HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බයිසිකලයට එක් වූ අපූරු යාළුවෙක්! ඕනෑම බයිසිකලයකට සවි කළ හැකියි!

සයිකල් පැදීම හොඳ ව්‍යායාමයක් වගේ ම මේ කාලෙ නම් අඩු මුදලකින් ගමන් බිමන් යා හැකි ක‍්‍රමයක්. ලොව පුරා මිනිසා තවමත් වැඩිපුර භාවිත කරන වාහනය බයිසිකලයයි.

සවස් යාමයේ විවේකී ව පිටිසර බද පාරක සයිකලයෙන් යන්න හිතුනොත් එයින් ලැබෙන සතුට, සැනසිල්ල ඉමහත් එකක්. ඒත් ඒ ගමනෙදි ලොකු බෑවුමක් සහිත කන්දක් නඟින්න සිදු වුණොත් ඒ සතුට සැනසිල්ල නැති වෙනවා.

ඒ ගැන හිතල දැන් නව නිපැයුමක් තනා තියෙනවා. ඒ තමා කෝපන්හේගන් වීල් (Copenhagen Wheel). ඒකත් බයිසිකල් රෝදයක්. ඔබ සයිකලය පදිද්දිම ඒ රෝදයට දැනෙනවා, ඔබට පාගන්න අසීරු බව. ඒ එක්ක ම එහි ඇති විදුලි මෝටරයක් කි‍්‍රයාත්මක වෙනවා. ඔබට අවශ්‍ය තල්ලූව ඉබේ ම ලැබෙනවා.

මේ කෝපන්හේගන් වීල් (රෝදය) ඕනෑම බයිසිකලයකට සවි කළ හැකියි, කියලයි, එය නිර්මාණය කළ පර්යේෂකයන් කියන්නෙ. ඒ රෝදය ඇතුළේ පරිගණකයක්, නැවත විදුලිය ආරෝපණය කළ බැටරි හා පැදිකරු කොයිතරම් අසීරුවෙන් පදිනවාද යන්නත් දැන ගත හැකි සංවේදකත් තියෙනවා.

මේ රෝදයට පුළුවන් බ්ලූ ටූත් එක හරහා ඔබේ ස්මාට් ෆෝනයට සම්බන්ධ වී යායුතු දුර හා ඔබ නඟින මෙඟහි ආනතිය, නැඟිය යුතු කන්දේ ස්වභාවය, ආදිය දැන ගන්න. ඉන්පසු ඒ මාර්ගයට ගැළපෙන විධියට විදුලි මෝටරය මෙහෙයවන්න ඒ විස්මිත කෝපන්හේගන් රෝදයට පුළුවන්.

 
මේ කෝපන්හේගන් රෝදයයි. නිර්මාණකරුවන් කියන්නේ මෙය ඕනෑ ම සයිකලයකට සවි කළ හැකි බවයි.

මේ කෝපන්හේගන් රෝදයට පුළුවන් පැයට හැතැප්ම 37ක වේගයක් පාපැදිකරුවාට ලබා දෙන්න. ඒ වුනත් එහි පරිගණකය සකසා ඇත්තේ ඒ ඒ රටවලට වේග සීමාවලට ගැළපෙන විධියටයි කියලයි නිෂ්පාදකයන් කියන්නේ. නිදසුනක් වශයෙන් ඇමරිකාවේ දී නම් පැ. හැ. 20 ඉක්මවන විටත්, යුරෝපයේ දී නම් පැ. හැ. 15 ඉක්මවන විටත් මෝටරය ඉබේ ම නතර වෙනවා.

ඒ වගේ ම ඔබ බයිසිකලය පදිද්දී වැය කරන කැලරි ප‍්‍රමාණයත් ඔබට මේ මගින් දැන ගන්න පුළුවන්. ස්මාට් ෆෝන් උපාංගය මගින් තමයි, ඔබට එය දැන ගත හැක්කේ. ඒ විතරක් නෙවෙයි, මේ රෝදය ඉබේ ම අකි‍්‍රය වෙනවා. ඔබ බයිසිකලයෙන් ඉවත්ව යන විගසම.

මැසච්සෙට්ස් තාක්ෂණ ආයතනයේ ‘සෙන්ස්ඒබල් සිටි ලැබ්’ (SENSEable City Lab) වෙනුවෙන් මෙම විස්මිත නිර්මාණය සඳහා සම දායකත්වය සැපයූ ඇසාෆ් බිඩර්මන් කියන්නේ, ”මේ රෝදයේ ඇති මෝටරය කි‍්‍රයා කරන්නේ පැදිකරුවාගේ චලනයත් සමග ඔහුට නොදැනෙන ආකාරයේ මට.සිලිටි ආකාරයෙන්” කියායි.

”ඒක හරියට තමන් සමග තවත් කෙනෙක් එක්ව පදිනවා වාගෙයි දැනෙන්නේ.” ඔහු වැඩිදුරටත් කියනවා.

 
මේ නව රෝදය සාමාන්‍ය බයිසිකලයක් විදුලි සයිකලයක් බවට පත් කරනවා.

 
මේ විස්මිත කෝපන්හේගන් රෝදයට පුළුවන් බ්ලූ ටූත් එක හරහා ඔබේ ස්මාට් ෆෝනයට සම්බන්ධ වී යා යුතු දුර හා යන පාරෙහි ආනතිය, නැඟිය යුතු කන්දේ ස්වභාවය දැන ගන්න. ඒ අනුව මාර්ගයට ගැළපෙන විධියට විදුලි මෝටරය මෙහෙයවන්න එයට පුළුවන්.

 
ඒ ඒ රටවලට ගැළපෙන විධියට වේග සීමා පවත්වා ගෙන යන ආකාරයට මෙය සකසා ඇතැයි නිෂ්පාදකයන් කියනවා. නිදසුනක් වශයෙන් ඇමරිකාවේ දී නම් පැ. හැ. 20 ඉක්මවන විටත්, යුරෝපයේ දී නම් පැ. හැ. 15 ඉක්මවන විටත් මෝටරය ඉබේ ම නතර වෙනවා.

 
ඕනෑම බයිසිකලයකට සවි කළ හැකි මේ කෝපන්හේගන් රෝදය ඇතුළේ පරිගණකයක්, නැවත විදුලිය ආරෝපණය කළ බැටරි හා පදින්නා කොයිතරම් අසීරුවෙන් පදිනවාද යන්න දැන ගත හැකි සංවේදකත් තියෙනවා.

 
රෝදය ඇතුළේ ඇති කොටස්: (වමේ සිට දකුණට) විදුලි මෝටරය, පරිගණකය, විදුලිය යළි ආරෝපණය කළ හැකි බැටරිය බහුවිධ සංවේදක පද්ධතිය, ජීපීඑස් මග සෙවුම් ඒකකය, වේගමානය. මෙහි මෝටරයට පැ.හැ. 37ක වේගයෙන් යා හැකියි.

මේ ව්‍යාපෘතිය සඳහා ඉතාලියේ පරිසර අමාත්‍යාංශයෙන් හා කෝපන්හේගන් නගරාධිපතිවරයාගෙන් අරමුදල් ලැබුණා.

සුපර්පෙඩස්ටි‍්‍රයන් (Superpedestrian) වෙබ් අඩවිය කියන විධියට කලින් ඇණවුම් කළ 1000කට දැන් කෝපන්හේගන් රෝදය ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. දැනටමත් එයින් 810ක් ඩොලර් 699 ගණනේ ලැබිය යුත්තන් විසින් ලබා ගෙන තියෙනවා.

මේ කෝපන්හේගන් රෝදය නිසා ඔබ දැනට පාවිච්චි කරන බයිසිකලය අත් හැරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට ඔබ විසින් කළ යුතු වන්නේ දැන් ඔබ පාවිච්චි කරන බයිසිකලයේ ම පසුපස රෝදයට එහි බොස්ගෙඩි වැස්ම ප‍්‍රමාණයෙන් යුත් මේ උපකරණය සවිකර ගැනීමයි.

මෙයත් කික්ස්ටාටර් වෙබ් අඩවියෙන් හඳුන්වා දුන් ෆ්ලයික්ලයි ස්මාට් වීල් (FlyKy Smart Wheel) එකට සමාන නිර්මාණයක්.





Post a Comment

0 Comments