මේ අසිරිමත් දුම්රිය පිළිබඳ සංකල්පයේ නිර්මාතෘ චීන ජාතිකයෙක්. නම චෙන් ජියෑන්ජුන් (Chen Jianjun).
දුම්රියක් එනකන් වේදිකාව මත එක දිගට පෙළ ගැසී නොසිට මේ අසිරිමත් දුම්රියේ යාමට කැමති අය රිය මඟට ඉහළින් තියෙන මැදිරියකට ගොඩ වෙන්න ඕනෑ. ඔවුන් එසේ සිටිය දී ශීඝ‍්‍රගාමී දුම්රිය ඒ මාර්ගයේ යන ගමන් මගීන් නැග සිටින උඩ මැදිරිය පිටේ තබා ගෙන යනවා. එසේ යද්දී මගීන්ට කරන්න තියෙන්නේ පඩිපෙළක් මතින් පහළින් දුවන දුම්රියට මාරු වීමයි. ඉන්පසු ඒ උඩ මැදිරිය ඊළඟ දුම්රිය නැවතුම් පොළේ දී හළනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOGrIASzELxK5lYZ5dNSQ79C8Cfl5YKNLf7ovIDYg5wNOlf2GF9b3HqWVB3K-1X1g9tUWccxXKc4pOELEUy8udJLnjhbWhaiu0wg3FYrSh0-0T_vw988GR0DTEEzuWHIYFwmcr3032KmCG/s320/1.jpg)
මගීන් ගොඩ නංවා ගන්නවත් කාලය මිඩංගු නොකර, නැවතුම් පොළවල නවත්තන්නේ නැතිව හැල්මේ දුවන විස්මිත දුම්රියේ සංකල්පය චීන ජාතික චෙන් ජියෑන්ජුන්ගේ. දුම්රිය නැවතුම් පොළේ දී මගීන් රිය මඟට ඉහළින් තියෙන මේ උඩ මැදිරියට ගොඩ වෙන්න ඕනෑ.
දුම්රිය පිට ඇති උඩ මැදිරියේ ඉන්නා පහළ ඇති දුම්රියට මාරු වෙන අතර ඉදිරියේ ඇති දුම්රිය නැවතුම් පොළේ දී බහින අය දුම්රියෙන් උඩ මැදිරියට මාරු විය යුතුයි.
දුම්රිය ධාවනය කරන ගමන් ම ඊළඟ නැවතුම් පොළේ දී තමන් ගෙන යන උඩ මැදිරිය හළන අතර එහි ඇති අනෙක් යන මගීන් රැගත් උඩ මැදිරිය ගමනේ දීම අමුණා ගන්නවා.
මේ නොනවතින දුම්රිය සංකල්පය ඉදිරිපත් කරන වීඩියෝව ඇත්තේ චීන බසින්. එහි සඳහන් වෙනවා, මෙය සැලසුම් කර ඇත්තේ බෙයිජිං අගනුවර හා ගුවාන්ශෝවු නගරය අතර ඇති නැවතුම්පොළවල නතරවීමට යන කාලය අඩු කිරීමට බව.
එක තැනක නතරව මගීන් පැටවීමට, හෝ බැස්සවීමට මිනිත්තු පහක් ගත කළොත් දුම්රියට මුළු ගමන සම්පූර්ණ කිරීමට වැඩිපුර පැය දෙකහමාරක් ගත වෙනවා. මේ ක‍්‍රමයට ඒ පැය දෙකහමාරම ඉතිරි කර ගන්න පුළුවන් බවයි, සැලසුම්කරු කියන්නෙ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDFvoxvjDQmgKp4FQzZ-muZ5I3SZ0PiKhoUgE8kZ6VmZcn5aDgwR119tc-1h_skmQ1qLUK50RKtAZHzQkWjbqeyDg-F_X-0J_rw9mbAnhIbXu93Q1LjGr8Eu-Kob48ubIl7eGd5GIS1d5e/s400/2.jpg)
මගීන් මේ උඩ මැදිරියට ඉදිරියෙන් හෝ පසුපසින් ඇතුළුවෙන්න පුළුවන්. ඒ සඳහා උස් කුඩා වේදිකාවක් තියෙනවා. මහීන්ට එහි ඇතුළුව වාඩි වීමට අසුන් පනවා තියෙනවා. දුම්රිය එය ඩැහැගත් පසු උඩ මැදිරිය මැද ඇති දොරෙන් ප‍්‍රධාන දුම්රියට ඇතුළුවෙන්න හෝ ඊළඟට නැවතුම්පොළෙන් බසින අයට දුම්රියේ සිට උඩ මැදිරියට ඇතුළුවෙන්න පුළුවන්.
දුම්රිය නැවතුම්පොළක් පසු කරන විට මගීන් රැගත් උඩ මැදිරිය එහි ඇති අගුල්වලින් දුම්රිය වහලය මතට සවිවෙනවා, ගමන යද්දීම. මගීන් එහි මැද ඇති තරප්පුවෙන් පහළට බසිනවා.
වීඩියෝවේ දැක්වෙන පරිදි මේ ක‍්‍රමයට නැවැත් වීමේදී හා යළි පණ ගැන්වීමේ දී වැය වන ඉන්ධන හා බල ශක්තිය ඉතිරි වෙනවා.
දුම්රිය ගමන්වල අනාගතය මෙය විය හැකියි! නොනවතින දුම්රිය මගීන් සහිත උඩ මැදිරිය අමුණා ගෙන ධාවනය කර අයුරු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3jKLRppUMb070FtFw5dYDJLRFM2IdyYeHNLkGwSdZtlBISaJxDcU7p4CHifB3RPcDNsDYQAaU-sMiop_0jGGwBFIA0cfjiT2L_dvBMnDVMX4yfp82payhYf6wfQ7aDCjMg02nKqyt044i/s400/8.jpg)
මේ වීඩියෝ දක්වා නැහැ, ආබාධිත අයට හා පඩි නැඟීමට අපහසු අයට මෙහි ඇති කරන පහසුකම් මොනවාද කියා. තවමත් මේ විස්මිත සංකල්පය සැබෑවක් කර ගන්නට නිසි පියවර අරන් නැහැ. ඒ වෙලාවට මේ අඩුපාඩුවලටත් පිළියම් යොදාවි.
1 Comments
මාරු අදහස
ReplyDelete