HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සාගර රහස් සොයන විස්මිත ගවේෂණ යානයක්! හරියට අභ්‍යවකාශ ගවේෂණ යානායක් වගෙයි!

මේක අමුතුම තාලේ යානයක්. නම් කර තියෙන්නෙ ‘සී ඕබිටර්’ (SeaOrbiter) කියලයි. අමුතුම විදියෙ සාගර ගවේෂණ යානයක්. යාත‍්‍රාවක් කිව්වත් කමක් නැහැ. හරියටම කීවොත් මේක සාගර ගවේෂණ පර්යේෂණ විද්‍යාගාරයක්.

මෙය සැලසුම් කර ඇත්තේ ප‍්‍රංශ ජාතික වාස්තු විද්‍යාඥයෙක්. නම යාකුස් රොජර් (Jacques Rougerie) මෙහි ඉදිකිරීම් ඇරඹෙන්නේ 2014 මැයි මාසයෙදියි.

මේ යාත‍්‍රාවෙහි උස අඩි 170ක්. එයින් තුනෙන් දෙකක් ජලය යටයි තියෙන්නෙ. මේ විදියට මෙය සැලසුම් කරලා තියෙන්නෙ, සාගරය මතුපිට පරිසරයයි, දිය යට පරිසරය ගැන එක විට පර්යේෂණ හා නිරීක්ෂණ කළ හැකි වෙන්නයි. සාගරයේ ගැඹුරු තැන් ගැන සොයන්නත් මෙය යොදා ගත හැකියි.



සැලසුම්කරුවා කියන විදියට මේ සී ඕබිටර් යාත‍්‍රාව තුළ විශේෂ සාගර පරිසර පර්යේෂණ පද්ධතියක් තියෙනවා. පරිසරයට හානියක් නොකර මාළුන්, ප්ලවාංග ඇතුළු දේ එක්කාසු කොට අවශ්‍ය දත්ත ලබා ගෙන ඒ මාළු හා ශාක පෙර තත්වයෙන් ම ආපසු සාගරයට මුදා හැරෙනවා.

සාගර පරිසරයේ ජෛව විවිධත්වය විමර්ශනය කළ හැකි මේ සාගර පර්යේෂණාගාර සංකල්පය ලොවට මුලින් ම ඔහු හෙළි කළේ වසර 12කට ඉහත දියි.

යාකුස් රොජර්, ඔහුගේ ප‍්‍රථම දිය යට නිවහන තැනුවේ 1977දියි.

ඔහු 1981 දී ඔහුගේ හිපෝකෑම්ප් (Hippocampe) නම් ගවේෂණ පර්යේෂණ යානයක් දියත් කළා. එය දෙදෙනකු පමණක් යා හැකි, සාගර ජලයේ මඳක් යට හිඳිමින් පිරික්සුම් කළ හැකි යාත‍්‍රාවක්. ඒ යාත‍්‍රාවට මීටර් 12ක් ගැඹුරට කිමි දෙන්නත් ඒ ගැඹුරේ එක දිගට රැඳිමින් දින 7ත් 15ත් තාලයක් පර්යේෂණ කළ හැකි එකක්.

ඔහුගේ මේ විස්මිත සී ඕබිටර් යානය මගින් සාගරයේ අප මෙතෙක් නොදැන සිටි අබිරහස් රැසක් හෙළිදරවු කර ගන්නට හැකි වේවි.

මේ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 52.7ක් වැය වෙනවා.

මේ ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් යොදවා ඇත්තේ ඇමරිකාවේ අභ්‍යවකාශ හා ගගන අධිකාරිය වූ නාසා ආයතනයත්, යුරෝපීය අභ්‍යවාකාශ එජන්සියත් එක්වයි. යාත‍්‍රාවේ ඉදි කිරීම් පටන් ගන්නේ 2014 මැයි මාසයේ 31 වැනිදායි.

පරිසර මිතුරු යාත‍්‍රාවක් ලෙස මෙය හැඳින්වෙනවා. මෙයට සම්පූර්ණයෙන් ම බලය සැපයෙන්නේ සුළං, සාගර රැලි හා සූර්ය ශක්තියෙන්. වෙනත් කිසිම ඉන්ධනයක් පාවිච්චි කරන්නේ නැහැ.

 
මේ රූපසටහනෙන් පෙන්නුම් කෙරෙන්නේ සී ඕබිටර් යාත‍්‍රාවේ අඩංගු විශේෂ ලක්ෂණයි. එහි වම් පැත්තේ කිමිදුම්කරුවන් සඳහා වේදිකාවක් තියෙනවා. කුඹගසක් මෙන් ඉහළට විහිදුණු කොටසේ වම් පස ඇති තොරපනයන්ගෙන් යාත‍්‍රාවට බලය සැපයෙනවා. දකුණු පස කොටසේ ඇත්තේ නැවියන්ට මෙන් ම විද්‍යාඥයන්ට හා පර්යේෂකයන්ට නැවතීම සඳහා වූ කුටියි. ඒ සමග ම නියමුවාගේ කුටියත් තියෙනවා. නැව පත්ලේ ඇති හැකිළිය හැකි කොටසේ බර පමණක් ටොන් 180ක්.

 
මේ සී ඕබිටර් යාත‍්‍රාව සැලසුම් කළේ ප‍්‍රංශ ජාතික වාස්තු විද්‍යාඥ යාකුස් රොජර් විසින්. මේ සැලැස්මේ දක්වෙන යාත‍්‍රාව තනන්නට පටන් ගන්නේ 2014 මැයි මාසයේදියි. මේ ඇමෙරිකාවේ නාසා ආයතනයත් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියත් මුදල් යොදවනවා.

 
සී ඕබිටර් යාත‍්‍රාවේ සාගරය යට කොටස. මෙහි සිට මුහුදු ජීවීන් හා ශාක ගැන එහි ජෛව විවිධත්වය ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. මේ ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් යොදවා ඇත්තේ ඇමරිකාවේ අභ්‍යවකාශ හා ගගන අධිකාරිය වූ නාසා ආයතනයත්, යුරෝපීය අභ්‍යවාකාශ එජන්සියත් එක්වයි. ඔවුන් මේ සී ඕබිටර් යාත‍්‍රාවේ තත්වයත් අභ්‍යවකාශ යානයක තත්වයට බොහෝ සේ සමාන වන නිසයි.

 
මේ පරිගණක චිත‍්‍රයෙන් ඔබට සිතා ගන්න පුළුවන් වේවි සී ඕබිටර් යාත‍්‍රාව මුහුද යටට කොයි ආකාරයට පේනවා ද කියා. මීටර් 6000ක් ගැඹුරට පරීක්ෂණ කටයුතු මෙහෙයවන්න මෙහි සිට පුළුවන්. ඒ වගේ ම 18ත් 22ත් අතර සාගර විද්‍යාඥයන් පිරිසකට මෙහි නැවතී පර්යේෂණවල නිරත වෙන්න ඉඩ පහසුකම් තියෙනවා.

 
මුහුද පත්ලේ බලන විට සී ඕබිටර් යාත‍්‍රාව පෙනෙන්නේ මෙහෙමයි.

 
මේ පින්තූරයේ දැක්වෙන සී ඕබිටර් යාත‍්‍රාවට බලය සැපයෙන්නේ ක‍්‍රම තුනකින්. ඒ සුළඟින්, සාගර රැල්ලෙන් හා සූර්ය කෝෂ ආදී වශයෙන්. දැනට යාත‍්‍රාව පාවී යන්නේ සාගර රැල්ලේ බලයෙන්. යුරෝපීය ආරක්ෂක අභ්‍යවකාශ පද්ධතිය පවසන ආකාරයට දෙවැනි බල ශක්තියක් ලෙස ජෛව ඉන්ධන යෙදා ගන්න ක‍්‍රමයක් ඔවුන් විසින් සංවර්ධනය කර ගෙන යනවා.

සී ඕබිටර් යාත‍්‍රාව පිළිබඳ තොරතුරු කෙටියෙන්

මේ විස්මිත යාත‍්‍රාව සැලසුම් කළේ ප‍්‍රංශ ජාතික වාස්තු විද්‍යාඥයකු වන යාකුස් රොජර් (Hippocampe) විසින්.

මේ සැලසුම දියත් කිරීමට නියමිතව ඇත්තේ 2014 මැයි 31 වැනිදායි.

මේ ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් යොදවා ඇත්තේ ඇමරිකාවේ අභ්‍යවකාශ හා ගගන අධිකාරිය වූ නාසා ආයතනයත්, යුරෝපීය අභ්‍යවාකාශ එජන්සියත් එක්වයි. ඔවුන් මේ සී ඕබිටර් යාත‍්‍රාවේ තත්වයත් අභ්‍යවකාශ යානයක තත්වයට බොහෝ සේ සමාන වන නිසයි. මේ සඳහා ඔවුන් ආයෝජනය කළ මුළු මුදල ඩොලර් මිලියන 52.7ක්. යාත‍්‍රාවේ බර ටොන් 1000ක්. දිග අඩි 170ක්. මෙහි තුනෙන් දෙකක් ම සාගරය යටයි, තියෙන්නේ.

සාගර විද්‍යාඥයන් 18ත් 22ත් අතර ගණනකට මෙහි එකවර නැවතී මේ රසායනාගාරයේ වැඩ කරන්න පුළුවන්. පැය 24 පුරා ම පර්යේෂණවල නිරත විය හැකි ලොකයේ ඇති එකම රසායනාගාර යාත‍්‍රාව මෙයයි.

මේ යාත‍්‍රාවේ රසායනාගාර කොටස විතරක් ටොන් 1000ක් බරයි. ඒ කොටස තමයි, මුහුද යට රැඳෙමින් යාත‍්‍රාව නොපෙරළී පාවෙමින් සිටින්නට ඉඩ සලස්වන්නේ. ඒ වගේ ම ඒ කොටසේ සිට පර්යේෂකයන්ට තවත් මීටර් 6000ක් ගැඹුරු සාගර පත්ල නිරීක්ෂණය කරන්න පුළුවන්.



Post a Comment

0 Comments