HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රියැදුරන් නොමැති වාහනවල අලූත් ම නිපැයුම - ඉබේ දුවන රොබෝ බසය!

මල් කැකුළු තුළින් ඔබ වෙත රියැදුරු නොමැතිව ධාවනය කළ හැකි රථ දෙකක් ගැන කලින් විස්තර ගෙනාවා ඔබට මතක ඇති. ඒ තමා ගූගල් (Google) හා ටෙස්ලා (Tesla) යන නව නිපැයුම් දෙක. ජගත් මෝටර් රථ දැක්මකට ඉදිරිපත් කර තිබූ මේ රථ තවමත් වෙළඳ පොළට ඇවිත් නැහැ.

ඒත් ඊට කලින් ඉබේ දුවන වාහන සිහිනය සැබෑවෙන ලකුණු පෙනෙනවා. ඊට මුල් වී තියෙන්නේ ඉන්ඩක්ට් (Induct) නම් වූ ප‍්‍රංශ සමාගමක්. එසේ නැතිව ලෝකයේ දැවැන්ත මෝටර් රථ නිෂ්පාදන සමාගම් නෙවෙයි. ඔවුන් ඉදිරිපත් කළ ස්වයංකී‍්‍රයව ධාවනය වන රථය නේවියා (NAVIA) කියලයි, හඳුන්වා ඇත්තේ.

මෙම රිය ධාවනයේ දී පරිසර දූෂණයට එක් වෙන ‘විමෝචන’ කිසිවක් නැති බව ද නිෂ්පාදකයන් ප‍්‍රකාශ කර තියෙනවා. දැනටමත් මෙය අත්හදා බැලීමක් ලෙස එක්සත් රාජධානියේ ඇබින්ඩන්හී පරමාණු බලශක්ති අධිකාරිය තුළත්, ස්විට්සර්ලන්තයේ ලොසෑන් තාක්ෂණික විශ්ව විද්‍යාලය තුළත් ධාවනයට යොදවා තියෙනවා.

 
ඉන්ඩක්ට් (Induct) නම් ප‍්‍රංශ සමාගම විසින් නිපදවා ඇති මේ විදුලි බස්රිය දැන් ඇමරිකා එක්සත් ජනපදයට හඳුන්වා දී ඇති අලූත් පරිසර හිතකාමී රථයයි.

 
මේ නේවියා කියන බස් රිය ටෙස්ලා රියක් තරම් හැඩ නැහැ. බීඑම්ඩබ්ලිව් රියක් තරම් මෙහි ඇතුළත අලංකාරත් නැහැ. ඒත් මේ රිය අනාගතයේ දී වඩා දියුණු ස්වයංකී‍්‍රයව ධාවනය කරන බස්වලට මග හෙළිපෙහෙළි කරාවි.

 
මේ විදුලි බස්රියට ධාවනය විය හැක්කේ පැයට හැතැප්ම 12.5ක වේගයකින් පමණයි. මෙහි ලේසර් (වමේ) ධාරා යොදා ගෙන තියෙනවා, මග ඇති බාධක හඳුනා ගන්න. ඒ වගේ ම හදිසි අවස්ථාවකදී රථය නවත්වන්න මගියකුට අතින් කි‍්‍රයා කළ හැකි බොත්තමක් (දකුණේ) තියෙනවා.

ලෝකයේ ප‍්‍රථමවරට භාවිතයට ආ රියැදුරු රහිත බස් රිය නේවියා (NAVIA)

නේවියා රථයට රකට මගීන් අට දෙනකු ගෙන යන්න පුළුවන්. මෙහි වටිනාකම ඩොලර් 250,000ක් පමණ වෙනවා.

මෙහි උපරිම ධාවන වේගය පැයට හැතැප්ම 12.5ක් විතරයි. මග සොයා යාමට ජීපීඑස් තාක්ෂණයට වඩා ලේසර් කිරණ ධාරා පමණයි, යොදා ගෙන ඇත්තේ.
ඔබේ ස්මාට් ෆෝනයෙන් හෝ පරිගණකය මගින් ඔබට මේ රථයක් ගෙන්වා ගන්න පුළුවන්.

රියට ගොඩ වූ පසු තමන් බසින තැන එහි ස්පර්ශක තිරයේ සටහන් කරන්න ඕනෑ. එවිට රිය එම ස්ථානයේ නවත්වනවා ඔබට බසින්නට හැකි වන විධියට.

මෙය මහා මාර්ගවල නිතර ධාවනයට වඩා ගුවන්තොටුපොළවල, විශ්ව විද්‍යාල පරිශ‍්‍ර හා කී‍්‍රඩාංගන තුළ ධාවනයට වඩාත් සුදුසුයි කියලයි, ඔවුන් කියන්නේ.

මෙය ධාවනය සඳහා විශේෂයෙන් සැකසූ මාර්ග හෝ පීලි අවශ්‍ය වන්නේ නැහැ. මෙය ඕනෑම පාරක ධාවනයට යොදා ගන්න පුළුවන්.

 
මෙය මහා මාර්ගවල නිතර ධාවනයට වඩාත් සුදුසු ගුවන්තොටුපොළවල, විශ්ව විද්‍යාල පරිශ‍්‍ර හා කී‍්‍රඩාංගන තුළ ධාවනයටයි.

සෑම දෙයක් ම තමන්ටම කර ගත හැකි, බුද්ධිමත් වාහනයක් ලෙස මෙය හඳුන්වන එහි නිෂ්පාදකයන් මෙහි නිහඬ කි‍්‍රයාකාරිත්වය හා පරිසර මිතුරු ස්වභාවය නිසා ඉක්මනින් ලොව පුරා ජනපි‍්‍රය වේයැයි විශ්වාසය පළ කරලා තියෙනවා.

”සිතා බලන්න, ශබ්දවලින් තොර නගරයක්, ස්මාට් ෆෝනයක් හෝ පරිගණකයක් මගින් කැඳවිය හැකි වාහනයක් ගැන, මෙන්න ඒකට වාහනය” ඉන්ඩක්ට් ප‍්‍රධාන විධායක පියරි ලෙව්රේ කියනවා.

”මේ නේවියා රියට රියැදුරකු අවශ්‍ය වන්නේ නෑ. ඔබේ විධානයට අනුව ඉබේ දුවනවා. සියයට සියයක් විදුලියෙන් කි‍්‍රයා කරන්නේ. පරිසරයට කිසිම දෙයක් විමෝචනය කරන්නේ නැහැ. පාවිච්චියට ඉතාමත් සරලයි.” ඔහු වැඩිදුරටත් කියනවා.

 
මේ නේවියා විදුලි රථයේ සංවේදකවලට වීදියක දසුනක් පෙනෙන්නේ මෙහෙමයි.

මීළඟ වසර තුන ඇතුළත රියැදුරු රහිත ටෙස්ලා රියක් මහ මග දී ඔබට දැක ගත හැකි වේවි. එහි නිෂ්පාදනය බාර ප‍්‍රධාන විධායක එලන් මස්ක් කියන විධියට එය රියැදුරාගේ කටයුතුවලින් සියයට 90ක් ස්වයංකී‍්‍රයව කළ හැකි රථයක්.

ටෙස්ලා ප‍්‍රධාන විධායක මස්ක් වසර තුනක් ඇතුළත් මේ රිය පිළිබඳ සිහිනය සැබෑ කරන බව කීවත් මේ පිළිබඳව විමසිල්ලෙන් ඉන්නා අය කියන්නේ රියැදුරකු නැතිව ඉබේ දුවන කාර් මහ මඟට එන්නට තවත් වසර 10ක් 15ක් ගත විය හැකි බවයි.

මේ අතර ජර්මනියේ ඬේම්ලර් ආයතනයත්, ජපානයේ නිසාන් ආයතනයත් දැනටමත් ප‍්‍රකාශ කරලා තියෙනවා, මේ දශකය අවසාන වන විට ඔවුන් රියැදුරන් රහිත වාහන වෙළඳපොළට ගේන බව.

 
මෙය අනාගතයේ එන රියැදුරු රහිත ප‍්‍රවාහන පද්ධතියකට මග හෙළිපෙහෙළි කරන්නක් වේවි.

 
මීළඟ වසර තුන ඇතුළත මේ රියැදුරු රහිත ටෙස්ලා රිය මහ මග දී ඔබට දැක ගත හැකි වේවි. එහි නිෂ්පාදනය බාර ප‍්‍රධාන විධායක එලන් මස්ක් කියන විධියට එය රියැදුරාගේ කටයුතුවලින් සියයට 90ක් ස්වයංකී‍්‍රයව කළ හැකි රථයක්.

 
ගූගල් ආයතනයත් මොටෝරිය කීපයකයටම රේඩාර් වැනි උපකරණ සවි කර අත්හදා බැලීම් කළා, කැලිෆෝනියාවේ හා නෙවඩා ජනපදවල මහා මාර්ගවල. ඒ අනුව ගූගල් ස්වයංකී‍්‍රය රථයත් ළඟදීම භාවිතයට ඒවි.





Post a Comment

0 Comments