HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පරිණාමයේ අබිරහස් හෙළි කරන ආදීම මිනිස් ජාන (DNA) !

විද්‍යාඥයන් විසින් මේවා සොයා ගෙන ඇත්තේ මීට වසර හාරලක්ෂයකට පෙර මිහිමත ඇවිද ගෙන ගිය මිනිසකුගේ ජංඝාස්ථියකින්. වෙනත් විධියකින් කීවොත් කලවා ඇටයකින්.

ඒක අයිතිකරුවා පැරණි මානවයෙක්. එයා හැඳින්වුණේ හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් (Homo heidelbergensis) කියලයි. මිනිස් පරිණාමය පිළිබඳ කතාවේ අලූත් පරිච්ෙඡ්දයක් මේ නිසා ලියැවෙනවා.

දරුණු ලෙස ක්ෂය වීමට ලක් වූ, අති පැරණි ඞීඑන්ඒ, නව තාක්ෂණික ක‍්‍රම යොදා ගෙන යළි ප‍්‍රකෘති තත්වයට පත් කොට ඒ පිළිබඳ දත්ත එක් රැස් කර ගැනීමට විද්‍යාඥයන් සමත් වී තියෙනවා. මෙවැනි අස්ථි කුඩු ග්?ම් දෙකක ප‍්‍රමාණයකින් සජීවීව තිබියදී එහි අන්තර්ගතව තිබූ සම්පූර්ණ මයිටොකොන්ඞී‍්‍රය ජිනෝමියක් යළි සකසන්න මේ විද්‍යාඥයන් සමත් වීම මේ සියවසේ සුවිශේෂ දක්ෂකමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

 
වසර හාර ලක්ෂයකට පෙර මිහිමත ඇවිද ගෙන ගිය ආදි මානවකයකුගේ ජංඝාස්ථියකින් මිනිස් ඞීඑන්ඒ ජාන මතු කර ගැනීමට විද්‍යාඥයන් සමත් වී තියෙනවා.

මෙහිදී සොයා ගත් කරුණු ‘නේචර්’ (Nature) විද්‍යා සංග‍්‍රහයේ ප‍්‍රසිද්ධ කර තියෙනවා. මෙහි දී අපේක්ෂා නොකළ හෙළි වී තියෙනවා. මේ ආදි මානවයන් පෙනුමෙන් ටිකක් නියැන්ඩර්තාල්වරුන්ට සමානයි. ඒ නිසා ඔවුන්ගේ මයිටාකොන්ඞී‍්‍රය ඞීඑන්ඒවලින් නියැන්ඩර්තාල් පොදු ආදීමයකු ලෙස සොයා ගැනීමට හැකි වෙතැයි මෙතෙක් අපේක්ෂා කෙරුණා.

ඒත් දැන් උතුරු ස්පාඤ්ඤයේ ‘අස්ථි වළ’ යන අරුත් ඇති ‘පිට් ඔෆ් බෝන්ස්’ (Pit of Bones) නම් පොළොව යට පිහිටි ලෙනකින් සොයා ගන්නා ලද මානවයාගේ අස්ථිවලින් හෙළිවෙනවා, වෙනත් පොදු ආදීමයකු සිටිය හැකි බව.

ඒ ආදීමයා වසර 7,00,000කට පමණ ඉහත විසුවේ යැයි සැලකිය හැකි, ඩෙනිසෝවන් (Denisovan) නම් මානව කාණ්ඩයකට අයත් බවත් ඔවුන් නියැන්ඩර්තාල්වරුන්ට සමාන වුවත් ආසියාවේ විසූ තවමත් හෙළිදරවු කර නොගත් වෙනත් ආදි මානව කණ්ඩායමක් බවයි දැන් හෙළි වී ඇත්තේ.

පර්යේෂකයන් පැරණි ඞීඑන්ඒවල පරිණාමයේ ඇති මඟ හැරී ගිය වෙනස්කම් මේ අස්ථි වළෙන් හමු වූ පුරාතන මානවයන්ගේ අස්ථිවල ජානවලින් මතු කර ගැනීමට සමත් වෙලා තියෙනවා.

මයිටාකොන්ඞී‍්‍රය ඞීඑන්ඒ ජාන යන්නේ මවගෙන් ඇගේ දරුවන්ටයි. ඒවා තමයි, ෙසෙල නිපදවන නිෂ්පාදනාගාර වන්නේ. ජර්මනියේ ලීප්සිග්වල මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ පරිණාමීය මානවවිද්‍යාඥ ආචාර්ය මැතියස් මේයර් (Matthias Meyer) කියන්නේ, ”මේ ආදිමානවයන්ගේ මයිටාකොන්ඞී‍්‍රය ඞීඑන්ඒ ජාන, නියැන්ඩර්තාල් මයිටාකොන්ඞී‍්‍රය ඞීඑන්ඒ ජානවලට වඩා ඩෙනිසෝවන් ජාන සමග පොදු ආදිමයකු පිළිබඳ විමසීමේදී වඩාත් පෑහෙනවා. එය අපේක්ෂා නොකළ දෙයක් වන්නේ ඒ ඇටසැකිලිවල ශේෂයන් තුළ නියැන්ඩර්තාල් ලක්ෂණ දැකිය හැකි වීම නිසයි.” කියායි.

 
මහා හිම යුගයට අයත් මධ්‍යම ප්ෙලෙස්ටෝසීන අවධියේ, එනම් වසර හාර ලක්ෂයකට පමණ පෙර ‘සීමා ඞී ලොස් හියුසෝස්’ නම් භූගත ලෙනෙහි විසුවේ යැයි සැලකෙන ඒ නමින් හැඳින්වුණු මනුෂ්‍ය වර්ගයට අයත් ඞීඑන්ඒ තමා මෙසේ සොයා ගෙන ඇත්තේ.

ඔවුන්ගේ වයස හා නියැන්ඩර්තාල් වැනි ලක්ෂණ සලකන විට හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් නම් මේ ආදිමානවයා නියැන්ඩර්තාල් හා ඩෙනිසෝවන්වරුන් දෙවර්ගයට නෑකමක් ඇතැයි සලකන්න පුළුවන්.

එහෙම නොවේ නම් වෙනත් ආදිමානව කණ්ඩායමක් විසින් ඔවුන්ගේ ජාන, විශේෂයෙන් ම මේ ඩෙනිසෝවන් මයිටාකොන්ඞී‍්‍රය ඞීඑන්ඒ, ඩෙනිසෝවන්වරුන්ට හෝ ඔවුන්ගේ ආදිමයන්ට ගලා යන්නට ඉඩ සලසන්න ඇති.

මේ තරම් පැරණි ඞීඑන්ඒ මෑතදී සොයා ගෙන ඇත්තේ සදාකල්හී උෂ්ණත්වය අංශක 0 ට අඩුවෙන් පවතින එනම් නිත්‍ය තුහින බිමක දී විතරයි.

මේ අධ්‍යයනය නිසා මානව පරිණාමයට අදාළ ජාන විද්‍යාත්මක අවබෝධය තවත් අවුරුදු 2,00,000ක් අතීතයට පැතිර යනවා. ඒ කියන්නේ මධ්‍යම ප්ෙලෙස්ටෝසීන යුගයේ අවසාන කොටස තෙක් විහිදෙනවා.

සියෙරා ඞී ඇටපුවර්කාහි පිහිටි මේ ගල් ලෙනෙන් තමයි, මෙතෙක් හමු වී ඇති ලෝකයේ විශාලතම මධ්‍ය ප්ෙලෙස්ටොසීන පොසිල එකතුව ලැබී ඇත්තේ. මිනිස් ඇටසැකිලි 28ක් එහිදී හමු වී තියෙනවා. ඒ නිසා ඉදිරියේ දීත් වැඩිදුර පර්යේෂණ සඳහා ඞීඑන්ඒ ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

මේ අස්ථි දැනටමත් ජුවාන් ලූයී ආසුවාගා (Juan-Luis Arsuaga) මහාචාර්යවරයා ඇතුළු ස්පාඤ්ඤ ජාතික පොසිල විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් දශක දෙකක් තිස්සේ කැබැල්ලෙන් කැබැල්ල පරිස්සමෙන් ගොඩ ගනිමින් තිබෙනවා.

මේ මානව පොසිල නම් කර ඇත්තේ හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් මානවයාට අයත් ඒවා ලෙසයි. එහෙත් ඔවුන් තුළ නියැන්ඩර්තාල් ලක්ෂණ යම් ප‍්‍රමාණයකට තියෙනවා. ඒත් පළමු වරට දැන් තමයි අවස්ථාව ලැබී ඇත්තේ මේ සුවිශේෂ මානවයාගේ ජාන අධ්‍යයනය කරන්නට.

මේ කටයුත්තේ දී ආචාර්ය මේයර්ගේ කණ්ඩායම මුලින් ම එක් වුණේ, ස්පාඤ්ඤයේ මැඞ්රිඞ්හී කොම්ප්ලූටන්ස් විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යාඥ මහාචාර්ය ජුවාන් ලූයී ආසුවාගා සමගයි. ඉන් පසුවයි, ඔහුගේ තාක්ෂණය භාවිත කරන්න පටන් ගත්තේ. මුලින් ම මේ තාක්ෂණය යෙදුවේ මේ ‘ඇට වළ’ තිබූ ස්ථානයෙහි හමු වී කැණීම් කර තිබුණු වසර ලක්ෂයක් විතර පැරණි වලස් ලෙනක් පිරික්සන්නයි.

එහිදී කළ කටයුතු සාර්ථක වුණු පසුවයි, පර්යේෂකයන් මේ ගල්ලෙනෙහි තිබී හමු වූ ආදි මානව ජංඝාස්ථියක් ගෙන්වා පිරික්සුමට ලක් කළේ. ඔවුන් එයින් ඞීඑන්ඒ ලබා ගෙන ඒවා මයිටාකොන්ඞී‍්‍රය ඞීඑන්ඒ ජිනෝමිය සමග ගළපා පරීක්ෂා කළා. ඉන්පසු ඒ ඉපැරණි ද්‍රව්‍ය නියැන්ඩර්තාල්ලාගේ, ඩෙනිසෝවන්ලාගේ පමණක් නොව, වර්තමාන මිනිසාගේ හා වානරයන්ගේ ජාන හා ගළපා බැලූවා.

මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ පරිණාමීය මානව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය ස්වැන්ටෙ පාබෝ (Svante Paabo) ඒ ගැන පවසන්නේ මෙහෙමයි: ”අපේ පරීක්ෂණවල ප‍්‍රතිඵලවලින් පෙනෙනවා අපට වසර ලක්ෂ ගණනක් පැරණි මානව ආදීමයන්ගේ ඞීඑන්ඒ අධ්‍යයනය කිරීමේ හැකියාව ඇති බව. මේ අනුව අපට නියැන්ඩර්තාල් හා ඩෙනිසෝවන් ආදීමයන්ගේ ජාන අධ්‍යයනය කිරීම ඉදිරියට ගෙන යා හැකියි. ඇත්තෙන් ම මෙය විස්මයජනක සොයා ගැනීමක්.”

හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් මානවයා මුලින් ම සොයා ගනු ලැබුවේ 1907 දි ජර්මනියේ හයිඩෙල්බර්ග් අසලදියි. ඔහු මීට වසර 13 ලක්ෂයකට පමණ පෙර සිට අපි‍්‍රකාවේ, යුරෝපයේ හා බටහිර ආසියාවේ ප‍්‍රදේශවල ජීවත් වී තියෙනවා. මේ මානවයා වඳ වී ගොස් ඇත්තේ මීට වසර 2,50,000කට පමණ පෙරයි. මේ මානව ගණයේ වැඩුණු පිරිමියකු අඩි 5යි අඟල් 9ක් පමණ උස් වූ අතර ගැහැනියක උසින් අඩි 5 අඟල් 2ක් පමණ වුණා.

ඩෙනිසෝවන් මානවයා ගැන තවමත් හෙළි කර ගෙන ඇත්තේ කරුණු ස්වල්පයක් පමණයි. එයට හේතුව ඔහුගේ තවමත් සොයා ගෙන ඇත්තේ ඇඟිල්ලක ඇටයක් හා දත් කීපයක් පමණක් වීමයි. ඒත් දැන් විශ්වාස කරන්නේ ඔහු සයිබීරියාවේ හා ආසියාවේ විශාල ලෙස පැතිර සිටි මානවයෙකු බවයි. සමහර විට මේ මානවයා පසු කාලයකදී, එනම් මීට වසර 50,000කටදී තරම මිනිසුන් සමග අන්තරාභිජනනය වන්නටත් ඇතැයි දැන් සැලකෙනවා.

මහාචාර්ය ආසුවාගා වැඩි දුරටත් කියන්නේ, ”මේ අනපේක්ෂිත ප‍්‍රතිඵල නිසා නියැන්ඩර්තාල් හා නවීන මිනිසාගේ මතු වීම පිළිබඳ පරිණාමීය රටාවේ සංකීර්ණ බවක් ඇති වී තිබෙනවා. මා විශ්වාස කරනවා, මේ අංශයෙන් තවදුරටත් පර්යේෂණ ඉදිරියට ගෙන ගිය හැකියි. එයින් සිමා ඩි ලොස් හියුසෝස්වලින් මතුවූ මේ මානවයන්ගේ සිට නියැන්ඩර්තාල් හා ඩෙනිසෝවන් මානවයන් දක්වා සියලූ මානවයන් අතර ඇති ජාන සබඳතා ගළපා ගත හැකි වේවි.” කියායි.

පර්යේෂකයන් මේ අරමුණ කරා යනු පිණිස දැනටමත් ඒ බිමෙන් හමු වූ තවත් පුද්ගල ඇටසැකිලිවල කොටස්වලින් ජාන ලබා ගැනීමට පටන් අරන් තියෙනවා. ඒ සමග ජීවියාගේ රසායන විද්‍යාත්මක කි‍්‍රයාවලිය මෙහෙය වන ෙසෙලය මධ්‍යයේ ඇති ඞීඑන්ඒ නෂ්ටිය ගැනත් තොරතුරු ලබා ගැනීමට වෙහෙසෙනවා.

 
මෙම රූපයෙන් දක්වෙන්නේ ස්පාඤ්ඤයේ සිමා ඩි ලොස් හියුසෝස් ලෙනෙන් හමු වූ හෝමෝ හයිඩෙල්බර්ජෙන්සිස් මානවයාගේ ඇටසැකිල්ලක්.

 
ස්පාඤ්ඤයෙන් හමු වූ අස්ථි වළ

මෙසේ ඉපැරණි ඞීඑන්ඒ ලබා ගත්තේ උතුරු ස්පාඤ්ඤයේ මිනිස් ඇටසැකිලි මතු කර ගත් වළකිනි. භූගතව පැවති මේ ඇටසැකිලි අතර තිබූ ජංඝාස්ථියක් වසර 4,00,000ක් පැරණි යැයි කාල නිර්ණය කර තියෙනවා.

මේවා මතු වූ අස්ථි වළට පිවිස ඇත්තේ මීටර් 12ක් සිරස් අතට කපන ලද උමඟකිනුයි. ඊළඟට එය පිවිසෙන්නේ මීටර් 10ක් දිග තවත් උමඟකටයි. එයින් පිවිසෙන්නේ මීටර් 15ක් දිගැති කුටියකටයි.

මෙම ලෙන පිහිටා ඇත්තේ ‘සිමා ඩි ලොස් හියුසෝස්’ යන ස්පාඤ්ඤ බසින් හැඳින්වෙන ඇටපුවර්කා කඳුකරයේයි. ඒ කඳුකරයෙන් තමයි, මෙතෙක් හමු වී ඇති ලෝකයේ විශාලතම මධ්‍ය ප්ෙලෙස්ටොසීන පොසිල එකතුව ලැබී ඇත්තේ. මිනිස් ඇටසැකිලි 28ක් එයින් හමු වී තියෙනවා. ඒ නිසා ඉදිරියේ දීත් පර්යේෂණ සඳහා ඞීඑන්ඒ ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

මේ පර්යේෂණවලින් මානව පරිණාමය පිළිබඳ නව දැක්මකට අපට අනාගතයේදී යා හැකි වේවි.


Post a Comment

2 Comments

  1. බොහොම වැදගත් සොයාගැනීමක්. බොහොම වැදගත් ලිපියක්

    ReplyDelete
  2. ඉතා ප්‍රයෝජනවත්ය

    ReplyDelete