HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : නියමුවාම යානය බලෙන් ගෙන ගියාද?

2014 මාර්තු 16 වැනිදා

අනතුරට පත් යානයේ නියමුවා වූ සහාරි අහමඞ් ෂා දේශපාලන උමතුවකින් පෙළෙන්නකු ලෙස දැන් සැක කරනවා. එම්එච්370 යානය නියමුවා ලෙස සේවයට වාර්තා කරන්නට පෙර ඔහු මැලේසියාවේ විරුද්ධ පක්ෂ නායකයා වූ අන්වර් ඒබ‍්‍රහම්ට එරෙහිව පැවති නඩු විභාගයට බලන්නට ගිය බවක් ෆෙඩරල් පරීක්ෂක නිලධාරින් කියනවා.

නඩුවේ තීන්දුව පසුගියදා ප‍්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී අනවර් ඊබ‍්‍රහීම්ට පස් වසරකට සිරදඬුවම් නියම වුණා. ඒ තීන්දුව ගැන ෂා දඩි ලෙස කලකිරීමට හා කම්පනයට පත්ව සිටි බව පරීක්ෂකයන් විසින් සොයා ගෙන තියෙනවා. ඒ තීන්දුවෙන් පැය හතකට පසුවයි, ඔහු යානයේ සුක්කානම අතට ගත්තේ.

ඒ වන විටත් පහව නොගිය නොසතුට නිසා ඔහු ඊට විරෝධය පෑමට මගීන් 238 දෙනකු සමග යානය බලහත්කාරයෙන් රැගෙන ගියාදෝයි සැකයෙන් මැලේසියානු පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.


සම්බන්ධිත පුවත් :


Latest Update 17/03/2014

Post a Comment

0 Comments