය පවසනවා.

බි‍්‍රතාන්‍යයේ පිහිටි නිසාන් සමාගමේ 8500ක් සේවක පිරිසක් ඉන්නවා. එයින් සුන්දර්ලන්ඞ්හී පිහිටි කර්මාන්ත ශාලාවේ 7,300ක් ද ඒ සමාගමට අයත් ක්රේන්ෆිල්ඞ් තාක්ෂණික මධ්‍යස්ථානයේ 950ක් ද ලන්ඩනයේ පැඩින්ටන්හී පිහිටුවා ඇති නිසාන් යුරෝපීය කාර් සැලසුම් මධ්‍යස්ථානයේ 50 කක් ද සේවය කරනවා.

 
මේ නව තීන්ත ආලේපයට පුළුවන් රථයේ තැවරෙන මඩ ආදිය හලන්න ඒ මොහොතේදිම.




Post a Comment

5 Comments

  1. අප්සැට් එක ඒ රටේ මඩ ටිකක් හොයාගන්න එ් මිනිහා ගියපු දුරයි.. වීඩියේා්වේ වාහනේ ධාවනය වෙන්න පටන් අරන් මුල් තත්පර ගානකම සංස්කරණය කරලත් ලොකු දුරක් ඇවිල්ලා.. මඩ හොයන්නම...

    ReplyDelete
  2. ඕක ලංකාවටම ගෙනල්ල බලන්න ඕනේ, ලංකාවේ මඩ වලටත් ඔරොත්තු දෙනවද කියලා,
    අලි නාවන තඩි වලවල් පාරේ තියෙන ලංකාව නෙව.

    ReplyDelete
  3. ගනම් මිනුම් කෝමද දන්නේ නෑ නේහ්?

    ReplyDelete
  4. ගොඩාක් වටිනා ලිපියක්. මේ වගෙ වටිනා ලිපි තව තවත් ලියන්න දිරිය ලැබේවා.

    දැනට සැම ක්ෂෙත්‍රයක්ම ආවරණය වන එකම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා එක්ක එකතු වෙන්න

    ReplyDelete