HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ රස්සාවලට රොබෝලාගෙන් තර්ජනයක්! ඉක්මනට ම නැති වී යන රස්සාවල් මොනවාද?

අප බොහෝ දෙනකු දැනටමත් එදිනෙදා කටයුතුවලට තාක්ෂණය උදවු කර ගැනීම කෙරෙහි වැඩි නැඹුරු වීමක් ඇති බව දක්නට ලැබෙනවා. නමුත් අපට උදවු වෙන ඒ තාක්ෂණයම ළඟදීම අපේ රැකියාවලටත් තට්ටු කිරීමට ඉඩ තියෙන බව දැන් පැහැදිලියි. ඒක අප මෙතෙක් හිතුවාටත් වඩා ඉක්මනට සිදුවෙන බවයි, පෙනෙන්නෙ. විද්‍යාඥයන් කියන්නේ මේ පෙරළිය 2018 වන විට සිදු වන බවයි.

කෘති‍්‍රම බුද්ධිය, හෙවත් පරිගණක බුද්ධිය පිළිබඳ විශේෂඥයන් දැන් අනාවැකි පළ කරනවා, තවත් අවුරුදු පහක් යන්නට පෙර නිසැකව ම මේ තත්වය උදාවෙන බවට. මුලින් ම මෙය සිදුවන්නේ කාර්යාලවල කටයුතුවලට මිනිසුන් වෙනුවට රොබෝලා යොදා ගැනීමෙන් අපේ කන්තෝරුවලයි.

වැඩි පුහුණුවක් අවශ්‍ය නැති වැඩ කිරීමට රොබෝලා යොදා ගැනීම අනාගතයේ සිදු විය හැකක් ලෙස කවුරුනුත් පාහේ දැන සිටියත් එක්සත් රාජධානියේ රොබෝ නිෂ්පාදන ආයතනයක ප‍්‍රධාන විධායක නිලධාරි ඇන්ඩෲ ඇන්ඩර්සන් නම් කියන්නේ මේ තරම් ඉක්මනට ඒ අවස්ථාව උදා වෙතැයි කිසි විටෙක නොසිතූ බවයි.

 
කෘති‍්‍රම බුද්ධි විශේෂඥයකු වූ ඇන්ඩෲ ඇන්ඩර්සන් නම් කියන්නේ දැනටමත් ස්වයංකී‍්‍රය යන්ත‍්‍ර මිනිසා වෙනුවෙන් වැඩ කිරීමට යොදවාගෙන ඇති බවයි. ඔබට දිවා රෑ මුදල් ගෙවන ‘ඒටීඑම්’ යන්ත‍්‍ර බැංකු කැෂියර්ව අපෙන් ඉවත් කරලා. මේ ඡායාරූපයේ ඇති අයිබීඑම් ආයතනයේ ‘වොට්සන්’ නම් මේ සුපිරි පරිගණකය දැන් එහි සිට පාරිභෝගිකයන්ගේ ඇමතීම්වලට පිළිතුරු දෙනවා. ඕනෑම ගැටලූවක් විසඳා දෙනවා.

”නොකියාම බැහැ, බොහෝ ලිපිකරු රැකියා ළඟදීම නැත්තටම නැතිවී යන බව දැන් පැහැදිලියි. තාක්ෂණික අතින් සිදු වන දැවැන්ත සංවර්ධනය නිසා තමයි, මේ තත්වය ඇති වන්නේ. කෘති‍්‍රම බුද්ධිය (AI) අතින් කෙරෙන නිරන්තර අත්හදා බැලීම් නිසා දැන් අති සංකීර්ණ පරිගණක උපාංග හා රොබෝවන් තැනෙනවා මිනිසුන්ට වාගේ ම ඉගෙන ගන්නට, සිතන්නට හැකියාව ඇති.” ඇන්ඩර්සන් වැඩි දුරටත් කියනවා.

කෘති‍්‍රම බුද්ධිය අනුව රොබෝවකුට පුළුවන් ලිපිකරුවකුගේ කාර්යය වෙනත් අයකුගේ සහයක් නැතිව ස්වයංකී‍්‍රයව, ඉතා ඉක්මනටත්, නිවැරදිවත් කරන්න. මේ රොබෝ යන්ත‍්‍රවල අලූත් ම මාදිලිවලට හැකියාව තියෙනවා, සාම්ප‍්‍රදායිකව මිනිසා ගත් තීරණ තීන්දු අරගෙන කටයුතු කරන්න.

ඇන්ඩර්සන් හා ඔහුගේ සමාගම දැනට පරිගණක කර්මාන්තයේ ඇති වන ශීඝ‍්‍ර සංවර්ධනය තක්සේරු කර බලා තියෙනවා. ඒ අනුව රජයේ හා වෙනත් ආයතන අපේක්ෂා කරනවාට වැඩි විශාල පෙරළියක් අනාගතයේ දී සිදු වෙනවා.

”දැන් කෘති‍්‍රම බුද්ධි යන්ත‍්‍රවලට පුළුවන්, ඕනෑම ලියවිල්ලක් සම්පූර්ණයෙන් ම කියවා, තේරුම් ගන්න. එහි ඇති වාක්‍ය රටා, වචන ගැළපීම් හා භාෂා යෙදුම් අවබෝධ කර ගන්න. මේ ඉගෙන ගැනීමේ හා ලේඛන සැකැසීමේ හැකියාව නිසා තමයි, කෘති‍්‍රම බුද්ධි යන්ත‍්‍රවලින් තමයි, ලිපිකරුවන්ගේ රැකියාවලට මිනිසුන් යොදා ගැනීමේ අවශ්‍යතාව නැති කර දමන්නේ.

”ඇත්තෙන් ම දැන් යන්ත‍්‍රවලට පුළුවන්, මේ රැකියා කරන්න. ඒ විතරක් නෙවෙයි, ඒ රාජකාරි ඉතා නිවැරදිවත්, ඉතා ඉක්මනටත් කරන්න මේ යන්ත‍්‍රවලට පුළුවන්. ඒ නිසා මෙවැනි දේට එදා විශාල ගණනින් අවශ්‍ය වූ ලිපිකරුවන් දැන් අවශ්‍ය වන්නේ නැහැ.” ඇන්ඩර්සන් කියනවා.

නිදසුනක් වශයෙන් රක්ෂණ සමාගමක සේවයට යොදා ගන්නා මෙවැනි කෘති‍්‍රම බුද්ධි යන්ත‍්‍රයකට හැකියාව තියෙනවා, රක්ෂණ වන්දියක් සඳහා කරන ඉල්ලීමක් වරකට වඩා ඉදිරිපත් කළොත් ඒ බව ලිපිනයක් හෝ දුරකථන අංකයන් හෝ දුටු පමණින් කොතරම් කල් ගත වුනත් එසැණ හඳුනා ගන්නට.

අනෙක් වැදගත් කරුණ නම්, මෙතෙක් කලක් මිනිසාට පමණක් තිබූ හැකියාවක් වූ සේවය කරන අතරතුර එයින් කරන ඉගෙන ගැනීම, අත්දැකීම් හා පළපුරුද්ද ලබා ගැනීම, මිනිසාට වඩා හොඳින් කෘති‍්‍රම බුද්ධි යන්ත‍්‍රයකට දැන් කළ හැකි වීමයි. ඒ නිසා ඒ කාර්යයන් සඳහා මිනිසාගේ අවශ්‍යතාව නැති වී යනවා.

 
ඇමෙරිකාවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සුවිශේෂ සංවේදක, ති‍්‍රමාන කැමරා හා එදිනෙදා ගෙදරදොර කටයුතුවලට අදාළ දත්ත සමුදායක් ඇතුළත් වීඩියෝ යොදා ගෙන රොබෝවෙකු නිපදවා තියෙනවා, ගෘහස්ත සේවය සඳහා යොදා ගත හැකි. නිදසුනක් වශයෙන් එවැනි රොබෝවකුට පුළුවන්, කාමරය අවට පරීක්ෂා කර බලා හිස් බීම බෝතලයක් දැක ඒ වර්ගයේ බීම බෝතලයක් ශීතකරණයෙන් අර ගෙන ඔබේ අතට දෙන්න. අවශ්‍ය වන්නේ ඔබ පිපාස බව කීම පමණයි.

 
දැනටමත් පොලිස් හා හමුදා කටයුතුවලදී බෝම්බ නිෂ්කි‍්‍රය විශේෂඥයන් ලෙස රොබෝවන් යොදා ගන්නවා. ඉහතින් දැක්වෙන්නේ එවැනි රොබෝවකු සේවයේ යෙදෙන අයුරුයි.

දැනටමත් මේ තත්වය අන්තර්ජාලය හරහා තමන්ට අවශ්‍ය මිලදී ගැනීම් කරන අයට දැනෙන්නට ඇති. බොහෝ විට ඔවුන් අමතන්නේ ස්වයංකී‍්‍රය පාරිභෝගික සේවාවකටයි. ඔවුන්ට උත්තර දෙන්නේත්, ඒ වගේ ම අවශ්‍ය දේ ලබා දෙන්නේත් එහි සේවයට යොදවා ඇති කෘති‍්‍රම බුද්ධි යන්ත‍්‍රයක්.

මේ වසර මුල දී අයිබීඑම් (IBM) ආයතනය ආරම්භ කළා, රොබෝ ඇමතුම් මධ්‍යස්ථානයක්. ඒ සඳහා ඔවුන් ‘වොට්සන්’ නමින් සුපිරි පරිගණකයක් යෙදෙව්වා. එහි දී සිදු වූයේ පාරිභෝගික සේවා කළමනාකරුවකු ලෙස කෘති‍්‍රම බුද්ධි යන්ත‍්‍ර පද්ධතියක් යොදා ගැනීමයි. එය හැඳින්වූයේ ‘වොට්සන් කාර්යයේ නියුතු උපදේශක’ (Watson Engagement Advisor) යනුවෙනුයි.

මේ සඳහා යොදා ගෙන ඇත්තේ අයිබීඑම් බිග් ඬේටා ඇනලිටික් තාක්ෂණයයි. ඒ මගින් අමතන්නා පිළිබඳ දත්ත රැස් කර ඔහුට හෝ ඇයට වඩාත් ගැළපෙන පිළිතුර දෙන්න මේ කෘති‍්‍රම බුද්ධි යාන්ත‍්‍රණයට පුළුවන්. ඒ ඒ පුද්ගලයාට අදාළ වන විදියට අවශ්‍ය තොරතුරු සපයනවා පමණක් නොව ඔහු පිළිබඳ දත්ත ගබඩා කර තබාගෙන කවදා හෝ යළි ඔහු ඇමතූ විට ඒ මතතකය ඔස්සේ නැවත වැඩි තතු නොවිමසා අවශ්‍ය නියම පිළිතුර ඔහුට දෙන්න එයට පුළුවන්.

දැනටමත් පොලිස් හා හමුදා කටයුතුවලදී බෝම්බ නිෂ්කි‍්‍රය විශේෂඥයන් ලෙස රොබෝවන් යොදා ගන්න බව ඔබ දන්නවා ඇති.

මේ වසරේ මුල දී ඇමරිකාවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ සිසුන් රෝබෙවකු තනා තියෙනවා, එයාට එදිනෙදා ගෙදර වැඩ හැම එකක් ම කළ හැකියි.

මේ අතර එංගලන්තයේ රැකීරක්ෂා හා පුහුණු ශ‍්‍රමිකයන් පිළිබඳ කොමිසම පළ කළ අලූත් ම වාර්තාවකට අනුව 2010ත් 2020ත් අතර එරට පරිපාලන, ලිපිකරු හා ලේකම් ආදී වෘත්තීන් විශාල වශයෙන් අහෝසි වී යන අතර ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව එසේ අහෝසි වන රැකියා සංඛ්‍යාව එංගලන්තයේ පමණක් ලක්ෂ හතරකට ආසන්න විය හැකියි.

 
කෘති‍්‍රම බුද්ධිය පිළිබඳ විශේෂඥයකු වූ මැසිමෝ බාබටෝ ‘සීමාව ඉක්මවා සිතීම’ යන මැයෙන් ලියූ ලිපියක සඳහන් කළේ 2025 වන විට යන්ත‍්‍රවලට ඉගෙන ගැනීම, යම් යම් කි‍්‍රයාවලට හැඩ ගැසීම, යම් කි‍්‍රයාවක් සඳහා අවශ්‍ය ආකාරයට වැඩසටහන් යළි සකසා ගැනීම, විවිධ පැති විමසා බලා තීරණ ගැනීම වැනි මෙතෙක් මිනිසාට පමණක් කළ හැකි වූ දෑ කළ හැකි වනු ඇති බවයි. ඒ බව ඉහත දැක්වෙන ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ගැන උපදෙස් දෙන අයිබීඑම් ආයතනයේ ‘වොට්සන්ගෙන් අහන්න’ (Ask Watson) නම් පරිගණක මෘදුකාංග යෙදවුමෙන් පැහැදිලි වෙනවා. ජංගම දුරකථනය මගින් මෙම සේවය ලබාගත හැකියි.

මිනිසා වෙනුවට යන්ත‍්‍ර යොදා ගැනීම පහසුවෙන් කළ හැකි ක්ෂේත‍්‍රවල රැකියා ඉක්මනින් ම රොබෝවරුන් විසින් උදුරා ගැනීම නුදුරු අනාගතයේ දීම සිදු වේවි. ඒ වගේ ඒ යන්ත‍්‍ර නිසා ඵලදායිතාව වැඩි වීමත්, වැය පක්ෂය අඩු වීමත්, වැඩි ලාබ ලැබීමත් නිසා ඒ අංශවල ව්‍යාපාරිකයන් වැඩි වැඩියෙන් කෘති‍්‍රම බුද්ධි යන්ත‍්‍ර වැඩට යොදා ගැනීමට වැඩි වැඩියෙන් පෙලඹවේවි.

කෘති‍්‍රම බුද්ධිය පිළිබඳ විශේෂඥයකු වූ මැසිමෝ බාබටෝ ‘සීමාව ඉක්මවා සිතීම’ යන මැයෙන් ලියූ ලිපියක සඳහන් කළේ 2025 වන විට යන්ත‍්‍රවලට ඉගෙන ගැනීම, යම් යම් කි‍්‍රයාවලට හැඩ ගැසීම, යම් කි‍්‍රයාවක් සඳහා අවශ්‍ය ආකාරයට වැඩසටහන් යළි සකසා ගැනීම, විවිධ පැති විමසා බලා තීරණ ගැනීම වැනි මෙතෙක් මිනිසාට පමණක් කළ හැකි වූ දෑ කළ හැකි වනු ඇති බවයි.

ඔහු කියන්නේ බොහෝ විට මුල දී අවදානමට ලක් වන්නේ පහළ මට්ටමේ නුපුහුණු රැකියායි. කෘති‍්‍රම බුද්ධි යන්ත‍්‍රවලට දැනුමෙන් පරිපූර්ණ වෘත්තිකයකුගේ රැකියා උදුරා ගන්න හැකියාවක් නැහැ.

ලෝකයේ දැඩි ඉල්ලූමක් ඇති රැකියා

අන්තර් ජාලයේ ඇති රැකියා ඇබෑර්තු සපයා දීමේ ‘දලැඩර්ස්’ (TheLadders) නම් වෙබ් අඩවිය පවසන ආකාරයට පසුගිය වසර පහ තුළ වැඩිම ඉල්ලූමක් ඇති එසේ ම ඒ ඉල්ලූම වේගයෙන් වැඩි වී යමින් තිබෙන රැකියා මෙසේයි:

1. DevOps engineer
2. iOS developer
3. Data scientist
4. UX designer
5. Staff accountant
6. Paralegal
7. UI developer
8. Administrative assistant
9. Android developer
10. Business intelligence developer

මේ ලැයිස්තුවේ 1, 3, 5, 7 හා 9 යන අංකවලින් දැක්වෙන රැකියා 2008 දී දලැඩර්ස් පළ කළ රැකියා නාමාවලියේ තිබුණේ නැහැ. ඒවා අලූතින් එක් වූ රැකියායි. ඒවා කාර්යාලවල වැඩ කටයුතු කඩිනම් කිරීමට හා ස්වයංකී‍්‍රයව කිරීම සඳහා අවශ්‍ය කෘති‍්‍රම බුද්ධි යාන්ත‍්‍රණ නිර්මාණය කළ හැකි පරිගණක විශේෂඥයන් ඉල්ලා කෙරෙන දැන්වීම් වන නිසා මෙහි දී ඇති වන තත්වය පහසුවෙන් තේරුම් ගත හැකියි.


Post a Comment

2 Comments

  1. තාක්ෂණික තර්කයක් ලෙස මේක නිවැරදි වෙන්න පුලුවන්.ඒත් ප්‍රායෝගිකව ඕක ඔහොමම වෙන්නේ නෑ.මොකද නිකමට හිතන්න කෘත්‍රික බුද්ධිය භාවිතා කරනවාට වඩා අඩු පිරිවැයකින් පාරිභෝගික සේවා සපයන්නෙකු ලබා ගැනීමට හැකිනම් ව්‍යාපාරිකයා එතනට යනවා.තාක්ෂණය පමණක් නොව පිරිවැය ප්‍රතිලාභ විග්‍රහය ගැනත් හිතලා තමයි ‍රැකියාවල සිඳී යාම කතා කරන්න වෙන්නේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  2. ලංකාව වගේ සංකීර්ණ වූද රේඛීය නොවූද ක්‍රමවේද රාහියක් පවතින රටකට පරිඝනක තාක්ෂනයේ සහය ලබාගන්න ටිකක් අමාරුයි. අනික ලෝකයේ එක් අන්තයක මිනිසුන් රැකියා විරහිත බවින් දැඩි පීඪනයට පත්වන විට තවත් රටවල් වල පිරිසක් මිලියන ගානක් වියදම් කොට යන්ත්‍ර ලවාම වැඩගන්නට සැරසීමත් සදාචාර සම්පන්න යැයි සලකන්නට පුලුවන් කමක් නැහැ.

    ReplyDelete