වාහන පුරුද්ද එක බොහොම දෙනෙක් දන්නා දෙයක්. එත් නැව් පිරිද්දීම ටිකක් අදහන්න බැරි දෙයක්. අපට මේ ළඟදි දකින්න ලැබුණා, වීඩියෝවක්. යෝධ නැවක් කපලා පුරුද්දන අවස්ථාවක් දැක්වෙන.
යෝධ සංචාරක නෞකාවක් දෙකට මැදින් කපලා ඒ මැදට අඩි 99ක් දිග කොටසක් එක්කරන ආකාරය තමයි, විස්මිත වීඩියෝවට නගා තියෙන්නෙ. මේ විස්මිත වීඩියෝව ඔබට ලැසි චලනයෙන් (slow-motion) බලා ගන්න පුළුවන්.
මෙය කැමරාවට නැඟුවේ එම්කේ ටයිම්ලැප්ස් (MK Timelapse) ආයතනයේ විශේෂඥ කැමරාකරුවන්! මේක පුරුද්දපු හපන්කම තරම්ම අගය කරන්න ඕනෑ ඒ අයගේ හපන්කමත්.
මේ සංචාරක නෞකාව මුලින් නම් කරලා තිබුණේ ‘නෝවේජියන් ක‍්‍රවුන්’ කියලයි. ඒත් නැව මේ අපූරු බද්ධ සැත්කමෙන් පස්සෙ ඒ තටාකාංගනයෙන් පිටත් වුණේ ‘බැල්මෝරල්’ (Balmoral) කියන අලූත් නමකින්. පසුගියදා ඒ නැව ඇද ගෙන ආවා, ජර්මනියේ හැම්බර්ග් නුවර බෝම් හා වොස් (Blohm + Vosss) නැව් තටාකාංගනයට. එතැනදි තමයි, මේ නැව දෙකට කැපුවේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-Ygff8id6Tkhwm6CldX6ZnQHt5gakAybHXe8k3R1P5Lb0KOP9dnYyBbj-AQ-7WThD-NMlGppzvP3IdqWXD2CFJCD9Ywpltwx6kct5l3yU5uHD1OcGImiFF4rPOVDTCRzb7ayfvkXHymOP/s1600/cruise_ship1.gif)
මුල් නෞකාව මැද්දෙන් කපලා ඒ අතරට අඩි 99ක් දිග අලූත් කොටස බද්ධ කළේ මෙහෙමයි.
ඒ කැපූ කොටස් දෙක ඉතා හෙමින් දෙපැත්තට ඇදලා, ඉඩ ගත්තා, අඩි 99ක් දිග අලූත් කොටසක් ඊට එක් කරන්නට. ඒ අසල පැත්තක තිබුණා, අලූතින් තනපු කොටසත්. ඒ නැව මැදින් කපලා ඈත් කළාට පස්සේ ඒ අලූත් කොටස හෙමින් හෙමින් ඒ කොටස් දෙක අතරට තල්ලූ කර ගෙන ගිහින් බද්ධ කරනු ලැබුවා. ඒ අනුව ඒ සංචාරක නැව වඩාත් දිග විශාල නැවක් වුණා.
මේ ගැන වාර්තාවක් ස්ප්ලොයිඞ් (Sploid) කියන වෙබ් අඩවියෙ පළ වුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixqsPYeKziV_uBi4lIo7XeO9erhsGF-_v0D-4-pSn_q-tDLNYkFzz-NxZKWvHNbJh7-witpE88MSqFRRqdP8v3msctsmc1iSIF5Bwou5FUiMoVEb6vJw9sRMr97SpdDtqk5hh9WANWWtNv/s1600/cruise_ship2.gif)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCzBbKZsXZG55UZXNOfh8B2z6sGCg-DmXO2sTLKpaF4fG3C20I52EBfEnq7zajsdpkXBbCy3SmYAaT4PWrwuf-h7wEbXhKQ6O-nXwvuJnyx1k7NBFvZrCKJ4UwPzAkrIPRv2eV0YuFtsal/s1600/cruise_ship3.gif)
ඒ නෞකාවට අලූතින් එක්කරන කොටස ඉතා පරිස්සෙමන් දෙපලූ කළ නෞකාවේ මැදට බද්ධ කරන්නට සූදානම් වූ අයුරු.
1 Comments
නැවු කැපිල්ලත් නරකම නැහැ.
ReplyDelete