HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ වැඩිම වටිනාකමක් ඇති, වෙඩි නොවදින පිරිමි ඇඳුම් කට්ටලය මෙන්න!

මේක හරියට ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපටයකින් ආව දෙයක් වගෙයි. ඒත් ඔබට ඕනෑකමක් තියෙනව නම් මේ දියමන්ති අල්ලපු, වෙඩි නොවදින ඇඳුමේ හිමිකාරයා වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේකට වියදම් කරන්න ඕනෑ ඩොලර් මිලියන 3.2ක්. (දළ වශයෙන් ශී‍්‍ර ලංකා රුපියල් තුන හමාරකට ආසන්න මුදලක්)

මේකට වටිනා දියමන්ති 880ක් අල්ලලා තියෙනවා. වෙඩි උණ්ඩ විතරක් නෙවෙයි, මේකට කුණු පැල්ලම් අල්ලන්නෙත් නෑ. ඒ විතරක් ද මේක ඇතුළත වායු සමීකරණය කරලා වාගේ සිසිල්. ගී‍්‍රෂ්ම කාලයට සිසිල් වෙන්නත්, ශීත කාලයට උණුසුම් වෙන්නත් මේ ඇඳුම මගින් පුළුවන්.

මේ විස්මිත ඇඳුම තනා ඇත්තේ ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයේ පිහිටි සූට්ආට් (SuitArt) නම් විලාසිතා ආයතනය විසිනුයි. ඔවුන් කියන්නේ ලෝකයේ පිරිමි ඇඳුම් අතර මිලෙන් වැඩිම ඇඳුම මෙය බවයි.

මේ ඇඳුම තනා ඇත්තේ ක්‍රෙෂීල්ඞ් සමාගම විසින් නිපදවන වෙඩි නොවදින තන්තු ඇතුළත් සැහැල්ලූ රෙදි වර්ගයකින්.

නැනෝ තාක්ෂණය යොදා ගෙන මෙම ඇඳුමට දිය නාල්ලන (ජලරෝධක), කුණු නොබැඳෙන ක‍්‍රමවේදයක් මේ සඳහා භාවිත කර තියෙනවා. එයට ආභාසය ලබා ගෙන ඇත්තේ ශාක පත‍්‍රවල ජලය නොරැඳෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙනුයි.

මෙහි ඇති සිල්ක් ලයිනින් එක අලංකාර ඇත්තේ ලූසියානෝ ගොයිසුවේටාගේ චිත‍්‍රයකින්. එය ‘දිස් මීන්ස් වෝ’ නම් ඉංගී‍්‍රසි චිත‍්‍රපටයටත් යොදා ගෙන තියෙනවා.

මේ ඇඳුම් කට්ටලය කෙළින්ම වෙළඳපොළෙන් මිලට ගන්න බැහැ. ඇඳුම අවශ්‍ය අයගේ සිරුරට ගැළපෙන විධියට මෙම සමාගම විසින් ඉල්ලූම අනුව නිමවා දෙනවා.

මේ ඇඳුම් කට්ටලයට කළු දියමන්ති 880ක් අල්ලනවා. එයින් 600ක් කර පටියට හා ඉදිරි ඇමුණුමට යොදනවා. ඒ එකක විෂ්කම්භය මිලිමීටර් 4ක් වන අතර ඒවායේ මුළු බර කැරට් 140ක් විතර වෙනවා.

ජැකට්ටුවේ බොත්තම්වලට කළු දියමන්ති 280ක් අල්ලනවා.

මේ ඇඳුම් කට්ටලයට යොදා ගෙන ඇත්තේ ක්‍රොෂීල්ඞ් (Croshield) සමාගම විසින් නිපදවා ඇති වෙඩි නොවදින නව තාක්ෂණයයි. ඒ සමාගම වෙඩි නොවදින කබා හා හෙල්මට් තනන සුප‍්‍රකට ආයතනයක්.

මේ ඇඳුම් කට්ටලයේ ඇති තවත් විශේෂයක් තමා ඇතුළත වායුසමීකරණය කිරීමට ඇති හැකියාව. දැඩි උණුසුම් වෙලාවට සිසිලසත්, තද ශීතල වෙලාවට උණුසුමත් ලබා ගන්න පුළුවන්.

ඇඳුම ඇතුළත තනා ඇත්තේ නැනෝ තාක්ෂණය යොදා ගෙන ශාක පත‍්‍රවල තිබෙන ආකාරයේ සිසිලන පද්ධතියක් නිර්මාණය කර ගෙනයි. යි. ඒ නිසා එයට ජලය හා කුණු අල්ලන්නෙත් නැහැ.

ඇඳුමට යොදා ඇති මේ චිත‍්‍රය කෝස්ටාරිකාවේ චිත‍්‍රශිල්පියකු වූ ලූසියානෝ ගොයිසුවේටාගේ නිර්මාණයක්.

තවම මේ ඇඳුමේ ඡායාරූපයක් ප‍්‍රසිද්ධ කර නැහැ. මේ ඇඳුමට යොදා ඇති තාක්ෂණය හා චිත‍්‍ර රූප ජේම්ස් බොන්ඞ් ලෝලීන් මෙයට ආකර්ෂණ කර ගන්නවා සිකුරුයි.


සැප පහසුවයි, තාක්ෂණයයි එක් කළ ඇඳුමක්. නැනෝ තාක්ෂණික ක‍්‍රමයට දිය නාල්ලන විධියට තනා ඇති මෙයට වෙඩි වදින්නෙත් නැහැ. කළු දියමන්ති 880ක් අල්ලලයි තියෙන්නෙ.

 
මේ විස්මිත ඇඳුමට අල්ලා ඇති බොත්තම් තනා ඇත්තේ වානේවලින්. ඒවාට කළු දියමන්ති 280ක් අල්ලා තියෙනවා.

 
මෙහි ඇතුළත වායු සමීකරණ ක‍්‍රමයක් සවි කර තියෙනවා. (වමේ) එය බොත්තමකින් කි‍්‍රයාත්මක කළ හැකියි. (දකුණේ) ඇතුළත වියා ඇත්තේ වෙඩි උණ්ඩ පසා කර නොයන විධියටයි.

 
මේ දියමන්ති සන්නාහයෙන් යුත් ඇඳුම සෝදා පිරිසිදු කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඒ මෙහි පිටත ස්තරය නැනෝ තාක්ෂණය යොදා ගෙන තනා ඇති නිසා ජලරෝධක ගුණයක් තියෙන හින්දයි. ඇඳුමට යොදා ඇති මේ චිත‍්‍රය කෝස්ටා රිකාවේ චිත‍්‍රශිල්පියකු වූ ලූසියානෝ ගොයිසුවේටාගේ නිර්මාණයක්.

Post a Comment

1 Comments

  1. ඩොලර් මිලියන 3.2ක්. (දළ වශයෙන් ශී‍්‍ර ලංකා රුපියල් තුන හමාරකට ආසන්න මුදලක්)
    meka poddak niwaredi wiya yuthui neda

    ReplyDelete