HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වැඩිය වටින්නේ කතාව ද? සිතිවිල්ල ද? - අලූත් නස්රුදින් කතාවක්

දවසක් දා නස්රුදින් වෙළඳපොළට ගියා. ඔහු දක්කා කුරුල්ලන් වර්ගයක් විකුණන්න තියෙනවා. ළංවෙලා බැලූවාම ඒ ගිරවු වගයක්. එකෙක් රුපියල් 500ටයි ඒ වෙළෙන්දා වික්කෙ.

”මගේ කුරුල්ලා මීට වඩා කොච්චර ලොකු ද? එයාට මීට වඩා මුදලක් ගන්න පුළුවන් වෙයි.” කියල හිතුව නස්රුදින් ඉක්මනින් ගෙදර ගියා.


පහුවදා උදෙන් ම නස්රුදින් එයාගෙ සුරතල් කුරුල්ලත් අරන් වෙළෙඳපොළට ගියා.

”රුපියල් 50ක් දෙන්නම්” ගැනුම්කරුවන් හැමදෙනාම කිව්වෙ එකම ගණනක්.

නස්රුදින්ට තරහ ගියා. එයා කෑගහල මෙහෙම ඇහුවා: ”මිනිසුනේ! ඒක හරිම අසාධාරණයි. ඊයේ ඔහෙලා මේ කුරුල්ලගෙන් බාගයක්වත් නැති එකෙක් රුපියල් 500කට වික්කා. මේ කුරුල්ලාට ඊයේ ගානෙන් දහයෙන් එකක් වගේ සොච්චම් මුදලකට ඉල්ලන එක හරිම අසාධාරණයක්. උඹලාට තේරෙන්නෙ නැද්ද?”

නස්රුදින්ගේ ඒ කතාවට බාධා කරමින් එක් ගැනුම්කරුවෙක් මෙහෙම කිව්වා: ”නස්රුදින් ඊයෙ අපි වික්කෙ ගිරවු නෙ. උන්ට කතා කරන්න පුළුවන්. ඒ හින්දා වටිනාකම වැඩියි නෙ. ඔහෙගෙ කිකිලිට කතා කරන්න බැහැනෙ.”

”මෝඩ මිනිසුනේ! ඔහෙලා ඒ කුරුල්ලන්ට වැඩි මුදලක් දුන්නෙ කතාවට විතරද? ඒත් මගේ මේ කුරුල්ලාට හරිම සුන්දර දේ හිතන්න පුළුවන්. ඒ අතින් එයා කොච්චර වටිනවද? එයා තොරතෝංචියක් නැතුව කතා කරන ගිරවු වගේ මිනිස්සුන්ට වදයක් වෙන්නෙ නෑ. වැඩිය වටින්නේ සිතිවිල්ලද? කතාවද?” නස්රුදින් ඇහුවා.


Post a Comment

3 Comments

  1. මේක හරිම ලස්සන කතාවක්

    ReplyDelete
  2. Warthamaana guwanwiduli niwedaka niwedikaawanta galapenawa.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete