HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක විනාශක ග‍්‍රහක නසන්න ‘කමිකාසි’ යානා පද්ධතියක්! එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්වෙයි!

පහුගිය කාලෙ ලෝකය පුරා ආන්දෝලනයක් ඇති වුණා, පෘථිවිය ඉලක්ක කර ගෙන ග‍්‍රහකයක් ආවොත් මොකද කරන්නෙ කියලා.

1000කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් පසුගිය පෙබරවාරියේ රුසියාවට කඩා වැටිච්ච ග‍්‍රහකයත් එක්ක තමයි, මේ ගැන ලෝකයේ කතාබහට ලක් වුණේ.

රුසියාවේ වැසියන් පමණක් නොවෙයි, ලෝකයේ ම වැසියන් භීතියට පත් කරමින් පොළොවට කඩා වැටුණු ඒ ග‍්‍රහකය ගැන කල්තියා දැනුම් දෙන්න කිසිම ආවේක්ෂණ පද්ධතියකට, නිරීක්ෂණ චන්ද්‍රිකාවකට බැරි වුණා. ඒ පිළිබඳ විස්තර හා වීඩියෝ දර්ශන ‘මල්කැකුළු’ තුළින් ගෙනාවා ඔබට මතක ඇති.

අනාගතයේ දී ඒ විධියට ඊට වඩා ලොකු ග‍්‍රහකයක් ආවොත් අපේ පෘථිවිය බේරා ගන්න දැන් මරාගෙන මැරෙන ‘කමිකාසි’ (kamikaze) අභ්‍යවකාශ යානා පෙළක් යවන්න වැඩ පිළිවෙළක් දැන් යෝජනා වෙලා තියෙනවා.

‘කමිකාසි’ කියන්නෙ ජපන් වචනයක්. එහි අරුත ‘දිව්‍යමය සුළඟ’ කියන එකයි. දෙවැනි මහා ලෝක යුද්ධයෙදි ජපන් ජාතිකයන් පුපුරන ද්‍රව්‍ය ඇසුරූ කුඩා ගුවන්යානා විශේෂයක් ගෙනාවා මේ නමින්. මරාගෙන මැරෙන ජපන් නියමුවකු තමයි, මේ යානය පදවා ගෙන සතුරු ඉලක්කය වෙත හඹා ගෙන ගිහින් පුපුරුවා හැරියේ. ඒ වගේ උපක‍්‍රමයක් තමයි, දැන් පෘථිවිය දෙසට එන ග‍්‍රාහකයකටත් පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් යොදන්න යන්නෙ. ඒත් මේ ‘කමිකාසි’ යානා පදවා ගෙන යන්නේ මිනිස් නියමුවන් නොවෙයි, රොබෝ නියමුවන්.

මේ ‘කමිකාසි’ යානා පෘථිවියේ හැපෙතැයි විශ්වාස කරන ඕනෑම ප‍්‍රමාණයේ ග‍්‍රහකයක් මතු වූ විට ඈත අභ්‍යවකාශයේ දී ම එය පුපුරවා හරින්න සමත්.

මේ බව හෙළි වුණේ එක්සත් ජාතීන් (UN) විසින් අන්තර් ජාතික ග‍්‍රහක ආරක්ෂක ජාලය පිළිබඳ ව සාකච්ඡාවට ගත් අවස්ථාවෙදියි.

 
පෘථිවිය අනාගතයේ එල්ලවන ග‍්‍රහක ප‍්‍රහාරයන්ගෙන් බේරා ගන්න ගනු ලබන අන්තර් ජාතික ප‍්‍රයත්නයකදී එහි නායකත්වය ගන්න එක්සත් ජාතීන්ගේ ආයතනය දැන් සූදානම්.

මේ පිළිබඳ මූලික සැලසුම් පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරනු ලැබුවා. ඒ සැලසුම් මේ එන දෙසැම්බරයේ මුල් සතියේ ම කි‍්‍රයාවට නංවන්න පටන් ගන්න සූදානම්.

මේ සැලසුම්වල දී මුලින් ම කෙරෙන්නේ අන්තර්ජාතික ග‍්‍රහක අවදානම දැනුම් දෙන ජාලයක් පිහිටුවීමයි. ඒ අනුව රටවලට ග‍්‍රහක ගැන තමන් මෙතෙක් ලබා ඇති දැනුම හුවමාරු කර ගත හැකියි.

ඒ අනුව ලෝකයේ විවිධ රටවල ඇති අභ්‍යවකාශ ආයතනවල විද්‍යාඥයන් එක් රැුස් වී තීරණය කරාවි, කොයි ග‍්‍රහකද පෘථිවියෙන් ඉවතට හරවා යැවිය හැක්තේ කියා. ඒ වගේ ම ඔවුන් කල්තියා නිගමනය කරාවි අනාගතයේ දී අවදානමක් විය හැකි ග‍්‍රහක මොනවා ද? පුපුරවා යැවිය යුත්තේ කුමන ඒවාද කියා ඒ රැස්වීම්වල දී තමයි තීරණය කරන්නේ.

නාසා ආයතනයේ ප‍්‍රවීණ අභ්‍යවකාශගාමියකු වූ ටොම් ජෝන්ස් කියන්නේ ඔවුන් සැලසුම් කරන්නේ රොබෝ අභ්‍යවකාශ යානා යවා හැපෙන්නට එන ග‍්‍රහක අතරමගදී ඉවතට හරවා යවන්නයි.

එසේම ගුරුත්වාකර්ෂණය යොදා ගෙන ඒ ග‍්‍රහක ඉවතට ඇදගෙන යන්නත් පුළුවන්. ඒ වගේ ම ‘පේන්ට් බෝල’ යොදා ගෙන කරනවා වැනි නොකඩවා කරන පහරදීමකින් එය ඉවතට තල්ලූ කර හරින්නත් පුළුවන්.

ඒ ක‍්‍රමවලින් බැරි වුණොත් අවසාන ප‍්‍රයත්නය හැටියට, බෲස් විලිස් ආමගෙඩොන් චිත‍්‍රපටයේ කලාක් මෙන් පුපුරවා හරින්න සිදු වෙනවා.

එක්සත් ජාතීන්ගේ ආයතනයේ බාහිර අභ්‍යවකාශ කටයුතු පිළිබඳ නිලධාරි සර්ජියෝ කැමචො-ලාරා කියන්නේ, ”අභ්‍යවකාශයේ ඈත ග‍්‍රහක විශාල ප‍්‍රමාණයක් තියෙනවා. ඒවා අප කරා එන්න කලින් අපට ඒවා හඳුනා ගන්න බැරිවීමයි, දැන් ඇති ගැටලූව.” කියායි.

එක්සත් රාජධානියේ අභ්‍යවකාශ ආයතනයේ මහාචාර්ය රිචඞ් ක්‍රෝදර් කියන්නේ, ”මේ ගැන කල්තියා පුහුණු වෙලා ඉන්න එක ඇඟට ගුණයි.” කියලයි.

අපට ඇත්තටම බය වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ කුඩා ග‍්‍රහක ගැනයි. විශේෂයෙන් ම අඩි 450කට වඩා පළල හා දිගින් කිලෝමීටරයකට වඩා අඩු ඒවා ගැනයි.

 
මේ පසුගිය පෙබරවාරියේ රුසියාවට ග‍්‍රහකය කඩා වැදුණු ආකාරයයි. අඩි 656ක් පළලැති මෙය නම් කර ඇත්තේ 2011 ඊ ඕ40 කියායි. ස්පාඤ්ඤ ජාතික තාරකාභෞතික විද්‍යාඥයන් පිිරිසක් මෙහි කොටස් විශ්ලේෂණය කර නිගමනය කර ඇත්තේ මෙසේ පතිත වන්නට ඇත්තේ සූර්යයා වටා කක්ෂගතව යන ඇපලෝ ග‍්‍රහකයෙන් බිඳී ආ කැබැල්ලක් බවයි. ඇපලෝ ගමන් මග වැටී ඇත්තේ පෘථිවියට ආසන්නවයි.

දැනට පවතින දුරේක්ෂවලට බැරි වුණා, රුසියාවට වැටුණු චෙල්යාබින්ක්ස් ග‍්‍රහකය කල්තියා හඳුනා ගන්න. එයින් කිලෝටොන් 440ක පුපුරන ද්‍රව්‍යවලින් නැගුණු ශක්තියක් ජනිත තළා පමණක් නොවෙයි, දහසක් දෙනාට තුවාල සිදු කළා.

ඒ සිදු වීම අභ්‍යවකාශයට ඇස ගසා ගෙන ඉන්නා නියෝජිතායතන වැඩි හරියක් එ පිළිබඳව දැන ගත්තේ ෆේස් බුක් එකෙන් හා ට්වීටරයෙන්.

”පෘථිවියට ආසන්නව ඇති ග‍්‍රහකවලින් අපේ විමසුම එල්ල වී ඇත්තේ ලෝක විනාශයක් වැනි දරුණු විපතක් ඇති කළ හැකි තරම් විශාල ග‍්‍රහක දෙස විතරයි. ඒ අනුව මේ වගේ පෘථිවියේ නගරයක් වැනි ප‍්‍රදේශයකට හානි කළ හැකි ග‍්‍රහකවලින් සියයට 99ක් ම අපේ ඇසට ලක් වෙන්නේ නෑ.” ඒ විද්‍යාඥ පිරිස නිකුත් කළ නිවේදනයකින් කියැවෙනවා.

”තාක්ෂණය දියුණුවෙද්දී පෘථිවිය ආසන්න තව තවත් ග‍්‍රහක හඳුනා ගන්න අපට හැකියාව ලැබෙනවා. පොළොවට කඩා වැදී විශාල හානියක් කළ හැකි පෘථිවියට ආසන්න ග‍්‍රහක හඳුනා ගෙන ඒවායින් හානියක් වන්නට පෙර විනාශ කර දැමීම සමස්ත ලෝක ප‍්‍රජාව ම බලාපොරොත්තු වන දෙයක්.” ඒ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

පසුගිය මාසයේ දී ඇමරිකාවත් රුසියාවත් ගිවිසුමකට අත්සන් කළා, පෘථිවියට තර්ජනයක් එල්ල කළ හැකි ග‍්‍රහක විනාශ කළ හැකි තාක්ෂණයක් දෙරට එක් වී සැලසුම් කිරීමට හැකි වන පරිදි. ඒ අනුව දෙරට එක්ව කරන න්‍යෂ්ටික පර්යේෂණ අනාගතයේ දී මේ අතින් පුළුල් වේවි.

අපට වැඩියෙන් ම හානිකර විය හැකි ග‍්‍රහකයක් පතිත විය හැක්කේ වසර මිලියන 100ටත් 700,000යටත් අතර කාලයකට වරක් කියලයි, දැනට අනාවැකි කියන්නේ. එවැනි යෝධ ග‍්‍රහකයක් අන්තිමට පෘථිවියේ හැපිලා තියෙන්නෙ මීට වසර මිලියන 65කට එපිටදියි. ඩයිනොසෝරයන් මිහිමතින් අතුගෑවී ගියේ එයින් තමයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳ අවධානයෙන් ඉන්නා විශේෂඥයකු වූ ඩග්ලස් බර්ච් පැහැදිලි කර කියන්නේ, ”අඩි 460ත් අඩි 3170ත් අතර පළලැති කුඩා ග‍්‍රහක කැබැල්ලකට නගර කීපයක් එකවර විනාශ කළ හැකියි”කියලයි.

එවැනි ග‍්‍රහකයක් පුපුරවා හැරිය හැකියි කියන න්‍යාය ඉදිරිපත් වුනා, චිත‍්‍රපටවලින්. නිදසුනක් වශයෙන් දක්වන්න පුළුවන්, 1998දී තිරයට ආ බෘස් විලිස් රඟපෑ ‘ආමගෙඩොන්’ (Armageddon) චිත‍්‍රපටය. ඉන් කියැවුණේ බෲස් විලිස් අභ්‍යවකාශයට ගොස් එය පුපුරවා පෘථිවිය බේරා ගත් හැටියි.

වසර දෙකකට පෙරාතුව භෞතික විද්‍යාඥ පර්යේෂකයකු හා න්‍යෂ්ටික අවි සැලසුම් කරන්නකු ලෙස සැලකෙන ඬේවිඞ් ඩියර්බෝන්ට ප‍්‍රතිපාදනයක් ලැබුණා, මෙසේ ග‍්‍රහකවලින් එල්ල විය හැකි අනතුරකට පිළියම් ලෙස න්‍යෂ්ටික අවියක් සැලසුම් කිරීමට ඔහුගේ පර්යේෂණ කටයුතු මෙහෙයවනු සඳහා. ඔහු කැලිෆෝනියාවේ ලෝරන්ස් ලිවර්මෝ ජාතික රසායනාගාරයේ තමයි, මේ පර්යේෂණ කටයුතු කරන්නේ.

ඊට සමගාමීව ලොස් ඇලමොස් ජාතික රසායනාගාරයේත් ඇමරිකානු න්‍යෂ්ටික අවි වැඩසටහන මගිනුත් මේ අතින් පර්යේෂණ සිදු කිරීමට නියමිතයි. එහි පර්යේෂණ විද්‍යාඥ රොබට් වීවර් (Robert Weaver) 2012 සිටයි, මේ ග‍්‍රහකවලට එරෙහිව කළ හැකි පුපුරවා හැරීම් ගැන පර්යේෂණ සිදු කරන්නේ.

ඔහු දැනටමත් ඇමරිකාවේ බලශක්ති දෙපාර්තමේන්තුවේ සීලියෝ (Cielo) සුපරි පරිගණකය යොදා ගෙන එහි අනුකාරකයක් නිර්මාණය කර අත්හදා බලා තියෙයනවා.

ඒ හැරෙන්නට වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ කීත් හොල්ස්ඇපල් (Keith Holsapple) වෙත මෑත දී නාසා වෙතින් ඩොලර් මිලියන ගණනක ප‍්‍රතිපාදනයක් පිරිනැමුණා, ග‍්‍රහකයක ගමන් පථය වෙනස් කළ හැකි මෙවලමක් තනන්න හෝ ඒ ග‍්‍රහකයේ හැපී න්‍යෂ්ටික පිපිරුමක් කර එය විනාශ කළ හැකි ක‍්‍රමවේදයක් සැලසුම් කිරීමට.

 
2013 දී නාසා ආයතනයෙන් නිකුත් කළ මේ ග‍්‍රැෆික් රූප සටහනෙන් දැක්වෙන්නේ පෘථිවියට විශාල හානියක් කළ හැකි සූර්යයා වටා කක්ෂගතව යන ආකාරයයි. මේ සංඛ්‍යාව එදා දැක් වුණේ 1400 වැඩියි, කියලයි. මේවා අපට හානිකර විය හැකි යයි කියන්නේ පෘථිවි කක්ෂයට ආසන්නව යන නිසයි. මේවායේ සාමාන්‍යයෙන් අවම වශයෙන් මීටර 140කට (අඩි 460කට) විශාලත්වයෙන් යුතුයි.

පෘථිවියට තර්ජනයක් විය හැකි ග‍්‍රහකයක් න්‍යෂ්ටික ශක්තිය යොදා විනාශ කරන අයුරු දැක්වෙන අනුරුවක්.

 
1998 දී ‘ආමගෙඩෝන්’ (Armageddon) නමින් ආ ජනපි‍්‍රය චිත‍්‍රපටයේ බෲස් විලිස් ඇතුළු අභ්‍යවකාශගාමීන් කණ්ඩායමක් ඇමෙරිකාව එල්ල කර ගෙන ආ ග‍්‍රහකයක් අභ්‍යවකාශයේ දී පුපුරුවා හරින්නට යාම සඳහා සැරසෙන අයුරු.


Post a Comment

0 Comments