HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජීවිතය විඳින්න පාවෙන නිවසක් තෝරා ගන්න! විස්මිත නිවාස සංකල්පයක්!

අනාදිමත් කාලයක සිට මිනිසා දිය මත පාවෙන බෝට්ටුවල ජීවත්වුණා. ආසියාවේ බොහෝ රටවල ජලාශි‍්‍රත ජන ජීවිතය තියෙනවා. ඒත් මේ අද කියන්න යන්නේ ඒ ජීවිත ගැන නෙමෙයි.

නවීන පන්නයේ පාවෙන නිවසක් ගැනයි. මෙය නිසල විලක හෝ වරායක ගොඩබිම අසල මුහුදේ නිස්කලංක තැන දිය මත නවතා තැබිය හැකියි. ඉදි කළායින් පසු එහි හිමිකරු කැමති තැනකට පහසුවෙන් ඇද ගෙන යා හැකියි.

ඒ වගේ ම තමන් කැමති දසුනක් ඇති තැනකට ගැළපෙන ලෙසට මෙවැනි නිවසක් ඉදි කරවා දීමටත් ඔවුන් සූදානම්.

 
දිමිත‍්‍ර මැල්කෙව්ගේ මේ පාවෙන නිවස නිසංසල ජලය ඇති විලක හෝ වරායක හෝ නවතා තැබිය හැකියි.

 
මේ සුවපහසු නිවස තනා ඇත්තේ පාවෙන වේදිකාවක් මතයි. මේ නිවසට නිදන කාමර දෙකක්, නාන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, කුස්සියක් හා බාර් එකක් තියෙනවා.

මේ පාවෙන නිවස සැලසුම් කර ඇත්තේ සිංගප්පූරුවේ ජීවත්වෙන වාස්තු විද්‍යාඥයකු වූ මයිට්ර් මැල්කෙව් විසින්, එච්ටූඔරයිසන් (H2ORIZON) ආයතනය වෙනුවෙන්. ඒ ආයතනය පාවෙන ගොඩනැගිලි ඉදිකිරීමේ නියුතු ප‍්‍රමුඛ ප‍්‍රංශ සමාගමක්.

පාවෙන වේදිකාවක් මත තැනීමට සැලසුම් කළ මෙම නිවසට නිදන කාමර දෙකක්, නාන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, කුස්සියක් හා බාර් එකක් තියෙනවා.

මේ පිළිබඳව මැල්කෙව් සිය වෙබ් අඩවියේ සටහනක් තබමින් මෙහෙම කියනවා: ”මං මේ නිවස සැලසුම් කළේ අසීමිත නිදහස අගයන, සොබා සුන්දරත්වය ගෙයි දොරකඩටම ගෙන්නා ගන්න කැමති අය ගැන විශේෂයෙන් සලකලයි.”

 
හිරු පායන හැටි උදේ පාන්දරම දකින්න හොඳම තැන මෙතනයි. මෙහි කුලූනු පද්ධතියත් ඒ වටා යෙදූ දැවැන්ත වීදුරුත් නිසා ඒ සුන්දරත්වය ගෙතුළ සිට වුවත් නොඅඩුව විඳගන්න පුළුවන්.

 
ස්වාභාවිකව ලැබෙන වැඩි ආලෝකය කපා හරින්නට අවශ්‍ය නම් හෝ පිටතින් බලන කෙනකුට නොපෙනී සිටින්නට අවශ්‍ය නම් හෝ ඒ සඳහා විශේෂ දැව ආවරණ පැනල සවිකර තියෙනවා.

 
ස්වාභාවිකව ලැබෙන ආලෝකය වැඩි නැති වෙලාවට ඒ විශේෂ දැව ආවරණ පැනල හකුළා දැමිය හැකියි.

 
මේ නිවස තුළට එන හිරුගේ ආලෝකය ඔබට අවශ්‍ය නැත්නම් ඒ සඳහා විශේෂ ආවරණ යෙදිය හැකියි.

”පාවෙන නිවසේ සංකල්පය මතු වුණේ සොබා දහමේ ආභාසයෙන්. මෙය ඉදිකිරීමේදී විවෘත භාවයත්, සුඛෝපභෝගී නිවසක් වුනත් එහි සරල පහසු ජීවන පරිසරයක් ඇති කිරීමට අවශ්‍යතාවත් අපට තිබුණා. නිවැසියන් අවට පරිසරය සමග අසීමිතව සම්බන්ධ වන ආකාරයට මෙය තැනීමට අපට හැකි වුණා.”

”ඒ විතරක් නෙවෙයි, මෙය වේදිකාවක් මත ඉදි කර ඇති නිසා ඕනෑම තැනකට, ඕනෑම පරිසරයකට දිය මත ඇද ගෙන යා හැකියි. ඉල්ලූම්කරුගේ අවශ්‍යතා අනුව, මෙවැනි නිවසක් තනා දෙන්න අපට පුළුවන්.” ඔහු අවසාන වශයෙන් ඒ වෙබ් අඩවියේ සඳහන් කර තියෙනවා.

 
මේ නිවස තුළ හිඳ බලන්නකුට නිවසේ ඕනෑම තැනක සිට කිසිදු බාධාවකින් තොරව අවට පරිසරයේ සුන්දරත්වය විඳින්න පුළුවන්. ගෙතුළ විවෘත භාවය නිසා සිතට නිදහසක් දැනෙනවා.

Post a Comment

2 Comments