HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නයගරා ඇල්ල සීතලෙන් ගල් ගැසී යයි! මේ දසුන් දකින ඔබ විස්මයෙන් ගල් ගැසේවි!

පසුගිය දා ඇමරිකාවට බලපෑ ධ‍්‍රැවික සුළි කුණාටුව (polar vortex) නිසා එදිනෙදා ජීවිතයට බොහෝ ප‍්‍රශ්න ඇති වූ බව ඔබ දන්නවා. ගුවන් ගමන් 12000ක් විතර අත්හිටවනු ලැබුවා. ගුවන් මගීන් ලක්ෂ ගණනක් අතරමග හිර වුණා. ඇමරිකාවේ ආර්ථිකයට විතරක් ඩොලර් බිලියන 5කට වැඩි පාඩුවක් සිද්ධ වුණා.

ඒ වුණාට අද අපි මේ සූදානම් වන්නේ ලෝක ප‍්‍රකට නයගරා දිය ඇල්ලට වුණු හදිය කියන්නයි. ඇමරිකා එක්සත් ජනපදයත් කැනඩාවත් අතර පිහිටා ඇති මේ සුන්දර දිය ඇල්ල ධ‍්‍රැවික සුළි කුණාටුව නිසා දිය මිදී යාම නිසා සිය ගමන නතර කොට මුළුමනින් ම අයිස් බවට පත් විය හැකි තත්වයක් ඇති වුණා.

නයගරා දිය ඇල්ල ඉහළ සිට පහළ ගලා වැටෙද්දී බිමට වැටෙන්න ඔන්න මෙන්න කියා තිබියදී සීතලෙන් ගල් ගැසී ඇති ආකාරය මේ පින්තූරවලින් ඔබට දැක ගන්න පුළුවන්.

නයගරා ෆෝල්ස් ස්ටේට් පාක්හී ප්‍රොස්පෙක්ට් පොයින්ට් හා රේන්බෝ බි‍්‍රජ් පිහිටි ප‍්‍රදේශයෙහි ජලය ඇති හැම තැනක් ම මිදී ගියා. පාලම යටින් ගලා ගිය ජලය මිදුණා. හිමපතනයත්, සමග මිහිදුම පවා ඝන වුණා.

පසුගිය අඟහරුවාදා (2014 ජනවාරි වැනිදා) නයගරා දිය ඇල්ල පිහිටි ප‍්‍රදේශයේ කාලගුණය වාර්තාගත ලෙස වෙනස් වීමක් සිදුවුණා. මෙතෙක් නොවූ විරූ දැඩි ශීතලක් පැතිර ගියා. උෂ්ණත්වමාපකයේ එය සටහන් වූයේ ෆැරන්හයිට් -2ක් ලෙසයි. ඒත් ඒ අවස්ථාවේ එහි හමා ගිය සුළඟ කෙතරම් ශීතල වීද යත් එහි යන අයට දැනුණේ ෆැරන්හයිට් රින 20ක් ලෙසයි.

බොහෝ දෙනා සිතුවේ මේ දැඩි ශීත කාලගුණය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවෙතැයි කියා නමුත් එසේ වූයේ නැත. මේ දුර්ලභ අවස්ථාව දැක බලා ගන්නත්, ඡායරූපයට නඟන්නත් බොහෝ දෙනා උත්සුක වුණා.

ඓතිහාසික වාර්තාවලට අනුව මේ හා සමාන දැඩි සීතලක් 1848 දීත් නයගරා ඇල්ල ප‍්‍රදේශයට උදා වී තියෙනවා. 1936 දී නයගරා දිය ඇල්ලට අයත් දිය ඇලි තුනෙන් උසින් අඩුම දිය ඇල්ල වූ ඇමරිකන් නයගරා ඇල්ල යන කොටස මුළුමණින්ම මිදී ගොස් තියෙනවා.

මෙහි දැක්වෙන ඡායාරූපවලින් 1890 දී හෝ 1902 දී මෙන් ම 1911 දී හෝ 1912 දී නයගරා ඇල්ල මිදී ගිය අවස්ථා ද දැක ගත හැකියි. ඡායාරූපයට නඟා ඇති පැරණිම අවස්ථා ඒවායි. මේවායේ ඡායාරූප ශිල්පීන් කවුරුන්දැයි වාර්තා වී නැහැ. ඒත් පැරණි වාර්තාවල දැක්වෙන පරිදි හිම මිදුණු එවැනි එක් අවස්ථාවක දී, එනම් 1912 දී පාලමක් සේ බැඳුණු අයිස් තට්ටුවක් කඩා වැටී ඒ හරහා යන්නට ගිය තිදෙනකු මරණයට පත් වෙලා තියෙනවා.

2014 ජනවාරි 8 වැනිදා කැනඩාවේ ඔන්ටාරියෝ සිට ගත් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ නයගරා දිය ඇල්ලේ ඇමරිකා එක්සත් ජනපදය පැත්තේ දසුනක්.

නයගරා දියඇල්ල ඇද හැලෙන ආකාරයත් එය පොළොව සිප ගැනීමට පෙර මිදී ගල්වී ඇති ආකාරයත් මේ චිත්තාකර්ෂණීය ඡායාරූපවලින් පෙනේ.

ඇමෙරිකාවටත් කැනඩාවටත් එකසේ බලපෑ ධ‍්‍රවීක සුළි කුණාටුව ගලා හැලෙන නයගරා දිය ඇල්ල මොහොතකට නවතා මේ අපූරු රටා මැව්වේ මෙහෙමයි.

නයගරා ඇල්ල පිහිටි ගඟ හරහා දමා ඇති ‘රේන්බෝ බි‍්‍රජ්’ හෙවත් අලංකාර දේදුනු පාලමට යටින් ගලන ගඟ මිදී ඇති ආකාරය.

ධ‍්‍රවික සුළි කුණාටුව ඇමරිකාවේ හා කැනඩාවේ කෝටි 24ක ජනගහනයකට තදින්ම බලපෑවා.


ධ‍්‍රවීක සුළි කුණාටුව නයගරා දිය ඇල්ල අවට ප‍්‍රදේශය මිදුණු හිමෙන් වැසුණු විස්මලන්තයක් බවට පත් කළේ මෙහෙමයි.

නයගරා ෆෝල්ස් ස්ටේට් පාක්හී ප්‍රොස්පෙක්ට් පොයින්ට් හිමෙන් වැසී තිබුණේ මෙහෙමයි.

මෙතරම් වාර්තාගත උෂ්ණත්වය පහළ වැටීමක් සිදුවුනත් සංචාරකයන් අඩු වුණේ නැහැ. ඒ අපූරු අත්දැකීම විඳ ගන්නත් සංචාරකයන් ආවා.

නයගරා ඇල්ලේ අසිරිය දකින්නට, කැනඩාවේ ඔන්ටාරියෝහි විශේෂයෙන් සකසා ඇති ස්ථානයක සිට මෙය දැක බලා ගන්නට තවමත් සංචාරකයන් එනු දැකිය හැකියි.

පසුගිය අඟහරුවාදා තමයි, නයගරා ප‍්‍රදේශයේ කාලගුණය වාර්තාගත ලෙස වෙනස් වුණේ. දැඩි ශීතලක් පැතිරුණා. උෂ්ණත්වමාපකයේ එය සටහන් වූයේ ෆැරන්හයිට් -2ක් ලෙසයි. ඒත් එහි හමා ගිය සුළඟ එහි ගිය අයට දැනුණේ ෆැරන්හයිට් -20ක් ලෙසයි.

උණුසුම් කාලයට නයගරා දිය ඇල්ල පෙනෙන්නේ මෙහෙමයි.

1911 දී හෝ 1912 දී නයගරා ඇල්ල මිදී ගිය අයුරු ඡායාරූපයට නඟා ඇති පැරණිම අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.

 
1890 දී හෝ 1902 දී හෝ නයගරා දිය ඇල්ල මිදුණු හිමෙන් වැසුණු අවස්ථාව.

අධි ශීත කාලයේ දී නයගරා ගංගාව හරහා ඉවුරෙන් ඉවුර යා කෙරෙන ආකාරයෙන් මිදුණු දියෙන් තැනෙන පාලම් දැක ගත හැකියි. මේ එවැන්නක 1936 දී පමණ ගන්නා ලද ඡායාරූපයක්.



Post a Comment

5 Comments