HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකය රස විඳින්න අපූරු විධියක් මෙන්න! කටට කෙළ උනන ලෝක සිතියමක්!

ලෝකය දෙස එක එක තාලෙකට බලන්න පුළුවන්! පසුගිය දා කැමරා ශිල්පියකුයි, ආහාර විලාසිතා කාරියකයි එකතු වෙලා මෙතෙක් කිසි කෙනකු නුදුටු විධියකට ලෝකය දිහා බැලූවා. කැමරා ශිල්පියා නවසීලන්ත ජාතිකයෙක්, හෙන්රි හාග‍්‍රීව්ස් (Henry Hargreaves). ඔහු ඇමරිකාවේ නිව්යෝක්වල ඡායාරූප ශිල්පියකු ලෙස වැඩ කරනවා. ආහාර රටාකාරිය කයිට්ලින් ලෙවින් (Caitlin Levin). ඔවුන් දෙදෙනා එක්ව ලෝක සිතියමට නව අරුතක් එක් කරල තියෙනවා.

අලූත් අපූරු අදහසක් ලොව කොතැන දුටුවත් ‘මල් කැකුළු’ එය ඔබ වෙත ගෙන ඒමට සූදානම්. අපේ අරමුණ එවැනි අදහස් ඔබ තුළත් ඇති කරවීමයි. ඒ වගේම නව අදහස් ලොවට දායාද කරන අයට ගරු කිරීමටයි.

 
ලෝකය ආහාරවලින් බැඳී ඇති අයුරු දැක්වෙන මේ නිර්මාණවලින් හෙන්රි හා ලෙවින් දෙදෙනා ඇමරිකා එක්සත් ජනපදය තිරිඟු, ඉරිඟු හා ඒ ආශි‍්‍රත ආහාර නිෂ්පාදනවලින්

හෙන්රියි ලෙවිනුයි දෙන්නා එක් වෙලා ගෙනා අලූත් අදහස ලෝකයේ විවිධ ආහාර තුළින් ලෝකය රස ගුලාවක් වන බව පෙන්වනවා. ආහාර දකින විට සිහියට නැගෙන, දිව පිනවන, ආහාර සමග බැඳුණු රටවල් ඒ ආහාරවලින්ම සරසලා කැමරාවට නැගීමයි, ඔවුන් විසින් සිදු කළේ.

නිදසුනක් ධාන්‍යවලින් කරන නිෂ්පාදනවලින් තමයි, ඇමරිකා එක්සත් ජනපදයට අයත් ජනපද 50 හදලා තියෙන්නෙ. චොකලට්, ජෑම් හා කී‍්‍රම් බිස්කට්ලින් තමයි එක්සත් රාජධානිය තනා ඇත්තේ. චීනය නිමවා ඇත්තේ නූඞ්ල්ස්වලින්.

ප‍්‍රංශය ඔවුන් අතින් නිර්මාණය වෙන්නේ චීස් හා බිස්කට්වලින්. ඉතාලිය නිමවන්න තක්කාලි යොදා ගෙන තියෙනවා.

මුහුදු ශාක ආදිය යොදා ගෙන ජපානය සකසා ඇතුවා පමණක් නොවෙයි, ඉස්සන්ගෙන් ඕස්ටේ‍්‍රලියාව නිමවා තියෙනවා.

හෙන්රි හාගී‍්‍රව්ස්ගේ නිජබිම නවසීලන්තය නිසා ඔහු ඒ සඳහා යොදා ගෙන තියෙන්නෙ කිවි පලතුරයි. ලෙවින් ඒ කිවි පලතුරු කපලා ලස්සනට නවසීලන්තය තැනුවා.

හාගී‍්‍රව්ස් කියන්නේ ඔහුට අවශ්‍ය වුණේ පාසල් යන කාලේ දැකපු සිතියම් පොත දිහා අමුතු විධියකට, ලස්සන, රසවත්, විනෝදජනක ඇසකින් බලන්නයි. ඒ සඳහා ඔහුට නොමඳ සහයක් ලෙවින් කලාකාරිය ලබා දුන්නා.

ඉන්දියාව හරිම විචිත‍්‍ර විධියටයි හදලා තියෙන්නේ. කරදමුංගු, කරාබු නැටි, මිරිස් ආදී ආහාර රසවත් කරන්න ගන්න දේවලින් තමයි නිමවා ඇත්තේ.

මේ සිතියම්වලට උචිත අක්ෂරමාලාවක් යොදා මෙය අලංකාර කරන්න ඔවුන්ට උදවු කරන්න ඉදිරිපත් වුණේ ඇමරිකාවේ බෲක්ලින්වලින් ආ සාරිට් මෙල්මඞ් නම් සැලසුම් ශිල්පියෙක්.

මේ රූප රාමු පෙළ අන්තර්ජාලයට දැම්මාට පස්සේ ලෝකයේ අනෙක් රටවල ඉන්න රසවතුනුත් හාගී‍්‍රව්ස්ගෙන් ඉල්ලීම් කරන්න පටන් ගත්තා තම තමන්ගේ රටවලත් ඒවා තනන්න කියා. ඔහු ඒවටත් ඇහුම්කන් දෙන්නත් බලාපොරොත්තු වෙනවා.

හෙන්රි හාගී‍්‍රව්ස් කයිට්ලින් ලෙවින් සමග වසර දහයක් තිස්සේ මේ වගේ කලා නිර්මාණවල යෙදෙනව.

”අපි දන්නවා තක්කාලි මුලින්ම ආවේ දකුණු ඇමරිකාවේ ඇන්ඞීස් කඳුකරයෙන්. ඒත් අද ඒක ඉතාලියේ රජවෙලා! ඒ වගේ ආහාර ලොව පුරා ගිහින් විවිධ හැඩතල අර ගෙන ලෝකය රසවත් කරනවා. අපේ මේ නව ව්‍යාපෘතියෙන් පෙන්වන්න අදහස් කළේ ආහාර මුළු ලෝකයම එක යායක් විධියට එකට බැඳිලා තියෙන හැටියි.” හෙන්රි හාගී‍්‍රව්ස් එයාගෙ වෙබ් අඩවියේ මේ රූප පළ කරමින් සඳහන් කරනවා.

 
ඔවුන් එක්සත් රාජධානිය දුටුවේ චොකලට් හා බිස්කට්වලින්.

 
මේ චීස් හා බිස්කට්වලින් නිමවූ ප‍්‍රංශයයි.

 
චීනය නිමවා ඇත්තේ විවිධ නූඞ්ල්ස්වලින්.

 
ඉන්දියාව නිර්මාණය කරන්න ඔවුන් යොදා ගත්තෙ කුළුබඩු වර්ගයි.

 
ඕස්ටේ‍්‍රලියාව ඉස්සන් ඇතුළු මුහුදු ආහාරවලින් තමයි හදලා තියෙන්නෙ.

 
ජපනුන්ගේ ආහාර වේල රසවත් කරන මුහුදු ශාක ජපානය නිමවන්න යොදා ගත්තා.

 
පලතුරුවලින් විචිත‍්‍ර වූ අපි‍්‍රකා මහාද්වීපය.

 
තක්කාලිවලින් රසවත් වන ඉතාලිය ඔවුන් දුටුවේ මෙහෙමයි.


 
ඔහුගේ නිජබිම නවසීලන්තයයි. ඒ නිසයි ඒ රටට ආවේණික කිවි පලතුරෙන් එය සරසන්න ඔහු කල්පනා කළේ.

Post a Comment

0 Comments