Skip to main content

Posts

Showing posts from January, 2014

දැන් ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ ති‍්‍රමාන රූපයක් ලබා ගන්න පුළුවන්!

”ඔබේ දරුවා ඉපදෙන්නටත් කලින් මුණ ගැහෙන්න ඔබ කැමතිද?” අලූත ආරම්භ කළ සමාගමක් තමයි, මේ ප‍්‍රශ්නය ඔබෙන් අහන්නේ. ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමය යොදා ගෙන ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ ති‍්‍රමාන පිළිරුවක් ඔබට ලබා දෙන්න ඔවුනට පුළුවන්.

ඔබේ දරුවාගේ අතිධ්වනික තරංග යොදා ගෙන ගන්නා ස්කෑන් රූපයක් යොදා ගෙනයි, ඔවුන් මේ විස්මයජනක කටයුත්ත කරන්නෙ. ‘තී‍්‍රඞී බේබීස්’ (3D Babies) නම් සමාගම කරන්නේ අතිධ්වනික පරිලෝකනයක් මගින් නිවැරදි දේහ ලක්ෂණ සහිතව බබාගේ සමේ පැහැය පවා නිවැරදිව සිටින සේ මේ පිළිරුව ඔබට තනා දීමට ඔවුන්ට පුළුවන්.

මේ ළදරු පිළිරූ ප‍්‍රමාණ තුනකින් ලබා ගන්න පුළුවන්. ජීවමාන ප‍්‍රමාණයට, ඉන් අඩකට හා හතරෙන් එකක ප‍්‍රමාණයට ආදී වශයෙන් මේ ළදරු පිළිම ඔබට ලබා ගන්න පුළුවන්.

ඔබේ කුස තුළ වැඩෙන උරුමක්කාරයා උපදින්නට පෙර හමුවන්න ඔබ කැමතිද? මෙන්න ති‍්‍රමාන ක‍්‍රමයට සැකසූ එවැනි නූපන් ළදරු පිළිරුවක්

ශාකවලට බුද්ධියක් තිබේද? නිදිකුම්බා ශාකය ඇසුරෙන් කළ විස්මිත හෙළිදරවුවක්!

අලි ඇතුන් වැනි සතුන්ගේ මතකයන් ගැන අපට නිතරම අහන්නට ලැබිලා තියෙනවා. අලියා තමන්ට කරන හතුරුකම් ‘ඇතු හක්කේ පොල් වාගේ මතක තියා ගෙන ඉන්නවා’ කියලා කියමනකුත් අප අතර තියෙනවා.

ඒත් දැන් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා මේ මතකය අලි ඇතුන් වැනි සතුන්ට විතරක් නොවෙයි, ඒ තරම්වත් මොළයක් නැති ගස්වැල්වලටත් තියෙන බව.

ශාකවලට ඇති මේ විස්මිත හැකියාව විද්‍යාඥයන් විසින් හෙළිදරවු කර ගෙන ඇත්තේ නිදිකුම්බා ශාකය පිළිබඳ කළ පර්යේෂණයකින්.

ඒ අනුව විද්‍යාඥයන් දැන් කියන්නේ යම්තම් ඇඟිලි තුඩු තැබූ පමණින් නිදියන නිදිකුම්බා පැළය වැහි බින්දුවලට එසේ නොකරන්නේ ඒවා තමන්ට අනතුරුදායක නොවන බව තේරුම් ගැනීම නිසා කියලයි.

ඔවුන් ඒ පිළිබඳව කළ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ අත්දැකීමෙන් දිවිරැකුම ගැන ඉගෙන ගන්නා නිදිකුම්බා වැනි ශාකවල ඇති මේ අපූරු හැකියාව නිසා විද්‍යාඥයන්ට ගහකොළ දෙස නව දැක්මකින් බලන්නට හැකි වී තිබෙන බවයි.

නිදිකුම්බා ශාකය ඇසුරෙන් කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ඇඟිලි තුඩු තැබූ පමණින් නිදියන එය, වැහි බිඳු අහිතකර නොවන බව අත්දැකීමෙන් තේරුම් ගෙන සති කීපයකට පසුව ඒවාට එම ප‍්‍රතිචාරය නොදක්වන බවයි.

අහසින් එන විස්මිත ගිනි බෝලවල රහස් හෙළිවේ! ප‍්‍රථම වතාවට වීඩියෝවටත් නඟලා!

අහසින් එන ගිනි බෝල හැම විට ම අපව මවිතයට පත් කළා. මේවා දේවතා එළි කියලයි, සමහරුන් විශ්වාස කරන්නේ. මේවා සක්වළ යානා කියලත් සමහරුන් සැක කළා. සියවස් ගානක් තිස්සේ මේවා විසඳිය නොහැකි ගැටලූ අතරට වැටිලයි තිබුණේ.

දැන් ඒ ගිනි බෝල, ඒ කියන්නෙ, අකුණු ගහන වෙලාවට මතු වෙන විශාල දීප්තිමත් ආලෝක ගෝල ප‍්‍රථම වතාවට වීඩියෝවකට නඟා තියෙනවා.

චීන පර්යේෂකයන් පිරිසකට අහම්බෙන් අවස්ථාව ලැබිලා තියෙනවා මේ විස්මිත ගිනි බෝල වීඩියෝවට නඟන්න, චීනයේ ක්වින්හයි (Qinghai) වල කුණාටු අවස්ථාවක විකිරණශීලිතාව සිතියම් ගත කරද්දි.

විද්‍යාඥයන් විසින් මේ සොබාදහමේ එන ගිනිබෝල මතුවීමේ දර්ශනය නිරීක්ෂණය කළ පළමු වතාව මෙයයි. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ අහසේ වලාකුළකින් පොළොවට එන අකුණක වර්ණාවලියයි. එහි දී ගිනි බෝලයක් නිර්මාණය වෙනවා. ඒ ගිනි බෝලය වම් කෙළවරේ සුදු තිතක් ලෙස පෙනෙනවා. එහි වර්ණවලිය මඳ දීප්තියක් ඇති වර්ණ පටියක් සේ අක‍්‍රමවත් ප‍්‍රධාන වර්ණාවලිය පාමුල තිබෙනු දැකිය හැකියි.

සිංහල සිනමාවේ වයස 67 ද? 78 ද? තවමත් ජීවමානව ඉන්නා පැරණිම සිනමාවේදියා අමරදේව!

අදට සිංහල සිනමාවට අවුරුදු 67ක් වෙනවා කියලයි කියන්නෙ. ඒත් ඒක හරිද? මුල්ම සිංහල කතානාද චිත‍්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ 1947 ජනවාරි 21 වැනිදා තිරයට ආවේ කොළඹ කිංස්ලි සිනමාහලේදියි. ඒ නිසයි, ජනවාරි 21 වැනිදා සිංහල චිත‍්‍රපටයේ උපන් දිනය ලෙස සැලකෙන්නේ. නමුත් සිංහල චිත‍්‍රපට කීපයක් ඊට කලින් තැනුවා. ඒ වගේම ප‍්‍රදර්ශනය කළා.

1922 දී ඉන්දියාවේ කල්කටා නුවර පැවති සර්වඥ ධාතු ප‍්‍රදර්ශනයට ධර්මපාල තුමන් සහභාගි වූ ආකාරය දැක්වෙන නිහඬ කෙටි වාර්තා චිත‍්‍රපටයක් පැලස් ශාලාවේ දී තිර ගත කෙරුණා. ඒක සිංහල බෞද්ධ ජනතාව දහස් ගණනින් නැරඹූ බව සඳහන් වෙනවා. එයින් අදහසක් ඇති කර ගත් ටී. ඒ. නූර්බායි නම් චිත‍්‍රපට ප‍්‍රදර්ශකයා සිංහල චිත‍්‍රපටයක් තැනීමට මුල් වුණා. 1925 දී ඔහු නිෂ්පාදනය කළ එය නිහඬ චිත‍්‍රපටයක්. ‘ශාන්තා නොහොත් රාජකීය වික‍්‍රමය’ නමින් නිපදවුණු ඒ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත රඟපෑවේ ඇන්. ඇම්. පෙරේරා (පසුව අමාත්‍යවරයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා) සමග සිබිල් ෆිට්, ඇල්බට් සිල්වා, ගේ‍්‍රෂන් පෙරේරා, රෙජිනෝල්ඞ් පෙරේරා, පර්සි පෙරේරා ආදීන්. කැමරාව මෙහෙයවමින් අධ්‍යක්ෂණය කළේ ගුප්ත නම් ඉන්දියානු ජාතිකයෙක්. කලා අධ්‍යක්ෂවරුන…

අහසට පැන කුරුල්ලකු දඩයම් කරන මාළුවෙක්! ප‍්‍රථම වතාවට කැමරාවට නැඟූ විස්මිත දසුනක්!

ටෙලිවිශනයෙන් අපට බොහෝ විට දැක ගන්නට ලැබෙන්නේ රාජාලියකු හෝ කුරුලූ ගොයකු අහසින් හඹා විත් දියට පැන මාළුවකු ඩැහැගන්නා අන්දමයි. එහෙත් පසුගියදා මීට වඩා වෙනස් දසුනක් අබට අන්තර්ජාලය හරහා දැක ගන්නට ලැබුණා. ඒක ඇත්තෙන්ම විස්මිත දසුනක්!

ඒ විස්මිත දසුනෙන් දක්නට ලැබුණේ මාළුවකු දියෙන් අහසට පැන අහසේ ඉගිල්ලෙන කුරුල්ලකු ඩැහැ ගන්නා අන්දමයි. ඇත්තෙන්ම එය මෙතෙක් කිසිදාක කැමරාවට හසු නොවූ විස්මිත දසුන් පෙළක්!

මීට පෙර ඉඳහිට වාර්තාවෙලා තියෙනවා, මත්ස්‍යයන් කුරුල්ලන් ආහාරයට ගන්නා බව. මෝරුන්, ආඳන් හා පිරන්හා වැනි මසුන් පිහිනන අතර එක්වරම පැන තමන් අසලට එන කුරුල්ලන් හා වෙනත් සතුන් අල්ලා ගෙන කන බව. සමහර විටෙක මත්ස්‍යයකු, දිය බොන්නට එන, හෝ ජලසීමාව අසලට ළං වන, කුරුල්ලකු මෙසේ අල්ලා ගෙන කෑම ඒ තරම් අරුමයක් නෙවෙයි. එවැනි අවස්ථා කැමරාවට නගා තිබෙනු අපට බොහෝ විට දැක ගන්නට ලැබී තිබෙනවා.

මේ ආකාරයෙන් ම අපි‍්‍රකානු ටයිගර් ෆිෂ් හෙවත් අපි‍්‍රකානු කොටිමාළුවාත් ඒ ආකාරයේ දඩයක්කාරයකු යැයි වාර්තා වුනත් ඌ එවැනි දඩයමක යෙදෙනු කිසිදාක කැමරාවට හසු කර ගෙන නැහැ.

අපි‍්‍රකානු මහාද්වීපයේ ගංගාවල හා විල්වල වෙසෙන මේ දරුණු විලෝපික මත්ස්‍යයන් දියට ආසන…

හොරු දෙන්නා : එස්. ජී. පුංචිහේවා ලියූ අලූත්ම කතාව

කවදත් අපේ බුද්ධිමය ඉම පුළුල් කරන්නට පුංචි කතාවලින් උත්සාහ කරන අපේ එස්. ජී. පුංචිහේවා ලේඛකයා ‘මෙහෙවු රටේ’ කියලා අලූත් තීරුවක් ‘රාවය’ පත්තරෙන් පටන් අරන් තියෙනවා. ඔහුගේ කතා අසා රස වින්දායින් පසු එතැනින් නතර වෙන්නේ නෑ. ඒ ගැන තවදුරටත් හිතන්න පොලඹවනවා. මේ අලූත් තීරුවෙනුත් ඔහු එවැනි කතාවක් ඉදිරිපත් කරනවා. ඔහු එහි ලියූ කතා පුංච අද අප ‘මල්කැකුළු’තුළින් මෙසේ පළ කරන්නට තීරණය කළේ එහි ඇති කාලීන වටිනාකම නිසයි. එසේ ම මෙවැනි කතා වැඩි දෙනකු අතට යාමෙන් ලේඛකයාගේ අරමුණට වැඩි වටිනාකමක් ද එක් වෙතැයි අප සිතන නිසයි.


හොරු දෙන්නා
එක් ගම්මානයක් අසල වනාතේ මහ ගසක් යට හොරු දෙදෙනෙක් වාසය කළහ. නිසි රැකියාවක නොයෙදුණු නිසාත්, රෑට හොරකමේ යෙදුණු නිසාත්, ඔවුන්ට ගමේ සිටිය නොහැකිය. හිසට සෙවණ වූයේ මහ ගසය. නිදන ගෙපිළ වූයේ මහ පොළොවය. රෑට හොරකමේ යෙදී අවුත් දවල්ට ගස යට නිදා ගනිති. හැමදාම මෙසේ කල ගෙවුණේ නැත. හොරකම් කරද්දී සමහරදාට ගම්මුන්ට අසුවී යහමින් ගුටි කති. යළිත් සොරකමේම යෙදෙනමුත්, යළි අසුවී ඇඟපත තළාපෙළා ගනිති.

රියැදුරන් නොමැති වාහනවල අලූත් ම නිපැයුම - ඉබේ දුවන රොබෝ බසය!

මල් කැකුළු තුළින් ඔබ වෙත රියැදුරු නොමැතිව ධාවනය කළ හැකි රථ දෙකක් ගැන කලින් විස්තර ගෙනාවා ඔබට මතක ඇති. ඒ තමා ගූගල් (Google) හා ටෙස්ලා (Tesla) යන නව නිපැයුම් දෙක. ජගත් මෝටර් රථ දැක්මකට ඉදිරිපත් කර තිබූ මේ රථ තවමත් වෙළඳ පොළට ඇවිත් නැහැ.

ඒත් ඊට කලින් ඉබේ දුවන වාහන සිහිනය සැබෑවෙන ලකුණු පෙනෙනවා. ඊට මුල් වී තියෙන්නේ ඉන්ඩක්ට් (Induct) නම් වූ ප‍්‍රංශ සමාගමක්. එසේ නැතිව ලෝකයේ දැවැන්ත මෝටර් රථ නිෂ්පාදන සමාගම් නෙවෙයි. ඔවුන් ඉදිරිපත් කළ ස්වයංකී‍්‍රයව ධාවනය වන රථය නේවියා (NAVIA) කියලයි, හඳුන්වා ඇත්තේ.

මෙම රිය ධාවනයේ දී පරිසර දූෂණයට එක් වෙන ‘විමෝචන’ කිසිවක් නැති බව ද නිෂ්පාදකයන් ප‍්‍රකාශ කර තියෙනවා. දැනටමත් මෙය අත්හදා බැලීමක් ලෙස එක්සත් රාජධානියේ ඇබින්ඩන්හී පරමාණු බලශක්ති අධිකාරිය තුළත්, ස්විට්සර්ලන්තයේ ලොසෑන් තාක්ෂණික විශ්ව විද්‍යාලය තුළත් ධාවනයට යොදවා තියෙනවා.

ඉන්ඩක්ට් (Induct) නම් ප‍්‍රංශ සමාගම විසින් නිපදවා ඇති මේ විදුලි බස්රිය දැන් ඇමරිකා එක්සත් ජනපදයට හඳුන්වා දී ඇති අලූත් පරිසර හිතකාමී රථයයි.

පිටකොන්දක් ඇති සතුන් උපන් හැටි සොයා ඬේවඞ් ඇටන්බරෝ වසර මිලියන 500ක් අතීතයට!

ඬේවිඞ් ඇටන්බරෝ කොටස් දෙකකින් යුත් අලූත් ම වාර්තා චිත‍්‍රපටයක් තනා තියෙනවා. පසුගියදා බීබීසී රූපවාහිනී සේවයෙන් විකාශය වූ එම වැඩ සටහන හැඳින්වූයේ ‘සතුන්ගේ උදාව: පෘෂ්ඨවංශීන්ගේ ජයග‍්‍රහණය’ (Rise of Animals: Triumph of the Vertebrates) කියායි.

ඔහු මේ සඳහා ලෝකයේ පුරාජීව විද්‍යාත්මක (paleontological) වශයෙන් ඉතා වැදගත් තැන් කීපයකටම ගියා. කශේරුකාව ඇත්තන් හෙවත් පෘෂ්ඨවංශීන් පෘථිවිය පාලනය කරන්නට හැකි තත්වයට වර්ධනය වූයේ කෙසේද, ඔවුන් දේහයන් අද තත්වයට පරිණාමය වූයේ කෙසේද යන්න සොයන්නයි.

නයගරා ඇල්ල සීතලෙන් ගල් ගැසී යයි! මේ දසුන් දකින ඔබ විස්මයෙන් ගල් ගැසේවි!

පසුගිය දා ඇමරිකාවට බලපෑ ධ‍්‍රැවික සුළි කුණාටුව (polar vortex) නිසා එදිනෙදා ජීවිතයට බොහෝ ප‍්‍රශ්න ඇති වූ බව ඔබ දන්නවා. ගුවන් ගමන් 12000ක් විතර අත්හිටවනු ලැබුවා. ගුවන් මගීන් ලක්ෂ ගණනක් අතරමග හිර වුණා. ඇමරිකාවේ ආර්ථිකයට විතරක් ඩොලර් බිලියන 5කට වැඩි පාඩුවක් සිද්ධ වුණා.

ඒ වුණාට අද අපි මේ සූදානම් වන්නේ ලෝක ප‍්‍රකට නයගරා දිය ඇල්ලට වුණු හදිය කියන්නයි. ඇමරිකා එක්සත් ජනපදයත් කැනඩාවත් අතර පිහිටා ඇති මේ සුන්දර දිය ඇල්ල ධ‍්‍රැවික සුළි කුණාටුව නිසා දිය මිදී යාම නිසා සිය ගමන නතර කොට මුළුමනින් ම අයිස් බවට පත් විය හැකි තත්වයක් ඇති වුණා.

නයගරා දිය ඇල්ල ඉහළ සිට පහළ ගලා වැටෙද්දී බිමට වැටෙන්න ඔන්න මෙන්න කියා තිබියදී සීතලෙන් ගල් ගැසී ඇති ආකාරය මේ පින්තූරවලින් ඔබට දැක ගන්න පුළුවන්.

නයගරා ෆෝල්ස් ස්ටේට් පාක්හී ප්‍රොස්පෙක්ට් පොයින්ට් හා රේන්බෝ බි‍්‍රජ් පිහිටි ප‍්‍රදේශයෙහි ජලය ඇති හැම තැනක් ම මිදී ගියා. පාලම යටින් ගලා ගිය ජලය මිදුණා. හිමපතනයත්, සමග මිහිදුම පවා ඝන වුණා.

පසුගිය අඟහරුවාදා (2014 ජනවාරි වැනිදා) නයගරා දිය ඇල්ල පිහිටි ප‍්‍රදේශයේ කාලගුණය වාර්තාගත ලෙස වෙනස් වීමක් සිදුවුණා. මෙතෙක් නොවූ විරූ දැඩි ශීතලක…

ඇමසන් වනාන්තරයෙන් මතු වූ ‘සේද රටාවේ’ අබිරහස හෙළිවේ!

පසුගිය වසරේ ජූනි මාසයේ පේරූ රාජ්‍යයේ ඇමසන් වනාන්තර කොටසේ අමුතුම දෙයක් දැක ගන්න ලැබුණා. ඒ කවාකාර සුදු කූඤ්ඤ පේළියක් බඳු ව්‍යුහයක්. මෙය ගුප්ත ‘සේද රටාවක්’ ලෙසයි පෙනුනේ.

සුදු පැහැති කුඩා කොතක් බඳු යමක් වටා වැටක් සිට වූ කලෙක මෙන් පෙනුණු මෙය අබිරහසක් ලෙසයි, මුලින් ම දුටු ට්‍රෝයි ඇලෙක්සැන්ඩර් සිතුවේ. ඔහු ඇමරිකාවේ ජෝර්ජියා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියක් හදාරන්නෙක්.

මේ සුවිශේෂ රටාව ඔහුට දක්නට ලැබුණේ පේරූ රාජ්‍යයේ ටැම්බොපටා (Tambopata) ජාතික වන රක්ෂිතයේ පිහිටි පර්යේෂණායතනයකදියි. එහි නිල් ටාපොලින් කූඩාරම් රෙද්දකයි, ඔහු මුලින් ම තිබෙනු දුටුවේ. ඉන්පසු තවත් එවැන්නක් සෙක්‍රොපියා ගසක තිබෙනු ඔහු දුටුවා. ඔහු ඒ අවස්ථාවේ සිටියේ ටැම්බොපටා විද්‍යා පර්යේෂණායනයේ අධ්‍යයන කටයුතුවල යෙදෙමින්.

මේ සේද රටාව මුලින්ම දුටු ට්‍රෝයි ඇලෙක්සැන්ඩර් ටාපොලීන් රෙද්දේ බැඳ තිබුණු අයුරු ඡායාරූප ගත කොට ඔහු අන්තර් ජාලය හරහා වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ මෙය කුමක්දැයි හඳුනා ගන්නට උදවු ඉල්ලා තිබුණා.

පසුගිය දා මේ අබිරහස අනාවරණය කර ගත්තා ඒ පේරූ ඇමසන් වනාන්තරයට ගිය ලෝක ප‍්‍රකට වනජීවී ඡායාරූප ශිල්පියකු විසින්. ඔහු නමින් ජෙෆ් ක්‍…

මෙන්න නව ලොවට පෙරළිකාර ගෘහභාණ්ඩ පෙළක්! ලන්දේසි තරුණයෙකුගෙන්!

තරුණ නිර්මාණ සැලසුම්කරුවෙක් අමුතුම මාදිලියේ ගෘහ භාණ්ඩ පෙළක් ඉදිරිපත් කරල තියෙනවා. ලීවලින් කළත් ඒවායේ ඇණ කිසිවක් නැහැ. මේ නව මාදිලියේ ගෘහභාණ්ඩ කට්ටලයක් මිලදී ගන්න කෙනෙකුට ඒවා ගෙදර ගෙනිහින් සවි කර ගන්න ඇණ, මිටි ආදිය කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ.

නව ආරකින් යුත් මේ ගෘහභාණ්ඩ සවි කරන එක හරිම ලේසියි. වානේ හා දැව මිශ‍්‍ර කර නිමවා ඇති මේ ගෘහභාණ්ඩ සවි කිරීමට ඇණ වෙනුවට ඇත්තේ චුම්බකයි. ඔබට තියෙන්නේ ඒ ඒ කොටස් නිසි තැන තියන එක විතරයි, ඒවා ඉබේම සවි වෙනවා. සවිශක්තියෙන් සම්ප‍්‍රදායික ගෘහභාණ්ඩවලට කිසිසේත් දෙවැනි වන්නේ නැහැ.

නව ලොවට එක්වුණු මේ පෙරළිකාර ගෘහභාණ්ඩ ඇත්තෙන් ම විස්මිතයි, විස්මයජනකයි!

මේ අපූරු නව නිපැයුම ඉදිරිපත් කරන්නේ ලන්දේසි තරුණයෙක්. තවත් විධියකින් කීවොත් ඕලන්දක්කාරයෙක්. ඔහුගේ නම බෙන්ජමින් වර්මියුලන්.

සිත්ගන්නාසුලූ සැලසුමක්! තරුණ බෙන්ජමින් වර්මියුලන් ඉදිරිපත් කරන ගෘහභාණ්ඩ කීපයක්. මේවා සවි වෙන්නේ තනිකරම චුම්බකවලින්.

නොනැවතී දුවන අධිවේගී දුම්රියක්! අතර මග මගීන් ගන්නේත් දුවන ගමන්! විස්මිත සංකල්පයක්!

සිතා ගන්න පුළුවන්ද නොනැවතී ධාවනය වන මගී ප‍්‍රවහනයක් ගැන? මගීන් ගොඩ නංවා ගන්නවත් කාලය මිඩංගු නොකර, නැවතුම් පොළවල නවත්තන්නේ නැතිව හැල්මේ දුවන දුම්රියක් කියන්නේ මෙතෙක් කවුරුවුන්වත් නොදුටු සිහිනයක්!

මේ අසිරිමත් දුම්රිය පිළිබඳ සංකල්පයේ නිර්මාතෘ චීන ජාතිකයෙක්. නම චෙන් ජියෑන්ජුන් (Chen Jianjun).

දුම්රියක් එනකන් වේදිකාව මත එක දිගට පෙළ ගැසී නොසිට මේ අසිරිමත් දුම්රියේ යාමට කැමති අය රිය මඟට ඉහළින් තියෙන මැදිරියකට ගොඩ වෙන්න ඕනෑ. ඔවුන් එසේ සිටිය දී ශීඝ‍්‍රගාමී දුම්රිය ඒ මාර්ගයේ යන ගමන් මගීන් නැග සිටින උඩ මැදිරිය පිටේ තබා ගෙන යනවා. එසේ යද්දී මගීන්ට කරන්න තියෙන්නේ පඩිපෙළක් මතින් පහළින් දුවන දුම්රියට මාරු වීමයි. ඉන්පසු ඒ උඩ මැදිරිය ඊළඟ දුම්රිය නැවතුම් පොළේ දී හළනවා.

මගීන් ගොඩ නංවා ගන්නවත් කාලය මිඩංගු නොකර, නැවතුම් පොළවල නවත්තන්නේ නැතිව හැල්මේ දුවන විස්මිත දුම්රියේ සංකල්පය චීන ජාතික චෙන් ජියෑන්ජුන්ගේ. දුම්රිය නැවතුම් පොළේ දී මගීන් රිය මඟට ඉහළින් තියෙන මේ උඩ මැදිරියට ගොඩ වෙන්න ඕනෑ.

පිඟන් සෝදන වදේට ආයුබෝවන් කියන්න මඟක් පෑදේ! නෙළුම් මලෙන් උපන් නව ක‍්‍රමයක්!

ස්වීඩනයේ සැලසුම්කරුවන් විසඳුමක් සොයා ගෙන තියෙනවා, පිඟන් ආදිය සේදීමේ මෙතෙක් පැවති වදය නවතා දමන්නට. මේ නව ක‍්‍රමයෙන් පිඟන්, කෝප්ප, දීසි ආදිය ඉබේම පිරිසුදු වෙනවා. තවත් විධියකින් කීවොත් ඒවාට කුණු අල්ලන්නෙ නැහැ.

මේ පිඟන්වලට නව තාක්ෂණයෙන් සොයා ගත් දව්‍යයක් ආලේප කරනවා. එවිට ඒවාට කුණුවත් ජලයවත් අල්ලන්නේ නැහැ. ආහාර ඇලෙන්නේ නැහැ. කෑම කෑ පසු පිඟානේ ඉතිරිවන දේ වතුරට අල්ලපු ගමන් ම ඉවත් වෙනවා. අතුල්ලා වද වෙන්න ඕනැ නෑ.

මේ සඳහා විශේෂ පිඟන් ආදිය නැතීමත් කෙරෙනවා. නව සලූයිලෝස්වලින් නිපදවන ද්‍රව්‍යයකින් තනනු ලබන ඒවා සාමාන්‍ය පිඟන්වලට වඩා සැහැල්ලූයි. ඒත් ඒවාට වඩා බොහෝ සේ ශක්තිමත්.

ස්වීඩනයේ සැලසුම්කරුවන් පිඟන් ආදිය සේදීමට නව ක‍්‍රමයක් සොයා ගෙන තියෙනවා, මේ නව ක‍්‍රමයෙන් පිඟන්, කෝප්ප, දීසි ආදිය ඉබේම පිරිසුදු වෙනවා. ඒ කියන්නේ ඒවායේ කුණු රැඳෙන්නෙ නෑ.