HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔබේ මොළයේ අලුත් රහස් මතුවෙයි! අධි වේගයෙන් කි‍්‍රයා කරන හැටි!

ඔබේ මොළය ගැන කළ අලුත් ම පර්යේෂණයකින් මෙතෙක් හෙළිදරවු නොවුණු රහස් විද්‍යාඥයන් විසින් මතු කර ගෙන තියෙනවා.

තත්පරයකින් අංශුවක කාලයක් තුළ පෙන්වන පිළිබිඹුවක් එසැණ හඳුනා ගැනීම කළ නොහැක්කක් ලෙසයි, මෙතෙක් කල් විශ්වාස කළේ.

ඒත් ස්නායු පිළිබඳ විද්‍යාඥයන් පිරිසක් විසින් කළ පර්යේෂණයකින් සොයා ගෙන තියෙනවා, මිනිස් මොළයට මෙතෙක් නොසිතූ විරූ වේගයකින් මේ කටයුත්ත කළ හැකි බව.

මේ කාර්යය සපුරා ගෙන ඇත්තේ ඇමරිකන් පර්යේෂකයන් පිරිසක් විසිනුයි. මිලි තත්පර 13ක් (මිලි තත්පරයක් කියන්නේ තත්පරයකින් දාහෙන් පංගුවකටයි.) වැනි ඉතා සුළු කාලයකින් මිනිස් ඇස දකින රූපයක් පැහැදිලිව හඳුනා ගන්නට හැකියාව ඇති බව ඔවුන් විසින් ඔප්පු කරල තියෙනවා. මෙවැනි අධි වේගයකින් මිනිස් මොළය කි‍්‍රයා කරන බව හෙළි කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

ඒ වේගය ඇත්තෙන්ම කලින් අධ්‍යයනවලින් වාර්තා වී තිබුණු වේගය වූ මිලි තත්පර 100 හා සසඳන කල අට ගුණයක් තරම් වේගයක් බව පර්යේෂකයන් කියනවා.

 
ඇමරිකන් පර්යේෂකයන් විසින් සොයා ගෙන තියෙනවා, මිලි තත්පර 13ක් වැනි කාලාංශුවක් තුළ මිනිස් ඇස දකින රූපයක් පැහැදිලිව හඳුනා ගන්නට හැකියාව ඇති බව. මේ තරම් වේගයකින් එය කළ හැකියැයි සොයා ගත පළමු වතාව මෙයයි. කලින් සිතා සිටියේ එක පින්තූරයක් තේරුම් ගන්නට මේ වේගය මෙන් අට ගුණයක කාලයක් අවශ්‍යයි කියායි.

එම පර්යේෂකයන් ඔවුන්ගේ පර්යේෂණය සඳහා එක් වූ අයට පින්තූර හයක් හෝ 12ක් පෙන්නුවා, මිලි තත්පර 13ත් 80ත් අතර කාලයක් තුළදී. ඒවා අතුරින් කිසියම් ආකාරයේ රූපයක් සොයන්න කියා ඔවුන්ට කීවා. ඔවුන් කීවේ විනෝද ගමනක යෙදෙන හෝ සිනාසෙන යුවළක් හඳුනා ගන්න උත්සාහ කරන්න කියායි.

ඒ පර්යේෂණය ගැන ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික විද්‍යායතනයේ මොළය හා ඥානන විද්‍යාවන් පිළිබඳ මහාචාර්ය මේරි පොටර් කියන්නේ, මෙහෙම අදහසක්: ”මේ තරම් අධි වේගයකින් අප දකින දෙයක් ගැන අප තුළ අදහසක් ඇති කිරීමට හැකි වීම ඇත්තේ විස්මය දනවන දෙයක්.” කියායි. ඇය තමා මේ අධ්‍යයනයේ ප‍්‍රධානත්වය උසුලන්නේ.

”ඇත්තෙන්ම එහෙම තමා අපේ මොළය හැමදාම කි‍්‍රයා කරන්නේ. අප දකින හැම දෙයක් ම, හැකි තරම් ඉක්මනට තේරුම් ගන්න තමයි අපේ මොළය හදන්නේ.” ඇය වැඩිදුරටත් කියනවා.

මෙසේ අධි වේගයෙන් සිදු වන තේරුම් ගැනීමේ කි‍්‍රයාවලියේ දී ඇස්වලින් හෙළන බැල්ම තත්පරයකට තුන්වරක් වෙනස් වෙමින් ඊළඟ එල්ලය වෙත යොමු වෙනවා යැයි පොටර් මහාචාර්යවරිය ඒ අධ්‍යයනය පිළිබඳව විස්තර කරමින් සඳහන් කරනවා. මේ අධ්‍යයනය පළ කර තිබෙන්නේ ‘අවධානය, සංඥානනය හා මනෝභෞතික විද්‍යා’ (Attention, Perception, and Psychophysics) යන නමින් යුත් විද්‍යාත්මක සඟරාවෙහියි.

 
පර්යේෂකයන් ඒ සඳහා එක් වූ අයට කීවා විනෝද ගමනක යෙදෙන හෝ සිනාසෙන යුවළක් හෝ ඇතුළත් කිසියම් ආකාරයේ රූපයක් හඳුනා ගන්න උත්සාහ කරන්න කියා. ඒ සඳහා ඔවුන්ට මිලි තත්පර 13ත් 80ත් අතර කාලයකදී පින්තූර හයක් හෝ 12ක් පෙන්නුවා.

”මෙහිදී ඇසේ රාජකාරිය වන්නේ මොළයට තොරතුරු සැපයීම ම පමණක් නොවෙයි, මොළයට වේගයෙන් කි‍්‍රයා කර ඊළඟට දැකිය යුත්තේ කුමක්දැයි ඉතා ඉක්මනින් සිතා බැලීමට ඉඩ සලසා දීමත් සිදු වෙනවා.

”ඒ අනුව අපට පැහැදිලි වෙනවා, සාමාන්‍යයෙන් අපේ ඇස්වලට අවට සිසාරා බැලීමේ දී අප දකින දේ ක්ෂණිකව විමර්ශනය කොට තේරුම් ගැනීමට හැකි බව.” ඇය කියනවා.

කිසියම් පිළිබිඹුවක් ඇසේ දෘෂ්ටිවිතානය මත පතිත වූ විට එහි හැඩය, වර්ණය හා ස්වරූපය පිළිබඳ මොළය මගින් එසැණ විමසා බැලෙනවා. මිලි තත්පර 13ක තරම් සුළු කාල මාත‍්‍රාවක් තුළ පෙන්වන රූපයක් ඊට වඩා මඳක් වැඩි වේලාවක් මොළයේ රඳවා ගන්නා බව මේ අලූත් ම අධ්‍යයනයෙන් පැහැදිලි වෙනවා.

 
කිසියම් පිළිබිඹුවක් ඇසේ දෘෂ්ටිවිතානය මත පතිත වූ විට එහි හැඩය, වර්ණය හා ස්වරූපය පිළිබඳ මොළය මගින් එසැණ විමසා බැලෙනවා. මිලි තත්පර 13ක තරම් සුළු කාල මාත‍්‍රාවක් තුළ පෙන්වන රූපයක් ඊට වඩා මඳක් වැඩි වේලාවක් මොළයේ රඳවා ගන්නා බව කර ඇති අලූත් ම අධ්‍යයනයෙන් කියවෙනවා. මෙහි දැක්වෙන්නේ චුම්බක ප‍්‍රතිනාද ප‍්‍රතිරූපණ ක‍්‍රමයට (MRI scan) ගන්නා ලද මිනිස් හිසක හරස් කඩක පිළිබිඹුවක්.

”රූපය පෙන්වන කාලය තුළ ම, එනම් මිලි තත්පර 13 ඇතුළත ම, මොළයෙනුත් එම පිළිබිඹුව මැකී යන්නේ නම් නරඹන අයට ඒ සඳහා සාර්ථකව ප‍්‍රතිචාර දක්වන්නට කිසිවිටෙක හැකි වන්නේ නැහැ. මොළයේ ඇති කිසියම් දෙයක් විසින් තමයි තවත් සුළු වේලාවක් එය පවත්වා ගෙන යන්නේ.” මහාචාර්ය පොටර් කියනවා.

ඇය මුලින් ම සිතුවේ මිනිසුන්ට නිවැරදිව හඳුනා ගත හැක්කේ අවම වශයෙන් මිලි තත්පර 100ක කාලයක් වත් දකින රූපයක් පමණයි කියලයි. නමුත් ඇය කළ මේ අලූත් ම අධ්‍යයනය නිසා මිනිසාගේ මේ හඳුනා ගැනීමේ වේගය ඒ වගේ අට ගුණයක් වේගයෙන් වැඩියි කියා හඳුනා ගැනීමට ඇයට හැකි වුණා.

මේ අලූත් ම අධ්‍යයනයේ දී එම්අයිටී පර්යේෂක කණ්ඩායම කළේ පිළිබිඹුවක් පතිත කිරීමේ කාලය කෙමෙන් අඩු කිරීමයි. ඔවුන් එක් රූප රාමුවක් පර්යේෂණයට ලක් වූවන් ඉදිරියේ ප‍්‍රදර්ශනය කරන කාලය මිලි තත්පර 80 සිට කෙමෙන් අඩු කරන්න පටන් ගත්තා. පර්යේෂණයට ලක් වූවන් නිවැරදිව හඳුනා නොගෙන අනුමාන කරන අවස්ථාවේ දී ඒ කාර්යය නතර කළා.

ඒ අනුව තමයි, ඔවුන් මිනිස් මොළයට රූපයක් හඳුනා ගැනීමට ගත වන අලූත් වේගය තීරණය කළේ. රූප රාමුවක් හඳුනා ගන්න ගත වන කාලය මිලි තත්පර 13ක් ලෙස ගණනය කිරීමට ඔවුන්ට හැකි වුණා. මේ කාර්යය ඔවුන් සිදු කළේ පරිගණක මොනිටරයක් භාවිත කරමිනුයි.

අප චිත‍්‍රපට රූප රාමුවක චලනය දකින්නේත් ඇසෙහි ඇති මේ ගුණය නිසයි.



Post a Comment

0 Comments