Skip to main content

Posts

Showing posts from February, 2014

මෙන්න විද්‍යාවේ අලූත් ම පෙරළිය! වේයන් මෙන් වැඩ කළ හැකි පුංචි රොබෝ කණ්ඩායමක්!

වේයන් තුඹසක් බඳින හැටි ඔබ දැක තිබෙනවාද? එක ජනපදයක සිටින වේයන් ඉතා කඩිසරව එකිනෙකා හා මනා අවබෝධයකින් යුතුව ඒ කටයුත්තට සංවිධානය වී ඇති ආකාරය විස්මය දනවන්නක්.

ඒ විධියටම වේයන් සේ කි‍්‍රයා කළ හැකි ස්වයං-සංවිධානයක් සහිත කුඩා රොබොට්ටන් කණ්ඩායමක් නිපදවන්නට ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා.

ඒ රොබොට්ටන්ට කුලූනු, මාලිගා, පිරමීඩ වැනි දේ, සවිස්තරාත්මක උපදේශනයක්, අධීක්ෂණයක් නොමැතිව තනිවම නිපදවන්න පුළුවන් කීවොත් සමහර විට ඒක ඔබ විශ්වාස කරන එකක් නැහැ.

මෙය ඇත්තෙන් ම මිනිසා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තබන්නට යන දැවැන්ත පියවරක ආරම්භයයි! මෙය කලින් කළ සැලසුමකට අනුව අධීක්ෂණයකින් තොරව එහෙත්, එකිනෙකා සමග සහයෝගයෙන්, තමන්ට අයිති කොටස ස්වාධීනව කළ හැකි රොබොට්ටන් කණ්ඩායමක් නිපදවූ පළමු වතාවයි.

මේ අනුව අනාගතයේ දී මේ මිහිමත හෝ වෙනත් ග‍්‍රහ ලෝකවල මිනිසා වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සඳහා මේ රොබොට්ටන් යොදා ගත හැකියි.

මෙන්න විද්‍යාඥයන් තනා ඇති ‘රොබෝ වේයා’ හෙවත් ‘වේරොබොට්ටා.’ මේ රොබෝ වේයාට අධීක්ෂණයක් නැතිව ස්වයං-සංවිධානය වී ඕනෑම ගොඩනැගිලි ඉදිකිරීමක් කළ හැකියි.

යෝධ බූවල්ලකු සමග දිය යට කළ බිහිසුණු සටනක්!

අටපාවා හෙවත් යෝධ බූවල්ලා (octopus) උගේ පාද අටම යොදා කිමිදුම් කැමරාකරුවාත් කැමරාවත් බදා ගත්තා. ඉන් බේරෙන්න ඒ පාද අටත් සමග අත් දෙකක් යොදා ගෙන ප‍්‍රධාන කැමරාකරුවා කළ ඒ සටන ඔහුගේ සහයක කැමරාකරුවා වීඩියෝවට නැඟුවා. ඒ දර්ශන මෙන්න!



‘අත් අටක්’ ඇති යෝධ බූවල්ලකු සමග මිනිසකු ’අත් දෙකකින්’ කළ සටන අතිශයින් විස්මිත එකක්.

බූවල්ලා සමග කැමරාශිල්පී ඬේවිඞ් මැල්වෙස්ටුටෝ ඔහුගේ කැමරාව බේරා ගන්නට සටන් කළ හැටි. කිමිදුම් කරුවන් දෙදෙනකුට මෙසේ බූවල්ලකුට මුහුණ දීමට සිදුවූයේ කැලිෆෝනියාවේ කාමෙල්වලට ඔබ්බෙන් පිහිටි බ්ලූ ෆිෂ් කොව් නම් වෙරළාශි‍්‍රත මුහුදේදීයි.

සදාකල් ජීවත්වෙන්න ඔබ කැමති ද? සත්වලෝකයේ කොහේ හෝ අමරණීයත්වය තියෙනවද?

මේ ප‍්‍රශ්නවලට උත්තර සොයන්න පසුගියදා විද්‍යාඥයන් පිරිසක් උත්සාහ කළා. සත්වලෝකය තුළ මරණය ජයගත් සත්ව විශේෂ තියෙනවද? ඒ ගැන සොයා යද්දී විද්‍යාඥයන්ට පෙනී ගියා සත්වලෝකයේ විතරක් නෙවෙයි, ශාකලෝකයේත් ‘අමර’ නාමය ලැබිය හැකි අය සිටින බව.

සමහර අය තමන්ගේ බලූ හෝ බළල් සුරතලකු හදිසියේ මියගියහොත් ඒ ගැන දුක් වෙනවා. එවන් දුකක් ඇති නොවන්නට නම් කිසිදාක මිය නො යන සුරතල් සතකු ඇති කරන්න ඕනෑ.

විද්‍යාඥයන් කියන්නේ සදාකල් ජීවත්වන අය සත්ව ලෝකයේ ඉන්නා බවයි. ඒ අතර මිරිදිය බුහුබාවන් (polyps) ප‍්‍රධානයි. ඒ වගේ ම තවත් සත්ව වර්ග ඉන්නවා වයසට යන්න යන්න වඩ වඩා ශක්තිමත් වෙන.

එවැනි එක සතකු තමා හයිඩ‍්‍රා මැග්නිපැපිල්ලාටා (Hydra magnipapillata) කියන බුහුබාවා. පියවි ඇසට නොපෙනෙන නිසා අන්වීක්ෂයකින් බැලිය යුතු සතකු වුවත් සුරතලකු සේ ඇති කිරීමට පුළුවන් සතකු නෙවෙයි. ඌට ඇත්තේ නලයක් බඳු සිරුරක්. උගේ මුව අවට හිස වටා ග‍්‍රාහිකා පිහිටා ඇති අතර පාදවලින් ගලකට ඇලී සිටින්නට ඌට පුළුවන්. ඇති කළ හැකි සුරතලකු නොවූවත් ඌ වියපත් වීමේ ගැටලූවෙන් මුලූමනින් ම පාහේ මිදුණු සතෙක්.

හයිඩ‍්‍රා මැග්නිපැපිල්ලාටා නම් ක්ෂුද්‍රජීවියාට ඇත්තේ හිසෙහි අඬු සහිත නලාක…

දැන් මෙන්න තීන්ත නැතිව සදහටම ලියන්න පුළුවන් පෑනක්!

ඔවුන් ලෝකයේ වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ සිත්ගන්නාසුලූ මෝටර් රථ සැලසුම් කරන සමාගමක් හැටියටයි. පසුගිය දශක 40ක් පමණ කාලයක් තිස්සේ මහමගදී ඔබ දුටු ලස්සන කාර් බොහොමයක්, නිෂ්පාදක සමාගම හෝ රට කුමක් හෝ වේවා එහි සැලසුම ඔවුන් විසින් කළ එකක්.

ජර්මනියේ මර්සිඞීස් බෙන්ස්, ඇමරිකාවේ කැඩිලැක්, බි‍්‍රතාන්‍යයේ රොල්ස්රොයිස්, ජීඑම් මෝටර් රථ නිෂ්පාදක සමාගමට ස්පෝට්ස් කාර් සැලසුම් කර මෝටර් සැකිල්ල තනා දුන්නේ බැටිස්ටා ෆරීනා විසින් ආරම්භ කළ පිනින්ෆරීනා ඉතාලි මෝටර් රථ සැලසුම් කරන සමාගම තමයි.

‘ෆරීනා මොඞ්ල්’ යන වදන මෝටර් රථ ලෝකයට එක් වූවේ ෆරීනාගේ නම අනුවයි. පරම්පරා ගණනක් තිස්සේ ඔවුන් තාමත් ලෝකයට නව මෝටර් රථ සැලසුම් හඳුන්වා දෙනවා. අද ඒ ආයතනයේ නායකත්වය දරන්නේ බැටිස්ටාගේ මුණුබුරෙකු වූ පාවුලෝ පිනින්ෆරීනායි.

ඉතාලියේ ෆෙරාරි, ඇල්ෆාරෝමියෝ, ෆියට්, ප‍්‍රංශයේ පෝර්ජෝ, ලැන්සියා, මසෙරාට්, ආසියාවේ ප‍්‍රකට මෝටර් රථ නිෂ්පාදක සමාගම්වලට මෙන් ම චීනයේ ඇවිචයිනා, චෙරි, චෙන්ෆෙන්, බි‍්‍රලියන්ස් හා ජේඒසී වැනි ආයතනවලටත් සැලසුම් සපයන්නේ ඔවුන් තමයි.

අද ඔවුන් ම තමයි මේ පෙරළිකාර පෑන ලෝකයට හඳුන්වා දෙන්නේ. අපේ අනාගත ලියන මෙවලම ලෙස හැඳින්විය …

ස්වර්ගයෙයි අපායෙයි වෙනස!

ස්වාමි කෙනෙක් ශිව දෙවියන් හමුවට ගොස් කතාබහක යෙදී සිටියා.

”දෙවියනි, මං කැමතියි, ස්වර්ගයයි, අපායයි මොන වගේද කියලා දැන ගන්න.” ඔහු දෙවියන්ට කීවා.

ශිව දෙවියන් ස්වාමිව දොරවල් දෙකක් ළඟට එක්ක ගියා.

දෙවියන් ඉන් එක දොරක් ඇරියා. ස්වාමි ඒ තුළින් එබී බැලූවා.

ඒ කාමරය මැද ලොකු කවාකාර මේසයක් තිබුණා. ඒ මේසය මැද ලොකු ඉස්ටු බඳුනක් තිබුණා. ඒ බඳුනෙන් රස වෑහෙන සුවඳකුත් නිකුත් වුණා. ඒ කෙතරම් මිහිරි සුවඳක් ද කීවොත් ස්වාමිගේ කටටත් කෙළ ඉනුවා.

යෝධ නැවක් මැදට කොටසක් බද්ධ කළ හැටි!

වාහන පුරුද්ද එක බොහොම දෙනෙක් දන්නා දෙයක්. එත් නැව් පිරිද්දීම ටිකක් අදහන්න බැරි දෙයක්. අපට මේ ළඟදි දකින්න ලැබුණා, වීඩියෝවක්. යෝධ නැවක් කපලා පුරුද්දන අවස්ථාවක් දැක්වෙන.
යෝධ සංචාරක නෞකාවක් දෙකට මැදින් කපලා ඒ මැදට අඩි 99ක් දිග කොටසක් එක්කරන ආකාරය තමයි, විස්මිත වීඩියෝවට නගා තියෙන්නෙ. මේ විස්මිත වීඩියෝව ඔබට ලැසි චලනයෙන් (slow-motion) බලා ගන්න පුළුවන්.

ඔබේ මොළයේ අලුත් රහස් මතුවෙයි! අධි වේගයෙන් කි‍්‍රයා කරන හැටි!

ඔබේ මොළය ගැන කළ අලුත් ම පර්යේෂණයකින් මෙතෙක් හෙළිදරවු නොවුණු රහස් විද්‍යාඥයන් විසින් මතු කර ගෙන තියෙනවා.

තත්පරයකින් අංශුවක කාලයක් තුළ පෙන්වන පිළිබිඹුවක් එසැණ හඳුනා ගැනීම කළ නොහැක්කක් ලෙසයි, මෙතෙක් කල් විශ්වාස කළේ.

ඒත් ස්නායු පිළිබඳ විද්‍යාඥයන් පිරිසක් විසින් කළ පර්යේෂණයකින් සොයා ගෙන තියෙනවා, මිනිස් මොළයට මෙතෙක් නොසිතූ විරූ වේගයකින් මේ කටයුත්ත කළ හැකි බව.

මේ කාර්යය සපුරා ගෙන ඇත්තේ ඇමරිකන් පර්යේෂකයන් පිරිසක් විසිනුයි. මිලි තත්පර 13ක් (මිලි තත්පරයක් කියන්නේ තත්පරයකින් දාහෙන් පංගුවකටයි.) වැනි ඉතා සුළු කාලයකින් මිනිස් ඇස දකින රූපයක් පැහැදිලිව හඳුනා ගන්නට හැකියාව ඇති බව ඔවුන් විසින් ඔප්පු කරල තියෙනවා. මෙවැනි අධි වේගයකින් මිනිස් මොළය කි‍්‍රයා කරන බව හෙළි කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

ඒ වේගය ඇත්තෙන්ම කලින් අධ්‍යයනවලින් වාර්තා වී තිබුණු වේගය වූ මිලි තත්පර 100 හා සසඳන කල අට ගුණයක් තරම් වේගයක් බව පර්යේෂකයන් කියනවා.

ඇමරිකන් පර්යේෂකයන් විසින් සොයා ගෙන තියෙනවා, මිලි තත්පර 13ක් වැනි කාලාංශුවක් තුළ මිනිස් ඇස දකින රූපයක් පැහැදිලිව හඳුනා ගන්නට හැකියාව ඇති බව. මේ තරම් වේගයකින් එය කළ හැකියැයි සොයා ගත පළමු වතා…

තට්ටය පෑදීමටත් දැන් විසඳුමක්!

පියවි සෛල (stem cells) යොදා ගෙන ඒ සඳහා තිරසාර පිළියමක් කරන්න මගක් ඒ පිළිබඳව පර්යේෂණ කළ විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා.

ඒ පියවි සෛල යොදා ගෙන රෝම කුප ප‍්‍රකෘතිමත් කිරීමේ ක‍්‍රමයක්. ඒ අනුව ගිලිහී යන කෙස් ගස් මුල ඇති ස්‍යුනිකා (follicles) සෛල යළි වර්ධනය කර නැවත කෙස් ඒමට සලස්වන්න ඉදිරියේ දී පුළුවන් වේවි.

විද්‍යාඥයන් මුලින් විශාල සටනක් කළා මේ සඳහා ප‍්‍රමාණවත් ස්‍යුනිකා සෛල නිපදවිය හැකි පියවි සෛල තනන්නට. ඒ මගින් කෙස් නැවත වඩවන්නයි ඔවුන් මුලින් උත්සාහ කළේ.

ඒ අනුව ඔවුන් මුලින් ම පර්යේෂණාගාර මීයන්ට බද්ධ කළා විශේෂ පියවි සෛල වර්ගයක්. ඒ මගින් විශේෂ වර්ගවල චර්ම සෛල හා රෝම කුප සෛල ඒ මීයන්ගේ සිරුරුවල වර්ධනය කරන්න ඔවුන් සමත් වුණා.

තට්ටය පෑදීම වැළැක්වීමට පියවි සෛල යොදා ගෙන කෙස් වැඞීමට ක‍්‍රමයක් විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. ඒ අනුව ගිලිහී යන කෙස් ගස් මුල ඇති ස්‍යුනිකා (follicles) සෛල පණ ගන්වා නැවත කෙස් ඒමට සලස්වන්න ඉදිරියේ දී පුළුවන් වේවි. මේ රූපයේ ඇති ඊතලවලින් දක්වෙන්නේ ඒ ක‍්‍රමයට මීයන්ගේ සිරුරේ වර්ධනය කළ රෝමයි.