HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දත් මදින්න අලූත් ම තාලේ විස්මිත බුරුසුවක්! තත්පර හයෙන් ඔක්කොම ඉවරයි!

හැම කෙනකුටම මේ කටයුත්ත වරකට විනාඩි හතරක්වත් ගත කරන්න සිදු වෙනවා. ඒ කාලයක් වැඩියි කියල හිතන අය ඉන්නවා. උදේ ? දෙකේදිම ඕක කරන්න වුණාම තවත් කරදරයි නේ. මේ මා කතා කරන්නේ දත් මැදීම ගැනයි.

දත් මැදීමට යන කාලය ඉතුරු කර ගන්න නව ක‍්‍රමයක් දැන් සොයා ගෙන තියෙනවා. දැන් දත් මදින්න තත්පර හයක් වැනි ඉතා කෙටි කාලයක් විතරයි. මෙහි දී භාවිත කරන බුරුසුව සාම්ප‍්‍රදායික දත් බුරුසුව වගේ නෙවෙයි. පුද්ගලයාගේ කටටම ගැළපෙන්න ති‍්‍රමාන පි‍්‍රන්ටරයකින් තනා ගන්නා අමුතු තාලේ එකක්.

එය හැඳින්වෙන්නේ බ්ලිසිඩන්ට් (Blizzident) කියලයි. සාමාන්‍ය දත් බුරුසුවකට වඩා බොක්සිං කී‍්‍රඩකයන් දත්වල ආරක්ෂාවට දමා ගන්නා ආරක්ෂක ආවරණයක් වගේ එකක්.

දත් මදිනවා වෙනුවට කරන්න තියන්නේ එය දත් මතුපිට සිටින සේ තියා ගෙන හපන එකයි.

 
දත් මැදීමේදී මේ බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය දත් අතර තබා හැපීමෙන් දත් පිරිසුදු වෙනවා.

බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය තනන්නේ කෙසේද?

දන්ත වෛද්‍යවරයා දත් විකන ආකාරයට තබා හෝ කෙළින් තබා හෝ අවශ්‍ය පුද්ගලයාගේ දත් ස්කෑන් කර ගෙන දන්ත රසායනාගාරයේ ඉන්නා විශේෂඥයන් වෙත යවනවා. ඔවුන් එයින් ති‍්‍රමාන මොඩලයක් තනනවා. ඒ මොඩලය යොදා ගෙන තමයි, මේ නව බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය තනන්නේ. එයට අංශක 45හේ කෝණයට කෙඳි 400ක් සවි කෙරෙනවා.

 
මේ අමුතු බුරුසුවේ කෙඳි 400ක් තියෙනවා. අංශක 45 කෝණයකට සවි කරලා. දත් මැලියම් බැඳෙන රේඛාව දිගේ පිරිසුදු කරන්න වෙනම කෙඳි තියෙනවා. මේක කටට අරන් හපපුවාම තමයි මැදෙන්නෙ. මේ නව බුරුසුවේ හැන්ඩලයෙන් තමයි, දත් අතර ශුද්ධ කරන නූල් (floss) නිකුත් කරන්නෙ.

හොඳින් දත් පිරිසුදු කරන්න නම් වරින් වර දත්වලින් තද කර අතරින්න ඕනෑ. මේ විදියට 10ත් 15ත් අතර වාර ගණනක් කරන්න ඕනෑ. එවිට බුරුසුවේ කෙඳි ‘කම්පනය වෙමින් ඉහළට පහළට යමින් යම්තම් වක‍්‍ර ආකාරයට කරකැවෙමින්’ කි‍්‍රයාත්මක වන බවයි ඒ සමාගම කියන්නේ.

 
මේ නව ක‍්‍රමයෙන් දත් හොඳින් මැද ගන්න නම් මේ නව මෙවලම 10ත් 15ත් අතර වාර ගණනක් හපලා අත අරින්න ඕනෑ. ඒකෙ මැද පුංචි බුරුසුවකුත් තියෙනවා දිව මැදෙන්නෙ ඒකෙන්. කවයකින් දක්වා ඇත්තේ ඒකයි.

දැනට පවත්නා දත් මැදීමේ ක‍්‍රම මේ නව ක‍්‍රමයත් සමග සසඳන විට කාලය ගත වෙන්නේ මෙහෙමයි



 
මේ සටහනෙන් සන්සන්දනය කොට ඇත්තේ විවිධ ක‍්‍රමවලින් දත් මැදීමට ගත වන කාලය තත්පරවලින්. නිල් පැහැයෙන් සාමාන්‍ය ක‍්‍රමයෙනුත් රතු පැහැයෙන් විදුලි බුරුසුවෙනුත් කහ පැහැයෙන් නව බ්ලිසිඩන්ට් ක‍්‍රමයටත් දැක්වෙනවා.

මේ නව බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය සාමාන්‍ය දත් බුරුසුවකට වඩා මිලෙන් ඉතා වැඩියි. ඒ කියන්නේ එකක් සඳහා දැනට ඔබට වැය කරන්න වෙනවා, පවුම් 122ක්. ඒත් මේ නිෂ්පාදන සමාගම කියන්නේ සාමාන්‍ය දත් බුරුසුවකට වඩා දස ගුණයකට වැඩි කාලයක්, එනම් අවුරුද්දක විතර කාලයක් මේ නව පිරිසුදුකරණය පාවිච්චි කළ හැකියි කියලයි.

දත් මැදීමට ගත වන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සාමාන්‍ය බුරුසුවකින් මිනිත්තු හතරක් ගත වෙන මේ කාර්යය කිරීමට නව බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණයට යන්නේ තත්පර හයක් විතරයි.

 
මේ බ්ලිසිඩන්ට් දත් පිරිසුදුකරණය සාමාන්‍ය දත් බුරුසුවකට වඩා මිලෙන් ඉතා වැඩියි. ඒත් මේ නිෂ්පාදන සමාගම කියනවා, සාමාන්‍ය දත් බුරුසුවකට වඩා දස ගුණයකට වැඩි කාලයක්, ඒ කියන්නෙ අවුරුද්දක් විතර කාලයක් මේ නව පිරිසුදුකරණය පාවිච්චි කළ හැකියි කියලයි.




Post a Comment

2 Comments

  1. පොහ්..........නියම නිර්මාණයක්. හැබැයි එකක මිල ඇහුවොත් ෂුවර් එකටම අපේ දත් හිරිවැටෙනවා.

    ReplyDelete
  2. උඩ යට දත් අැන්ද එක පාරට මැදෙනා
    කාලය ඉතුරු කරනා බුරුසුවක් තනා
    නව නිපැයමක් මෙන් පෙන්වයි අපේ පුතා
    පවතින බුරුසු උක්කොම දැන් කැලේ තමා :D

    කලකට පෙර පලවූ යම් පුවත්පතකින් උපුටාගන්නා ලද්දකි

    ReplyDelete