HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රතු තැපැල් කණුව ලොවට දායාද කළ සුප‍්‍රකට බි‍්‍රතාන්‍ය නවකතාකරුවා සමරන්න මුද්දර පෙළක්!

 
රතු තැපැල් කණුවේ නිර්මාතෘ ඇන්තනි ට්‍රොලොප්

ඇන්තනි ට්‍රොලොප් කියන ඉංගී‍්‍රසි සාහිත්‍යධරයාගේ දෙසිය වැනි ජන්මෝත්සවය මේ වසරේ දෙසැම්බර් මාසයට යෙදී තියෙනවා. ඔහු හඳුන්වා දුන් රතු තැපැල් කණුව ලංකාවේ අපටත් හොඳට හුරුපුරුදු දෙයක්.

ඬේලි මේල් පුවත්පත බි‍්‍රතාන්‍ය තැපැල් සේවය වූ ‘රෝයල් මේල්’ වෙතින් විමසුමක් කළා තොරතුරු දැන ගැනීමේ නිදහස වෙනුවෙන් තැපැල් මුද්දරයක් නිකුත් කරන්නට අදහස් කරන්නේ දැයි කියා. එහෙම දෙයක් ගැන තීරණයක් ගෙන නැතැයි කී ඔවුන් ඊළඟ යෝජනාවට කැමති වුණා. ඒ තමයි ඇන්තනි ට්‍රොලොප් සමරා මුද්දර නිකුත් කරන්න.

එක්සත් රාජධානියේ රජයේ තැපැල් සේවය ඔවුන්ගේ රතුපාට ලියුම් තැපැල් කණුව එරටට හඳුන්වා දුන් තැනැත්තා වූ ඇන්තනි ට්‍රොලොප් (Anthony Trollope) ගේ ද්විශත සංවත්සරය වෙනුවෙන් නම් එක මුද්දරයක් නෙවෙයි මුද්දර පෙළක් ම නිකුත් කරන්න එකඟ වෙලා තියෙනවා.

කවුද මේ ඇන්තනි ට්‍රොලොප් කියන්නේ එංගලන්තයේ වික්ටෝරියානු යුගයේ නවකතාකරුවෙක්. ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ පැලිසර් (Palliser) හා බාචෙස්ටර් (Barchester) යන නවකතා මාලාවන් නිසයි. ඔහුගේ නවකතාවලට තේමාව වී ඇත්තේ දේශපාලනය හා ආරාමික ජීවිත වටා ගෙතූ කතායි. ඒවා දේශපාලනඥයන් හා පූජකයන් අතර ජනපි‍්‍රයයි.

ඔහුගේ කතා කියවන්නට කැමති අය අතර බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ සර් ජෝන් මේජර් පවා ඉන්නවා.

ඬේලි මේල් පුවත් පත කියන්නේ වසර දෙසීයක් වන මේ මොහොතේවත් ඔහු වැනි පුද්ගලයකු සමරන්නට බි‍්‍රතාන්‍ය රජයේ තැපැල් සේවය ඉදිරිපත් නොවන්නේ නම් එය බලවත් වරදක් බවයි. විශේෂයෙන් ඔවුන්ගේ තැපැල් සේවයට ඉහළම සේවය සැලසූ සේවකයකු ලෙසත් ට්‍රොලොප්ට ගෞරව දක්වන්න වටිනවා.

මෙතෙක් කල් සමරන්නට නොසිතූ දෙයක් මේ අවස්ථාවේ සමරන්නට යන එක ගැන අප සතුටු වන ඬේලි මේල් පුවත්පත කියනවා.

තැපැල් දෙපාර්තමේන්තුව ඔහුගේ ජන්ම ශත සංවත්සරය පැවැත් වූයේ නැහැ. ඔවුන්ට කවුරුනුත් ඒ ගැන පෙන්නා දීලා නැහැ. ‘ඒත් දැන් හරි ඔහු සිහිපත් කරන්න හිතපු එක ලොකු දෙයක්’ කියලයි ෆෙලෝස් සාමිවරයා කියන්නේ. ‘ලෝක ප‍්‍රකට ඉදිරිපෙළේ නවකතාකරුවෙක් අපේ ජාතික අනන්‍යතාවට ගැනුනු බි‍්‍රතාන්‍ය ප‍්‍රතිරූපය නඟා ලන නිර්මාණයක් කළ පළමු හා එකම අවස්ථාව මෙය විය හැකියි.’ ඔහු තවදුරටත් කියනවා.

ඇන්තනි ට්‍රොලොප් 19 හැවිරිදිව සිටියදියි, රජයේ තැපැල් සේවයට ලිපිකරුවකු ලෙස බැඳී ඇත්තේ. ඔහු නවකතා ලියන්න පටන් ගත්තේ ඉන්පසුවයි. ඔහු තැපැල් සේවයේ උසස් වීම් ලබා තක්සේරුකරුවකු තත්වයට පත් වුණා. 1852 දී ප‍්‍රංශයේ දී තමයි තැපැල් පෙට්ටියක් ඔහු දුටුවේ. ඒ අදහස අනුව ඔහු බි‍්‍රතාන්‍ය පුරා ලියුම් එකතු කරන තැපැල් කණු ස්ථාපිත කළා. රතු තැපැල් කණුව ඔහුගේ නිර්මාණයක්. අපේ ශී‍්‍ර ලංකාව පුරා මේ රතු තැපැල් කණු තැන තැන තියෙනු ඔබ කවුරුනුත් දැක ඇති.

 
මේ රතු තැපැල් කණු අපටත් හොඳට හුරුපුරුදු දෙයක්. මෙය බි‍්‍රතාන්‍ය නවකතාකරුවෙක් දායාද කළ දෙයක්.

Post a Comment

1 Comments

  1. නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

    ReplyDelete