HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තට්ටය පෑදීමටත් දැන් විසඳුමක්!

පියවි සෛල (stem cells) යොදා ගෙන ඒ සඳහා තිරසාර පිළියමක් කරන්න මගක් ඒ පිළිබඳව පර්යේෂණ කළ විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා.

ඒ පියවි සෛල යොදා ගෙන රෝම කුප ප‍්‍රකෘතිමත් කිරීමේ ක‍්‍රමයක්. ඒ අනුව ගිලිහී යන කෙස් ගස් මුල ඇති ස්‍යුනිකා (follicles) සෛල යළි වර්ධනය කර නැවත කෙස් ඒමට සලස්වන්න ඉදිරියේ දී පුළුවන් වේවි.

විද්‍යාඥයන් මුලින් විශාල සටනක් කළා මේ සඳහා ප‍්‍රමාණවත් ස්‍යුනිකා සෛල නිපදවිය හැකි පියවි සෛල තනන්නට. ඒ මගින් කෙස් නැවත වඩවන්නයි ඔවුන් මුලින් උත්සාහ කළේ.

ඒ අනුව ඔවුන් මුලින් ම පර්යේෂණාගාර මීයන්ට බද්ධ කළා විශේෂ පියවි සෛල වර්ගයක්. ඒ මගින් විශේෂ වර්ගවල චර්ම සෛල හා රෝම කුප සෛල ඒ මීයන්ගේ සිරුරුවල වර්ධනය කරන්න ඔවුන් සමත් වුණා.

 
තට්ටය පෑදීම වැළැක්වීමට පියවි සෛල යොදා ගෙන කෙස් වැඞීමට ක‍්‍රමයක් විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. ඒ අනුව ගිලිහී යන කෙස් ගස් මුල ඇති ස්‍යුනිකා (follicles) සෛල පණ ගන්වා නැවත කෙස් ඒමට සලස්වන්න ඉදිරියේ දී පුළුවන් වේවි. මේ රූපයේ ඇති ඊතලවලින් දක්වෙන්නේ ඒ ක‍්‍රමයට මීයන්ගේ සිරුරේ වර්ධනය කළ රෝමයි.

මීයන් හා කළ පර්යේෂණ සාර්ථක වීමත් සමග ඒ ක‍්‍රමය මිනිසුන්ට භාවිත කළ හැකි බව විද්‍යාඥයන්ට ඒත්තු ගොස් තියෙනවා.

ඒ සමග පර්යේෂකයන් මිනිස් සමේ තන්තු වැඩෙන සෛල ගැන අත්හදා බැලීම් පටන් අරන්. ඔවුන් ජාන තුනක් සාමාන්‍ය සෛලවලට එක් කිරීමෙන් ඒවා පියවි සෛල බවට පත් කර ගෙන තියෙනවා.

දැන් ඒ පියවි සෛලවලට සිරුරේ ඕනෑම තැනක දී ඊට අදාළ සෛල වර්ගය බවට පත්වීමේ හැකියාව තියෙනවා. ඒ අනුව හිසකේ වර්ධනයට අදාළ සෛල බවටත් ඒවා පත් කර ගන්න පුළුවන්.

මෙම පර්යේෂක කණ්ඩායම විස්තර කොට දක්වා තියෙනවා, සෛලවල වර්ධනය පාලනය කිරීමෙන් මේ පියවි සෛල විශාල ප‍්‍රමාණයක් නිර්මාණය කළ හැකි බව.

මේ පියවි සෛල, මීයන්ගේ චර්ම සෛල සමග මුසුකොට ප‍්‍රතිශක්තිපද්ධතිය අඩපණ කළ මීයන්ගේ සමට බද්ධ කරනු ලැබුවා. මුලින් ම ඒ මීයන්ගේ ප‍්‍රතිශක්තිපද්ධතිය අඩපණ කරනු ලැබුවේ ඒ බද්ධ කර දෑ ප‍්‍රතික්ෂේප කිරීම වළක්වන්නයි.

මේ පර්යේෂණය පිළිබඳ විස්තර සොබා සන්නිවේදනය නම් වූ නේචර් කොමියුනිකේෂන්ස් (Nature Communications) ජර්නලයේ පළ කොට තිබෙනවා.

මේ පර්යේෂණයේ දී මීයන්ගේ සමෙහි රෝම වැඩෙන අපිචර්ම ස්තරයේ ස්‍යුනිකා සෛල වර්ධනය කරන්නට හැකි වී තියෙනවා.

ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය ක්ෂියෝවී ක්ෂූ (Xiaowei Xu) ඒ පිළිබඳව අදහස් දක්වන්නේ මෙහෙමයි: ”ලෝකයේ පළමුවන වතාවටයි, අපිච්ඡුද පියවි සෛල (epithelial stem cells) මේ තරම් විශාල ප‍්‍රමාණයක් තැනුවේ. ඒවායින් පුළුවන් කෙස්වල රෝම කූපවල අපිච්ඡුද පටක ජනනය කරන්නට.”

 
මිනිස් තට්ටයෙහි කෙස් වගා කරන්න මේ තාක්ෂණය යොදා ගන්න කලින් තවත් පර්යේෂණ කීපයක් ම කළ යුතුව තියෙනවා.

මේ නව සෛල තවත් බොහො කටයුතුවලට යොදා ගත්තෑකි. නිදසුනක් වශයෙන් ඉක්මනින් තුවාල සුව කිරීමටත් මේ නව සෛල යොදා ගන්න පුළුවන්.

කොහොම වුනත් මිනිසුන්ට පාවිච්චි කිරීමට නම් තවදුරටත් මෙහා වැඩි දියුණු කිරීම් කළ යුතු වෙනවා.

දැනට විද්‍යාඥයන් සමත් වී තියෙන්නේ කෙස් වැඩෙන රෝම කූපවල ස්‍යුනිකා සෛල රසායනාගාරවල නැවත රෝපණය කරන්න පමණයි. තවමත් ඔවුන් සමත් වී නැහැ මිනිස් සමෙහි සෛල යළි රෝපණය කරන්න.

”යමකුගේ කෙස් ගැලවී විටෙන විට මේ සෛල වර්ග දෙකත් ඒ සමගම අහෝසි වෙනවා.” ආචාර්ය ක්ෂූ පැහැදිලි කරනවා.

”අපි එක ප‍්‍රධාන ගැටලූවක් විසඳා ගත්තා. ඒ රෝම කූපවල අපිච්ඡුද කොටසයි. දැන් අපි උත්සාහ කරන්නේ චර්ම පිටිකා සෛල (papillae cells) අලූතින් නිපදවන්නයි. ඒ කොටසට තවමත් කවුරුනුත් අත ගසා නැහැ.” ඔහු වැඩි දුරටත් කියනවා.

ඒ අනුව අලූතින් චර්ම සෛල නිපදවන්නත්, ඒවා මිනිසුන්ට භාවිත කරන්නත් ඉදිරි කාලයේ දී ඔවුන් බලාපොරාත්තු වෙනවා


Post a Comment

0 Comments