HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කනෙන් රෝද පුටුවක් හැසිරවිය හැකි නව මෙවලමක්!

මේ නව මෙවලම අලූත් ම තාලේ චිපයක්. එයට පුළුවන්, භාවිත කොට ආබාධිත පුද්ගලයන්ට ඔවුන්ගේ කන්වලින් හසුරුවා ගෙන රෝද පුටුවෙන් ගමන් බිමන් යා හැකියි.

ආබාධිතයන්ට මේ චිප සවි කළා ම ඒ චිප මගින් මිනිස් කනෙහි මාංශ පේශීවල චලනයන් නිසා ඇති වන ස්පන්දන හඳුනා ගන්නවා. මේ අති සියුම් සම්පේ‍්‍රෂණයන් සංඥා බවට පත් කොට රෝද පුටුවේ ඇති එය කි‍්‍රයා කරවන පරිගණකයට යවනවා. පරිගණකය එය හඳුනා ගෙන ඒ අනුව රෝද පුටුව අවශ්‍ය තැනට ගෙනි යනවා.

ඉහළ පෙළේ ජර්මන් විශ්ව විද්‍යාල තුනකින් ආ පර්යේෂණ කණ්ඩායමෙහි නායකත්වය දැරුවේ ඬේවිඞ් ලයිබෙටන්ස් (David Liebetanz) නම් විද්‍යාඥයායි. ”මේ ක‍්‍රමයට තමන්ගේ රෝද පුටුව දෙස බලන්නවත් ඊට කතා කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ හුස්ම ගැනීම අනුව හෝ කනේ චලනය අනුව එය ඉබේම හැසිර වෙනවා.” ඔහු කියනවා.

 
ජර්මන් විශ්ව විද්‍යාල තුනක විද්‍යාඥයන් එක්වෙලා නවතම චිපයක් නිර්මාණය කරල තියෙනවා, කෙනකුගේ කනේ පේශීවල චලනයන්ගෙන් රෝද පුටුවක් හැසිරවිය හැකි.

ඒ අත්දැකීම ගැන ලයිබෙටන්ස් කීවේ මෙහෙමයි: ”මේ නව නිපැයුම අත්හදා බලන්න දහ දෙනෙක් ස්වේච්ඡාවෙන් යොදා ගනු ලැබුවා. ඔවුන් දින පහක් තිස්සේ ඉගෙන ගත්තා මෙය හසුරුවන හැටි. කන අසල පේශියේ පුංචි චලනයක් තේරුම් ගන්න මේ චිපයට පුළුවන්. ඒත් මේ චලනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන හින්දා චිපයට ඒ පුද්ගලයාව හුරු කර වීම අවශ්‍යයි. ඒ වගේ ම කනේ පේශිය චලනය කරන හැටිත් ඒ පුද්ගලයා ඉගෙන ගන්න ඕනෑ.

”දින පහකට පස්සේ ඒ අය පස් දෙනාටම දක්ෂ ලෙස තම තමන්ගේ රෝද පුටු හසුරුවන්න හැකි වුණා. ඔවුන් ජර්මනියේ ගොටින්ජන් රෝහලේ ප‍්‍රධාන ගොඩනැගිල්ල ඇතුළේ කරදරයක් නැතිව එහා මෙහා ගියා. ඔවුන් තමන්ට අවශ්‍ය විධියට කන හසුරුවන්න ඉගෙන ගත්තා.” ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.

මනෝවිද්‍යාඥ ලියෝනි ෂිමැල්ෆස් (Leonie Schmalfuss) මේ ගැන කීවේ, ”කනේ මාංශ පේශිය සෙලවීම ඉතාමත් කෙටිකාලයකින් ඕනෑම කෙනකුට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක්.” කියායි.

”ඒත් අපේ අත්හදා බැලීමට උදවුවෙන්න ආ අය අතරින් බාගයක් විතර ආපු ගමන් ම කීවේ තමන්ට කන සොලවන්න බැරි බවයි. ඒත් අවසානයේ දී හැමෝට ම ඒක කරන්න පුළුවන් වුණා. අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය වැඬේ සාර්ථක වුණා.” ලයිබෙටන්ස් කියනවා.

ඔහු අවසාන වශයෙන් කියන්නේ, ”මේ නව නිපැයුම විශේෂයෙන් ම තනා ඇත්තේ කොඳු ඇට පේළියේ, එනම් කශේරුවේ ආබාධයන් නිසා තමන්ගේ අත්පා චලනය කළ නොහැකි ඉණෙන් පහළ පණ නැති වූ අයටයි.” කියලයි.

 
මේ නිමැවුම විශේෂයෙන් ඉලක්ක කරගෙන තියෙන්නේ කශේරුවේ ආබාධයන් නිසා තමන්ගේ අත්පා චලනය කළ නොහැකි ඉණෙන් පහළ පණ නැති වූ අයටයි.

 
මේ නව මෙවලමේ සාර්ථකත්වය මනින්න කළ අත්හදා බැලීම සඳහා දහ දෙනකු සහභාගි කරවා ගත්තා. ඔවුන් දින පහක් තිස්සේ ජර්මනියේ ගොටින්ජන් රෝහලේ දී මෙය පැදවීම පුහුණු වුණා.

මේ නව තාක්ෂණය නිසා කශේරුව තුවාල වීමෙන් රෝද පුටුවට වැටුණු අයට එහා මෙහා යන පහසුවෙන් කළ හැකි වේවි.


Post a Comment

0 Comments