HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ වැඩිම මිලට අලෙවි වුණු සුනඛයා මෙන්න! රුපියල් කෝටි 250ක් විතර වෙනවා!

 
මෙහි දැක්වෙන්නේ ටිබැට් මස්ටිෆ් වර්ගයේ යෝධ සුනඛයන් දෙදෙනෙක්. (වමේ) පවුම් ලක්ෂ 12කට අලෙවි වුණු රන්වන් කෙසරු ඇති සුනඛයා. (දකුණේ) දුඹුරු පැහැ සුනඛයාත් පවුම් හය ලක්ෂයකට මිල කෙරුණා.

චීනයේ දේපළ ව්‍යාපාරිකයෙකු මේ මිල දී ගැනීම කරමින් ලෝක වාර්තාවක් තැබුවේ. චීනයේ නැගෙනහිර ෂෙජියෑං පළාතේ හැන්ශෝහී පැවති වටිනා සුරතල් සතුන් අලවි කරන පොළකදී තමයි ඔහු මිල දී ගැනීම සිදු කළේ.

මේ සුනඛයා මිලෙන් පමණක් නොවෙයි, ප‍්‍රමාණයෙනුත් අති විශාලයි. බර කිලෝ ග්රෑම් 90 (රාත්තල් 196ක්). උස අඟල් 32ක්.

චීනයේ කියෑංජියෑන් සන්ධ්‍යා පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් ඒ සතුන් ඇති කළ තැනැත්තා වූ ෂෑන් ජෙන්ජියන් මෙහෙම කියනවා: ”මේ සතුන්ගේ ඇෙඟ් දුවන්නේ සිංහ ලේ. මේ වර්ගයේ සුනඛයන් අතර උසස්ම බල්ලන් තමයි, මේ”

”කලවම් නැති ටිබට් මස්ටිෆ් සතුන් හරිම දුර්ලභයි. හරියට අපේ ජාතික වස්තුවක් ලෙස සැලකෙන පැන්ඩා වගේ. ඒ නිසයි අධික මිලට විකිණෙන්නේ.” ඔහු වැඩිදුරටත් කියනවා.

මේ සතුන් මුලින් ඇති කළේ දඩයමටයි. දැන් සුරතල් සතකු ලෙස ඇති කරන මොවුන් චීනයේ ධනවතුන්ගේ සංකේතයක් ලෙසයි, සැලකෙන්නේ. මොවුන් නියම මස්ටිෆ් සුනඛ වර්ගයට අයත් වන්නේ නැහැ. බටහිර සංචාරකයන් මේ නමින් මොවුන් හඳුන්වන්නේ එහි අරුත වූ ‘ලොකු බල්ලා’ යන වදන වෙනුවටයි.

2011 දී රතු පැහැති ටිබට් මස්ටිෆ් සුනඛයකු වූ බග් ස්ප්ලෑෂ් අලෙවි වුණා, පවුම් 971,000කට. මිල දී ගත්තේ උතුරු චීනයේ ගල් අඟුරු පතල් හිමියෙක්.

Post a Comment

1 Comments

  1. මෙච්චර ගානකට බල්ලෙක්.. පුදුමයි :o

    ReplyDelete