පිඟන් සෝදන වදේට ආයුබෝවන් කියන්න මඟක් පෑදේ! නෙළුම් මලෙන් උපන් නව ක‍්‍රමයක්!

ස්වීඩනයේ සැලසුම්කරුවන් විසඳුමක් සොයා ගෙන තියෙනවා, පිඟන් ආදිය සේදීමේ මෙතෙක් පැවති වදය නවතා දමන්නට. මේ නව ක‍්‍රමයෙන් පිඟන්, කෝප්ප, දීසි ආදිය ඉබේම පිරිසුදු වෙනවා. තවත් විධියකින් කීවොත් ඒවාට කුණු අල්ලන්නෙ නැහැ.

මේ පිඟන්වලට නව තාක්ෂණයෙන් සොයා ගත් දව්‍යයක් ආලේප කරනවා. එවිට ඒවාට කුණුවත් ජලයවත් අල්ලන්නේ නැහැ. ආහාර ඇලෙන්නේ නැහැ. කෑම කෑ පසු පිඟානේ ඉතිරිවන දේ වතුරට අල්ලපු ගමන් ම ඉවත් වෙනවා. අතුල්ලා වද වෙන්න ඕනැ නෑ.

මේ සඳහා විශේෂ පිඟන් ආදිය නැතීමත් කෙරෙනවා. නව සලූයිලෝස්වලින් නිපදවන ද්‍රව්‍යයකින් තනනු ලබන ඒවා සාමාන්‍ය පිඟන්වලට වඩා සැහැල්ලූයි. ඒත් ඒවාට වඩා බොහෝ සේ ශක්තිමත්.

 
ස්වීඩනයේ සැලසුම්කරුවන් පිඟන් ආදිය සේදීමට නව ක‍්‍රමයක් සොයා ගෙන තියෙනවා, මේ නව ක‍්‍රමයෙන් පිඟන්, කෝප්ප, දීසි ආදිය ඉබේම පිරිසුදු වෙනවා. ඒ කියන්නේ ඒවායේ කුණු රැඳෙන්නෙ නෑ.

පිඟන් තනන හැටි

සෙලියුලෝස් පල්පයක් රත් වූ අච්චුකට දමා තද කිරීමෙන් තමයි, පිඟන් බඩු තනා ගන්නේ. එසේ තනන පිඟන් බඩුවලට සුපිරි ජලරෝධක මිශ‍්‍රණයක් ආලේප කරනවා.

ඒ ආලේපන මිශ‍්‍රණය තනා ගන්නේ ඉටි සමග කාබන්ඩයොක්සයිඞ්, අධි පීඩනයක් හා උෂ්ණත්වයක් යටතේ එකට එක් කිරීමෙන්. මේ ආලේපනය පිඟන් බඩුවල ගල්වන්නේ ස්පේ‍්‍ර ක‍්‍රමයටයි.

මෙසේ පිඟන් බඩුවලට ස්පේ‍්‍ර කළ පසු ඒ භාණ්ඩ මතුපිට සුපිරි ජලරෝධක තත්වයක් ඇති වෙනවා. එවිට ජලය තබා කුණු පොදක් වත් ඊට අල්ලන්නේ නැහැ.
සෙලූලෝස් කියන්නෙ කපු තන්තුවල, ලීවල, නියඳ ආදියෙහි තියෙන කාබනික සංයෝගයක්. එයින් තමයි, ඒ ද්‍රව්‍යවල ව්‍යුහයන්ට ශක්තිය ලැබෙන්නෙ.

මේ නව ද්‍රව්‍ය සංවර්ධනය කර ඇත්තේ ස්වීඩනයේ ‘ටුමරෝ මැෂින්’ (Tomorrow Machine) නම් නව සැලසුම් ආයතනයක් හා නිපැයුම් තැනීමට කැප වූ ‘ඉන්වෙන්ටියා’ (Innveventia) නම් පර්යේෂණ සමාගමක් විසින්.

”මේ නිෂ්පාදනය එහි නිෂ්පාදන කි‍්‍රයාවලියේ දී සම්පත් ඉතිරි කරනවා පමණක් නොව එහි මුළු ආයු කාලය තුළ ම ඒවා පිරිසිදු කිරීමට ජලය හා රසායන ද්‍රව්‍ය අවශ්‍ය වන්නේ නැහැ.” මෙහි සැලසුම් කරුවන් පවසනවා.

මෙහි සෙලූලෝස් පාදක ද්‍රව්‍ය අලූතින් ම නිර්මාණය කළේ ඉන්වෙන්ටියා ආයතනය වන අතර මේවායෙහි ආලේපනය ද්‍රව්‍යය නිර්මාණය කළේ ස්ටොක්හෝම්හී කේටීඑච් රාජකීය තාක්ෂණික ආයතන විසිනුයි.

සෙලූලෝස් තලපය තාපයට ලක් කළ අච්චුවකට දමා තද කිරීමෙන් බන්දේසි, පිඟන්, තසිම් හා දීසි තනනු ලබනවා.

ඒවා සිසිල් වූ පසු සාමාන්‍ය පිඟන් බඩු මෙන් ම තද, එහෙත් ඊට වඩා බරින් අඩු, ඒ වාගේ ම සුපිරි සවිමත් බවක් ලැබෙනවා.

 
මේ සෑම පිඟන් බඩුවක් ම තනා ඇත්තේ නව සෙලූලෝස් පාදක කර ගත් නව ද්‍රව්‍යයකින්. ඒවා සැහැල්ලූයි, ඒත් සාමාන්‍ය පිඟන් බඩු තරම් ම තදයි, ඒ විතරක් නොවෙයි, ඉතා සවිමත්.

 
නෙළුම් මලේ හා කොළවල දිය නාල්ලන ගතිය අනුකරණය කරලයි, මේ නව නිපැයුම නිර්මාණය කරලා තියෙන්නෙ.



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

5 Comments

  1. නෙලුම් මල තියෙන රටවල මිනිසුන්ට මේවා හිතෙන්නේ නැති එකනේ වැඩේ.

    ReplyDelete
  2. නෙලුම් මල් උඩ නිදාගත්ත මිනිස්සු ඉන්න රටවල අය තාම බෙලෙක් පිගානේ තමයි කන්න හිතන්නේ ,, ස්තුති ලිපියට

    ReplyDelete
  3. නෙලුම් මල් වල බට්ටා කන්නත් පුලුවන් නේද?

    ReplyDelete
  4. මං හිතන්නේ මේකට නැනෝ තාක්ෂණය යොදාගෙන ඇති. නැනෝ තාක්ෂණය යොදාගෙන කුණු අල්ලන්නේ නැති තීන්ත හිටන් හදල තියෙනවා. ලංකාවෙත් තියෙනවද කොහෙද ඒක.

    ReplyDelete
  5. සුදීක, නෙලුම් මල තියෙන රටවල මිනිසුන්ට මේවා හිතෙන්නෙ නෑ නෙවෙයි. නව නිර්මාණ කරුවන්ට සහ පර්යේෂකයන්ට ලංකාවෙ තැනක් නැති එකයි ප්‍රශ්නෙ. Physics special ඩිග්‍රියක් ගන්න කීයෙන් කී දෙනාද ලංකාවෙ ඉන්නෙ? ඔක්කොම පිටරට යනව PhD කරන්න. ඇයි? ලංකාවෙ හිටියොත් බඩගින්නෙ අතේ තියෙන තුට්‍ටු දෙකත් වියදම් කරගෙන තමයි research කරන්න වෙන්නෙ... පිටරටවල එහෙම නෑ. උන් උගතුන්ට, පර්යේෂකයන්ට තැන දෙනව.

    ReplyDelete