HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : ඕස්ටේ‍්‍රලියාව ආසන්නයෙන් චන්ද්‍රිකා ඇසට කැබලි දෙකක් හසුවෙයි!

ඕස්ටේ‍්‍රලියානු රජය මාර්තු 16 වැනිදා ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප‍්‍රසිද්ධ කළා. ඒ යානයේ යැයි සැක සිතිය හැකි කැබලි දෙකක්. ඒවා ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් නගරයේ සිට සැතැපුම් 1500ක් පමණ ඔබ්බෙන් මුහුද මැද පාවෙමින් තිබෙනු චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනෙනවා.

”එකක් සාමාන්‍යයෙන් මීටර 24ක පමණ කැබැල්ලක්. දැනට ලැබී ඇති විශ්වාසය තැබිය හැකි හොඳම හෝඩුවාව මෙයයි. මේ ගැන පරීක්ෂා කිරීමට අපේ අහස් යානා හා නැව් ඒ ස්ථානවලට යවනවා. ඇමරිකාවත් අප සමග එක්වී තියෙනවා.” ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට් කියනවා.

දැනටමත් ඒ තැබලිවලින් පරාවර්තනය වන සංඥා නිකුත් වන ස්ථාන ඇමරිකානු සෙවුම් යානාවලට ලබා දී තියෙනවා.

 
යානයේ සුන්බුන් යැයි සිතිය හැකි ඉන්දියානු සාගරයේ පාවෙමින් තිබෙන කැබලි දෙක.මේ රූප නිකුත් කර ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ නාවුක ආරක්ෂක අධිකාරිය මගිනුයි.

 
මේ ගැන සොයා බලන්නට පර්ත් වෙරළේ සිට සැතැපුම් 1553ක් ඈත මුහුදට දැනටමත් ගුවන් යානා හතරක් යවා තියෙනවා.

කලාපයේ ප‍්‍රධාන රටවල් ගණනාවක් වර්ග සැතැපුම් ලක්ෂයකට වැඩි ප‍්‍රදේශයක් පරීක්ෂා කරන්නට එක්වී තියෙනවා.

නැතිවී වසර කීපයකට පසු සොයා ගත් එයාර් ෆ්රාන්ස් 447 යානය සොයන්නට නායකත්වය දුන් ආචාර්ය ඬේවිඞ් ගැලෝගේ සහය අද මෙම සෙවුම් පිරිසටත් ලැබෙනවා. ”අද තාක්ෂණය වඩාත් දියුණු නිසා වඩා ඉක්මනින් මෙය සොයා ගත හැකි වේවි” කියා ඔහු විශ්වාසය පළ කර තියෙනවා.

ඕස්ටේ‍්‍රලියාවේ නාවුක ආරක්ෂක අධිකාරියේ ප‍්‍රකාශකයකු වූ ජෝන් යන් කියන්නේ, ”මේ ප‍්‍රදේශයේ අවට දරුණු කාලගුණ තත්වය නිසා පැහැදිලිව පෙනෙන්නේ නැහැ. අඩි දහස් ගණනක් ගැඹුරේ ඇති සුන්බුන් දැක ගැනීම ලේසි වන්නේ නැහැ.” කියායි.

 
18 වැනිදා සිට 20 වැනිදා දක්වා ගුවන් යානා හතරක් යොදා සෙවූ ප‍්‍රදේශය. ඒ ප‍්‍රදේශයේ ඇති අයහපත් කාලගුණය නිසා පිරික්සුම් කෙරෙන්නේ ඉතා හෙමින්.

 
මැලේසියානු ගුවන් යානය සොයන්නට ඇමරිකාවත්, ඕස්ටේ‍්‍රලියාවත් කටයුතු කරන ආකාරය දැක්වෙන සිතියම.

 
සෙවුම් සැලසුම් කර ඇති ප‍්‍රදේශ. මේ ප‍්‍රදේශයේ වඩා පැහැදිලි පිළිබිඹු චන්ද්‍රිකා මගින් ලබා ගන්නට ඔවුන් කි‍්‍රයා කරනු ඇති.

 
ඕස්ටේ‍්‍රලියානු නාවුක ආරක්ෂක අධිකාරියේ ප‍්‍රකාශක ජෝන් යන් මාධ්‍ය ඇමතූ අයුරු

 
කැන්බරා නගරයේ දී මාධ්‍ය ඇමතූ ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට්.

Video:



සම්බන්ධිත පුවත් :


Post a Comment

2 Comments

  1. අනේ මන්දා, මේ මගුලේ ප්ලේන් එක කොහේ ගියාද දන්නෑ.

    ReplyDelete
  2. me sidhuwima thawadhuratath abirahasak wenne nethuwa ikmanata wisadhenawa nam hodhai :)

    ReplyDelete