”මගේ කුරුල්ලා මීට වඩා කොච්චර ලොකු ද? එයාට මීට වඩා මුදලක් ගන්න පුළුවන් වෙයි.” කියල හිතුව නස්රුදින් ඉක්මනින් ගෙදර ගියා.
පහුවදා උදෙන් ම නස්රුදින් එයාගෙ සුරතල් කුරුල්ලත් අරන් වෙළෙඳපොළට ගියා.
”රුපියල් 50ක් දෙන්නම්” ගැනුම්කරුවන් හැමදෙනාම කිව්වෙ එකම ගණනක්.
නස්රුදින්ට තරහ ගියා. එයා කෑගහල මෙහෙම ඇහුවා: ”මිනිසුනේ! ඒක හරිම අසාධාරණයි. ඊයේ ඔහෙලා මේ කුරුල්ලගෙන් බාගයක්වත් නැති එකෙක් රුපියල් 500කට වික්කා. මේ කුරුල්ලාට ඊයේ ගානෙන් දහයෙන් එකක් වගේ සොච්චම් මුදලකට ඉල්ලන එක හරිම අසාධාරණයක්. උඹලාට තේරෙන්නෙ නැද්ද?”
නස්රුදින්ගේ ඒ කතාවට බාධා කරමින් එක් ගැනුම්කරුවෙක් මෙහෙම කිව්වා: ”නස්රුදින් ඊයෙ අපි වික්කෙ ගිරවු නෙ. උන්ට කතා කරන්න පුළුවන්. ඒ හින්දා වටිනාකම වැඩියි නෙ. ඔහෙගෙ කිකිලිට කතා කරන්න බැහැනෙ.”
”මෝඩ මිනිසුනේ! ඔහෙලා ඒ කුරුල්ලන්ට වැඩි මුදලක් දුන්නෙ කතාවට විතරද? ඒත් මගේ මේ කුරුල්ලාට හරිම සුන්දර දේ හිතන්න පුළුවන්. ඒ අතින් එයා කොච්චර වටිනවද? එයා තොරතෝංචියක් නැතුව කතා කරන ගිරවු වගේ මිනිස්සුන්ට වදයක් වෙන්නෙ නෑ. වැඩිය වටින්නේ සිතිවිල්ලද? කතාවද?” නස්රුදින් ඇහුවා.
3 Comments
මේක හරිම ලස්සන කතාවක්
ReplyDeleteWarthamaana guwanwiduli niwedaka niwedikaawanta galapenawa.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete