HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සතුන් නිදියන හැටි! ඔවුන්ගේ අපූරු පුරුදු! සතුන් රාති‍්‍ර රහස් කැමරාවට නගති!

නපුරු හීන දැකීම, හීනෙන් ඇවිදීම වගේ දේවල් මිනිස් අපට විතරක් තියෙන අපූරු පුරුදු කියල ඔබ හිතනව ඇති!

දැන් අලූත් වාර්තා චිත‍්‍රපටයක් තනා තියෙනවා බීබීසී ආයතනය විසින් විවිධ සතුන්ගේ විස්මිත නිදියන පුරුදු ගැන. මේ එකිනෙකට වෙනස් නිදියන පුරුදු ඇත්තෙන් ම පුදුම හිතෙන ඒවායි.

නින්ද පිළිබඳ විශේෂඥයන් රාති‍්‍රයක් ගත කළා, එංගලන්තයේ බි‍්‍රස්ටල් සත්ව උද්‍යානයේ අධි තාක්ෂණික කැමරා පිරිවරා ගෙන එහි ඉන්නා සතුන් රාති‍්‍රය ගෙවන හැටි අධ්‍යයන කරමින්.

 
මේ පින්තූරයේ ඉන්නා දැල්ලා වගේම බූවල්ලාත් හීන දකින බව ඒ වාර්තා චිත‍්‍රපටයේ දැක්වෙනවා. ඔවුන් හීනෙන් මොනවා දකිනවාද කියන්නට ඔවුන් දන්නේ නෑ. ඒත් අප හීන දකින විට වේගවත්ව ඇසි පිය සලනවා වාගේ ඔවුනුත් ඇසි පිය සලන බව ඔවුනගේ කැමරාවට අසු වුණා.

ජිරාෆ් නිදා ගන්නේ පැය දෙකක් වගේ ඉතා කෙටි කාලයක් විතරයි. පෙන්ගුවින්ලා සාමාන්‍යයෙන් පැය හතරක් විතර නිදා ගන්නවා. ඒත් ගොරිල්ලා, සිංහයා වගේ සතුන් පැය අටකට වැඩි කාලයක් නිදා ගැනීමට ගත කරනවා. ඒ හරියට අපේ දරුවන් නිදා ගන්නවා වගේ.

ඒ බීබීසී වාර්තා චිත‍්‍රපටය නම් කර ඇත්තේ ‘සත්තු වත්තේ සත්තු රැය පුරා නිදි ලබන හැටි යන අරුත් ඇති (Animals through the Night: Sleepover at the Zoo) වන සතුන් පිළිබඳ වාර්තා චිත‍්‍රපටය පසුගිය මාර්තු 3 වැනිදා ‘බීබීසී ෆෝ‘ තුළින් විකාශය වුණා.

මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ ලිස් බොනින් හා නින්ද පිළිබඳ විශේෂඥයකු වන බ‍්‍රයිසන් වොයිරින් විසින්. එහිදී ඔවුන් රතු පැන්ඩාවන්ගේ පටන් මීර්කැට් නම් මුගටි විශේෂය හා ටාපීර් ආදී සතුන්ගේ නිදන පුරුදු ගැන විමසා බලනවා.

 
ජිරාෆ් (වමේ) නිදියන්නේ පැය දෙකක් විතරයි. සිංහයන් (දකුණේ) පැය අටක් හොඳට නිදා ගන්නවා.

සැබෑ කාල පරාසය තුළ එක රැයක් පුරා ම ඔවුන් මේ සත්ව නින්ද පිළිබඳ නිරීක්ෂණ කටයුත්තේ යෙදුණා. නින්ද ඔවුනට කෙතරම් වැදගත්ද, ඔවුන්ගේ නිදියන රටාවන්ගෙන් ඉගෙන ගත යුතු දේ මොනවාද ආදිය ගැන ඔවුන් සොයා බැලූවා.

ඔවුන්ගේ මේ නිරීක්ෂණයට සංකීර්ණ කැමරා පද්ධතියක් යොදා ගත්තා. ඒ සඳහා රාති‍්‍රයේ අඳුරේ කි‍්‍රයාත්මක කළ හැකි ‘නයිට් විෂන්’ කැමරා 30ක් ඇතුළත් වුණා. අධෝරක්ත සංවේදක උපකරණ 20ක් විතර යොදා ගත්තා, සතුන් ගැන රාති‍්‍රය මුළුල්ලේම විමසිල්ලේ සිටීම සඳහා.

ඔවුන්ට සොයා ගත හැකි වුණා, ආහාරදාමයේ ඉහළින් ම සිටින සතුන් වැඩියෙන් නිදි මරණ බව.

මේ වාර්තා චිත‍්‍රපටයෙන් පෙනෙනවා, මියර්කැට් නම් මුගටි විශේෂය අනතුරක් ඇත්නම් හඳුනා ගන්නට නිතරම එක කනත් දල්වා ගෙන නිදා ගන්නා අයුරු. ඔවුන් නිතරම නිදා ගත්තේ එකම ගුළියක් ලෙස තුරුලූ වෙලයි. ෆ්ලැමින්ගෝ හෙවත් සියක්කාරයන් රංචුව නිදා ගත්තේ හිස් පිටත විහිදෙන විධියට වටයක් සෑදී ගෙනයි. ඒ නිශාචර සතුරු විලෝපිකයන් ඔවුන් ගොදුරු කර ගන්නට ආවොත් හොඳින් පෙනෙන ලෙසටයි.

බොනින් මේ ගැන ‘රේඩියෝ ටයිම්ස්‘ සඟරාවට කියා තිබුණේ, ”මියර්කැට් මුගටි පවුල නිදා ගත්තේ මුහුණු පිටතට පෙනෙන විධියට මුගටි මව වට කර ගෙනයි. ඒ ඇයට වඩා හොඳ ආරක්ෂාවක් හා නින්දක් ලැබෙන පරිදියි.” කියලයි.

 
මුළුමනින් ම රාති‍්‍ර කාලයේ දී පටිගත කළ මෙම වැඩසටහන ඉදිරිපත් කරන්නේ බීබීසී ආයතනයේ ලිස් බොනින් විසින්.

”මුරකරුවන් පිටතට එක් කනක් දල්වා ගෙන අවධානයෙන් ඉන්නා අතර අනිත් අය හොඳින් නිදා ගන්නවා. ඕනෑම ශබ්දයකදී ඔවුන් එසැණ නැගිටිනවා.” ඇය කියනවා.

කුහුඹුවනුත් සිය ජනපදයේ සාමාජිකයන්ට ආරක්ෂා සහිතව නිදා ගන්නට හැකි වන සේ සංකීර්ණ චර්යා රටාවන් සංවර්ධනය කර ගෙන තියෙනවා.

මේ වැඩසටහනෙන් පෙන්වා දෙනවා ඩොල්පින් මසුන් පවා පිහිනමින් නිදා ගත හැකි ක‍්‍රමයක් භාවිත කරන බව. ඔවුන්ගේ මොළයේ එක් පැත්තක් මාරුවෙන් මාරුවට වසා තබමින් ඔවුන් විවේක ගන්නවා. ඔවුන් මොළයේ වසා තබන පැත්තට විරුද්ධ පැත්තේ ඇස ඇරගෙන පිහිනන අතර වරින්වර මුහුද මතුපිටට එමින් හුස්ම ගන්නවා.

බොනින් කියන්නේ මේ සතුන්ට හා මිනිසුන්ට යම් ප‍්‍රමාණයක නින්දක් අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි යන්න විසඳාගන්න විද්‍යාඥයන් තවමත් විවිධ අයුරින් උත්සාහ ගන්නා බවයි.

”ඓතිහාසිකව පෙනෙන කරුණක් තමයි, වඩාත් උසස් අයුරින් පරිණාමය වූ සතුන්ට තමා වැඩි කාලයක නින්දක් අවශ්‍ය වන්නේ. එය ඔවුන්ගේ මොළයේ වර්ධනයට හා මතක ශක්තිය වැඩි වීමට උපකාර වෙනවා.”

”දැනට පැහැදිලි වී ඇති කරුණක් නම් මොළයේ ප‍්‍රමාණයට අනුව හෝ ශරීරයේ පරිවෘත්තීය කි‍්‍රයාවලියට අනුව හෝ නින්දෙහි අවශ්‍යතාව අඩුවැඩි නොවන බවයි. එහෙත් නින්දෙහි ප‍්‍රමාණය සතකු ජීවත්වන පරිසරයේ දිවි රැක ගැනීමට අදාළව වෙනස් වෙනවා.” ඇය වැඩිදුරටත් කියනවා.

 
මියර්කැට් නම් මුගටි විශේෂය අනතුරක් ඇත්නම් හඳුනා ගන්නට නිතරම එක කනත් දල්වා ගෙන නිදා ගන්නා අයුරු.

 
මියර්කැට් නම් මුගටි විශේෂය නිතරම නිදා ගත්තේ එකම ගුළියක් ලෙස තුරුලූ වෙලයි. මේ රූපය කලින් ගත් එකක්, පුස්තකාලයෙන් ලබා ගෙන මේ වැඩ සටහනට එක් කරලා.

 
මියර්කැට් නම් මුගටි විශේෂය සම්පූර්ණයෙන් අවධියෙන් සිටියදී ඔවුන් ගැන බොනින් විස්තර කරන්නට පෙර ගත් එකක්.

 
සිංහයන් නිදන්නේ කෙසේද? එයත බීබීසී වාර්තා වැඩසටහනෙන් විමසා බැලෙනවා.

 
ඩොල්පින් සතුන් නිදා ගන්නේ පිහින ගමන්. ඔවුන්ගේ මොළයේ එක් පැත්තක් මාරුවෙන් මාරුවට වසා තබමින් ඔවුන් විවේක ගන්නවා. මෙසේ මොළයේ වසා තබන පැත්තට විරුද්ධ පැත්තේ ඇස ඇරගෙනයි, පිහිනන්නේ.



නිදා ගැනීමේදී සතුන් සතු අමුතු පුරුදු

මේ වාර්තා චිත‍්‍රපටයේ දී දැක්වෙන්නේ ජිරාෆ් රාති‍්‍රයට පැය දෙකක පමණ නින්දක් ලබන බවයි. එහෙත් බි‍්‍රතාන්‍යයේ නින්ද පිළිබඳ ජාතික පදනම කියන්නේ ඒ සතුන් සති ගණන් නිදි නොලබා සිටින බවයි.

ගෝල්ඩන් ඩෝමවුස් (golden dormouse) නම් මී වර්ගය නිදා ගන්නේ අත්තක අග්ගිස්සකයි. එක පුංචි සද්දයක් ඇහුණොත් ඌ එසැණ අවදිවෙනවා.

සාමාන්‍ය මීයන්ගේ නිදියන රටාවන් මිනිසුන්ට සමානයි. විවේකය සඳහා අවශ්‍ය තරම් වෙලාවක් නිදා ගන්නා ඒ මීයන් සෑම අලූත් දවසක අලූත් දෙයක් ඉගෙන ගන්නවා.

විද්‍යාඥයන් උත්සාහ ගන්නේ, මේ සතුන්ගේ නින්ද පිළිබඳ අධ්‍යයනය මගින් මිනිසාගේ නින්ද ආශි‍්‍රත රෝගවලට පිළියම් කරන්නයි.

මිනිසුන් මෙන් ම ඇතැම් සතුන්, බූවල්ලන්ගේ සිට දැල්ලන් දක්වාම හැම සතකුම නින්දේදී ඔවුන්ගේ ඇස් වේගයෙන් චලනය කරනවා. එයින් පැහැදිලි වන්නේ ඔවුන් මිනිසුන් මෙන් ගැඹුරු නින්දට වැටෙන බවයි. ඒ වගේම ඔවුන්ට හීන පෙනෙන විටත් මෙවැනි චලනයන් ඇති විය හැකියි.

ගැඹුරු නින්දේදී බල්ලන් බුරනවාත් දුවනවා මෙන් පාද හසුරුවනවාත් දැකගත හැකිවෙලා තියෙනවා. ප්ලැටිපස් සතුන් නින්දෙන් කවචයන් මරන ආකාරය අනුකරණය කරන බව දැක තිබෙනවා. ඒ වගේ ම මිනිසුන් නින්දෙන් කතා කරනවා පමණක් නොව ඇවිදිනවාත් අප විසින් දැක තියෙනවා.

සමහර බලූබළල් සුරතලූන් නින්දෙන් ඇවිදිනවා කැමරාවට නගා තිබෙනවා.

කුඩා සතුන්ට ලොකු සතුනට වඩා දිගු නින්දක් අවශ්‍යයි. ඒ වගේ ප‍්‍රමාණයෙන් විශාල විලෝපිකයන්, සිංහයන් වැනි සතුන්ට දිනකට පැය අටකට වැඩි නින්දක් අවශ්‍යයි.

ජිරාෆ්, ගවයන් වැනි තණ උලා කන සතුන්ට කෑමට වැඩි වේලාවක් කෑමට අවශ්‍ය නිසා නින්ද වැඩි කාලයක් ඉතිරි වන්නේ නැහැ.

අශ්වයන් කාලයෙන් වැඩි හරියක්, එනම් සියයට 98ක්ම සිට ගෙන සිටින නිසා ගැඹුරු නින්දකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

සමහර සතුන් වගේ කුරුල්ලන් නිදා ගන්නේ නිතරම එක් ඇසක් ඇරගෙනයි. සමහර සතුන් ගැඹුරු නින්දකට නොවැටෙන අසීරු ඉරියව් තෝරා ගන්නවා.



Post a Comment

0 Comments